උගත් පාඩම් අමතක කරන රටක් Milinda Prashna 2021/03/24 ලංකාදීප හොදත්, නරකත් යන දෙකම දවසක්, දෙකක් ඇතුලත අමතක කිරීම සිරිතක් වී තිබේ. එය ලාංකේය සංස්කෘතියෙහි එක පැතිකඩක් දැයි කල්පනා කිරීම සුදුසුය. පසුගිය සතිය අවසන් වූයේ ශෝකාන්තයකින්ය. අවිනීත රියැදුරෝ සිදු කළ පස්සර බස් රථ අනතුර දහ හතරදෙනෙකු ගේ ජීවිත රටට අහිමි කළහ. තවත් තිස් ගණනක් තුවාල ලබා ඇත. ජීවිත අහිමි වූ අයවලූන්ගේ සමීපතමයන්ට සහ තුවාලකරුවන් ජීවිත කාලය තුළ ...
වෛරක්කාර සමාජයක ලකුණු Milinda Prashna 22.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ වෛරයෙන් වෛරය සන්සිඳන්නේ නැත. වෛරය කිසිදු දහමක උගන්වන පාඩමක් නොවේ. මහජනතාව වෛරක්කාරයන් වෙමින් සිටී. එය භයානකය. අධිවේගී මාර්ගය මෙරට සංවර්ධනයේ තීරණාත්මක සංකේතයකි. එය සුපිරි පෙලැන්තියට සීමා වූ මාර්ගකැයි මහජනතාව සිතයි. ඉදිවූ මාර්ගයෙන් දෙකට බෙදුණ ගම් වල වෙසෙන හිතුවක්කාරයෝ එහි ධාවනය වන වාහන වලට වෛර කරති. එහි යනෙන වාහන වලට පහර දෙති. බස් රියක් එනතුරු ...
චීන කැබිනට් මණ්ඩලය Milinda Prashna 2018 /03/ 21 – ලංකාදීප ලෝකයේ ඕනෑම රටක ඇමැති මණ්ඩලය ඉතා බාරධූර වගකීමක් උසුලයි. රට පාලනය කිරීමේ දී අවශ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන අතර ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කාර්යශූර මෙහෙවරක නිරතය. පසුගියදා මහජන චීන සමූහාණ්ඩුව සිය කැබිනට් මණ්ඩලය වෙනස් කළේය. අවුරුදු තිහක් යනූ දීර්ඝ කාලයකි. මෙය එවැනි කාලයක් තුළ අට වැනි වතාවට කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය ...
පරිවර්තනයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය Milinda Prashna 2015/12/09 – ලංකාදීප ආර්ථික සහ සමාජය පවතින තත්ත්වයෙන් වෙනස් කරන කාර්යය පහසු එකක් නොවේ. සම්ප්‍රදායික රාමුවකට නතුව සිටින සමාජයේ එක් එක් අංශ වෙන් වෙන්ව සලකා අලූත් රාමුවකට යොමු කිරීම විප්ලවීය තීරණයකි. එම තීරණය ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බව ජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද? වඩා අපහසු කර්තව්‍යය එයයි. එවැනි අපහසුතාවයකට පසුබිම නිර්මාණය කරන්නේ ගතානුගතික අංශ අයිති කරගෙන සිටින කුඩා කණ්ඩායම් වල බලය ...
ජාතික වස්තු කොල්ලකරුවන්ගෙන් ආපසු ලැබෙන සලකුණු Milinda Prashna 2020/ 10/ 14 – ලංකාදීප කොවිඞ් 19 වයිරසයේ බලපෑම ඉදිරියේ මුළු ලෝකයම ගැටළු සහගත තැනකය. එක්තරා ආකාරයකට නිසොල්මන්ය. එහෙත් නිහඩ වී නැත. අතීත උරුමය ඉල්ලා කරගෙන ගිය සටනක් තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්ත කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත් වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාර දෙන්නට තීරණය කර ඇත. එය සෑහෙන කාලයක් කරගෙන ගිය අරගලයක ප්රතිඵලයකි. නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයක් ...
රටේ සැබෑ ප්රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද? Milinda Prashna 2022/01/26 – ලංකාදීප අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැලපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටිති. අදහස් එකතු කර එකගතාවයකට එන්නට සූදානම් නැත. සාකච්ඡාකර නිගමනයකට එළැඹිය හැක. ප්රජාතන්ත්රවාදයට ගරුකරන අප සියළු දෙනා තුළ තිබිය යුතු උසස් ගුණාංගයකි. සංස්කෘතිය, ආගම, විනය ගැන ...
හදවත සරසන නත්තලක අසිරිය Milinda Prashna 2015/12/23 – ලංකාදීප නත්තලේ දී සරසන්නේ නත්තල් ගහ. නමුත් හැඩවෙන්නේ හිත. දෙව් මැදුරේදී දල්වන්නේ ඉටි පහන්. ආලෝකවත් වෙන්නේ හදවත්. මේ උදාවී ඇත්තේ උඳුවප් මාසය. තවත් දිනකින් නත්තල් අසිරිය ලොව පුරා පැතිරෙනු ඇත. ජේසු සමිඳානන් ගේ උපත කිතුනු භක්තිකයන්ගේ ජිවිතයේ සුවිශේෂී අවස්ථාවකි.ශ්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් ආගමික සහ සමාජ පරිසරය තුළ උත්සව නිතර පැවැත්වෙයි. ඒවායේ කොටසක් ආගමික ස්වරූපයක් ගන්නා අතර තවත් ...
ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක් Milinda Prashna 2020/09/23 – ලංකාදීප ආර්ථිකය ඒකාකාරිව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැදුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක්රියාවලියකය. ආර්ථිකයේ වෙනස්කම්වලට රට තුළින් ඇතිවන තත්ත්ව පමණක් නොව ජාත්‍යන්තරයෙන් එන පීඩනය ද හේතුවෙයි. පවතින ආර්ථික ව්‍යුහයේ ගොදුරක්වීම එකකි. රාමුව වෙනස්කර ...
Untitled Post Milinda Prashna 2022/07/13 – ලංකාදීප බලශක්ති අර්බුදයකින් කැළඹෙන ලෝක ප්‍රජාව ඛනිජ තෙල් වෙළදාම ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජනී ජනයා පැය ගණන් තෙල් පෝලිම්වල සිටින අතර තෙල් ලීටර කිහිපයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පෙනේ. තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල ඇති ගැටුම් ජන සමාජය පත්ව ඇති ශෝචනීය තත්ත්වය දක්වයි. පොලිසිය ගැටුම් පාලනය කිරීමට අසමත්ව ඇති අතර යුද හමුදාව කැදවීමට රජයට සිදුවී ...
ධර්මයත් සමාජයත් සුරකින කථිකාවතක් Milinda Prashna 2020/06/15 – ලංකාදීප පොසොන් පුර පසලොස්වක දිනය ඊයේ ට යෙදී තිබුණි. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, පොසොන් පොහොය දිනයෙක සිදුවිය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු සමග මිහිදු රහතන් වහන්සේ පවත්වන ලද සංවාදය ඉතා ප්රකටය. දහම අවබෝධ කරගන්නට තරම් ප්‍රඥාවන්ත සමාජයක් ද යන්න සනාථ කරගැනීම සදහා එය පවත්වා තිබේ. එවැනි සංවාදයක් අද නැවතත් අවශ්‍යය. ජන සමාජය ...
විකල්ප අදහස් Milinda Prashna 2016/06/01 – ලංකාදීප ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම එක්තරා මතබේධාත්මක තැනකට අවතීරණ වී තිබේ. බහුතර කැමැත්තට ඉඩ දීම එහි හරයයි. නමුත් ජාත්‍යන්තරය තුළ ක්‍රමය පරිවර්තනය වෙමින් පවතින ආකාරය පෙන්වන්නේ ප්රජාතන්ත්රවාදයේ හරය හා දර්ශනය විකෘති වෙමින් පවතින බවය. අන්‍ය මතයට ඉඩදෙනු වෙනුවට තමන් ගේ දැක්මට එපිටින් ඇති සියලූම දේ යටපත් කළ යුතු අදහස් වශයෙන් දකින බවක් පෙනේ. විකල්ප අදහස් යනු විරුද්ධවාදීන් ගේ දෝෂාරෝපණ ...
ජාතික අාදායමට කාන්තා දායකත්වය Milinda Prashna 2013.10.09 – ලංකාදීප- මිලින්ද මොරගොඩ කාන්තාවට සමාජ ආර්ථික ව්‍යුහය තුළ සමාන තැනක් ඇති කිරීම සම්බන්ධව ලෝකය පුරා අවධානයට ගැනුණේ කලකට කලින්ය. එයින් ඇති කළ ප්රවනතාව වර්තමානයේ පුලූල් සංවාදයට ලක්ව තිබේ. පොදුවේ සෑම රටකම කාන්තාවන් ගේ අධ්‍යාපන මට්ටම ඉහළය. යුරෝපීය සහ ආසියානු රටවල උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති සමාජ ස්ථරයෙන් හරි අඩකට වඩා කාන්තාවන්ය. දැනුම හා අවබෝධයෙන් පොහොසත් කාන්තාවන් සමාජය තුළ ...
කෘෂිකර්මය පැරණි ග්රහනයෙන් ගලවා ගැනීම Milinda Prashna 18/11/2020- ලංකාදීප ඉන්දියානු රජය පසුගිය දා ගොවි ජනතාවට බලපාන අලූත් පණත් තුනක් සම්මත කළේය. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට රජයට පමණක් තිබුණ බැඳීම එමගින් ඉවත් කෙරේ. නව නීති අනුව ගොවියන්ට කෙලින්ම පුද්ගලික වෙළෙඳුන්ස මග ගනුදෙනු කළ හැකිය. අවශ්‍යනම් සමාගම් සමග ඉදිරි ගිවිසුම් වලට අත්සන් කිරීමට අවකාශය සැපයේ. මෙතෙක් ඉන්දියාවේ අනුගමනය කළ නීති අනුව පුද්ගලික අංශය අත්‍යවශ්‍ය ආහාර ද්ව්ද්රව්ය වලතොග ...
ජගත් ප්‍රජාවට ඉ පුරවැසිභාවය දෙන එස්ටෝනියාව Milinda Prashna 2015/02/11- ලංකාදීප – මිලින්ද මොරගොඩ එස්ටෝනියාව ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ රටේ ඉ පුරවැසියෙකු වන ලෙස කරන ඇරයුම අනාවරණය කරන්නට සිදුව තිබේ. එස්ටෝනියාව රුසියාවෙන් නිදහස ලබා ගන්නේ 1991 අවුරුද්දේ දීය. ප්රජාතන්ත්රවාදී පාලනය සහ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති රට තුළ බල පැවැත්වෙයි. ඉතා ඉහළ ආර්ථික වර්ධනයක සිටින එරට පුරවැසියන්ගේ ජීවන මට්ටම ද, මානව හිමිකම් දර්ශකය ද කැපී පෙනෙන තැනක පවතින බව ජාත්‍යන්තර ...
විකටයෝ පාලකයෝවීම Milinda Prashna 2019/04/17 – ලංකාදීප වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි. ප්‍රකට රූපවාහිනී ප්‍රහසන වැඩසටහනක ප්‍රධාන නළුවා වූ අතර ‘‘ජනතා සේවකයා’’ නමින් වූ එම වැඩසටහන රට තුළ පවතින ක්‍රමය හාස්‍යයට ලක් කළේය. ජනප්‍රියත්වයට පත් හෙතෙම ජනාධිපතිවරණයට තරග කරන තෙක් අලූත් ප්රවේශයකය. සැලැන්ස්කි තවත් දින හතරකින් එරට ජනාධිපතිවරයා බවට පත් වෙන්නට බැරි නැත. ජනාධිපතිවරණ පූර්ව ඡන්ද විමසීමේදී සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ...
රාජකාරියට කාර්යාලයට වාර්තාකිරීම අවශ්‍යම ද? Milinda Prashna 2020/07/07 – ලංකාදීප එදිනෙදා කටයුතු තාක්ෂණය විසින් පහසු කර තිබේ. ජන සමාජය අලූත් යුගයකට ඇතුළුවීම පරිවර්තනයට හේතුවකි. තරුණ ප්‍රජාව සෑහෙන ප්‍රමාණයකින් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වී ඇති බව සදහන් කළ යුතුය. සෑම රටකම පාහේ තාක්ෂණ භාවිතාව දෙගුණ තෙගුණ වී තිබේ. සංවර්ධනය ඉක්මන්වීමට බලපාන සාධකයක් සේ සැලකේ. කොවිඞ් වසංගත තත්ත්වය තාක්ෂණ නැඹුරුවට ඉවහල් විය. සංචරණ සීමා පනවන විට, එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීමේ දී ...
විශාල ප්රතිසංස්කරණයක් නොකළොත් අනාගතය අදුරේ Milinda Prashna 2022/03/16 – ලංකාදීප ගොඩ වෙදකම අපේ සංස්කෘතියේ එක කොටසකි. සාමාන්‍ය අසනීපයක දී අත් බෙහෙත් භාවිතා කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල අසල්වැසි, දන්න කියන සියළුම දෙනා ගොඩවෙදුන් බවට පත්වෙති. ප්‍රතිකාරයක් වෙතැයි සිතන බෙහෙත් වට්ටෝරු වලින් උපදෙස් ලැබේ. ගොඩ වෙදකම හොද ප්‍රතිකාරයක් වන අතර අසනීපය සුව වී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබේ. අත් බෙහෙත් පලක් නැති මොහොතක විශේෂඥ ප්‍රතිකාර ලබා ...
ඇෆ්ගනිස්ථානය දෙස අවධානය අවශ්‍ය ඇයි? Milinda Prashna 2021/08/18 – ලංකාදීප ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී අශ්රෆ් ගානි ජනාධිපතිවරයා ගේ නිල නිවස වට කළහ. ඔහු නික්ම යෑම සමග තාවකාලික ජනාධිපතිවරයෙකු ගේ පාලනයකට එකග වී ඇත. ඇෆ්ගනිස්ථානයේ ඉකුත් දශක දෙක තුළ ගෙන ගිය වැඩ පිලිවෙල එක්තරා අවසානයකට පැමිණ ඇත. බටහිරට නතු එරට පැලැන්තියක් එරට රිද්මය වෙනස් කරන්නට වැර දරන ලදී. අන්තවාදී ...
තරුණ ජවය සමග අලුත් පරමාර්ථ Milinda Prashna 23/07/2014 – ලංකාදීප බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ. එය තද තීන්දුවකි. බලයේ සිටින කොන්සවටිව් පක්ෂය තමන්ට ලැබෙන ප්‍රතිචාර වලින් ජනප්‍රිය බව ක්‍රමයෙන් පිරිහෙන බව අවබෝධ කරගෙන තිබේ. එයට පිළිතුරක් ලෙස පක්ෂයේ ඉදිරියෙන් සිටින මුහුණු පසුපෙළට ගෙනැවිත් ඒ වෙනුවට අලූත් ප්රභාවත් චරිත ජනතාව හමුවට කැ`දවා ඇත. එයින් සිදුවිය හැකි පෙරළිය කුමක්ද? මෙහි පසුබිම සාකච්ඡාවට ගැනීම වැදගත්ය. වර්තමානයේ පවතින ජනමාධ්‍ය ...
ආර්ථික ස්ථාවරත්වයට ඉන්දීය මුදල් ඇමති යන මග Milinda Prashna 2021/09/01 – ලංකාදීප කොවිඞ් වසංගතයේ මතුපිට භයානකකම ජනතාවට වැටහී තිබේ. අභ්‍යන්තරය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. මුහුදේ පාවෙන අයිස් ශිඛරයක පතුල අපට පෙනෙන්නේ නැත. ටයිටැනික් ගැටෙන්නේ එවැනි අයිස් කන්දකය. කිසිදා විනාශ කළ නොහැකි බව සනාථ කර තිබුණ එම නැවේ ගමන් ගත් මගීහු බලවත් විශ්වාසයකින් සිටියේය. අවසානයේ දී කිසිදා අමතක කළ නොහැකි ඛේදවාචකයක වේදනාව ජගත් ප්‍රජාවට ඉතිරි කළේය. කොවිඞ් වැළෙදන ...