මැදියම පිපුණු කුසුමක් – 3 ස්නේහයේ නගරය << 2 කොටස මගේ යෙහෙලියන් කඩවසම් තරුණයෙකු හමු වූ විට පෙර නොවූ විරූ ලද බොළඳ කොමලියන් වනු මා බලා සිටියේ පුදුමයෙනි. මිනිත්තුවකට පෙර කොටස් වෙළඳපොල පිලිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරමින් සිටි එකියක් ඈ සිත්ගත් තරුණයෙකු එතනට පැමිණි විගස රතු වූ කොපුල් තල වලින්ද, අඩක් බිමට යොමා ගත් දෙනුවනින්ද යුතුව මහත් පරිවර්තනයකට ලක්වෙයි. කුමන හෝ හේතුවක් නිසා කිසිදු තරුණයෙකුට මා තුල එවන් ...
මැදියම පිපුණු කුසුමක් – 7 ස්නේහයේ නගරය << 6 කොටස කෙනෙක් තවෙකෙක් හා ප්‍රේමයෙන් බැඳෙන්නේ මන්ද? මේ පිළිතුරු දිය නොහැකි ප්රශ්නයකි. සුවිශේෂී බැල්මක්, ලබැඳි සිනහවක්, අනපේක්ෂිත ස්පර්ශයක්, හෝ සිත්ගත් වදනක්… මේ කුමක් හෝ නිමිති කරගෙන, තාර්කික ඥානයට හසු නොවෙන අපැහැදිලි හේතුවක් නිසා අපි ප්‍රේමයෙන් බැඳෙමු. සමහර විට, මොලයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම්, තහනම් නියෝග කිසිත් නොතකා හදවත ප්‍රේමයෙන් බැඳෙයි. ඉදින් ඒ පරදේශක්කාර තරුණ හේවායා සහ රජ කුමරිය ...
එය මෙසේ සිදු විය ස්නේහයේ නගරය ඇතු පිට රැඳවූ දෝලාවේ කව්ළුවෙන් අත එළියට යවා පසු කරගෙන යන ගසකින් කුමරිය වෙරළු ගෙඩියක් කඩා ගත්තේ කුසගිනි නිසා නම් නොවේ. සිය ඇතු අසලම ඊට මදක් ඉදිරියෙන් අසු පිට යන හේවායා දෙස ඇගේ නෙතු රැඳී තිබිණ. ග්‍රීස්ම ඍතුවේ දාහය නිසා ද, එකදිගට රෑ නිදි මැරීම නිසාද, තෙහෙට්ටුවට පත්ව සිටියද හේවායාට අසු පිටින් බැසීමට සිත් දුන්නේ [...] ...
මැදියම පිපුණු කුසුමක් – 6 ස්නේහයේ නගරය << 5 කොටස හිතවත් පාඨකයාණෙනි, එරික් කී කතාව ඔහුගේ වචනවලින්ම මෙහි සඳහන් කරන්නට නොයමි. ඒ කතාවේ විචිත්රත්වය ඔහු තරම් දක්ෂව සිතුවම් කරන්නට මට නොහැකි බැව් දන්නා බැවිනි. නමුත් දැන් මා කියා දක්වන්නට යන ඒ කතාන්තරයේ සංක්ෂිප්ත අනුවාදයෙන් ඔහුට යම් තරමකට හෝ සාධාරණයක් වේ යයි සිතමි. එසේ නම් පාඨකය, මවා ගන්න අදින් බොහෝ කලකට පෙර, ඉතිහාසය හිරි මල් යොවුන් වියේ පසුවෙද්දී, ...
ජේන් එයර්, ලිසී සහ මම ස්නේහයේ නගරය මම කියන්නේ කව්ද කියන එක මට හැමදාම තිබුන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ‘මට වෙන්ඩ ඕන කරන මම’ සහ ‘ස්වභාවික මම’ අතර මම දෝලනය උනා කිව්වොත් හරි. තමන්ගේ ස්වභාවයෙන් වෙනස් වෙන්ඩ හදන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම තමන්ව වෙනස් කරලා පෙන්නන්න හදන්නේ ඇයි කියන එකටත් මට උත්තරයක් නැහැ. මම දන්නේ මාත් එහෙම වෙනස් පුද්ගලයෙක් වෙන්ඩ හැදුව කියන එක විතරයි. මෙතැනදී ...
මැදියම පිපුණු කුසුමක් – 1 ස්නේහයේ නගරය මා මේ කියන්නට යන සිද්ධි දාමය අගක් මුලක් නැති හිතලුවක් ලෙසින් කෙනෙක්ට සිතෙන්ට පිළිවන. කම් නැත මගේ ආදරණීය පාඨකයාණෙනි, අවසාන තීන්දුව ඔබ අතේ තබා පියවි සිහියෙන් මා දුටු සිහිනය පවසන්නම්… එරික්…ඔහුගේ නම ඒ බව මුලින් දැන සිටියේ නැත. ඔහු මා මුලින්ම දුටුවේ…නැත, ඊට කලින් මා මෙල්බන් පැමිණීමට හේතු වූ කරුණු සහ මා ගැන යමක් කිව යුතුය. * විශ්ව විද්‍යාලයේ ...
මැදියම පිපුණු කුසුමක් – 14 ස්නේහයේ නගරය << 13 කොටස දෙරටක් යා කරවන මහා මංගලෝත්සවය දිනෙන් දින ලං වෙමින් පැවතිණ. දේශපාලන ගිවිසුම් ලියැවෙමින් පැවතිණ. ලංකාපුරයෙන් නැව් නගිනා රජ කුමරිය සමඟ යැවෙන ඇගේ අතවැසි සේවිකාවන් තෝරාගැනීමේ කටයුතුද, නව මනාලියට මදුරා පුර සිරිත් විරිත් ඉගැන්වීමේ කටයුතුද, ඈ රැගෙන යන රන් රිදී මුතු මැණික් දායාද සුදානම් කිරීමේ කටයුතුද ඇතුළු තවත් නොකී බොහෝ රාජකාරි නිසා රජ මාලිගය එකම කාලගෝට්ටියකි. එසේ වුවද ...
මැදියම පිපුණු කුසුමක් – 2 ස්නේහයේ නගරය <<පලමු කොටස<< එරික්…එරික් දුටු මුල් තත්පර කිහිපයේදී මා දශක දෙකක් ආපස්සට ගියේ කුඩා කල දකුණු අප්‍රිකාවේ කල සෆාරියක් සිහි ගන්වමිනි. මා ප්‍රථම වරට නිදැල්ලේ වනයේ සරණ සිංහයෙකු ගේ ඇස් එල්ලේ බැලුවේ එදිනය. කැමරා අටවාගෙන ජීප් රියේ එල්ලී සිටි සංචාරක රොත්ත දෙස සිංහයා හෙළුවේ, රණශුරයෙක් ඔහුගේ පාවහන් මදින්නෙක් දෙසට හෙලන බැල්මකි. ඌ ගොරවා උගේ මරණීය උල් දත් විලිස්සන්ට ගියේ නැත. නමුත් ...
තෑග්ග ස්නේහයේ නගරය එලාම් ඔරලෝසුවේ කන්කරච්චලය නිසා අලුයම අවදිවූ මම තවමත් නිදන බිරිඳ අවදි නොකර ඇඳෙන් නැගිට මුළු තැන්ගෙට පිය නැගුවෙමි. බිරිඳටත් මටත් කිරි තේ සාදා ඇයගේ කොටස උණු වතුර බෝතලයට දැමු මගේ නෙත් බිත්තියේ එල්ලෙන දින දර්ශනය දෙස යොමු වුයේ අහම්බෙනි. මැයි 12. අද නංගිගේ උපන් දින බව මට අමතකව තිබුණි. නංගීට දුරකතනයෙන් වත් කතා කොට සුභ [...] ...
මැදියම පිපුණු කුසුමක් – 8 ස්නේහයේ නගරය << 7 කොටස තම සිත් ගත් කඩවසම් තරුණයකු ලව්වා වඩවා ගෙන, ඔහු ගේ ගෙල වට දෑත පළන්දා, ඔහු ගේ උණුසුමට තුරුල් වී, තරු යට ඇවිදින අයුරු බොහෝ තරුණියෝ එක වරක් හෝ සිහින මවති. කරුණු මෙසේ තිබියදී, එරික්ගේ බාහු මතින්, ඔහුගේ ලයට සිරවී, ගිම්හානයේ මුහුදු සුළඟ සිහිගන්වන ඔහුටම විශේෂ වූ සුවඳකට ඉව අල්ලමින් සිටි මට, මේ අවස්ථාවේදී කිසිදු ශෘංගාරාත්මක හැඟීමක් ...
මැදියම පිපුණු කුසුමක් – 4 ස්නේහයේ නගරය ඒ එරික් හා මා හමුවී එළඹුණු පළමු සති අන්තයයි. ළඟ ළඟ එන වසන්තයේ පණිවුඩය දැනුම් දීමට මෙන්, ලා හිරු රැසින් ඔපවත් සෞම්‍ය කාලගුණ යෙන් යුතු වූ, ඒ සැප්තැම්බර් උදෑසන කි. පෙර දින වලදී සෑම දිනම අප දොඩමලු වුයේ රාත්‍රී කාලයේය. ඉදින් උදෑසන සොඳුරු බව දුටු මට හදිසියේම යාරා නදී තීරයේ එරික් හා ඇවිදීමට යාමට සිත්වීම පුදුමයක්ද? මා ඔහුගේ ජංගම ...
මැදියම පිපුණු කුසුමක් – 9 ස්නේහයේ නගරය <<8 කොටස ගබඩාගාරයෙන් ඉවතට හිස හරවා සිටි ඔහු මගේ බැල්ම දැනුනාක් මෙන්, එක එල්ලේ මා සිටි දෙස බැලුවේය. විශාල දොරක් පසුපස සිටි වුවද, ඔහුට කිසි සෙත් මා නොපෙනෙන බව දැන උන්නද, මා ගබඩාවේ කෙළවර ටම දිවගොස් බිත්ති මුල්ලක ගුලි ගැසුනේ මන්ද යයි නොදනිමි. ඒ මා ඉහත දුටු දර්ශනය නිසා එරික්ගෙන් හැකි තරම් දුරට ඈත් වීමේ බොළඳ උත්සාහයක් වන්නට ඇත. දෑස ...
මැදියම පිපුණු කුසුමක් – 20 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 19 කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි. දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි. එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත ...
මැදියම පිපුණු කුසුමක් – 12 ස්නේහයේ නගරය << 11 කොටස ඝන තුරු වදුලෙන් ගැවසී ගත් නිවර්තන වන බිමක, ඇද හැලෙන දිය ඇල්ලක් අසබඩ වන ගල් තලාවක ඈඳී ගත් ආරෝහ පරිනාහ දේහ දාරියෙකි. සදාත වර්ණ හමින් ද, දික් වූ රන්වන් කෙස් වැටියකින් ද යුතු වු හෙතෙම මෙසේ හුදෙකලාව ඈඳී ගෙන සිටින්නේ හුදෙක්ම ස්වානුභූතිය තකා නොවේ. ඔහු මේ සිටින්නේ දහසකුත් එකක් බාධක මැද ඔහු හමුවීමට එන යමෙක් හමු වීමටය. ...
මැදියම පිපුණු කුසුමක් – 16 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 15 <<මැදියම පිපුණු කුසුමක් – 14 <<මැදියම පිපුණු කුසුමක් – 13 <<මැදියම පිපුණු කුසුමක් – 12 <<මැදියම පිපුණු කුසුමක් – 11 <<මැදියම පිපුණු කුසුමක් – 10 <<මැදියම පිපුණු කුසුමක් – 9 <<මැදියම පිපුණු කුසුමක් – 8 <<මැදියම පිපුණු කුසුමක් – 7 <<මැදියම පිපුණු කුසුමක් – 6 <<මැදියම පිපුණු කුසුමක් – 5 <<මැදියම පිපුණු කුසුමක් – 4 ...
හන්තාන සුන්දරයි තවම… ස්නේහයේ නගරය හානේ ඔයා? කොච්චර කාලෙකට පස්සෙද? ඒකනේ අවුට් උනාට පස්සේ දැක්කෙම නැහැ කොහෙද ඔයා නැව් නැග්ගනේ… ඉතින්? හ්ම් ම්ම් කිතුල්! … මතකද ඒ දවස්? නැතුව… රැග් කරද්දී ඔයා ඇඬුව හැටි මරු හෙහෙ බොරු බොරු මම ඇඬුවේ නැහැ…එතකොට කොහොමද ඔයා ට දාල තිබ්බ කාඩ් එක? මොකද්ද අර ***** ෂ්ෂ්… කෑගහන්න එපා හලෝ… මේකිගේ කට නම් අඩු වෙලා නෑ හෙහෙ … මතකද? ...
නිකම්ම නිකම් වළල්ල ක්… Atlas Shrugged ස්නේහයේ නගරය ඇය සෙමින් සාදයෙන් පිටත්ව යාමට පටන් ගත්තාය. නමුත් ලිලියන්ගේ වදන් ඇසුණු ඈ නැවතුනාය. එදා සැන්දෑවේදී බොහෝ දෙනෙක් ඇසු එකම ප්‍රශ්නයට ලිලියන් එම පිළිතුර බොහෝ වාරයක් දී තිබුණි. නමුත් ඩැග්නිට එය ඇසුණු ප්‍රථම වතාව එය විය. “අහ් මේකද?” ලෝහමය වළල්ලෙන් සැරසුණු අත දික් කර, මනාව සැරසී ගත් කාන්තාවන් දෙදෙනෙකු ට
මැදියම පිපුණු කුසුමක් – 13 ස්නේහයේ නගරය << 12 කොටස පෙම්වතියගේ අණෙන් සිය වැඩ නැවැත්වීම ට සිදුවීම නිසා දුකට පත් හේවායා මුහුණ පුළුටු කරගත්තද, ඔහුගේ මුහුණ දුටු පෙම්වතියට නම් සිනාව නවතාගැනීමට හැකිවුයේ නැති! “ඔන්න ඉතින්.” මුදා හල වරලස නැවත සකසමින් කුමරිය හඬ අවදි කලේ හේවායා දෙස යටසින් බලමිනි. “මේ අහන්න මගේ රන්. කියන්ට කාරනාවක් තියෙන හන්දයි මම…” ඇය සුසුමක් හෙළුවාය. මෙතෙක් වෙලා මුහුණේ රැඳී තිබුණු කෙළිලොල් නුරා ...
සටනේ තවත් කොටසක් – Atlas Shrugged ස්නේහයේ නගරය ඇය සිය කාමරයේ දොර දෙසට හැරුනේ නැත. ඔහු නොසෙල්වී සිටියේය. ඔවුන්ගේ සමීපයේ වූ සඳලු තලයේ සිහින් අත්වැලෙන් ඔබ්බට හිස් අවකාශය පැතිරී තිබුණි. තෙල් ළිං වල ලකුණු හඟවන වානේ දඬු වලින් පහත ප්‍රපාතාකාර බෑවුම හැඩ වී ඇති සෙයකි. ඈතින් ටැගාට් දුම්රියේ විදුලි බුබුළු දැල්වෙනු පෙනුනි. ඊටත් එහා ඇසට පෙනෙන නොපෙනෙන මායිමේ කුඩා හතරැස් කොටුවක් සේ දිස්වුයේ පාලමයි. හඬක් හෝ චලනයකින් ...
ගුරුකම – 2 කොටස ස්නේහයේ නගරය <<පළමු කොටස උකස් බදු කඩේ ඉඳන් ගෙදෙට්ට අඩිය තියද්දීම මල්ලි ගෙදර ඇවිදින් කියල මට තේරුණා. ‘මද්දු ආවද’ කියාගෙන හොර පුසා වාගේ ආවේ සල්ලි ගැන අහන්න තමයි. නැත්තන් වෙනදට රෑ දෙක තුන ගෙදරින් පිට ඉන්නේ මං උන්නද මලාද කියාලා වගක් නැතිව. මං කතාවක් නැතිවම නෝට්ටු මිටිය මෙසේ උඩින් තිබ්බ. මල්ලිගේ ඇස් දෙක යන්තන් දිලිහුනා. *** ගුරුකම කරවාගන්න මල්ලිට තනියම යන්න ...