දේශපාලනයේ කුණාටු මවන කොවිඩ් වසංගතය Milinda Prashna [contact-form] 2020.10.28 – ලංකාදීප Covid -19 වයිරසයේ ව්‍යාප්තිය හුදෙක් භයානක වසංගතයක් පමණක් නොවේ. ලෝකය පුරා දේශපාලන කුණාටු නිර්මාණය කරමින් සිටී. චීනයේ හුඛෙයි ප්‍රාන්තයෙන් මතු වූ, තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැති වයිරසය ලෝකයේ සියළුම රටවලට පැතිරී හමාරය. පළමු වටය අවසානයේ, දෙවැනි රැල්ලක් ද නැගෙමින් තිබේ. ප්‍රතිවාදීහු බලයේ සිටින පාලකයන් වෙත ඇ`ගිල්ල දිගු කරන අතර සෞඛ්‍ය ගැටළු නිරාකරණය පසෙක තිබිය දී, පැන ...
කල් දැමීම අතහරිමු පුහුණු කරවීම අරඹමූ Milinda Prashna 04/11/2020- ලංකාදීප සාමාන්‍ය ජන ජීවිතය වෙනදා මෙන් ගත වෙන්නේ නැත. කොවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය රට මුහුණ දෙන අර්බුදයකි. රැකී රක්ෂාවල නිරතවීම අවහිර වී තිබේ. වැඩට යන්නේ කවදාදැයි ඇගිලි ගණින පිරිසක් පමණක් නොව සේවයට නොයන නමුත් වැටුප නිසි පරිදි ලැබෙන තෙක් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති. පවතින ස්වභාවය ඉක්මනින් වෙනස්වනු ඇතැයි පර්යේෂණ වාර්තා අනාවරණය කරයි. නිවසට වී සිටින ...
උඩටම උස්සා බිමටම දමනු ලැබීමේ අභාග්‍ය Milinda Prashna 2022/05/04 – ලංකාදීප මැජික් විසදුම් අපේක්ෂාව යළි පොට වරද්දා ගැනීමක් ජන බලය විස්මිතය. දිනා ගැනීම හා සමානව ආපසු උදුරා ගැනීමට ද ලක්වේ. ඉතාම ස්වල්ප කාලයකට කලින් මහත් හරසරින් පිළිගෙන ඉහළටම ඔසවා තබන ලද දේශපාලන නායකයෝ අද ප්‍රතික්ෂේප වී සිටිති. ඉක්මනින් බැදෙන අතර එපා වෙන්නට ද එපමණ කාලයක් ගත වෙන්නේ නැත. මෑත කාලීන සමාජ සහ සංස්කෘතික වටපිටාව අනුව උස් පහත්වීම් පිළිගත ...
සියලු ආගමික – ජාතික සිරිත් විරිත් වලට ගරුකරමු Milinda Prashna 2020/12/16 – ලංකාදීප අලූතින් උපදින දරුවෙකුට මහත් ආදරයක් දක්වන හා සමානව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයෙකුගේ දේහයට ලැබෙන්නේ ද බලවත් ගෞරවයකි. උස් පහත්, ජාති ආගම් බේද පැත්තකින් තබමු. අහිමිවෙන්නේ මනුෂ්‍ය ජීවිතයකි. ජීවත් වූ සමාජ පසුබිමට වඩා තරමක් උසස් ගෞරවයක් අවසන් ගමනේ දී පිරිනැමේ. යුද බිමේ දී ඝාතනය වන සතුරු පාර්ශවයේ දේහ පවා ගෞරවාන්විතව හුවමාරු කරගන්නට තරම් විනයක් සහිත යුගයක අප ජීවත්වෙමින් ...
ජන හිත සුව නගර Milinda Prashna 2016/07/06 – ලංකාදීප ජනතාව නගර කරා සංක්රමණයවීම ඉතිහාසයේ සිට සිදුවන එකකි. ජනතාව නගර කරා පැමිණෙන විට එය සංවිධානාත්මක තැනක් බවට පත් කිරීම අවශ්‍යය. පොදු පහසුකම් සංවිධානය කර නිසි කළමණාකරනයක් ඇති නොකළහොත් ජනාකීර්ණ නගරයක් අතිශය කර්කශ ස්ථානයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. නගර සහ රටවල් ගොඩනැගූ බවට ලියැවෙන්නේ දේශපාලනඥයන්ගේ නමටය. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. නමුත් නිලධාරීන් ඉටු කරන කාර්ය භාරයක් ද ...
අලූත් අවුරුද්ද Milinda Prashna 2016/04/06 – ලංකාදීප අලූත් අවුරුද්ද සංස්කෘතික උත්සවයකි. සෞභාග්‍යය එහි ඉතාම වැදගත් කාරණාවයි. අස්වැන්න ලබා ගැනීමෙන් පසු අටු කොටු පුරවා ගන්නා පුරවැසියෝ තෘප්තියෙන් පසුවෙති. නැවත ගොවි බිම් අස්වද්දන අතර හිත් සතුටින් ජීවත්වන ඔවුන්ට සූර්යයා ගේ ගමන සැලකිය යුතු කාරණාවකි. මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව වැදගත් එකකි. ජන ජීවිතය අලූතින් පටන් ගන්නට පමණක් නොව නැවුම් ආකාරයකින් අලූත් ආරම්භයක් සඳහා ...
ජන බලයෙන් මැතිවරණ දිනා ගැනීම සහ ආණ්ඩු පාලනය Milinda Prashna 28/05/2014 – ලංකාදීප ශ්‍රී ලංකාව නිතර මැතිවරණ පවත්වන රටකි. මහජන මතය විමසා බැලීම ප්රජාතන්ත්රවාදයට බලවත් ශක්තියකි. මැතිවරණයේ දී ඡුන්දය දෙන පාක්ෂිකයන් පමණක් නොව මැතිවරණයේ දී ආධාර කරුවන් වශයෙන් මහන්සි වන සියලූ දෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ඡන්දයෙන් බලයටපත් නායකයාගේ ප්‍රභූ භාවයයි. ආණ්ඩු බලය ඇත්නම් ඇමැති ධුරයකි. අඩුම වශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙකු වීම වරප්රසාදයකි. කැබිනට් මණ්ඩලයේ තනතුරක් අහිමිවීම දේශපාලන පරාජයක් වශයෙන් සලකන ...
යතුරු පැදිය ටැක්සි සේවාවක් කරගැනීම Milinda Prashna ලංකාදීප – 2015/07/08 දියුණු සංකීර්ණ සමාජය තුළ මගී ප්‍රවාහනය ගැන එකිනෙකට වෙනස් අත්හදා බැලීම් සිදුවෙමින් පවතී. ඉතාම වේගයෙන් එනම් සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප්‍රවාහන ඒකකයක් භාවිතාකර පැයට කිලෝමීටර් 1,220 ක වේගයෙන් ගමන් කරන මගී ප්‍රවාහනයක් ගැන සාකච්ඡා කරන මෙම තාක්ෂණික යුගය තුළ ග්‍රාමීය ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යතුරු පැදිය ටැක්සි සේවයක් වශයෙන් විධිමත්ව භාවිතා කළ හැකි ආකාරය ගැන අවධානය යොමු ...
උපාධිධාරීන්ට රැකියා කෝ Milinda Prashna 2016/06/08 – ලංකාදීප මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ මීළඟ උපාධි ප්රදානෝත්සවය අවසන් වන විට මතු විය හැකි ස්වභාවය සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ. මෑත වසර දෙක තුළ උපාධිධාරී තරුණන් හතලිස් පන්දහසක් විශ්ව විද්‍යාල මගින් බිහිකර ඇත. මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු රැකියා විරහිත පුද්ගලයන් වශයෙන් සමාජයට එකතු වී සිටී. මෙම පිරිසට වෘත්තීය අවස්ථා සම්පාදනය කරන්නේ කෙසේද? පවතින ...
සතුට හා ඉවසීම වෙනුවෙන් අමාත්‍යංශයක් Milinda Prashna 2020/02/04 – ලංකාදීප එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ සතුට සහ ඉවසීම වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. එහි ඇමැතිධුරයට පත් කරන්නේ විසි දෙහැවිරිදි තරුණයෙකි. ලෝක ප්‍රජාවගේ ඉවසීම හා සතුට අරමුණු කරගෙන සමුළුවක් ද පසුගිය වසරේ නොවැම්බරයේ දී සංවිධානය කර තිබුණි. රටවල් සෑහෙන ප්‍රමාණයකින් අමුත්තෝ දහස් ගණනක් එයට සහභාගී වූහ. මැදපෙරදිග ධනවත් රටක සිදුවූ මෙම අලූත් පත් කිරීම සැනසිල්ල සොයන සියළු පාර්ශවයන් හි ...
සහනාධාර දේශපාලයට තිත තබමු Milinda Prashna 12/03/2014 – මිලින්ද මොරගොඩ මිනිහාත් හදා ගෙන රටත් හදාගනිමු යන පණිවුඩය රටට දුන්නේ අපවත් වී වදාල අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ය. මිනිහා හදන්නට ගන්නා වෑයම කොපමණ දුරට සාර්ථක වී තිබේදැයි විමසා බලන්නට අවශ්‍යය. කොළඹ පැල්පත්වාසී දරුවෙකුට අලූත් පාවහන් යුගලක් ලැබිණ. දරුවා එය තම හිස තබන කොට්ටය යට තබාගෙන නිදාගත්තේ පාවහන් පැළැ`ද පාසලට පිය නගන සිහිනය දකිමින්ය. නමුත් ...
ප්රචණ්ඩභාවයෙන් ආරක්ෂා විය යුතු ප්රජාතන්ත්රවාදය Milinda Prashna 2022/07/20 – ලංකාදීප අද දවස ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතුවන තීරණාත්මක දිනයක් විය හැකිය. මෑත භාගය තුළ බරපතල සිද්ධි සෑහෙන ප්‍රමාණයක් සිදුවිය. මැදි ආදායම් රටක, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය මුහුණ දුන් දැවැන්ත අර්බුදය විචාර බුද්ධියෙන් විමසිය යුතුය. ආර්ථිකය අර්බුදයකට පත්වන අතරවාරයේ නොසන්සුන් වූ පිරිස් ආණ්ඩු විරෝධී අරගලය මැකිය නොහැකි පැල්ලම් ගණනාවක් ඉතිරි කර තිබේ. ජනාධිපති නිල නිවෙස, ලේකම් කාර්යාලය හා අගමැති ...
මහා ප්රජාතන්ත්රවාදයේ ස්වරූපය කෙබඳුද? Milinda Prashna 2015/11/04 – ලංකාදීප ප්රජාතන්ත්රවාදය කෙබඳු එකක් ද? බහුතරයකගේ කැමැත්ත බව කෙටියෙන් සඳහන් කළ හැකිය. අප අත් විඳින්නේ ප්රජාතන්ත්රවාදයේ ගුණාංග ද? ප්රජාතන්ත්රවාදය දැනට පවතින හොඳම පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකි නම් පුරවැසි සහභාගීත්වයෙන් යහපත් ආකාරයට ක්‍රමය ගොඩනගන්නේ කෙසේද? ප්රජාතන්ත්රවාදී ගුණාංග තහවුරු කරනු සඳහා ජනතාව සහ පාලකයන් අතර සංවාදය යහපත් ආකාරයකට ඇති කරන්නේ කෙසේද? මෙවැනි පැති ඔස්සේ ප්රජාතන්ත්රවාදයේ අද පවතින අනන්‍යතාවය ...
වැඩිහිටියන් ගැන වැඩියෙන් සිතිය යුතු Milinda Prashna 2014.01.22 – මිලින්ද මොරගොඩ විද්‍යා සහ තාක්ෂණ අංශයන්හි නව සොයාගැනීම් සමග මිනිසුන් පරමායුෂ භුක්ති වි`දින තත්ත්වයට පත්ව තිබේ. ආර්ථික සහ සමාජ ප්‍රශ්න හෙයින් සීමිත දරුවන් ප්‍රමාණයක් රැකබලා ගැනීමට අලූත් පරපුරේ පවුල් වගබලා ගනිති. එහි ප්‍රතිඵලය ජනගහනයේ වයස් සංයුතිය වෙනස්වීමයි. වැඩකරන්නට හැකි ශ්‍රම බලකාය ඉක්මවා සමාජ සුරක්ෂිත භාවය හිමිවිය යුතු දරුවන් සහ වැඩිහිටියන් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ...
තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනිමු Milinda Prashna 2016/05/25 – ලංකාදීප කැළණි පාලම එක්තරා වකවානුවක සමාජ සංකේතයකි. මහා වැසි සමයෙහි එහි ආසන්නයේ ජීවත්වූ ජනතාව ගඟ ගලා ජන ජීවිතය අර්බුදයකට පත්වන විට හැසිරෙන්නේ කෙසේදැයි විචාරාත්මක ද්‍රෘෂ්ටියකින් බලන්නට කැළණි පාලම නාට්‍යයට හැකිවිය. දුකට පත් මිනිසුන්, ඔවුන්ගේ භාව ප්‍රකාශන, දේශපාලනඥයන්, නිලධාරීන් ගේ හැසිරීම එහි නිරූපනය කරන ලද්දේ යථාර්තය ඒත්තු ගන්වමින්ය. පැල්පත් ජීවිත ගත කළ ඔවුන්ට ජීවිතය හැරෙන්නට අත් හරින්නට වැඩි ...
සුළගින් උත්පාදනය කරන විදුලියේ වාසි Milinda Prashna 2022/02/16 – ලංකාදීප ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප්රයත්න බහුලව ක්‍රියාත්මක වන අතර ස්වභාවික සුළගින් විදුලිය උත්පාදනය ද අවධානයක් යොමු වී ඇත. ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට ...
මවුපිය බැඳීම් නැති දරුවන් ගේ අනාගතය Milinda Prashna 2016/01/27 – ලංකාදීප ජීවන ගමන තුළ විවාහයට හිමි තැන ඉහළ එකකි. ලෝකයේ නොයෙක් රටවල් එකිනෙකට වෙනස් සංස්කෘතික උත්සවශී‍්‍රයක් ඇතිව විවාහ ජීවිතයට ඇතුලත්වන්නේ එහෙයින්ය. තරුණ වියට පත් යෞවනයෙකු සහ යෞවනියක අලූත් ජීවිතයක් අරඹන්නේ නීත්‍යානුකූලව විවාහ වීමෙන්ය. එය ඉතාමත් සතුටුදායක සහ පවුල් වශයෙන් එකතු වී ප්‍රීතිය භුක්ති විඳින අවස්ථාවකි. නමුත් නූතන සමාජයේ ඇතැම් කොටසක් විවාහ වන තීරණය ක්ෂණික එකක් වන අතර ...
නිදහස් උදානය දෙස නිදහස් මනසකින් Milinda Prashna 2022/02/02 – ලංකාදීප නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සදහා නොනවත්වා ගෙන ගිය අරගලය මෙහි දී ඉතාම වැදගත්ය. දේශපේ‍්‍රමී ජාතික වීරයෝ අධිරාජ්‍යවාදී පාලනය ඉදිරියේ කළ නිර්භීත සටන්, ජීවිත පූජා කළ අභීතභාවය රන් අකුරින් ලියැවී තිබේ. නිදහස් රටක් වෙනුවෙන් සියළු ජාතීන් එකතු වී ගෙන ගිය අවසන් අරගලය සදානුස්මරණීය බව ...
ස්වාභාවික විපත් Milinda Prashna 2016/05/18 – ලංකාදීප කාලගුණ විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව පසුගිය දා අත්සන් කළේය. එම සම්මුතිය අනුව පරිසර හිතකාමී සැලසුම් වලට ගමන් කරන්නට රට එකඟත්වය පළ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන කාරණා වලින් වැලකී සිටින්නට රාජ්‍යයක් වශයෙන් වගකීම භාරගෙන තිබේ.එය ඉතාම වැදගත් අදහස් ගණනාවකින් සමන්විතය. එයින් පෙනී යන්නේ පරිසරය සම්බන්ධයෙන් පුලූල් අවධානයක් යොමු කරන්නට රජය සූදානම් බවය. ...
අත්හරින්න අකමැති ඇයි? Milinda Prashna 2018/02/21 – ලංකාදීප පලාත් පාලන ඡන්දයට පසු උදා වී ඇති දේශපාලන වාතාවරණය ගැන නොයෙක් අදහස් මතු වී තිබේ. ඡන්දය පැවැත්වූයේ ගම් මට්ටමේ පහලම ඒකකය සඳහාය. නමුත් ආණ්ඩුවේ ඉහළම තැන දක්වා සසල වී තිබේ. මෙරට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥන් විශාල ඝෝෂාවකය. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය එයට එකතු වී ඇත. මාධ්‍ය ජන මතය නියෝජනය කරයි. පොදුවේ ජනමතය පමණක් නොව ෆේස් ...