පොඩි හාමුදුරුවෝ යතාර්තවාදියා උඩුගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ”ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. උඩුගම කියන්නේ මාතලේට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළුදෙනාම පාහේ ...
මොඩර්න් චතුරාර්ය සත්‍යය යතාර්තවාදියා 1 ඩොලර්2 ඩොලර් ඇති වන හැටි3 ඩොලර් නැතිවීමට හේතු4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය 1 ඩොලර්මගේ මව් පස හෝ පිය පස කිසිවෙක් උපන් රටින් පිටට අඩියක් තබා නැත. අඩුතරමින් දඹදිව වන්දනා කිරීමටවත් , සාරි බිස්නස් කිරීමට මැඩ්රාසයටවත්. තරුණයෙකු වන තුරුම කිසිම විදේශීය මුදලක් අත ගා නැත. For a few dollars more . කව් බෝයි චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී සිටි කාලයේ ...
ගූ කතා ගොඩක් යතාර්තවාදියා අද ගූ කතා ලියන්න හිතුනේ මාධ්‍යවේදී චමුදිතට ගූ ගැසූ නිසාම නොව , මගේ නිවස අසල නිවසට අලුතින් ආ කෙනෙකුගේ නාම පුවරුව දැකීම නිසාය.Julio Gu ඔහුගේ නමයි.ගු ගේ නම දුටු විට මගේ සිත ඈත අතීතයට ඇදී ගිහින් නතර විය. මට සිංහළ ඉගැන්වූ මඩදෙණිය ගුරුතුමා නියම ගුරු පියෙකි. මල – මළ වෙනස ඉගැන්වීමට ඔහු පීරියඩ් එකෙන් අඩක්ම වැය කළේය.සද්දෙ එක වගේ ...
අමුතු කතාවක් යතාර්තවාදියා රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්. සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා තිබුණු අතර ඒ දැලිපිහිය මුවාත් කිරීමටයි. පිට ලෑලි එකට පුරුද්දීමෙන් සෑදුනු හතර බිත්තිය නළු නිළි පිංතූර වලින් ආවරණය වී ...
අම්මගේ දැක්ම යතාර්තවාදියා පුතේ උඹ නැගිටලදමට නම් තාම උදේඊයේත් මේ වෙලාවට උඹව මතක් කලානැහැය දෑවෙ නැද්ද?මට කොයින්දටෙලිපෝන්ඉන්ටර්නෙට්SMSගිය මාසෙ එවාපු සල්ලිබෙහෙත් වලටම ඉවරයිඑවාපන් ඩොලර් පනහක්දැන් එකසිය හැත්තෑවක්ඉස්සර එකසිය තිහයිමට නම් හොඳයි සිරිසේනරාජපක්ෂට වඩාකාල ඉන්න එපායැ කොයි දේ කරන්ටත්සල්ලි ඕන උනාම උඹ සිහි කරන්නම්මට කොයින්ද SMSනැහැය දෑවොත්එවාපන් පනහක් ...
ස්වෙත්ලානා-2 යතාර්තවාදියා ලානා පාසැල් ගේට්ටුවෙන් එළියට එනවා සැඟවී බලා සිටි දිමිත්‍රි ඈ පසු පස ගියා. වෙලාව 2.00 ට විතර ඇති. ලානගෙ යාළු කොලු කෙල්ලන් “බායි ලානා” කියා ගෙන ඔවුනොවුන් රැගෙන යාමට පැමිණි වාහන වල නැගී නොපෙනී ගියා. දිමිත්රිලාට වාහනයක් තිබුණේ නැහැ. හැතැම්මක් විතර අලස ගමනින් ඇවිද ගිය ලානා අවන්හලකට ගොඩ උනා. පවු. කෙල්ලට බඩගිනි ඇති. මේ හොඳට කන්න බොන්න ඕන කරන වයස. ...
ස්වෙත්ලානා යතාර්තවාදියා මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස හෝ තද ශීතල නැති හෑම හැන්දෑවකම ඇවිද ගියේ මේ මාර්ගය ඔස්සේය. සුදු තීන්ත ගෑ ලී වැටක් ඇති කුඩා එහෙත් දැකුම්කළු ...
පළා බබා- අවසන් කොටස යතාර්තවාදියා පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් වැඩම කළා මන්ත්‍රී බංගලාවට. ලොකුහාමුදුරුවෝය කිව්වට වයසක කෙනෙක් නෙවි, තරුණ පහේ හිමි නමක්. “මන්ත්‍රිතුමත් එක්ක පෞද්ගලිකව කතා කරන්න හිටියේ ටික දවසක ඉඳල. කොහෙද වේලාවක් නෑනෙ..” ” අපෙ හාංදුරුවනේ ඝංඨාර කුළුණ?” ” ඒව නං පස්සෙ බැරියැ.. ඊට වඩා වැදගත් දෙයක්..” “කිව්වනං හාංදුරුවනේ..” ” මට ඕව වැඩක් නෑ. ගිහියන්ගෙ පුද්ගලික දේ. දැන් අසෝබන කතා පැතිරෙනව . ඇත්ත නැත්ත ...
හැපි වැලන්ටයින්ස් ඩේ යතාර්තවාදියා හැපි වැලන්ටයින්ස් ඩේ අද 2018 පෙබරවාරි 14. මේක ලියන්න පටන් ගන්න කොට වෙලාව උදේ 7.30 යි.එයා උදේ වැඩට යන්න ලෑස්තිය.මට තව වෙලාව තියෙනව. මම යන්නෙ ටිකක් පරක්කු වෙලා. ” අද වැලන්ටයින්ස් ඩේ.. මොනවද ඕන? එළියට යනවද රෑ කෑමට?” ” මට මොනවත් ඕන නෑ. ඉක්මණට එන්න. අපි උයමු” ” ගිය පාර මතකද ?” අපි පැයකටත් වඩා එහා මෙහාට ගියා වාහනය ...
පළා බබා – 3 යතාර්තවාදියා රත්නපාල මහත්තයලගෙ ගෙදරට කිට්ටුම නගරයට හැතැක්ම එක හමාරක් විතර ඇති. නගරයේ ඉඳල රත්නපාල මහත්තයලගෙ ගෙදරට එන කෙනෙක් ඒ ගේ පහු කරල ගියාම පාරේ වම් පැත්තේ කුඩා උප තැපැල් කාර්යාලයක් තියෙනවා. වැඩ කළේ මැදිවියේ කාන්තාවක් තැපැල් ස්තානාධිපතිනිය විදියට. මනි ඕඩර්-ටැලිග්රෑම්-පිං පඩි- මුද්දර වගේ සේවාවන් එතැනින් සැපයුනා. ලොකුම අඩුවකට තිබුණේ ටෙලිපෝන් එකක් නැතිකම. හිටි හැටියේ ටෙලිකොම් එකෙන් ඇවිල්ල නගරයේ ඉඳල කොන්ක්‍රීට් කණු ...
පළා බබා යතාර්තවාදියා උතුරේ දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා. එහෙත් LTTE නායකයා – ප්රභාකරන් කෙළින්ම ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයක්. JR ජයවර්ධන ඉන්දියාව සතුටු කිරීමට පළාත් සභා අච්චාරුව ඇති කළේය. රට පුරාම උද්ඝෝෂණ පටන් ගැනින. පාසැල් වල පවා. පාසැල් වලින් එළියට ආ සිසු සිසුවියන් “පළාත් සභා- අපට එපා” කියල කෑ ගැසුවා. මෙලෝ හසරක් නොදන්නා පොඩි පංති වල උනුත් කෑ ගැහුවා තමන්ගේ කන් වලට ඇහුනු ...
මගේ වෙසක් පැතුම. යතාර්තවාදියා කෙළ කෝටියක් විදුලි බුබුළුය තොරණ් රාජයන්ය කූඩු රාජයන්ය එව-කව-බොව බලෙන් කන්ට බොන්ට දෙන දන්සැල්ය සල්පිල්ය ගී ගැයුම්ය ඔළු බක්කන්ය පැලුණු සායවල් ඇළුනු කළිසම් කකුල් ය පාරේ යන තණහා- රතී- රඟාලාය ම’සිත නො පහන්ය මට ඇත්තේ මේ මැටි පහන පමණක්ය ම’සිත පහන් වේ. ඒ පිනේ බලයෙන් කතන්දර – බතී ඔබා- රන්ජා-සලූ ප්‍රවීනා – දුකා- ඔබා ඇතුළු මෙකී නොකී සියල්ලන් සමග එකම ...
පොඩි හාමුදුරුවෝ – අවසන් කොටස යතාර්තවාදියා “මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න එපා. නම කියල කතා කරන්න.. ටික දවසක් යනකොට සේරම හරි යයි” තරමක් කලබල සහිත වීදියක කෙළවරේ වයලට් අක්කගෙ ගෙදර තිබුනේ. එහේ හිටියේ එයයි , එයාගෙ මහත්තයයි.. එකම දුව ...
ඇඟිල්ල ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ) යතාර්තවාදියා මිනිස් අතේ හා කකුලේ ඇඟිලි පහ බැගින් වේ. කුඩා කළ ගණන් පාඩමේදී එකතු කරන විට අතේ ඇඟිලි නැතුවම බැරිය. අපේ තාත්තා නම වරක් චක්‍රය පහසු කළේ මේ විදියටය. වම් අතේ එක ඇඟිල්ලක් නමා ගන්න. ඉතිරි ඇඟිලි නමයයි. 9 වරක් එක නමයයි. වම් අතේ ඇඟිලි දෙකක් නමා ගන්න. ඉතිරි ඇඟිලි අටයි. නමා ගත් ඇඟිලි ගණනින් එකක් අඩු කර අටට ඉස්සරහින් ...
ජේමිස් බණ්ඩා 007 යතාර්තවාදියා ක්ලින්ට් ඊස්ට්වුඩ්ලා රඟ පෑ කව් බෝයි චිත්‍රපට හැරුණු විට මා ඊ ලඟට කැමති බොන්ඩ් චිත්‍රපට වලටය. ඒ මොකද කියනාවා නම් ; ඒවායේ ත්‍රාසය , භීතිය , ශෘංගාරය , හාස්‍යය.. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් suspence , thrills ,violence , comics , action , sex , nudity………………… මේ හැම දෙයක්ම අඩංගු නිසාය. ජේම්ස් බොන්ඩ් කියන්නේ 1953 දී පමණ ඉයන් ෆ්ලේමින්ග් ...
සාමකාමී වසරක් වේවා ඔබ සැමට ! යතාර්තවාදියා හැමදාම කියන්නා වාගේ දුක් කම්කටොළු අඩු නිදුක් නිරෝගී හොඳ දේවල් අහන්ට දකින්ට ලැබෙන සාමකාමී වසරක් වේවා ඔබ සැමට !
පළිගැනීම. යතාර්තවාදියා ” මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. පහසුවෙන් ඉඳගන්න. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….” මානසික රෝහලේ විශෙෂ්ඥ ...
බටු. යතාර්තවාදියා බටුගොඩ , බටුගෙදර , බටුවත්ත , බටුවන්දර , බටුවන්තුඩාව , බටුවිට මේ ලංකාවේ බටු ගම්මානය. තවත් ඒවා තිබෙන්නට පුළුවන. මේ එකකවත් බටු වවනවාදැයි මා නොදනී. සාමාන්‍ය කාළගුණ තත්වයන් යටතේ එතරම් කරදරයකින් තොරව වවා ගත හැකි එළවළුවකි, බටු. ඉඩ කඩ නැත්නම් මල් පෝච්චියක වුවද වැවිය හැකි, එතරම් උස නොයන පඳුරු වර්ගයේ පැළෑටියකි. බටු වර්ග කීපයකි. තිබ්බටු: ඉතා කුඩාය. ගෙඩිය කුඩා උනාට ...
අපිදු කතිර ( හිල් ) ගැසුවෙමු. යතාර්තවාදියා වසර 4 කට වරක් අනිවාර්යයෙන්ම පැවැත්වෙන , ලොව ප්‍රබලම , විශාල රටක ජනාධිපතිවරයා තෝරා ගැනීමට මා ඇතුළු මගේ පවුලේ අයටද ඇරයුම් කර ඇත. එය ඉතා භාරදූර වගකීමක් බව මගේ ඇඟට දැනේ. ඒ සමඟම සියුම් අහිංසක ආඩම්බරයක්ද ඇතිවේ. මාසයකට පමණ පෙර සාම්පල් බැලට් පත්‍රිකාවක් තැපැලෙන් ලැබුනි. ජනාධිපතිවරයාට අමතරව , සම්මත කර ගත යුතු තවත් යෝජනා කීපයකටද අප ඡන්දය පාවිච්චි කළ යුතුය. ...
ප්‍රශ්නයක්ද ? යතාර්තවාදියා ප්‍රශ්න නැත්තෙ කාටද ? එහෙම කෙනෙක් ඉන්නවා නං ඒකත් ප්‍රශ්නයක්. එකක් ඉවර වෙන කොට එකක්. එකක් ඉවර වෙන කොට එකක්. ලංකාවෙ අයට නම් එච්චර ගානක් නෑ. ප්‍රශ්නත් එක්කම ජීවත් වෙල පුරුදු වෙලා. ඉස්සර බෝම්බ පිපිරෙන කාලෙ.. මම අපෙ අම්මට කතා කරනව. ” අම්මේ.. අදත් සෑහෙන ගානක් මැරිල නේද ?” ” අනේ අපිට නං ආරංචියක් නෑ.. කොහෙද පුතේ ?” හැතැප්ම ...