මිනිසාට සම්පත් ගෙනෙන ගහ කොළ වැවෙන පාරාදීසය Milinda Prashna 2020/12/23 – ලංකාදීප ලෝකය එක යායක එකට, එකමුතුව වෙසෙන සමාජයක් ගැන සිහින දකිමින් සිටියේය. සියල්ල වෙනස් වී තිබේ. කොවිඞ් වයිරසය අණසක පතුරුවා ඇත. එදිනෙදා පැවැත්මට එල්ලකර ඇත්තේ බලවත් තර්ජනයකි. සාමුහිකත්වය වෙනුවට සමාජ දුරස්ථභාවය වැදගත්ම සාධකය බවට පත්ව ඇත. ජන ජීවිතය විස්මිත යුගයකට හරවන ගෝලීයකරණ සංකල්පය අනෙක් පැත්තකට හැරී තිබේ. ගෝලීය වසංගත තත්ත්වය ඉදිරියේ ජනී ජනයා ඉතා අවිනිශ්චිත ස්වභාවයකය. පරිසරය ...
කෘෂි අංශයෙන් ආර්ථිකයට දායකත්වය විමසුම් ඇසින් Milinda Prashna 2021/11/17 – ලංකාදීප ලබන වසර සදහා ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා අවධානයට ලක් වන කාල වකවානුවකි. කෘෂි අංශය ගැන කරුණු ඇතුලත්ය. ශ්‍රම බලකායෙන් සියයට අසූවක් කෘෂි අංශයෙහි බව දක්වයි. කෘෂි අංශය, දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට දහයකටත් අඩු බව මතක් කළ යුතුය. විශාල ශ්‍රම බලකායක් යෙදවෙන නමුත් එයින් අත්පත්කරගත හැකි ආර්ථික වාසිය ගැන සොයා බැලීම සුදුසුය. පාරිභෝගිකයන් ගේ ...
සමාව ඉල්ලපු මෙක්සිකෝ ජනපති Milinda Prashna 2016/07/27 – ලංකාදීප එන්රිකේ පෙඤා නියේටෝ මෙක්සිකෝ ජනාධිපතිවරයාය. පසුගියදා තමන්ට සමාව දෙන්නැයි හෙතෙම එරට වැසියන්ගෙන් අවංකව සහ හෘදයාංගමව සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මෙක්සිකෝව විශාලත්වය අතින් ලෝකයේ රටවල් අතර දහතුන් වැනි ස්ථානය උසුලයි. එහි ජනගහනය මිලියන 120 කට වැඩිය. ජනාධිපති එන්රිකේ සමාව ඉල්ලන්නේ ඔහුගේ බිරිදට එරෙහිව නැගුණ චෝදනාවක් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි. මෙක්සිකෝ ජනාධිපති ආර්යාව මෙයින් අවුරුදු එකහමාරකට පමණ කලින් නිවසක් මිල ...
ආහාර ද්‍රව්‍ය ඉහළයාමේ ලෝක ප්රවණතාවට සුදානම් ද? Milinda Prashna 2021/06/09 – ලංකාදීප ජාත්‍යන්තරයේ උද්ගත වී ඇති ස්වභාවය අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන්නට ඉඩ ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොවිඞ් -19 වසංගත තත්ත්වය පැතිරෙන්නට කලින් තිබුණ මිල ගණන් සමග සසදනවිට ආහාර මිල ඉහළය. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන අවදානමක් තිබේ. තිරිගු, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ග වල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ...
ඕනෑ එකටත් එපා එකටත් කට දාන්නන් කරන වින්නැහිය Milinda Prashna 2021/03/10 – ලංකාදීප සන්සුන්ව තිබිය යුතු රටක් එකම කෝලාහලයකි. ජනතාව අපේක්ෂා කරන්නේ සැනසිල්ලේ ජීවත්විය හැකි පසුබිමකි. නමුත් හැම තැනෙකම නොසන්සුන්ය. නිතර ඇවිලෙයි. අවශ්‍ය දෙයකට පමණක් නොව අනවශ්‍ය දෙයකට පවා විශාල වාද විවාද පැන නැගේ. ඒවායෙන් ඇති කරන ඝෝෂාව ජන ජීවිතයට බලවත් පීඩනයක් එල්ලකර තිබේ. අනෙක් තර්කයක් පරදවා තමන් ගේ මතය පමණක් තහවුරු කරන්නට දරන සමහර ප්රයත්නක් අතිශය විකාර සහගතය. ...
සංවර්ධන ක්‍රියාවලියේදී තරුණයන්ට ඉඩ නැතිද? Milinda Prashna 2014/11/05 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ජනගහනයේ වයස් කාණ්ඩවල රිද්මය සම්බන්ධව ගැටලූවක් පැන නැගෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. වසර 2025 හෝ එයින් පසු උදාවන කාලය ඇතුලත ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් විශ්‍රාම වයසේ පසුවන පිරිස ඉහළට යනු ඇති අතර තරුණ ශ්‍රමය සීමා සහිත එකක් වනු ඇත. එවැනි පසුබිමක නිෂ්පාදනය සහ එහිලා ශ්‍රම අවශ්‍යතා සම්බන්ධව යම් ...
සුළගින් උත්පාදනයට ඩෙන්මාර්කයෙන් පාඩම් Milinda Prashna 2022/02/16 – ලංකාදීප ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප්රයත්න බහුලව ක්‍රියාත්මක වන අතර ස්වභාවික සුළගින් විදුලිය උත්පාදනය ද අවධානයක් යොමු වී ඇත. ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට ...
ගැලවුම්කාරයෝ අපිම වෙමු කිසිවෙක් එය බාර නොගනිති Milinda Prashna 2021/12/22 – ලංකාදීප උදුවප් මාසයේ සීතල දැනෙන-නොදැනෙන කාලවකවානුවකි. රට තුළ අසාමාන්‍ය උණුසුමක් පවතී. ස්වභාවික පරිසරයේ සීතල පරාජය කරන තරමට ජන සමාජය රත් වී ඇත. අවුරුද්දක් අවසානයේ සිතට ඇතිවන පහන් සිතිවිලි බොහෝ දෙනෙකුට නැත. ආපසු හැරී බලනවිට පසුකරන ලද දුෂ්කර, භයානක අවධිය මතකයට නැගේ. අලූත් යුගයක් සමග අලූත් බලාපොරොත්තු ජන සමාජයට තිබුණි. සාක්ෂාත් කරගත හැකි වූ තරම ඉතාම සීමිතය. එක දෙයක් ...
විපත් අවස්ථාවකදී පිහිටට සහන සලසන සපිරි ක්‍රමයක් ඔිනෑ Milinda Prashna 2020/06/ 17 – ලංකාදීප බැංකු හා මුල්‍ය අංශයෙහි ක්‍රියාකාරිත්වය ගැන පොදු ජනතාවට බරපතල ප්‍රශ්න තිබේ. මෑත කාලය තුළ බරපතල තත්ත්ව ගණනාවක් ඇති විය. ණය ගෙවා ගත නොහැකි වූ ගොවිහු දිවි නසා ගැනීම දේශපාලනය උණුසුම් කළේය. රන් භාණ්ඩ උකස් කළ දුප්පත් ජනතාවට ඒවා බේරා ගත නොහැකි වී තිබුණි. රන් උකස් පොලී කපා හරින බව ඡන්ද පොරොන්දුවක් බවට හැරිණ. ක්ෂුද්‍ර ණය ...
ජනතා ප්‍රශ්ණ අබියස හිරවෙන නායකයෝ Milinda Prashna 2010/02/19 – ලංකාදීප ඉතාලියේ වෙනෙටෝ කලාපයේ කුඩා නගරයක මෑතක දී බලයට පත් නගරාධිපතිනිය සිය නගර වැසියන් වෙනුවෙන් වෙනම මනෝ උපදේශකවරයෙකු පත් කර ඇත. නිතිපතා වාර්තාවන දස දහසකුත් එකක් ප්රවෘත්ති මැද මෙම සිද්ධිය විශේෂ එකක් වශයෙන් ලෝක අවධානයට ලක් වී තිබේ. නගරාධිපතිනිය ඇන්ටොනෙල්ලා ආර්ජෙන්ති ය. මැතිවරණයේ දී ඇයට සෑහෙන ජනතා ප්‍රසාදයක් ලැබුණි. බලයට පත් වූ වහා බාධාවකින් තොරව ජනතා ප්‍රශ්න ...
හොඳම පාසල ලැබුණාද? Milinda Prashna 2016/06/22 – ලංකාදීප බි්රතාන්ය පාසල් අධ්‍යාපනය අලලා කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත්ව තිබේ. මෙම සමීක්ෂණය පවත්වන්නේ බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැනය. එහි ප්‍රතිඵල අනුව බි්රතාන්ය වැසියන්ගෙන් සියයට අසූ හතරක ප්‍රතිශතයක් තමන් බලාපොරොත්තුවෙන් සිටි පාසලට තම දරුවා ඇතුලත් කරන්නට ලැබුණ බව ප්‍රකාශ කර තිබේ. දෙමව්පියන් ගේ උපරිම උත්සාහය තම දරුවා තමන්ට වඩා ඉහළින් තබන්නටය. හොඳ ...
දර්ශනයක් නැත්නම් අරගලය නිරර්ථකයි Milinda Prashna 2022/05/18 – ලංකාදීප නිසි විසදුමක් නොලැබුණ අංශ සම්බන්ධයෙන් අරගලයක් අපට ඇත. ආර්ථිකය, සමාජය හා සංස්කෘතික ව්‍යුහය සංකීර්ණ මුහුණුවරක පවතී. ප්රජාතන්ත්රවාදී ආකෘතියකට අනුව ක්‍රමය වෙනස් කරන උත්සාහයක් තිබුණි. එයින් අපේක්ෂා සාක්ෂාත් වී නැත. මෑත කාලය තුළ ඇති වූ අරගල ජනතාව නගන මතය පිළිබිඹු කරයි. තමන් පත් කරගත් ආණ්ඩුවකින්, මහජන නියෝජිතයෙකුගෙන් අස්වැසිල්ලක් නොලැබෙන අතරතුර ඔවුහු අලූත් ආණ්ඩුවක් සදහා ඡන්දය පාවිච්චි කළහ. අවසානයේ ...
කැබිනට්ටුවේදී එකගතාව පළකර එළියේදී ගැලරියට වීරයන්වීම Milinda Prashna 2021/05/12 – ලංකාදීප සෑම පුද්ගලයෙකුටම මතයක් දරන්නට අයිතියක් තිබේ. වෙනස් මත දැරීම සහ මත අතර එකගතාවයකින් තීරණ ගැනීම ප්රජාතන්ත්රවාදී පාලනය ක්රමයක හොද ලක්ෂණයකි. පාර්ලිමේන්තු ක්‍රමය ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරයි. මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන ජනතාව සිය නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරති. මහජන නියෝජිතයා ගේ වගකීම ඡන්ද දායක, ජනතාවගේ අභිමතාර්ථ සාක්ෂාත් කිරීමය. බලයට පත්වන ආණ්ඩුව කැබිනට් ඇමැති මණ්ඩලයක් පත් කරගනී. රට
පක්ෂ නායක තේරීම්වලට ජනතාව අනුගත විය යුතුද? Milinda Prashna 2022/06/22 – ලංකාදීප ඡන්දදායකයන් හා මහජන නියෝජිතයන් අතර පරතරය තවත් වටයකින් දුරස් වී තිබේ. අරගලය ඇරඹෙන මොහොත වන විට මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් කෙරෙහි වෛරයක් සමාජය තුළ තිබුණි. ආර්ථික දුෂ්කරතා දරුණු විය. අතෘප්තියට පත් ජනී ජනයා විරෝධතා අවුලවන ලද අතර අවසානයේ උද්ගත වූ ව්‍යසනයෙහි තරම ඉතාමත් බිහිසුණු එකක් විය. ප්‍රශ්න විසදාගත හැකි ක්‍රමයක් ප්රජාතන්ත්රවාදී රාමුව තුළ තිබේ. බහුතරයේ ...
බෞද්ධ ලකුණ හඳුනාගන්නා මග Milinda Prashna ලංකාදීප-2013.06.26 -මිලින්ද මොරගොඩ පොසොන් මාසය බොදුනුවන්ට ඉතා වැදගත්ය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමවා තිබේ. බුද්ධ දර්ශනය සමාජය තුළ තහවුරු වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවය. තිස්ස රජ හා මහ රහතන් වහන්සේ අතර සිදුවූ සංවාදය පරැඩමකටය. ධර්මය අවබෝධ කර ගැනීමට පාලකයා සතුව ඇති ඥානය පරදු මාණවත් ද යන්න ගවේශනය කළේ එයින් බව වැටහේ. තමන්ව පර සතශ්න කළ ආගන්තුකයන් පෙන්වන ...
දේශපාලනය අතහැර ආර්ථිකය දෙසට අවධානයක් Milinda Prashna 2013.04.03- ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන මත ගැටුම් ඇවිලෙන බවක් පෙනේ. තමිල්නාඩුව එහි බල කේන්ද්‍රයයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධව කනස්සල්ල පළ කරන තමිල්නාඩුව ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය මහ ආණ්ඩුවට බලපෑම් කරමින් සිටී. තමිල්නාඩුව සහ ඉන්දියානු දේශපාලන නායකයන් දක්වන අදහස් වලට එරෙහිව අප රට තුළ නැගෙන විරෝධය සැලකිය යුතු එකකි. අන්තවාදී ...
රටක ඉදිරි ගමනට එකගතාව අවශ්‍ය ඇයි ? Milinda Prashna 2021/01/27 -දේශය ඇමරිකානු ජනාධිපතිවරණය සහ අලූත් ජනාධිපති තෝරා පත්කරගැනීම ගැන තිබුණ කලබැගෑනිය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. පැන නැගී තිබුණ තියුණු විවාද අවසන් කළේ ජනී ජනයාගේ සොම්නස සමගය. සංකීර්ණ සහ දැඩි ආරක්ෂාවක් මැද පැවැති ජනාධිපති ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය සංකේතාත්මක සිද්ධි වලින් බහුලය. තරුණ කිවිදියක ගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම ඇවිලෙමින් තිබුණ හදවත් තෙත් කළේය. ලේඩි ගාගා ජාතික ගීය ගායනා ...
මැති ඇමැති සංඛ්‍යාව බස්සන ඉතාලි පාඩම Milinda Prashna 2020/10 /21 – ලංකාදීප මුළු ලෝකයම එකිනෙකට වෙනස් ගැටළු ගණනාවක සිටින අතරවාරයේ ඉතාලි වැසියෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කප්පාදු කරන තීරණයක් ගෙන ඇත. එරට පාලක පක්ෂ සන්ධානයේ යෝජනාවක් අනුව, මන්තී‍්‍ර කණ්ඩායම හා සෙනෙට් මණ්ඩලය නියෝජනය අඩු වනු ඇති අතර එය සියයට හැත්තෑවක බහුතර ඡන්දයකින් අනුමත වී තිබේ. එරට ව්‍යවස්ථාව අනුව අලූත් සංශෝධනය වෙනුවෙන් ජනතා මතය විමසිය යුතුය. ජනමත විචාරණයෙන් ජය ලැබූ ...
ජනතා විශ්වාසය රැකගන්න බැරි වුණොත් බිහිසුණු ප්‍රථිපල Milinda Prashna 2022/04/06 – ලංකාදීප දරුණු ආර්ථික අර්බුදයකින් පීඩාවිදිමින් සිටි ජනතාව පාරට බැසීම එක්තරා හැරවූම් ලක්ෂයකි. පාලන ක්‍රමයට විරුද්ධව නැගෙන බලවේගය මැද පන්තියේ නැගී සිටීමකි. අවස්ථා අහිමිවීම පිලිබදව ඛෙදවාචකයේ පැතිකඩකි. ජනතාව වෙත බරපටවන ක්‍රමය උසුලන්න සමාජය සූදානම් නැත. පරිවර්තනයක් අවශ්‍යය. ක්‍රමය ගැන විශ්වාසය ඉතාම වැදගත්ය. නායකත්ව ගැන විශ්වාසය ඉහළින්ම තිබිය යුතුය. විශ්වාසය පලූදු වූ සමාජයක අවසානය බිහිසුණුය. ශ්‍රී ලංකාව ලෝකයේ වාසනාවන්තම ...
කිරි නිපදවන රටක් සේ නැගෙන්නට ඇති අභියෝග Milinda Prashna 2013.08.21- ලංකාදීප- මිලින්ද මොරගොඩ ශ්‍රි ලංකාවේ කිරි පිටි වෙළද පොල ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇත. මෙරටට ආනයනය කරන කිරි පිටි වල සිරුරට අහිතකර රසායන ඇති බවට මතයක් නැගෙයි. ආනයනකරුවන් ගේ අදහස තමන් ගෙන්වන කිරි පිටි වල වස විස නැති බවය. නමුත් මෑත කාලය තුළ ලෝකයේ නොයෙක් රටවලින් කිරි පිටි තත්ත්ව පරීක්ෂණයේ දී අනාවරණය වූ තොරතුරු අනුව අහිතකර රසායන නියමිත ප්‍රමාණයට ...