HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිකුරු, බ‍්‍රහස්පතී හා බුද යන ග‍්‍රහයන් තුන්දෙනා තුන් කොන්ව පිහිටන අවස්ථාවක්!

හිරු බැසීම ඉතාමත් සිත්කළු දසුනක් මවන්නක්. රත් හා රඹ පැහැති වලාකුළු මවන සිත්තම මෙම දසුන වඩාත් විචිත‍්‍රවත් කරනවා. කෙමෙන් අඳුර වැටෙද්දී තරු එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. රාති‍්‍ර අහස දෙස බලා සිටින්නට කැමති අය මේ දසුනෙන් උද්දාමයට පත් වෙනවා.

ඒ අයට සුවිශේෂ හැන්දෑවක් මැයි 26 වැනිදා උදා වෙනවා කියා නාසා ආයතනය කියනවා. රාති‍්‍ර අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මේ දසුන ඔබට නරඹන්න පුළුවන්. සිකුරු, බ‍්‍රහස්පතී හා බුද යන ග‍්‍රහයන් තුන්දෙනා තුන් කොන්ව පිහිටන අවස්ථාවක් ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්. පියවි ඇසට වුනත් මේ ති‍්‍රකෝණාකාර පිහිටීම දැක ගන්න පුළුවන්.

ඒ පිළිබඳව විස්තර කෙරෙන පහත සඳහන් වීඩියෝවෙන් ඔබට වැඩිමනත් විස්තර දැනගත හැකියි.

 

මේ දිනවලත් සිකුරු ඇතුළු ග‍්‍රහයන් තුන්දෙනා බටහිර අහසේ දැක ගත හැකියි. මේ ආකාරයේ ග‍්‍රහයන් ති‍්‍රකෝණාකාරව පිහිටන අවස්ථා විරලයි. මේ වගේ අවස්ථාවක් අන්තිමට එළඹුණේ 2011 මැයි මාසයේදියි. 2015 ඔක්තෝබර් වන තෙක් නැවත මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.

මෙවර මේ ග‍්‍රහයන් තුන් දෙනා ති‍්‍රකෝණාකාරව පිහිටි සේ පෙනෙන්නට පටන් ගන්නේ මැයි 23 වැනිදා සිටයි. ඒ අතරින් වඩාත් ලොකු ග‍්‍රහයා බ‍්‍රහස්පතී වුනත් වඩාත් දීප්තිමත්ව පෙනෙන්නේ සිකුරුයි. එය අඳුර වැටෙන්නට පෙර පටන් පෙනෙන්න පටන් ගන්නවා.

ඒ නිසා සිකුරු ග‍්‍රහයා මුල් කර ගෙන බලද්දී අහස කෙමෙන් අඳුරු වන විට අනෙක් ග‍්‍රහයන් දෙදෙනා යම්තම් දීප්තිමත්ව දැක ගත හැකියි. හැබැයි මේ දුලබ දසුන දකින්න නම් අහස වලාකුළුවලින් තොරව තියෙන්න ඕනෑ.

මේ ග‍්‍රහයන් තිදෙනා විශාලත්ව අනුපාතය අනුව මෙහෙමයි.



Post a Comment

0 Comments