ලෑස්ති වෙන්න! අමුතුම අමුතු රියකින් ගමනක් යන්න! අනාගත විද්‍යා ප්‍රබන්ධ කතාවක් කාරෙකක් වගෙයි! මල්කැකුළු මේක ඇස් අදහන්න බැරි තරම් දෙයක්! විශේෂයෙන් තැනූ මෝටර් රථයක්. මේක ඇනවුම් කරලා තියෙන්නේ විවිධ මාදිලියේ නවීන මෝටර් රථ ගණනාවක හිමිකරුවෙක්. ඔහු මේ සඳහා වැය කරන මුදල පවුම් 75,000යි. කලින් ‘මල් කැකුළු’වලින් පෙන්නූ පෝෂේ 911 මාදිලියත් අලෙවි කළේ මේ මිලටමයි. මේ අනාගතවාදී මෝටර් රථය සැලසුම් කර නිර්මාණය කර ඇත්තේ ‘කිට් කා මයික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නව මෝටර් රථ සැලසුම්වලට ...
ලෝකයේ කුඩා ම ටෙලිෆෝනය දැන් ජපානයේ! මල්කැකුළු ඒක කුඩා දරුවන්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. පසුගියදා ජපානයේදී හඳුන්වා දෙනු ලැබූ මේ ටෙලිෆෝනය ලෝකයේ ඇති කුඩා ම ෆෝනය ලෙසයි, එය වෙළඳ පොළට හඳුන්වා දෙන විල්කොම් සමාගම කියන්නේ. දිග පළල කියන්න වෙන්නේ මිලිමීටර්වලින්. මිලිමීටර් 32×70×10.7 යි. බර ග්‍රෑම් 32යි. අයිෆෝනයේ බරෙන් කාලකටත් අඩුයි. මෙහි ඇති වර්ණවත් තිරය සාදා ඇත්තේ ඕඑල්ඊඞී (OLED) ක්‍රමයටයි. සාමාන්‍යයෙන් අත් ඔරලෝසුවල මේ ප්‍රමාණයේ තිර තියෙනවා. හඬ වඩා ...
නොපෙනී යන ඇඳුමක් තැනිය හැකි නූල් විශේෂයක් නිපදවයි! එයින් ඕනෑම දෙයක් නොපෙනී යන්නට සැලැස්විය හැකියි! මල්කැකුළු ඊයේ ඔබට අපි "හැරී පොටර් වාගේ ඇත්තටම නොපෙනී යන්න දැන් පුළුවන්!" මගින් නවකතාවේ හා චිත්‍රපටයේ ආ ‘අදිසි’ ලෝගුව සැබැවින්ම තැනූ පුවතක් ඔබ වෙත ගෙනාවා. මේ තවත් එවැනි නිර්මාණ කීපයක් ගැනයි. ඇමරිකාවේ ඩලාස්හී ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු හැරි පොටර් චිත්‍රපට කතා මාලාවේ එන අදිසි ලෝගුව වැනි දෙයක් නිර්මාණය කරල තියෙනවා. ඒක මිලදී ගන්න හොග්වාට්ස් වෙළඳසැල සොයා යන්න ඕනෑ නෑ.චිත්‍රපටයේ ආ ...
ඩ්රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන්ගේ අබිරහස, මිථ්‍යා කතාවල ඇත්ත නැත්ත : ලෝකයේ නොවිසඳුණු අබිරහස් මල්කැකුළු අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති සමහර අබිරහස් විසඳීමට විද්‍යාවට හැකිවී නැහැ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවන්නේ නැහැ. සමහර දේ ගැන විද්‍යාත්මකව විග්රහ කරන්නට තැත් කළත් ඒවා ද එතරම් සාර්ථකවී නැහැ. දිනෙන් දින මෙම අබිරහස් ගැන තොරතුරු හෙළිදරව් වෙනවා. ඒවා ගැන ...
තරුවක් කෑමට ගන්නා තරුවක් : විස්මිත සොයා ගැනීම් මල්කැකුළු තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ පින්තූරවලින් දක්වෙන්නේ ඒ අවස්ථා කීපයක්. තරුවක් තවත් තරුවකින් පෝෂණය වෙනවා දැක්වෙන පැහැදිලි පින්තූර පෙළක් පළ වූ මුල් ම වතාව මෙයයි.මේ තරු දෙක එකිනෙකට සැතැපුම් මිලියන 92ක් ...
2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් වඩා දීප්තිමත් වල්ගා තරුවක්! මල්කැකුළු මේ සියවසේ පායන දීප්තිමත් ම ධූම කේතුව මෙයයි. රුසියානු තාරකා විද්‍යාඥයන් දෙදෙනකුගේ සොයා ගැනීමක්.‘අයිසන්’ නමින් හඳුන්වා ඇති මේ ධූම කේතුව දහවල් කාලයේ දීත් අහසේ දීප්තිමත්ව පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් කියනවා. මෙය මෙතෙක් දක්නට ලැබුණු දීප්තිමත්ම වල්ගාතරුව වනු ඇති. පළමු වතාවට සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළතින් ගමන් කරන එය මේ වසර අග නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී උතුරු අර්ධගෝලයේ අහසෙහි දීප්තිමත් ම දර්ශනය මවමින් ...
වසර 100කට මෙහා සිදු විය හැකි විස්මිත දේ - විද්‍යාව කියන ආශ්චර්යමත් අනාවැකි! මල්කැකුළු ‘තව වසර 30ක් විතර යන විට මිනිසාට හැකි වේවි සම්පූර්ණ මොළයම උත්පතනය (upload) කරන්න. ඒ වගේ ම මිනිසාට ඩිජිටල් ක්‍රමයට අමරණීය වෙන්නත් ඒ වන විට හැකි වේවි.’ මෙහෙම කියන්නේ ගූගල් ආයතනයේ විද්‍යාඥයෙක්. ඔහු නමින් රේ කුර්ශ්වීල්. (Ray Kurzweil) ඔහු තමයි, ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්යක්ෂ වරයා. රේ කියන විධියට අපේ සිරුරේ හැම කොටසක් වෙනුවට යාන්ති‍්‍රකව තනන කොටස් අනාගතයේදී එක් කළ ...
අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’! මල්කැකුළු අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ යානය නැතිනම් රෝවරය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගනිමින් සිටිනවා. දත්ත ලබා ගන්නා අතරතුරේ ඡායාරූප ගැනීමත් සිදුවෙන බව වාර්තා වෙනවා. මෙසේ ගත් ඡායාරූප කිහිපයක දකින්න ලැබුණු ‘අබිරහස් ආලෝකයක්’ සහ ‘සපත්තුවක්’ නිසා යළිත් වරක් මහා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.පසුගිය අගෝස්තු 6 ...
ලෝකාවසානය ඇත්තට ම සිදුවෙනවා! හිරුගේ උෂ්ණත්වය වැඩි වෙලා මිහිමත ජීවය පිච්චිලා යනවා! මල්කැකුළු ලෝකාවසානය බොරුවක් නෙවෙයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන්ම උදා වෙන්නේ නැහැ. මිහිමත ජීවය අඩු තරමින් තවත් අවුරුදු බිලියන 1.75ක් වත් පවතීවි. සමහර විට බිලියන 3.5 වගේ කාලයක් නොනැසී පවතින්න ඉඩ තියෙනවා. ඒ කාලයෙන් පසු සූර්යයා කොයිතරම් තාපයෙන් වැඩිවෙනවාදැයි කීවොත් මේ මිහිපිට කිසිම ජීවියකුට ජීවත් වෙන්න බැරි වේවි කියලයි විද්‍යාඥයන් විශ්වාසය කරන්නෙ.හිරුගේ දැන් පවතින උෂ්ණත්වයට ගැළපෙන නියම දුරින් තමයි, ...
ලෝක ඉතිහාසයේ මෙතෙක් හොඳම කී‍්‍රඩා කණ්ඩායම් 10 අතරට ශී‍්‍ර ලංකාවත්! මල්කැකුළු එක්සත් රාජධානියේ ඬේලි මේල් පුවත්පත විසින් කී‍්‍රඩාවට අදාළ ව ලෝක ඉතිහාසයේ වඩාත් ආකර්ශනීය වූත් විනෝදාස්වාදය සැපයූ කී‍්‍රඩක කණ්ඩායම් 50 (2010 වන තෙක්) තෝරා ප්‍රකාශයට පත් කළා.ඔවුන් විශේෂඥ කී‍්‍රඩා විචාරකයා වූ ටොම් බෙල්වුඞ් තමයි, හඳුන්වා දීමේ අදහස් දැක්වීම් සමග ඒවා ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කළේ. ”මෙම තෝරා ගැනීමේ දී වඩාත් වැදගත් වුණේ ඔවුන් තරඟ කළ ආකර්ශනීය විලාසයත් කෙසේ හෝ ජයග්‍රහණය අත්පත් ...
සුපර්සොනික් ගුවන්ගමන් යළිත්! අනාගත අධිවේගී ගුවන් යානා කෙබඳු වේද? මල්කැකුළු 1960 ගණන්වල දී පෙනී ගියේ අනාගතයේ සියලූ ගුවන්ගමන් සුපර්සොනික් ක්‍රමයෙන්ම සිදු වේවි කියායි. ඒත් 2003 දී කොන්කෝඞ් සුපර්සොනික් ගුවන්යානය අවසන් ගමනේ යෙදුනා. දැන් ඒ තරම් වේගයෙන් යන මගී යානා භාවිතයේ නැහැ.එහෙත් අධිවේගී ගුවන්ගමන් ගැන ඇති බලාපොරොත්තු දැන් යළිත් දැල්වෙන්න පටන් අරන්. ඒ සමාගම් ගණනාවක් අනාගත අධිවේගී ගුවන්ගමන් සඳහා යොදා ගත හැකි නව සංකල්ප කීපයක් ඉදිරිපත් කර ඇති නිසයි.ඒවා දැනටමත් ඇමරිකාවේ ...
පිඟන් සෝදන වදේට ආයුබෝවන් කියන්න මඟක් පෑදේ! නෙළුම් මලෙන් උපන් නව ක්‍රමයක්! මල්කැකුළු ස්වීඩනයේ සැලසුම්කරුවන් විසඳුමක් සොයා ගෙන තියෙනවා, පිඟන් ආදිය සේදීමේ මෙතෙක් පැවති වදය නවතා දමන්නට. මේ නව ක්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. තවත් විධියකින් කීවොත් ඒවාට කුණු අල්ලන්නෙ නැහැ.මේ පිඟන්වලට නව තාක්ෂණයෙන් සොයා ගත් දව්‍යයක් ආලේප කරනවා. එවිට ඒවාට කුණුවත් ජලයවත් අල්ලන්නේ නැහැ. ආහාර ඇලෙන්නේ නැහැ. කෑම කෑ පසු පිඟානේ ඉතිරිවන දේ වතුරට අල්ලපු ගමන් ම ඉවත් වෙනවා. ...
පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති! මල්කැකුළු ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව ...
අන්තර්ජාලය හරහා ඔබේ මිතුරන් මවිත කරමින් සංවාදයේ යෙදෙන්න අලූත් ම ක්‍රමය මෙන්න! මල්කැකුළු අලූත් පරිගණක වැඩසටහනක් එනවා, ඒ මගින් ස්කයිප් කරන අතර ඔබේ මිතුරන් මවිත කරවන්න පුළුවන්! මෙසේ මවිත කරවන්නේ විස්මිත වෙස්වලා ගැනීමක් මගින්. ඒ පරිගණක වැඩ සටහන හරහා සකයිප් කරන ඔබට රතු පැන්ඩාවකුගේ පටන් අං ඇති යක්ෂයකු දක්වා පරිගණක කී‍්‍රඩාවල හෝ ටෙලිවිශන්, සිනමා ආදියෙහි එන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී ඔබේ මිතුරා විස්මයට පත් කරමින් කතා කළ හැකියි. ඒ ඔබ තෝරා ගන්නා ...
පසුගිය පෝදා ඇරඹුණු ලෝහිත සඳ ඇතුළත් ‘චතුෂ්කය’ ලෝක අවසානය ගැන ඉඟි කරන්නක්ද? මල්කැකුළු පසුගිය සිංහල අවුරුදු දා, එනම් අපේ‍්‍රල් 14දා, බක් පුරපසළොස්වක පෝදා, පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ඒ කියන්නේ හඳ රාහු ඇල්ලීමක් සිදු වුණා. ඒ විතරක් නොවෙයි, ඒ පුන් සඳ ලේ රත්පැහැ ගැන්වුණා. ඒ හඳ හැඳින්වෙන්නේ ලෝහිත සඳ (blood moon) කියලයි. මේක හරිම දුර්ලභ අවස්ථාවක්. මේ ආකාරයට ලෝහිත චන්ද්‍රග්‍රහණයක් සිදු වීම ඉදිරියේ දී සිවුවතාවක්ම සිදුවන නිසා එය හැඳින්වෙන්නේ චතුෂ්කයක් (Tretrad) කියායි. මෙය අනාගතයේ දී ...
ගල් අත් පොරව නිසා මානවයාගේ අත දැන් තියෙන තත්වයට දියුණු බව කියන අලූත් සොයා ගැනීමක්! මල්කැකුළු අලූතින් ම සොයා ගත් පොසිලයකින් මිනිස් අත අද පවත්නා විධියට පරිණාමය වූ අන්දම හෙළිදරවු කර ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා.මෑතක් වන තෙක් මෙය රහසක්ව පැවතුනා. අපේ මුතුන්මිත්තන්ගේ අත වර්තමානයේ පවත්නා ආකාරයට ආයුධ අල්ලා ගෙන හසුරුවන්නට හැකි වන අයුරින් කෙසේ දැයි පැහැදිලි කර ගන්න බැරිවයි විද්‍යාඥයන් සිටියේ. කෙසේවෙතත්, අලූතින් සොයා ගත් හස්ති ඇටයකින් පරිණාමයේ මෙතෙක් අපට අබිරහසක්ව පැවති කොටස සම්පූර්ණ කර ...
විස්මිත සොයා ගැනීමක්! අවුරුදු මිලියන 46ක් පැරණි ආහාර වේලක් හමුවෙයි! මල්කැකුළු මීට වසර කෝටි හතරකටත් එපිට කාලයක දී, මධ්‍ය ඉයෝසීන යුගයේ (Middle Eocene) දී, ඩයිනොසෝරයකුගේ යැයි සිතිය හැකි සතකුගේ ලේ උරා බිව් මොහොතේ දී මියගිය මදුරු පොසිලයක් විද්‍යාඥයන්ට හමු වී තියෙනවා. මෙය අතිශයින් විස්මයජනක සොයා ගැනීමක් ලෙසයි සැලකෙන්නේ.මේ පිළිබඳව පර්යේෂණය කරන විද්‍යාඥයන් මදුරුවා එදා උරා බිව් ආහාර වේල ගැන පිරික්සන්නට නව තාක්ෂණික ක්‍රමවේදයක් ද භාවිත කර තියෙනවා. කෘමීන් අනාදිමත් කාලයක සිට ...
ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ මල්කැකුළු ලෝක සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප්‍රංශ ජාතිකයෙකි. ඔහු නවකතාකරුවකු පමණක් නොව කවියකු, නාට්‍ය රචකයකු, ඔපෙරා රචකයකු, චිත්රශිල්පියකු, නිදහස් චින්තකයකු, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු මෙන් ම ප්‍රකට දේශපාලන චරිතයක් ද විය. වික්ටර් මාරී හියුගෝ නමින් 1802 පෙබරවාරි 26 වැනිදා ප්‍රංශයේ දී උපන් ඔහු කුඩා කල දස්කම් පෑවේ කවියකු ලෙසය. ඒ ප්‍රාථමික පාසල් සිසුවකුව සිටියදීය. ඔහු මුලින් ම ...
තවත් අපූරු අපි‍්‍රකානු මිතුරියන් දෙදෙනා : අපි‍්‍රකානු ජනකතා මල්කැකුළු එක් ගමක තරුණ මිතුරියෝ දෙනෙක් සිටියහ. දෙදෙනාම අඳින්නට කැමති එක විදියේ ඇඳුම්ය. කන්නට කැමැති එකම කෑම වර්ග ය. වතුර ගෙනෙන්නට ගියේ එකම වෙලාවට එකම ළිඳටය; එකටය.වෙන ගමන් බිමන් යන්නේත් එකටමය. ඒ යාළුකම තැන කවුරුත් නිතර කතා බහ කළහ. ගමේ අය සිතා සිටින තරම් ම පුදුම යාළුකමක් ඒ තරුණියන් දෙදෙනා අතර තිබෙන බව විශ්වාස කරන්නට කැමති නොවුණු තරුණයෙක් දිනක් මෙසේ කීය: ...
පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව මල්කැකුළු අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ වගේමයි ප්රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? ...