HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ එන නිවාසයක් කෙබඳු වේවිද? මෙන්න එවැනි නිවාසයක් එංගලන්තයෙන්!

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සමාගමක් අනාගතයේ බිහිවන නිවසක් නිර්මාණය කර තියෙනවා. මේක අපේ මතු පරපුර ජීවත්වන හැටි අද දැක ගන්න තියෙන හොඳම අවස්ථාවක්.

මේ අපූරු නිවස නිර්මාණය කරල තියෙන්නෙ කෝන්ෆ්ලේක් (Cornflake) කියල සමාගමක්. මේ නව නිවස නම් කරල තියෙන්නෙත් ඒ නමින්මයි.

දැනට නිපදවා ඇති අලූත් ම තාක්ෂණය මේ නිවසට එක් කර ගන්නට මේ සමාගම යොමුවෙලා තියෙනවා. ඒ නිසා අලූත් ම මෙවලම් මෙහි දී ඔබට දැක ගන්න පුළුවන්.

ඔබේ අවශ්‍ය වෙලාවට බිත්තිය කරකැවී මීටර් දෙකේ රූපවාහිනී තිරයක් සහිත නැරඹුම් මැදිරියක් මතු වෙනවා. ආභාසී ආරක්ෂකයෙක් (virtual security guard) ඉන්නවා ඔබේ නිවස දිවා රාති‍්‍ර මුර කරන්නට.

මේ නව නිවසට යොදා ඇති විස්මිත උපකරණ සියල්ල අභ්‍යවකාශ තාක්ෂණය නිසා අපට ලැබුණු දේවල්.

එක්සත් ජනපදයේ තාක්ෂණික සමාගමක් වූ කෝන්ෆ්ලේක් තනා ඇති මේ අනාගත නිවස පිහිටා ඇත්තේ ලන්ඩන් නගරයේ ටොටෙන්හැම් කෝට් පාරේ. එහි විසිත්ත කාමරයේදී ඔබ විත‍්‍රපටයක් බලන්න තේරීමක් කළොත් ඔබ අවට ආලෝකය ඉබේට ම සකස් වෙනවා.

මේ අනාගත නිවස තුළ සවි කරල තියෙනවා, පවුම් 10,000ක් වටිනා උපකරණයක්, ඔබ කැමති ඕනැම උණුසුම් බීමක් තනා දිය හැකි. දුර සිට අයිපෑඞ් (iPad) එකකින් ඒක පාලනය කළ හැකියි. ඒ බීම වර්ග තනනවාට අමතරව හිස් කෝප්පවලට බීම විදින්නත් ඒ විස්මිත උපකරණයට පුළුවන්.

බිත්තියට අලවන්න කාන්දමකින් කි‍්‍රයා කරන චුම්බක බිත්ති ඇතුරුම් කඩදාසි තියෙනවා. සිනමා හලක්, තවත් අධි තාක්ෂණික උපකරණ රැසක් මේ නිවසට ඔබේ කැමැත්ත පරිදි එක් කර ගන්න පුළුවන්. මෙයට දැනට සැලසුම් කර ඇති පරිදි මේ සියලූම නවීන ගැජට් සවි කරන්න පවුම් 750,000ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා. මේවායින් අවශ්‍ය උපකරණ තමන්ගෙ නිවසට වුනත් වෙන වෙනම සවි කර දෙන්න ඒ සමාගම ලෑස්තියි.

මේ නිවස තුළ දී ඔබට ඔබේ බීම වීදුරුව හිස් වීම ගැන වද වෙන්න සිදු වෙන්නෙ නෑ. මේ නිවසේ ඇති වීදුරුවල චීපයක් තියෙනවා, ඒවා හිස් වෙන කොට ඒ බව ඒ කටයුත්ත බාරව ඉන්න සේවකයාට ඉබේම ඒ බව දන්වනවා.

කෝන්ෆ්ලේක් සමාගම මේ නිවස තැනීම සඳහා ලොව පුරා අධි තාක්ෂණික උපකරණ තනන විවිධ නිෂ්පාදන සමාගම් රැසක් හවුල් කර ගෙන තියෙනවා.

මේ විස්මිත අනාගත නිවාස ආදර්ශනය බවට පත් කරලා තියෙන්නෙ ලන්ඩන් නගරයේ ටොටෙන්හැම් කෝට් පාරෙ නිවසක්. මේ විස්මිත පහසුකම් තමන්ගේ නිවසටත් ලබා ගන්න කැමති වර්තමානයේ සිටිමින් අනාගතයට යන්න කැමති ධනවතුන්ට ඔවුන් ආරාධනය කරනවා මේ නිවස බලන්න එන්න.

සමාගම බලාපොරොත්තු වෙන්නේ මේවායේ ගැනුම්කරුවන් වශයෙන් ලොව පුරා වෙසෙන ධනකුවේරයන්. මැද පෙරදිග ධනකුවේරයන්, ධනවත් හා සුඛෝපභෝගී ජීවන රටාවකට කැමති ව්‍යාපාරික ප‍්‍රජාවත්, සුප‍්‍රකට සිනමා තරු ආදීනුත් මේකට ආකර්ෂණය වේවි යැයි ඔවුන් විශ්වාස කරනවා.

ලොව අති නවීතම මෙවලම් රැසක් සවි කළ මේ නිවස මහල් දෙකකින් යුක්තයි.

මෙම නිවස තුළ ආලෝකය, ශබ්දය හා තාපය පාලනය කරන්නේ අයි පෑඞ් එකක් මගින්. ඒ අයි පැඞ් එක තැන්පත් කරන්නත් වෙන ම සුවිශේෂ කුටියක් තියෙනවා. එහි සිට අධි තාක්ෂණික මෙවලම් මෙහෙයවන්නත් පුළුවන්.

හිරු බැස ගෙන යත් ම ඉබේම ජනෙල් තිර වැටෙනවා. අඳුරු වැටෙන බව දැන ගැනීමට පිටත සංවේදක සවි කරල තියෙනවා. ඒ වගේ ම ඔබ චිත‍්‍රපටයක් බලන්න සිතා තේරීමක් කළොත් ගේ ඇතුළත ඇති සිනමා ශාලාව සකි‍්‍රය වී ඊට සුදුසු මට්ටමට කාමරය අඳුරු වීමත් ඉබේට ම සිදුවෙනවා.

මෙහි ඇති ආරක්ෂාව නම් උපරිමයි. මෙහි ඇති පරිගණක පද්ධතිය ඔබේ හැසිරීම් රටාව නිරීක්ෂණය කර ඒ අනුව ගෙදර ජනෙල් ආදියෙහි තිර අරින වහන වේලාවන් ආලෝකමත් කිරීම් ඔබ නැති විටත් ඒ අයුරින් ම කරමින් ඔබ බැහැර ගිය බව සොර සතුරන්ට නොදැනෙන්නට කටයුතු කරාවි.

මේ නිවසේ කුස්සියෙහි තමා ලෝකයේ ප‍්‍රථම ‘අයි-කොෆි මැෂිම’ (i-coffee machine) සවි කර ඇත්තේ. එයට පුළුවන් තත්පර 45ක් ඇතුළත උණු උණු කෝපි එකක් ඔබට ලබා දෙන්න, ඔබ පි‍්‍රය කරන රසයට ඒ අයුරින්ම. මේ කෝපි තනන යන්ත‍්‍රය මුලින් සැලසුම් කළේ සුපිරි යොට් යාත‍්‍රාවලට සවි කරන්නයි.

ඔබේ අයි පෑඩය කි‍්‍රයාත්මක කර ලබා හැකි තවත් දේ මෙහි තියෙනවා. මෙහි ශීතල කොටසෙන් සිසිල් බීම ආදී වෙනත් බීම වර්ගත් ඒ මගින් ලබා ගත හැකියි. ඒ කොටසේ ඔබට දැක ගත්තේ ඒවා ලබා ගත හැකි කෙමිය පමණයි.

බොත්තමත් තද කරන පමාවකින් ඔබට තේ, උණු චොකලට්, අලූත් ම දොඩම් යුෂ, ශීතල කළ ජලය විතරක් නොවෙයි, කෑම පිසීමට අවශ්‍ය උතුරන වතුරත් ලබා ගන්න පුළුවන්.

මේ කෝන්ෆ්ලෙක් නිවාසයේ කුස්සිය තරම් නවීන තාක්ෂණය යොදා ගත් කුස්සියක් තවත් නැහැ. මෙහි ඇත්තේ ඞී ඩයට්රිජ් පියානෝ හබ් (De Dietrich’s piano hob) නම් පේ‍්‍රරණ ගිනි තැටියක්. සාම්ප‍්‍රදායික ලිප් වෙනුවට මෙය කුස්සියේ කෑම පිසින මේසයට සවි කෙරනවා. ඒ මත ඕනෑම තැනක තබා ඕනෑ දෙයක් පිස ගන්න පුළුවන්.

අමතක වීමකින් බඳුනක් රත්වී ඒ තුළ වූ වතුර වාෂ්ප වී සිදු වෙන හදිය වසර ගණනාවක් තිස්සේ ඔබට වද දුන් ප‍්‍රශ්නයක් වුනත් නව ගිනි තැටිය එහෙම දෙයක් වෙන්න කලින් නිවෙනවා. ඒ විතරක් නොවෙයි කෑම පිසී ඉවර වුණාම ඒ බව දන්වා ඔබ ඇති අයි පෑඞ් එකට පණිවිඩයක් එවන්නත් එයට පුළුවන්.

මෙහි උදුනෙහි විශේෂත්වය එයට ස්වයං පිසීමත්, ස්වයං පිරිසිදු කිරීමත් කළ හැකි වීමයි. කෑම පිස අවසන් වුණාම ඒ බව ඔබට දන්වන ගමන් ලිප නිවා දැමීම එයට තනිවම කළ හැකියි.

මේ මත ඇති මතුපිට ග්රැනයිට්වල පෙනුම දුන්නත් නිමවා ඇත්තේ ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි කඩදාසි විශේෂයකින්. එහි වර්ග අඩියක් පවුම් 250ක් විතර වෙනවා.

මෙහි බිම් මහලේ ජනේල නැහැ. එහි ඇති බිත්තියට කවා ඇති ‘එල්ඊඞී ග්රෝ ලයිට්’ ධාරා මගින් පැළෑටිවලට ජීවත් වීමට අවශ්‍ය ආලෝකය සපයනවා. ඔබ ගෙදර නැති විටෙක ඉන්න තැනක සිට ටෙලිෆෝනයෙන් ඒවාට වතුර දමන්නත් ඔබට පුළුවන්.

මෙහි නිර්මාතෘ එම ආයතනයේ අධ්‍යක්ෂ ගැරී ලූවිස් (Gary Lewis) කියන්නේ මේ සඳහා ආකර්ෂණය කර ගත හැකි අය අතර රුසියානු හා චීන ධනකුවේරයන් ද ඉන්නා බවයි.

 
මේ ඒ කෝන්ෆ්ලේක් නිවසෙහි ආලින්දයේ කොටසක්. බීම හලක් ලෙස සකසා ඇති මෙහිදිත් බොත්තමක් තද කළ විට බිත්තියෙන් රූපවාහිනී තිරයක් මතුකර ගත හැකියි. මෙය මෙහෙයවන්නේ අයි පෑඞ්

 
කෝන්ෆ්ලේක් නිවසෙහි ආලින්දයේ කොටසක වූ මේ බීම හලෙහි මේ අධි තාක්ෂණික මේසය මත ‘ෆ්ලැට් ෆ්‍රොග්’ තිරයක් තියෙනවා. මෙහි වාඩි වන අයට මේ පරිගණක තිරය එක විට පාවිච්චි කළ හැකියි. මෙහි කරන දේ බිත්තියේ ඇති තිරයේ දැක ගත හැකියි.

 
මේ අධි තාක්ෂණික මේසයේ ඇති ‘ෆ්ලැට් ෆ්‍රොග්’ තිරය ඔස්සේ ඒ මත තබන බීම වීදුරුවේ අඩියේ ඇති චිපය මගින් එහි ඇති බීම අඩු වෙන බව දන්වා අදාළ සේවකයාට එය නැවත පිරවීමට පණිවිඩයක් ඉබේම යැවෙනවා.

 
මේ නිවසේ කුස්සියෙහි තමා ලෝකයේ ප‍්‍රථම ‘අයි-කොෆි මැෂිම’ (i-coffee machine) සවි කර ඇත්තේ. එයට පුළුවන් තත්පර 45ක් ඇතුළත උණු උණු කෝපි එකක් ඔබට ලබා දෙන්න, ඔබ පි‍්‍රය කරන රසයට ඒ අයුරින්ම.

 
මේ කෝන්ෆ්ලේක් අනාගත නිවසෙහි සියලූ කටයුතු පාලනය කෙරෙන්නේ ‘අයි පෑඞ්’ මගින්.

 
මෙහි බිම් මහලේ ජනේල නැහැ. එහි ඇති බිත්තියට කවා ඇති ‘එල්ඊඞී ග්රෝ ලයිට්’ ආලෝක ධාරා මගින් පැළෑටිවලට ජීවත් වීමට අවශ්‍ය ආලෝකය සපයනවා. ඔබ ගෙදර නැති විට ඉන්න තැනක සිට ටෙලිෆෝනයෙන් ඒවාට වතුර දමන්නත් ඔබට පුළුවන්.

 
මේ කෝන්ෆ්ලේක්හී නිර්මාතෘ ගැරී ලූවිස් (Gary Lewis) අයි පෑඞ් එකකින් මීටර් හතරේ තිරය සහිත රූපවාහිනිය හසුරුවන අයුරු. මේ නිවසෙහි තැනින් තැන බිත්තිය තුළින් ඔබට රූපවාහිනී තිර මතුකර ගන්න පුළුවන්.

 
මේ එහි අයි පෑඞ් හෝ අයි ෆෝන් රඳවනයයි. තාක්ෂණය අලූත් වෙන විගස ම මේ කෝන්ෆ්ලේක් ආදර්ශ නිවසේ ඒවා සවි කෙරෙනවා. ගැනුම්කරුවන්ට ලෝකයේ නවතම අධි තාක්ෂණික මෙවලම් කි‍්‍රයා කරවන හැටි මෙහි දී දැක ගන්න පුළුවන්, තමන්ගේ නිවස සවි කර ගන්නට පෙර.

 
කෝන්ෆ්ලේක් ආයතනයේ අධ්‍යක්ෂ ගැරී ලූවිස් එහි සිනමා කාමරයේ චුම්බක බිත්ති ඇතුරුමක් අලවා පෙන්වන අයුරු. මේ ආකාරයට ඇතුරුම් වෙනස් කර ඇතුළත විලාසය තමා කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්. මේ බිත්ති ඇතුරුම් වර්ග මීටරයක් පවුම් 99ක් පමණයි.

 
මේ කෝන්ෆ්ලේක් නිවාසයේ කුස්සියට අධි තාක්ෂණික උදුනක් යොදා ගෙන තියෙන්නේ. මෙහි සවි කර ඇත්තේ ඞී ඩයට්රිජ් පියානෝ හබ් (De Dietrich’s piano hob) නම් පේ‍්‍රරණ ගිනි තැටියක්. එහි කිසි විටෙක බඳුනක් රොස් වෙන්නේ නෑ. ඉබේම සියල්ල පාලනය කර ගන්න එයට පුළුවන්.

 
මේ කොන්ෆ්ලේක් නිවාසයේ අමුත්තන් පිළිගන්නා කොටස. මේ මුළු නිවසෙහි ආරක්ෂාව සඳහා ‘හෝලෝග්රෑම්‘ ආරක්ෂකයෙක් සුනඛයකු සමග නිරන්තරයෙන්ම මුර සංචාරයෙහි යෙදෙනු දකින්න පුළුවන්.

 
මෙහි සාලයේ ඇති උණුසුම් උදුනට ඉන්ධන දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහි දැවෙන්නේ එතනෝල්. පසුබිමේ ඇති ජනේලවලට යොදා ඇත්තේ ‘ඇම්බෙක්ස් ලයිටිං’ ආලෝක ක‍්‍රමයයි. මෙහි ඇති එල්ඊඞී ආලෝකය වෙනස් වෙනවා සිනමාවේ ශබ්ද හා රූප අනුව.

 
මේ ගැරී ලූවිස් පරීක්ෂා කරන්නේ කෝන්ෆ්ලේක් නිවසේ පාලක කුටියේ ඇති අධි තාක්ෂණික උපකරණයි. මෙහි ඇති පරිගණක පද්ධතිය නිවසේ සියල්ල ඉටු කර දෙනවා. ඒ කටයුතු සියල්ල අයි පෑඞ් මගින් නිවසේ ඕනෑම තැනක සිට පාලනය කළ හැකියි.




Post a Comment

0 Comments