HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘ස්ටාර් ටෙ‍්‍රක්’ සිහිනය සැබෑ වෙයි! ඔබේ සිරුරේ ලෙඩ හොයන්න විස්මිත මෙවලමක් එයි!

‘ස්ටාර් ටෙ‍්‍රක්’ ටෙලිවිෂන් චිත‍්‍රපට මාලාව ඔබට මතකද? ඒ චිත‍්‍රපටයේ කපිතාන් ස්කොට්ගේ අතේ අමුතු ගැජට් එකක් තිබුණා, ‘ට‍්‍රයිකෝඩර්’ (tricorder) කියලා. ඒක වෛද්‍ය උපකරණයක්. තත්පර ගානක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය කියා දෙන උපකරණයක්. දැන් ඒ උපකරණය ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි සමාගමක් විසින් සැබෑවට ම තනා තියෙනවා.

ස්කෑනඩු ස්කවුට් (Scanadu Scout) කියා නම් කර ඇති අතේ ගෙන යා හැකි මේ උපකරණයට ඔබේ හෘද ස්පන්දනය, උෂ්ණත්වය, රුධිරයේ ඔක්සිජන් මට්ටම, ශ්වසන වේගය, රුධිර පීඩනය, ඊසීජී හා මානසික ආතතිය ආදී සිරුරේ නොයෙකුත් පරීක්ෂාවන් එක මොහොතක් ඇතුළත ලබා දෙන්න පුළුවන්.

ඒ උපකරණය ඔබේ නළල මත තැබුවාම එහි ඇති ‘බ්ලූටූත්’ එක මගින් තත්පර දහයක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය ගැන අවශ්‍ය වෛද්‍ය තොරතුරු ඔබේ ස්මාට් ෆෝන් එකට එවන්න එයට පුළුවන්. එහි ඇති ඉසියුම් සංවේදක පෙළක් හා ස්කෑන් කළ හැකි කැමරාවක් තමයි, කටයුත්ත කරන්නේ.

 
ස්කෑනඩු ස්කවුට් නම් මේ වෛද්‍ය ති‍්‍රකෝඩරය මගින් ඔබේ හද ගැස්ම, උෂ්ණත්වය, රුධිරයේ ඔක්සිජන් මට්ටම, ශ්වසන වේගය, රුධිර පීඩනය, ඊසීජී හා මානසික ආතතිය ආදී සියල්ල තත්පර දහයක් ඇතුළත ලබා ගන්න පුළුවන්.

 
‘ස්ටාර් ටෙ‍්‍රක්’ ටෙලිවිෂන් චිත‍්‍රපටවල ආ ‘ට‍්‍රයිකෝඩර් ප්‍රොප්’ නම් උපකරණය මෙයයි. ඇමරිකාවේ පර්යේෂකයන් පිරිසක් මෙය සැබෑවක් කර තියෙනවා.

මේ උපකරණයට කලින් ලබා ගත් දත්ත ගබඩා කර තබා ගෙන සිරුරේ සිදුවන ඉතා වැදගත් වූ වෙනස්කම් රෝගීනට පෙන්වා දීමටත් හැකියාව තියෙනවා.

”මේ උපකරණය ඔබේ සිරුරේ අලූත් ම තත්වය පෙන්වන දත්ත ඔබේ අතට ම එසැණ ලබා දෙනවා. ඔබට තියෙන්නේ ඒවා ඔබේ වෛද්‍යවරයාට හෝ අදාළ වෙනත් අයට හෝ ලබා දී ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සාකච්ඡුා කර අවශ්‍ය පියවර ගැනීමයි. මෙය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයේ නව මානයක් ඇති කළ හැකි නිර්මාණයක්.” මේ උපකරණය හඳුන්වා දෙමින් එම සමාගම කියනවා.

මේ උපකරණය ඇන්ඩ්‍රොයිඞ් (Android) හා අයි ඕඑස් (iOS) මාදිලිවලින් නිකුත් වෙනවා. මෙහි ඇත්තේ බ්ලූටූත් (Bluetooth 4.0) මාදිලි 4.0යි.

මෙමගින් ලබා ගන්නා තොරතුරු ඔබේ වෛද්‍යවරයාට හෝ හිතවතුනට ටෙලිෆෝනය හරහා එසැණ ලබා දිය හැකියි.

ති‍්‍රකෝඩරය භාවිත කරන්නේ මයික්‍රෝ-යූඑස්බී අනුකූලකයක් නිසා යූඑස්බී පෝට් එකකට සම්බන්ධ කර පැයකටත් අඩු කාලයකදී බැටරිය චාජ් කර ගන්න පුළුවන්.

වරක් ආරෝපණය කර ගත් පසු බැටරියක් සතියක පමණ කාලයක් පාවිච්චි කළ හැකියි.

ස්කෑනඩු ස්කවුට් ති‍්‍රකෝඩරය වෙළඳ පොළට එවන්න කලින් තවත් අත්හදා බැලීම් හා පරීක්ෂණ කීපයක් කර වැඩි දියුණු තත්වයකින් මහජනයා අතට පත් කරන්නටයි, ආයතනයේ බලාපොරොත්තු වන්නේ. එයින් පසු ඇමරිකානු ෆෙඩරල් ඖෂධ පරිපාලන අධිකාරියට ඉදිරිපත් කොට අනුමැතිය ලැබුණ පසුවයි, වෙළෙඳ පොළට යවන්නේ.

 
මෙය ඔබේ නළල මත තැබුවාම එහි ඇති ‘බ්ලූටූත්’ එක මගින් තත්පර දහයක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය ගැන අවශ්‍ය වෛද්‍ය තොරතුරු කෙළින් ම ඔබේ ස්මාට් ෆෝන් එකට ලබා ගත හැකියි.

දැනටමත් ලොව පුරා විශාල ඉල්ලූමක් මේ ති‍්‍රකෝඩරයට ලැබී තිබෙනවා. මේ නව උපකරණය නිපදවීමට අවශ්‍ය මහජන අරමුදල් බලාපොරොත්තුව අන්තර්ජාලය හරහා මේ පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ දී දෙපැයක් ඇතුළත ඒ සඳහා අවශ්‍ය අරමුදල එක්රැුස් කර ගැනීමට ආයතනයට හැකි වුණා.

”අපට හරිම සතුටුයි මේ වන මේ නව නිපැයුම සඳහා ලැබුණු ප‍්‍රතිචාර ගැන. දිනපතා මාපියන්ගෙන්, රෝගීන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, පර්යේෂකයන්ගෙන් මේ නිපැයුම වෙළඳ පොළට එන්නේ කවදාදැයි අසා.” ස්කෑන්ඩූ ආයතනයේ ආරම්භක හා එහි ප‍්‍රධාන විධායක නිලධාරි වෝල්ටර් ද බ්‍රෝවර් කියනවා.

”දැනට කරන වෙනස්කම්වලින් පසු නිර්මාණය කෙරෙන නවෝපාදනය වෙළඳ පොළට යැවීමට අප බලාපොරොත්තු වෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. 

ස්කෑනඩු ස්කවුට් ති‍්‍රකෝඩරය සැලසුම් කර නිෂ්පදනය කළේ ස්කෑනඩු ඉන්කෝපරේෂන් ආයතනයයි. එය පිහිටුවා ඇත්තේ කැලිෆෝනියාවේ මොෆෙට් ෆීල්ඞ්හී නාසා පර්යේෂණ උද්‍යානයේයි. අභ්‍යවකාශ කටයුතුවලට අවශ්‍ය නව නිපැයුම් සඳහා පර්යේෂණ කරන ආයතන ගණනාවක් එහි තියෙනවා. මේ ස්කෑනඩු ඉන්කෝපරේෂන් ආයතනයත් ඉන් එකක්.

 
මේ කුඩා උපකරණය නළල මත තත්පර දහයක් ඇතුළත ඔබේ සිරුර පිළිබඳ තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්.

මේ නවෝත්පාදනයට යොදා ගෙන ඇත්තේ නාසා ආයතනය අඟහරු ග‍්‍රහයා වෙත යැවූ කියුර්යෝසිටි රෝවරයේ භාවිත කරන සාම්පල විශ්ලේෂණයට යොදා ගත් පරිගණක මෘදුකාංගය මත තැනූ නව මෘදුකාංගයක්.

මේ නිපැයුම කළ විද්‍යාඥ කණ්ඩායමට දත්ත විද්‍යාඥයන්, ගණිත විද්‍යාඥයන්, කේත විශේෂඥයන්, අණු ජීවී විද්‍යාඥයන්, යාන්ති‍්‍රක හා විදුලි ඉංජිනේරුවන් පමණඛ් නොව ජෛවභෞතික විද්‍යාඥයන් ආදී විශේෂඥයන් මහත් රාශියක් ඇතුළත් වෙනවා.

”මේ නව මෙවලම මිනිසුනට ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ පැහැදිලි විස්තරයක් ලබා ගන්නට ඉඩ සලසනවා පමණක් නොව වෙනදා නොවූ විරූ ආකාරයට වෛද්‍යවරයා සමග කටයුතු කරන්නටත් ඉඩ සලසනවා. ඇත්තෙන් ම මෙය හරියට වෛද්‍යවරයකු ඔබේ අතේ ඉන්නවා වාගෙයි. වෛද්‍ය ප‍්‍රතිකාරය සඳහා නිර්මාණය කළ මෙවැනි විස්මිත උපකරණයක් තවත් නැහැ. මෙය ඔබේ පාවිච්චියට ආවාම ඔබට ඒ බව පසක් වේවි.” ඒ විශේෂඥයන් පවසනවා.

 
ස්කෑනඩු ස්කවුට් ති‍්‍රකෝඩරය නම් වූ මේ නිපැයුම කළ විද්‍යාඥ කණ්ඩායමට පරිගණක විශේෂඥයන්, දත්ත විද්‍යාඥයන්, ගණිත විද්‍යාඥයන්, කේත විශේෂඥයන්, අණු ජීවී විද්‍යාඥයන්, යාන්ති‍්‍රක හා විදුලි ඉංජිනේරුවන් පමණක් නොව ජෛවභෞතික විද්‍යාඥයන් ආදී විශේෂඥයන් මහත් රාශියක් ඇතුළත් වෙනවා.

 
මේ නව මෙවලම පාවිච්චි කරන දෙදෙනෙක්.




Post a Comment

0 Comments