ලොව හෙල්ලූ ඩීසල් එංජිම දායාද කළ නිමැවුම්කරුගේ අවසානය අබිරහසක්ද? මල්කැකුළු 1913 සැප්තැම්බර් 29 වැනිදා රාත්‍රියෙහි රුඩෝල්ෆ් ඩීසල් ගිය නෞකාව ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් තිබුණා. ඩීසල් මෙසේ යමින් සිටියේ ලන්ඩනයේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීමකට සහභාගි වන්නටයි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රධානීන් හමුවී සාකාච්ඡා කිරීමටත් බලාපොරොත්තු වී සිටියා. රුඩෝල්ෆ් ඩීසල් රාත්‍රි දහයට සීනුව වැදෙන මොහොතේ ඔහු කතා කරමින් සිටි මිතුරන් සමුගෙන ඔහුගේ පුද්ගලික කුටියට ගියා. පසුදා උදේ ඔහු කාමරයෙන් පිටතට ආවේ නැත. ...
අතුරුදන් වූ සුන්දර බිනරමලී නාඋලෙන් යළි මතු වූ හැටි! මල්කැකුළු සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ බොහොමයක එහි අරුත දක්වා ඇත්තේ ‘අහඹු ලෙස හමුවන වාසනාවන්ත සොයා ගැනීම’, ‘වාසනාලාභය’ කියායි. ඒ වදන බිඳී ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට අතීතයේ භාවිත කළ ‘සෙරෙන්ඩිබ්’ යන නම ඇසුරෙන්.මේ ‘සෙරෙන්ඩිපිටි’ යන වදනින් හැඳින්වෙන විස්මිත අහඹු සොයා ගැනීම් මහත් රාශියක් තියෙනවා. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ පෙනිසිලින්, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ඩයිනමයිට්, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ...
බුදුන් වහන්සේ කතුන්ට පැවිදි වරම් දුන් බිනර පුන්පොහොය මල්කැකුළු අද බිනර පුරපොහෝ දිනයයි. සෑම පුරපොහෝ දිනක ම බුදු සසුනේ කිසියම් වැදගත් සිදුවීමක් සිහිපත් කෙරනවා. ඒ අනුව අද දවස අපේ සිහියට එන්නේ බුදු සසුනේ පදනම වූ හික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවක පිරිස සම්පූර්ණ වූ දිනය ලෙසයි. බුදුන් වහන්සේ විසින් භික්ෂුණී සාසනය පිහිටුවන ලද්දේ බිනර පුන්පොහෝ දිනකයි.භික්ෂුණී සාසනය පිහිටුවීම පිළිබඳ අදහස මුල්වරට බුදුන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද්දේ උන්වහන්සේගේ කිරි ...
අභියෝගය - සුපිරි වෙළඳ සලේ කැමි කෙල්ලට තරු පෙනුනේ ඇයි? මල්කැකුළු දිනක් බස්රියේ වාඩි වී ගල්කිස්ස දෙසට ගමන් කළ මට ඉදිරි ආසනයෙහි සිටි තරබාරු ලංසි නෝනලා දෙදෙනකුගේ කථාව ඇසුණේය. අද සතොස මුදල් කැමි කෙල්ලට තරු පෙනෙයි. බිල ගෙවන්න මා රුපියල් 100යේ නෝට්ටුවක් දික් කළාම ඈ නොදැක්කා වාගේ යාළුවකු එක්ක දිග කථාවක්. මා සැර දාලා මුදල් ගන්නේ නැද්දයි ඇසුවාම ඈ මා දිහා ඔරවා බලා බිල්පත ලකුණු කර මා දිහාට ගස්සලා තල්ලු කළා, ...
අද නිකිණි පෝය දා - පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය අදයි මල්කැකුළු අද අගෝස්තු 3 වැනිදා, නිකිණි පෝය දා බෞද්ධයන්ට සුවිශේෂ වන කරුණු කීපයක් ම තියෙනවා. භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම සඳහා ඇති දෙවැනි දිනය වූ ‘පසු වස් දිනය’ යෙදෙන්නේ නිකිණි පොහෝ දිනයටයි. වස් ආරම්භ වීම සිදුවන්නේ ‘පෙර වස් දිනය” එනම් ඇසළ පොහොය දිනයේ සිටයි. එය කිරීමට අපොහොසත් වුවහොත් පසු වස් දිනයෙන් වස් විසීමේ චාරිත්‍රය කළ හැකියි.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹුණු නිකිණි පෝදා, රජගහ ...
ගණිත ලෝකයේ මහා පෙරළියක් කළ ඉන්දියාවේ බින්දුව මල්කැකුළු ගණිතයෙහි මහ පෙරළිය ඇති වූයේ බින්දුව (0) ආවාට පසුවයි. කිසිත් නැති තැන හෙවත් ශූන්‍යය හැඳින්වීමට මානව ඉතිහාසය පුරා කිසිදු ක්‍රමයක් තිබුනේ නැහැ. බින්දුව හෙවත් ශූන්‍යය යන අදහස ඉතාමත් ඈත අතීතයට දිවයන්නක්. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දී ශූන්‍යය යන අදහස මිනිසා තුළ පැවති බව මිසොපොටේමියානු ශිෂ්ටාචාරයට අයත් රූපාක්ෂරවල තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී මායා ශිෂ්ටාචාරයට අයත් මානවයාත් ශූන්‍යය ...
දිවියෙන් සමුගත් හොලිවුඩ් යුග පුරුෂයාගේ විස්මිත කතාව මල්කැකුළු ඔහු උපන්නේ සුන්දර ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හී ෆවුන්ටන් බ්‍රිජ් ගම්මානයේ ය. ඒ 1930 වසරේ අගෝස්තු 25 වැනිදා ය. ඔහු නමින් තෝමස් ෂෝන් කොනරි නම් විය. ඔහුගේ පවුල ඉතා දිළිඳු එකක් විය. ඔහුට නිදා ගන්නට ඇඳක් තිබුණේ ද නැත. ඔහු නිදා ගත්තේ මව්පියන්ගේ ඇඳුම් රාක්කයේ යට තට්ටුවේය. පාසල් යාම ද ඔහුට අසීරු එකක් විය. ඒ නිසා පුංචි සන්දියේ ම පාසලට ආයුබෝවන් කියා ...
අවුරුදු 70කට පෙර වන්නියේ සිදුවුණු අසිරිමත් මඟුලක්! මල්කැකුළු වසර හැත්තෑවකට විතර ඉස්සර වන්නියේ මඟුලක් කෑ හැටි ගැන විස්තරයක් කියන්න මා ඔබට කලින් පොරොන්දු වුණා. රටත් සමාජයත් ශීඝ්‍රයෙන් වෙනස් වී යන නිසා අද එවැනි පැරණි මඟුල් ගෙවල් ඒ ආකාරයෙන් ම දැක ගන්න විදියක් ඇත්තෙත් නැහැ. මා ඉතාම පුංචි සන්දියේ දැකපු දේවල් දුටු අයත් අද ජීවතුන් අතර නැහැ. ඒ වගේ ම එවැනි මඟුල් උත්සව රටේ වෙනත් පළාතකවත් අපට දැක ගන්නට ...
නිදහස් සිතුවිලි - ආනන්ද සමරකෝන්ට මරු කැඳවූ ජාතික ගීය මල්කැකුළු ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම නිසා ජාතික ගීය ගැනත් ජාතික කොඩිය ගැනත් යළිත් අපට මතක් කිරීමට සිදුවෙනවා. මීට කලින් අපේ ජාතික ගීය නිර්මාණය කළ ‘නමෝ නමෝ මාතා’ ගැනත් එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ගැනත් ඔහුට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැනත් ‘මල් කැකුළු’ තුළින් ගෙනාවා ඔබට මතක ඇති. ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් එය නිර්මාණය කළ අන්දම 1951 නොවැම්බර් 25 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ ...
චන්ද්‍රිකා උඩු ගුවනට ගෙනියන ලොව විශාලතම ස්වයංක්‍රීය ඩ්‍රෝන යානය! මල්කැකුළු අප මෙතෙක් දැක තිබුණේ ඩ්‍රෝන යානා යනු අතේ ගෙන යා හැකි, අහසින් යමින් බිම සිදු වන දෑ අපට පෙන්වන්නට හැකි දුරස්ථව පාලනය කළ හැකි, කුඩා පියසැරි යානා විශේෂයක් හැටියටයි. ඒ වගේ ම කොරෝනාව නිසා දැමූ නීති කඩන අපේ අය අල්ලන්නට පොලීසියට ඔත්තු දෙන කුඩා යානා විශේෂයක් හැටියටයි. ඒත් දැන් ඇමරිකාව තනා තියෙනවා, දැවැන්ත ඩ්‍රෝන යානයක්. ‘රාවන්එක්ස්’ (Ravn X) කියා නම් ...
සෙන් බොදු කතාවක් - දෙව්ලොවෙයි අපායෙයි වෙනස? මල්කැකුළු නොබුෂිගෙ නම් රණශූර සොල්දාදුවකු හාකුයින් ගුරුතුමා හමුවීමට ආවා. ඇවිත් ඇහුවා, ‘ඇත්තට ම දිව්‍යලෝකයයි අපායයි කියල දෙයක් තියෙනවද?’ කියලා.‘නුඹ කවුද?’ හාකුයින් ගුරුතුමා විපරම් කළා.‘මං සමුරායිවරයෙක්’ රණශූරයා කීවා.‘නුඹ, සොල්දාදුවෙක්!’ හාතුයින් මවිතය පළ කළා. ‘කොයි විදිහෙ පාලකයකුටද නුඹ රැකවල් කරන්නෙ ? නුඹේ මූණ හරියට හිඟන්නකුගෙ වගෙයි.’නොබුෂිගෙ එයින් කෝපයට පත් වුණා. ඔහු සිය හිණෙහි වූ කොපුවෙන් කඩුව අදින්න හැදුවා. ඒ දුටු හාකුයින් කතා කරමින් ...
බෙනඩික්ට් දොඩම්පෙගමගේ හිත ගිය තැන්! මල්කැකුළු මීට වසර පනහකට හැටකට විතර ඉස්සර මට අපූරු සුන්දර මිනිසකු මුණ ගැහුණේය. මුලින්ම ඔහු ලියූ පුවත් පත් විශේෂාංග ලිපි මගිනි. දෙවනුව පොතපතිනි. ඔහු බොහෝ විට ලියුවේ කෙටි ලිපි ය. එහෙත් ඒ හැම විට ම ඔහු හදවතට වදින, සිත්ගන්නාසුලු යමක් ලියුවේ ය. ඒ නිසා ම මම විමසිල්ලෙන් සිට ඔහුගේ සෑම ලිපියක් ම පළ වූ විගස කියැවූයෙමි. ඔහුට ලියන්නට විශේෂ වූ විෂයයක් ...
මෙන්න! ලෝකයේ ළා බාලම තාරකා විද්‍යාඥවරිය - නිකොලී මල්කැකුළු මේ 8 හැවිරිදි නිකෝලී ඔලිවීරා (Nicole Oliveira) ලෝකයේ ඉන්නා ළා බාලම තාරකා විද්‍යාඥවරියයි. ඇමරිකාවේ නාසා ආයතනය සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන අය දැනටමත් අභ්යනාශයේ සැරිසරන ග්‍රහ වස්තූන් 18ක් දැනටමත් සොයා දීලා. නාසා ආයතනය අන්තර් ජාතික තාරකා විද්‍යා ගවේෂණාත්මක සහයෝගිතා වැඩ සටහනක් දියත් කර තියෙනවා. ඒ අනුව ලොව පුරා විසිරී සිටින අහස නිරීක්ෂණය කරන ආධුනික තාරකා විද්‍යාඥයන්ට, ගවේෂකයන්ට ඒ වැඩ සටහනට ...
කාටූන් චරිතවලට මිනිස් මුහුණු දුන් විස්මිත සිත්තරා මල්කැකුළු පරිගණකය යොදා ගෙන කළ හැකි දේ බොහෝයි. බ්‍රසීලයේ චිත්‍රශිල්පියෙක් පරිගණකයේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා ජනප්‍රිය කාටූන්වල එන ප්‍රසිද්ධ චරිතවල මුහුණු හැබෑ ජීවිතයට ගෙන ආවොත් කොයි වගේ වේවිද කියලා සොයා බැලුවා. මෙන්න එයාට ලැබුණු ප්‍රතිඵල. සිම්ප්සන් කාටූනයේ එන අල්ලපු ගෙදර මිතුරා නෙට් ෆ්ලෑන්ඩර්ස් හා ජෙස්මින් කුමාරිමේ චිත්රශිල්පියාගේ නම හිඩ්රෙලි ලෙලි දියෝ (Hidreley Leli Diao). ඔහු කුඩා කල සිට ම කාටූන් බලන්න ...
98 වියේදී ජීවිත සිනමාවෙන් සමුගත් මහා රංගධරයා - දිලිප් කුමාර් මල්කැකුළු අප හින්දි සිනමාවට ආසා කළේ ඔහු නිසාය. ඔහුගේ රඟපෑම් නිසාය. ඔහුගේ රංගන ශෛලිය හින්දි සිනමාවට නව මානයක් එක් කළේ ය. භාෂාව ඉක්මවා යන භාවරූප ප්රකාශනයක් ඔහුගේ රංගනයට ඇතුළත් විය. ඒ නිසාම හින්දි භාෂාව නොදත් අප තුළ හැඟීම් දැනවීමට, වේදයිතයක් ඇති කිරීමට, අපේ හදවතට කථා කිරීමට, ඔහු සමත් විය. ඒ නිසාම ඔහු මිය ගිය පුවත සැලවීමත් සමග බලවත් සංවේගයක් හට ගත්තේ ...
අපේ සිරුරේ සෛලවලට ප්‍රෝටීන තනන්න උගන්වන ‘එන්නතාචාර්යවරයා’! මල්කැකුළු කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණය පිණිස නිපදවා ඇති කොවිෂීල්ඩ් එන්නත ගැන සටහනක් තබන්නට අප අදහස් කළේ ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇති නිසයි. මේ එන්නත නිසා කිසිවිටෙක කොවිඩ් -19 වයිරසය වැළඳනේනේ නැහැ. මේ නව එන්නත හැඳින්වෙන්නේ මෙසෙන්ජර් ආර්එන්ඒ එන්නත (Messenger RNA vaccine) කියායි. එය කෙටි කිරීමෙන් mRNA vaccine කියාත් හැඳින්වෙනවා. අද අපට එන්නත් කරන්නේ මේ විශේෂ වර්ගයට අයත් එකක්.එන්නත් ...
ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් මගකට යොමු කළ සියවසේ මහා මංගල්‍යය - 2 කොටස මල්කැකුළු ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ සියවසේ මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාණන් හා සිරිමාවෝ රත්වත්තේ කුමරිය අතින’ත ගත්දා ඒ ඓතිහාසික සිදුවීම 1940 ඔක්තෝබර් 5 වැනිදා ‘ස්වදේශ මිත්‍රයා’ තීරු හත පුරා ම විහිදෙන පරිදි ‘මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් ශරණ මංගල්‍යය, බණ්ඩාරනායක - රත්වත්තේ’ යන මැයෙන් පළ විය. මෙහි මුල් කොටස ජූනි 30 වැනිදා ‘මල්කැකුළු’හී පළ විය. අද ...
අනාගත නිවෙස් එළිය කරන්න විස්මිත ‘ස්මාර්ට් ගඩොල්’! මල්කැකුළු ඇමරිකානු විශ්ව විද්‍යාල පර්යේෂකයන් පිරිසක් විසින් නිවෙස් ආලෝකමත් කළ හැකි ‘ස්මාර්ට් ගඩොල්’ විශේෂයක් නිපදවා තියෙනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන ඇත්තේ අද ලොව පුරා බහුලව යොදා ගන්නා, පහසුවෙන් මිලදී ගත හැකි රතු ගඩොල් විශේෂයයි. මේ රතු ගඩොල සඳහා විදුලිය ගබඩා කළ හැකි පොලිමර් ආලේපයක් යෙදිය හැකි නව ක්‍රමවේදයක් මේ පර්යේෂකයන් සකසා තියෙනවා. ඒ මගින් එල්ඊඩී බල්බයක් පහසුවෙන් දැල්විය හැකියි.ඇමරිකාවේ වොෂින්ටන් ...
අනාගතය උදාවෙලා! මාර්ග තදබදයට මෙන්න ඉගිල්ලෙන කාරයක්! මල්කැකුළු ගමන් බිමන් පහසු කරවන අලුත්ම වාහනයකට ඇමරිකානු ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරියේ (FAA) අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව දැනට නිෂ්පාදනයේ පවතින මේ වාහනය ලබන වසර මුලදීම කරළියට ඒවි. මේ වාහනය වෑන් එකක් ද බස් එකක් ද, ගුවන්යානයක් ද හරියටම වෙන් කරලා කියන්න අමාරුයි. උඩින් බිමින් දෙකෙන් ම යා හැකි මේ අපූරු වාහනයේ ගුවනින් යා හැකි කොටස විතරක් දැන් ගුවන් නියමුවන්ට ...
මාර්ටින් වික්‍රමසිංහ දුටු සාහිත්‍යය හා සංස්කෘතික දියුණුව මල්කැකුළු මේ සාහිත්‍ය මාසයයි. පොතපතට වැඩි අවධානයක් යොමු කෙෙරන මාසයයි. ලේඛකයන්, ප්‍රකාශකයන් හා පාඨකයන් එක් කරන මාසයයි. රටපුරා සාහිත්‍ය උත්සව, පොත් ප්‍රදර්ශන පැවැත්වෙන මාසයයි. ලේඛකයන් රාජ්‍ය සම්මාන ඇතුළු සම්මානවලින් පිදුම් ලබන මාසයයි.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මේ විශේෂ ඡායාරූපය සරසවිය පත්‍රයේ කලා සංස්කාරක නිමල් පෙරේරාගේය.සිංහල සාහිත්‍යය එදා මෙදාතුර බිහිකළ විශිෂ්ටතම ප්‍රාඥයා වූ, ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, හෙළ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ජීවතුන් අතර ...