ප්‍රශ්නයක්ද ?


ප්‍රශ්න නැත්තෙ කාටද ? එහෙම කෙනෙක් ඉන්නවා නං ඒකත් ප්‍රශ්නයක්. එකක් ඉවර වෙන කොට
එකක්. එකක් ඉවර වෙන කොට එකක්.
ලංකාවෙ අයට නම් එච්චර ගානක් නෑ. ප්‍රශ්නත් එක්කම ජීවත් වෙල පුරුදු වෙලා.

ඉස්සර බෝම්බ පිපිරෙන කාලෙ.. මම අපෙ අම්මට කතා කරනව.
” අම්මේ.. අදත් සෑහෙන ගානක් මැරිල නේද ?”
” අනේ අපිට නං ආරංචියක් නෑ.. කොහෙද පුතේ ?”
හැතැප්ම දහදාහක් ඈත ඉන්න මට ඒක ප්‍රශ්නයක් උනාට අපෙ අම්මලාට ගාණක් නෑ.

අපි ඉගෙන ගන්න කාලෙ අපට තිබුනේ රැකියා ප්‍රශ්න , නිවාස ප්‍රශ්න , බඩු මිළ ප්‍රශ්න..
ඒවට මිනිස්සු කෑ ගහන කොට ආණ්ඩුව දන්නව ඒ කටවල් වහන්න. පැන්ෂන් ගිය
ගායකයෙක් ඉන්දියාවෙන් ගෙන්නල ගෝල් ෆේස් එකේ සංගීත සංදර්ශනයක් දානව. නැත්නම්
බුදු හාමුදුරුවන් ගේ ධාතුවක් කියල මොකක් හරි උස්ස ගෙන රට වටේ යනව.
නැත්නම් ක්‍රිකට් ටූනමන්ට් එකක් , බිග් මැච්.. උපවාස.. උද්ඝොෂණ ඒත් බැරිම නම්
සුදු වෑන්..
රෑට ටී වී චැනල් හැම එකකම ටෙලි ඩ්‍රාමා. මිනිස්සු බලා ඉන්නෙ ඊ ළඟ එපිසෝඩ් එකේදි
කාවින්ද්‍යාට මොනවද වෙන්නෙ කියල.
ඒත් බටහිර රටවල , විශේෂයෙන් මා ජීවත් වෙන රටේ ප්‍රශ්න විසඳන හැටි වෙනස්.
ඒ ප්‍රශ්න විසඳන්න වෙනම අය ඉන්නව. එයාලට කියන්නෙ කවුන්සලර්ස් ල කියල. සමහර විට
ගෙවන්නත් වෙනව.
ගෙයක් ගන්නවා නම් , ඒකට ණයක් ගන්නවානම්. ප්‍රාතමික අධ්‍යාපනය ඉවර කරන දරුවා
විශ්ව විද්‍යාලෙ යවනවා නම් මොන විෂය ධාරාවටද යොමු කළ යුත්තෙ කියල
දැනුවත් කරන්නෙ මේ කවුන්සලර්ස්ල. ඒ වගේ අපේම මුදල් පරිහරණය කරන හැටි පවා
මෙයාල කියල දෙනව.

තවත් කට්ටියක් තමයි මැරේජ් කවුන්සලර්ස්ලා. කැඩෙන්න යන මගුල් පූට්ටු කරන්නෙ මෙයාල.

මගේ හිතවත් රේමන්ඩ්ටත් තිබුණ ප්‍රශ්නයක් එයාගෙ වයිෆ් විකීට ඕන වුනා ටී වී එක
සාලෙන් තියන්න. රේමන්ඩ්ට ඕන වුනා නිදන කාමරෙන් තියන්න. ඕක තමා ප්‍රශ්නෙ.
ගියා කවුන්සලර් කෙනෙක් ළඟට ඔපීනියන් එකක් ගන්න.
” දික් කසාද වෙයන්” ඒක තමා එකම විසඳුම. මේ මැරේජ් කවුන්සලර්ලස් ල
ළඟට ගියාම දෙන්න එකට තියල ප්‍රශ්න … හේතු කාරණා අහනව. දෙන්න එකිනෙකාට
චෝදනා කර ගන්නව. සමහර හේතු ළාමක , බොළඳ ඒව.
මගෙ යාළුවෙක් ඉන්නව මෙහෙම කවුන්සලින් කරන. දවසක් ඇවිත් තියෙනව මැදි වයසෙ
ජෝඩුවක් ප්‍රශ්න ගොඩක් අර ගෙන.
දෙන්නටම දුන්න කොළ දෙකක්.. හාෆ් ෂීට්…එකිනෙකා එපා වෙන්න හේතු ලියන්න කියල.
මිනිහ කියනව.. ගෑණි රෑට ගොරවනව කියල.
ගෑණි කියනව මිනිහගෙ කට ගඳයි කියල.
බීල ඇවිල්ල බඩු පොළොවෙ ගහල ගෑණිගෙ දත් කැඩෙන්න ගහන පිරිමි ලංකාවෙ ඉන්නව.
” අනේ මේ ටිකක් බීපුවම විතරයි.. නැත්තං කිරි සප්පය වගේ” අපේ කාලෙ ගෑණු
ගෙදර ගිනි එළියට අරන් ගිහින් පිට අයත් එක්ක මැරේජ් කවුන්සලින් කළේ නැහැ.

ලංකාවෙ නම් පවුල් ප්‍රශ්න දුර දිග යන්නෙ අතිරේක බල සේනා ( reinforcement)
නිසයි. ඒ කියන්නෙ in-laws ල.
අපි හිතමු ලෝකයේ රටවල් දෙකක් තියෙනව.. මේ රටවල් දෙක විතරමයි.
රටවල් දෙකම හැම අතින්ම සමානයි. විශාලත්වය , ජනගහණය , ආර්තිකය,
හමුදා ශක්තිය. යම් හේතුවක් නිසා දෙරට යුද්ධයකට පැටලෙනව. දැන්
ගහන්න ඔන්න – මෙන්න.
මොකක්ද වෙන්න පුළුවන් ?
එක්කෝ…රටවල් දෙකේම නායකයො බුද්ධිමත් නම් දෙන්නම කල්පනා කරයි යුද්ධ
කළොත් දෙගොල්ලම නිකම් මැරිල යයි.. කියල හිතල සම්මුතියකට. සමාදානයකට
එනව එහෙම නැත්නම්… යුද්ධ කරල දෙගොල්ලම වැනසිල යනව. නමුත් ලෝකයේ මේ රටවල්
දෙක විතරක් නෙවි තියෙන්නෙ. අනික් රටවල් ඇවිල්ල දෙපැත්තටම උදව් කරනව. තමන්ගෙ
වාසියට. යුද්ධෙ කල් යනව.. අවුරුදු ගණන්.

වයිෆ්ගෙ අම්ම කියනව.. එයාට ඔහොම නටන්න දෙන්න එපා. කොහොම හරි යටත් කර ගනින්
කියල.
වයිෆ්ගෙ අක්ක කියනව.. මම නං අපෙ එක්කෙනා ගානට හදා ගෙන තියෙන්න කියල.
හස්බන්ඩ්ගෙ අයිය කියනව.. දීපන් බං අත දිග ඇරල කණ රත් වෙන්න කියල.

මේ අතිරේක සේනා නිසා , බත ඉදෙන්න කලින් විසඳෙන්න තිබුනු ප්‍රශ්නෙ දිග්ගැස්සෙනව.

ප්‍රේම කරන කාලෙ දෙන්නට දෙන්න දෙයියො බුදුන් වගේ. බැන්දට පස්සෙ දෙන්නගෙම
දාගෙන හිටි වෙස් මුහුණු ගැලවෙනව.
මගෙ යාළුවගෙ නම සිරිනාත. බැන්දෙ ගුරුවරියක්. ප්‍රේම විවාහයක්.
” මචං මේ ගෑණි ගෙ සෙක්ස් කියල නාමයක් නැහැනෙ. හැමදේම මට කර ගන්න
දීල මැරිල වගේ ඔහේ ඉන්නව. මම බ්ලූ ෆිල්ම් එකකුත් ගෙනල්ල පෙන්නුව.. ඒත් වැඩක් නෑ.
මට නම් එපා වෙලා තියෙන්නෙ. මේ පොඩි එකා නැත්තං මම මෙලාකට දමල ගහල
ගිහින්..වෙලාවකට පන්තියේ ලමයි ගැන කියනව.. චාමින්ද ගියා වාරෙ නං හොඳට
වැඩ කලා. දැන් මොනව වෙලාද මන්ද කියල– බුදියන්ට ලෑස්ති වෙල ඕව
මොනවටද ?
මගේ සේවස්තානයේ මගේ හවුල් කාරිය ජීන් උදේ බුකවගෙන හිටිය.
මම ඇහුව ” whats wrong ?”
” I am not getting my thing anymore ”
ඒකට මම මොනව කරන්නද ? ගෑණු එක්තරා වයසකට එනකොට එයාලගෙ මාසික
සිදුවීම් නවතිනව. තමන් දැන් නාකියි කියල මනස අවුල් කරගන්නව. ළඟ
ඉන්න එකා කන්න හදනව.
මේ තත්වෙට මූණ දෙන්න උපදෙස් දෙන්නත් අර වගේ කවුන්සලර්ස්ල ඉන්නව.

අනේ මන්ද කවදා ඉවරයක් වෙයිද කියල මේ ප්‍රශ්න ???????????

This entry was posted in Uncategorized. Bookmark the permalink.

25 Responses to ප්‍රශ්නයක්ද ?

  1. Maheshi පවසයි:

    නිහාල් අය්යේ, බොහොම කාලෙකින් කිසිම සද්දයක් නැත්තේ ඔබට ප්‍රශ්නයක්දෝ කියල මට හිතෙනවා…

  2. විමුක්ති පවසයි:

    කෝ මේ නිහාල් මාමා..?

  3. hesh78 පවසයි:

    Hi Nihal, Haven’t seen you after July.
    Is everything alright?

    Pls just put a comment reply….

    -Disa

  4. JP පවසයි:

    නිහාල්,
    හිතල හිතල කමෙන්ට් එකක් දාන්න එනකොට හේෂ් දාල ඒකම.
    “මොකෝ ප්‍රශ්නයක්ද ?” කියල දාන්න හැදුවේ .
    හොඳින් නම් එච්චරයි ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න