රජතුමා ඉබිතුමා කළ හැටි : තවත් අන්දරේගේ කතාවක් මල්කැකුළු දවසක් රජතුමා පිරිවර සමග දෝලාවෙන් ගමනක් ගියේය. මිනිස්සු හතරදෙනෙක් දෝලාව ඔසවා ගෙන ගියහ. එදා අන්දරේ ද රජතුමා සමග ගමනට එක්වී දෝලාව පසෙකින් යමින් සිටියේය. අතරමඟදී රජතුමා මග අයිනේ විශාල ඉබ්බකු සිටිනු දුටුවේය. එත් ඒ නොදුටුවාක් මෙන් ගමන ගිය රජතුමා පසුවදා උදේ අන්දරේ රාජ සභාවට ආ පසු කවි තේරවිල්ලක් කියන්ට තෝරන්නට හැකිදැයි ඇසීය. ‘‘රජතුමනි, ඒ මොකක්දැයි අහන්නෙ නැතුව තෝරන්න පුළුවන්දැයි කියන්නෙ ...
පැහැර ගෙන යාම් වළක්වන වළල්ලක්! ස්වේච්ඡා සේවකයන්ට තාක්ෂණික ආරක්ෂාවක්! මල්කැකුළු ලෝකයේ අලූත් ම සන්නිවේදන නිපැයුම මෙයයි. සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ට නිපැයුමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.මේ නව නිපැයුම, අනතුරක දී ලොවට ම ඒ බව හඬ ගා කිව හැකි බ්‍රේස්ලට් එකක් එහෙමත් නැත්නම් අතේ පලඳින වළල්ලක්! චන්ද්‍රිකා මඟ සෙවුම් තාක්ෂණයේ පිහිටෙන් කි‍්‍රයා කරන මේ නව මෙවලමෙන් ස්වේච්ඡා සේවකයකු හදිසි ප්‍රහාරයකට ලක් වුවහොත් ඒ බව එසැණෙන් ලොවට ම හඬ ගා කියන්න පුළුවන්. මෙසේ දැනුවත් ...
වෙළඳ ලෝකයේ විස්මිත සංකේතයේ නිමැවුම්කරු ජීවිතයෙන් සමුගනියි! මල්කැකුළු ඔහුගේ නම ඔබ නොදැන සිටියත් ඔහු දායාද කළ කේතය මෙය කියවන විටත් ඔබ අත පොවන මානයේ ඔබ දෙස බලා සිටිනවා වෙන්නට පුළුවන්. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩයක් මිලදී ගත්තත් පොතක් මිලදී ගත්තත් ඔහු දායාදයෙන් ඔබට ගැළවෙන්නට බැහැ. ඒ තමයි, බාකෝඩය. එය ඔබට දායාද කළ ඔහු නෝමන් ජෝශප් වුඞ්ලන්ඞ්.සුපිරි වෙළඳ සැලකින් බඩුවක් මිලදී ගන්නා හැම විට ම එහි සඳහන් මේ කේතය ස්කෑනරය ...
සිකුරු, බ්රහස්පතී හා බුද යන ග්‍රහයන් තුන්දෙනා තුන් කොන්ව පිහිටන අවස්ථාවක්! මල්කැකුළු හිරු බැසීම ඉතාමත් සිත්කළු දසුනක් මවන්නක්. රත් හා රඹ පැහැති වලාකුළු මවන සිත්තම මෙම දසුන වඩාත් විචිත්‍රවත් කරනවා. කෙමෙන් අඳුර වැටෙද්දී තරු එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. රාති‍්‍ර අහස දෙස බලා සිටින්නට කැමති අය මේ දසුනෙන් උද්දාමයට පත් වෙනවා. ඒ අයට සුවිශේෂ හැන්දෑවක් මැයි 26 වැනිදා උදා වෙනවා කියා නාසා ආයතනය කියනවා. රාති‍්‍ර අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ...
අනාගතයේ එන නිවාසයක් කෙබඳු වේවිද? මෙන්න එවැනි නිවාසයක් එංගලන්තයෙන්! මල්කැකුළු එංගලන්තයේ ලන්ඩන් නගරයේ සමාගමක් අනාගතයේ බිහිවන නිවසක් නිර්මාණය කර තියෙනවා. මේක අපේ මතු පරපුර ජීවත්වන හැටි අද දැක ගන්න තියෙන හොඳම අවස්ථාවක්.මේ අපූරු නිවස නිර්මාණය කරල තියෙන්නෙ කෝන්ෆ්ලේක් (Cornflake) කියල සමාගමක්. මේ නව නිවස නම් කරල තියෙන්නෙත් ඒ නමින්මයි.දැනට නිපදවා ඇති අලූත් ම තාක්ෂණය මේ නිවසට එක් කර ගන්නට මේ සමාගම යොමුවෙලා තියෙනවා. ඒ නිසා අලූත් ම මෙවලම් මෙහි දී ...
‘ෆියර්ලස් ෆීලික්ස්’ගේ උඩුගුවන් පිම්මේ සම්පූර්ණ කතාව! මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි! මල්කැකුළු මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි ෆියර්ලස් ෆීලික්ස් කියයි. ගුවන්කරණම්කරුගේ සුපර්සොනික් වේගය ගනිද්දී ලත් අත්දැකීම්.‘ඒක හරිම භයානක අත්දැකීමක්! අපායට ගියා වගෙයි දැනුනෙ’ සුපර්සොනික් ගුවන්කරණම්කරු ෆියර්ලස් ෆීලික්ස් බේරුණේ නූලෙන්! ඔහු ‘මරණීය භ්‍රමණය’ට අසු වුණා. ඒ බව ඔහුගේ ශීර්ෂාවරණයේ සවිකළ කැමරාවෙන් බිම පාලක මැදිරියේ සිටි අයටත් අන්තර්ජාලය හරහා ඒ දුටු මිලියන සංඛ්‍යාත නරඹන්නන්ටත් දැක ගත හැකි වුණා.උඩුගුවනේ සිට නිදහසේ බිමට ඇද වැටෙද්දී එක්වරම ...
ඔබ ඇවිදින විට හැඩය හා පාට වෙනස් වෙන ඇඳුමක්! විස්මිත ඉලෙක්ට්‍රොනික නිර්මාණයක්! මල්කැකුළු ‘කර්ම චැමලියන්’ (Karma Chameleon) නමින් ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා, කැනඩාවේ මොන්ටි‍්‍රයෙල්හී කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන්. මේ ව්‍යාපෘතිය මගින් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික රෙද්දක් වියා ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඒ මගින් සිරුරේ ඇති තාප ශක්තිය ගබඩා කර ගත හැකියි.මේ නවෝත්පාදනය පසුපස සිටින කණ්ඩායමේ අපේක්ෂාව වුණේ හැඩය හා වර්ණය වෙනස් කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඔබේ සිරුරේ ශක්තියෙන් ජංගම දුරකථනයක් ‘චාජ්’ කළ හැකි කමිසයක් තැනීමත් ඔවුන් ...
‘ස්ටාර් ටේරක්’ සිහිනය සැබෑ වෙයි! ඔබේ සිරුරේ ලෙඩ හොයන්න විස්මිත මෙවලමක් එයි! මල්කැකුළු ‘ස්ටාර් ටේරක්’ ටෙලිවිෂන් චිත්‍රපට මාලාව ඔබට මතකද? ඒ චිත්‍රපටයේ කපිතාන් ස්කොට්ගේ අතේ අමුතු ගැජට් එකක් තිබුණා, ‘ට්රයිකෝඩර්’ (tricorder) කියලා. ඒක වෛද්‍ය උපකරණයක්. තත්පර ගානක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය කියා දෙන උපකරණයක්. දැන් ඒ උපකරණය ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි සමාගමක් විසින් සැබෑවට ම තනා තියෙනවා.ස්කෑනඩු ස්කවුට් (Scanadu Scout) කියා නම් කර ඇති අතේ ගෙන යා හැකි මේ උපකරණයට ඔබේ හෘද ස්පන්දනය, ...
වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි! මල්කැකුළු හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.වසර සිය ගණනක් තිස්සේ ප්‍රවාදයක් පැවති මෙම ...
වැලි මල්ලක් එල්ලා විදුලි බලය සපයන නව ක්‍රමයක්! ගුරුත්වාලෝකයෙක් දැල්වෙන පහනක්! මල්කැකුළු විදුලි බල ජාලවට සම්බන්ධව නැති, මෙතෙක් විදුලි බලය නොලැබුණු බිලියන 1.5ක ජනතාවට විදුලි බලය ලබා දිය හැකි ක්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. ඒ විදුලිය අපට ලැබෙන්නේ ජලයෙන්, ගල් අඟුරු වැනි වෙනත් ඉන්ධනයක් භාවිතයෙන් නොවෙයි. ඒ සැපයෙන්නේ මහ පොළොවේ ඇති ගුරුත්වබලයෙන්.එය ඔවුන් හඳුන්වන්නේ ගුරුත්වාලෝකය (GravityLight) කියලයි. මෙය ඉපැදවෙන්නේ ගුරුත්ව ශක්තියෙන්. ඒ අනුව ඔවුන් නිපදවා ඇති ගුරුත්ව පහන දැල්වෙන්නේ රැුහැනකින් එල්ලූ වැලි ...
තාරකා යුද්ධයකින් පසු උපදින රත්තරන් - අලූත්ම අධ්‍යයනයකින් හෙළි වෙයි! මල්කැකුළු අපි රන් අගය කරන්නේ කරුණු කීපයක් නිසයි. එකක් එහි ඇති අලංකාරය. ඒ වගේ ම ආභරණ තැනීමාදියෙහි දී ඇති ප්‍රයෝජනය එහි වැදගත්ම අංගයයි. ඒ විතරක් නොවේ ලොව ඇති දුර්ලභ මූල ද්‍රව්‍යයක් ලෙසත් එය අපට වැදගත්. මුල්‍ය හුවමාරුවල ප්‍රධාන සාධකයත් එයයි.ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් හෙළි කර ගෙන ඇති අලූත් ම තොරතුරු අනුව අනෙක් කරුණු සියල්ලට ම වඩා රන් අපට වැදගත් වෙන හේතුවක් දැන් ...
මෙතෙක් ලොකුම ශබ්දය ආවේ රුසියාවේ පිපිරුණු උල්කාපතයෙන්! ඒත් එය මිනිස් කනට ඇහුණේ නෑ! මල්කැකුළු පසුගිය පෙබරවාරි 15 වැනිදා රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරය අසලට කඩා වැටුණු උල්කාපාතය ඔබට මතකද? විශාලම කැබැල්ල ඒ අසල හිම මිදුණු විලකට කඩා වැටෙන්නට පෙර අහසේ දී මහා පිපිරීමක් සිදු වුණා. එයින් 1200කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මධ්‍යම රුසියාවේ වූ ඒ පිපිරීම මෑත දී සිදු වූ විශාලතම එකයි. උල්කාපාතය පුපුරා යාමේ දී අවධ්වනික කම්පන තරංගයක් නිකුත් වුණා. එය මෙතෙක් පටිගත කරන ලද ...
රජ සබේදී - වටිනකම්ද? දුර්වලකම්ද? : නස්රුදින්ගේ තවත් කතාවක් මල්කැකුළු පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ කතා පොත් පෙළේ පළමු කොටසේ අලූත්ම මුද්‍රණයක් සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සමාගමෙන් පසුගියදා නිකුත් වුණා. ඒකෙන් එක කතාවක් ඔබේ ආස්වාදය සඳහා ඉදිරිපත් කරන්න මං කල්පනා කළා. රජ සබේදී - වටිනකම්ද? දුර්වලකම්ද?නස්රුදින් වරක් රජ සභාවට ආවෙ ලස්සනට වැඩ දාපු තලප්පාවක් පැලඳ ගෙනයි. එහෙම ආවේ රජතුමා ඒක දැක්ක ගමන් ඊට ආසා හිතිලා අගේ කළාම, ඒක රජතුමාට සෑහෙන ගානකට විකුණ ...
අලූත් සත්ව විශේෂයක් අපි‍්‍රකාවෙන් සොයා ගනියි! මෙතෙක් හඳුනා නොගත් වඳුරෙක්! මල්කැකුළු මේ අලූත් වඳුරු විශේෂයේ පස්ස පැත්ත නිල්පාටයි. කොන්ගෝ ජනරජයේදියි හමුවෙලා තියෙන්නෙ. මේ සතා කුඩා කාලෙදි බකුසු මුහුණැති වඳුරාට බොහෝ සෙයින් සමානයි. බකුසු මුහුණැති සත්වයා විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කොපිතිකස් හැම්ලිනි (Cercopithecus hamlyni) කියලයි. මේ අලූතින් සොයා ගෙන ඇති මේ සත්වයා දේශීය වශයෙන් ඇඳින්වෙන්නේ ලෙසුලා කියලයි. සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ සර්කෝපිතිකස් ලෝමාමියැන්සිස් (Cercopithecus lomamiensis) කියලයි. ලෙසුලා නම් මේ වඳුරු වර්ගය මින් පෙර හඳුනා නොගත් ...
පසුගිය දා රුසියාවට කඩා වැටුණු උල්කාපාතයට පිට සක්වළ යානයක් හරස් වුණාද? මල්කැකුළු පෙබරවාරි 15 වැනිදා පොළොවට කඩා වැදුණු ඒ දැවැන්ත උල්කාපාතයෙන් අප ගළවා ගන්නට පිට සක්වළින් පැමිණි හඳුනා නොගත් යානයක් උදවු වුණාද? ඒ උල්කාපාතය ගුවනේ දී පුපුරා ගියේ ඒ නිසාද? අති විශාල පිපිරුම් හඬක් නංවමින් එහි කැබලි රුසියාවේ යූරල් ප්‍රදේශය පුරා විසිරී ගියේය. ඒ මහා පිපිරුමේ හඬ මිනිස් කනට නෑසුනද එය ලොව පුරා නින්නාද වූ බව සටහන්ව තිබේ.මේ අරුම පුදුම මතය ඉදිරිපත් ...
මැස්සෙක් විතර පුංචි කටුස්සෙක් හමුවෙයි! මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය! මල්කැකුළු මේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප්‍රමාණය මේ සමග ඇති ඡායාරූපයෙන් ඔබට සිතා ගත හැකියි. ඒ සොයා ගැනීම කළ විද්‍යාඥයාගේ ඇඟිලි තුඩකයි ඌ මේ ළැග ඉන්නේ. මේ වර්ගයේ වැඩුණු සතකු දිගින් සෙන්ටිමීටර් 3කට වඩා නැහැ. ගිනිකුර හිසක වුනත් මේ කුඩා කටුසු වර්ගයට ළැග ...
රසායනාගාරයක් තුළ විස්මිත මල් ගොමුවක් මවයි! විද්‍යාඥයන් පිරිසකගේ ආශ්චර්යයක්! මල්කැකුළු ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ. මේ මලක ප්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ. පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ...
මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත! මල්කැකුළු පසුගියදා පාකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති ...
දිලිසෙන දියමන්තිවලින් පිරුණු ග්‍රහයෙක් සොයා ගනියි! අපේ පොළොව මෙන් දෙගුණයක් විශාලයි. පියවි ඇහැටත් පේනවා! මල්කැකුළු අහසේ දියමන්තියක් සේ දිදුලන නව ග්‍රහ ලොව විද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ ‘55 කැන්කි්ර ඊ’ (55 Cancri e) කියායි. එහි ඇති ග්‍රහ ලොව මතුපිට වටිනා මැණික්වලින් පිරී ඇතැයි විද්‍යාඥයන් කියනවා. එහි විශ්කම්භය පෘථිවියෙහි මෙන් දෙගුණයක් වන අතර බර පෘථිවිය මෙන් අට ගුණයක් වෙතැයි සඳහන්. අපේ පොළොව ජලය හා ග්‍රැනයිට් පාෂාණවලින් වැසී ඇතුවා සේ මේ නව ග්‍රහ ලෝකය වසා ඇත්තේ දියමන්ති හා ...
සුනාමියක දරුණුකම පෙන්වන දුර්ලභ ගණයේ වීඩියෝවක්! මල්කැකුළු සුනාමි ගැන ඉගෙන ගන්න සුදුසු වීඩියෝවක් ‘නැෂනල් ජ්යොග්රෆික්’ ප්රවෘත්ති අංශයෙන් නිකුත් කර තියෙනවා. සුනාමියක් කෙතරම් භයානක ද? ගැලවීමට නොහැකි තරම් ව්‍යසනයක් ද? යන්න මින් තේරුම් ගන්න පුළුවන්.පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 11 වැනිදා ජපානය ආශ්රිත මුහුදේ භූකම්පනයක් සිදු වුණා. ඉන් ඇති වුණු සුනාමියෙන් 28,000 වැඩි ප්‍රමාණයක් මිය ගියා නැතිනම් ආගිය අතක් නැති වුණා. ඒ සුනාමිය කළ ව්‍යාසනය තමයි මේ වීඩියෝවෙන් දැක්වෙන්නෙ. ...