මැදියම පිපුණු කුසුමක් – 2

<<පලමු කොටස<<

එරික්…එරික් දුටු මුල් තත්පර කිහිපයේදී මා දශක දෙකක් ආපස්සට ගියේ කුඩා කල දකුණු අප්‍රිකාවේ කල  සෆාරියක් සිහි ගන්වමිනි.

මා ප්‍රථම වරට නිදැල්ලේ වනයේ සරණ සිංහයෙකු ගේ ඇස් එල්ලේ බැලුවේ එදිනය. කැමරා අටවාගෙන ජීප් රියේ එල්ලී සිටි සංචාරක රොත්ත දෙස සිංහයා හෙළුවේ, රණශුරයෙක් ඔහුගේ පාවහන් මදින්නෙක් දෙසට හෙලන බැල්මකි. ඌ ගොරවා උගේ මරණීය උල් දත් විලිස්සන්ට ගියේ නැත. නමුත් සෑම නිහඬ ඉරියව්වකම නිසැක ප්‍රතිහානය ක් ගැබ්ව තිබිණ. වරක් සිංහයා එකවරම වාඩිවී ජීප් රිය දෙස එක එල්ලේ බැලුවේය. ඊළඟ මොහොතේ ඌ අප වෙත පනීද, නැතහොත් සෙමෙන් ඈනුමක් හරීද කියා නොදත් අපි ගල් ගැසී ත්‍රාසයෙන් බලාසිටියෙමු. ඒ දෙකෙන් කුමක් නමුත් සිදුවන්නට ඉඩ තිබුණි.

ඒ සිංහයා මිනිස් වෙස් ගත්තේ නම්, ගිම්හානයේ හිරුගෙන් සොරාගත් රන්වන් තඹ පැහැගත් හිසකෙසින් ද, නිරිතදිග වෙරළේ සුලබ දීප්තිමත් මුහුදු නිල් පැහැ දෙනෙතින්ද යුතු එරික්ට බොහෝ සමාන වේ යයි මට එවෙලේ සිතුනි.

මගේ අවධානය හිමි වූ බව දුටු ක්ෂණයෙන් සිය වයින් වීදුරුවත් රැගෙන මගේ මේසය වෙත පැමිණි ඔහු ‘හලෝ මම එරික්’ යයි ඉතාම ශාන්ත ලෙස තමන්ව හඳුන්වාදුන්නේය.
මද සිනාවකින් ඔහුට සංග්‍රහ කල මම ‘මගේ නම අමන්දා ලෙව්කෙබණ්ඩාර’ යයි කීවේ හිතාමතා ඔහු අමාරුවේ දැමීම පිණිසය.
‘අමන්දා ලෙව්කෙබණ්ඩාර’ මා නිරුත්තර කරමින් මගේ දිව උලුක් වන දිගු නම ඉතා පැහැදිලි ව සහ හොඳින් උච්චාරණය කරමින් ඔහු දකුණත දිගු කළේය.

* * *

ඒ අපගේ පළමු හමුවීමයි.
මා හට එසේ වුවද එරික්ට අනුව එසේ නොවන බව දැන ගත්තේ පසුවය.

ප්‍රතිචාර 11 (+add yours?)

  1. ravi
    ජන. 09, 2012 @ 08:14:55

    මොකක්ද බං..මේ කරන්නෙ?….අද දවසටම එරික් දකුණත දික්කලා විතරයි….හෙහ්, හෙහ්, ඊළඟට මෙහෙමද?

    පෝස්ට් අංක 3 – අමන්දා දකුණත දිගු කිරීම

    පෝස්ට් අංක 4 – ” මම මෙතන ඉඳගන්නද ” එරික් ඇසීම

    පෝස්ට් අංක 5 – ” පුටු තියෙන්නෙ ඉඳගන්න තමා” අමන්දා පැවසීම

    පෝස්ට් අංක 5 – එරික් පුටුවේ ඉඳ ගැනීම…….

    පෝස්ට් අංක 6 – …………

    පෝස්ට් අංක 7 – ………….

    මරු නේද?…..උඹ මෙහෙම නේද මේක ඇදගෙන යන්න හදන්නෙ?….නෑ කියන්න නම් එපා…..

    හැබැයි ගොයියෝ එකක් මතක තියා ගනිං….මේ දෙසැම්බර් 21 වෙනිදට ලෝකෙ විනාස වෙනව..ඊට කලින් කතාව ඉවර කරහං, හොඳේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Ice නගා
    ජන. 09, 2012 @ 08:42:12

    ලස්සන කතාවක් වගෙයි.. ඉක්මනින් ලියන්න අමා අක්කේ… :DD

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Trackback: මැදියම පිපුණු කුසුමක් – 3 « ස්නේහයේ නගරය
  4. අමා
    ජන. 09, 2012 @ 14:00:09

    @Ravi
    ශිහ් මොනාද රවී අයියා ඔයා මගේ රහසිගත මෙහෙයුම හෙළි කරලා අස්පට්ම කරානේ…හි හි! ඔන්න ඊළඟ කොටසත් ලිව්වා එහෙනම්…හප්පේ දැන් නම් ඔලුව නිකම් ස්පොන්ජ් එකක් මිරිකලා වගේ…කතාවේ අනිත් හරිය තව දවස් ගානකට හිතෙන එකක් නෑ වාගේ…

    @Ice
    බොහොම ස්තුතියි නංගා. ඔයාගේ මන්දහාසි කතාවත් මම හරි ආසාවෙන් කියවන්නේ

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. මුහුදු කොල්ලකාරයා
    ජන. 09, 2012 @ 19:02:49

    //ඒ සිංහයා මිනිස් වෙස් ගත්තේ නම්, ගිම්හානයේ හිරුගෙන් සොරාගත් රන්වන් තඹ පැහැගත් හිසකෙසින් ද, නිරිතදිග වෙරළේ සුලබ දීප්තිමත් මුහුදු නිල් පැහැ දෙනෙතින්ද යුතු//

    හරියට නිකන් එඩ්ගර් රයිස් බරෝස් ගෙ කතාවක වගේ

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. අමා
    ජන. 10, 2012 @ 02:39:40

    @මුහුදු
    ඔයා දැන් මට ඕක මතක් කරලා මේ කතාව මැදට ටාසන් කඩන් පනීද දන්නේ නැහැ හොඳේ…හිහ් හි

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  11. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න