හඳ විතරයි මගේ තනියට ස්නේහයේ නගරය ලොකු ලොකු දේවල් සිදුවෙන රටේ ලෝකේ බයත් හිතෙන පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ මං ලොකු ළමයෙක් ඇත්ත තමයි ඉතින් ඕක ලොකු දෙයක්ද මාව දාල නුඹ ගියාට ඒ උනාට හිතෙනවා මට පාළු දැනෙයි හරි සැරේට හඳ විතරයි මගේ තනියට සරත් කාලේ ළඟ ළඟ එන කොළ කහ වී වැටෙන හැටී ටික ටික සීතල වෙනවා මගේ හදවත වගෙ හරියට වැහි බිඳු එක දෙක වැටෙන්නෙ කඳුළු ...
පිස්සුව ස්නේහයේ නගරය මතකද දවසක් අපි දෙන්න හම්බු උනා අහම්බෙන් යාලුවෙක්ගෙ ගෙදරදී? කොහොමහරි කැරකිලා මං ඔයා ලඟින්ම වාඩි වෙලා තිබුන, සැපට සෝෆා එකේ. මං වටේ දැවටී දැවටී හිටපු අර චුටි හුරතලී ව බැරිම තැන මං ඔඩොක්කුවට ගත්ත. තාම මතකයි එයාගේ ලස්සන බෝනික්කි අත පය මම ආසාවෙන් තුරුළු කරගත්ත හැටි. ‘අනේ චුටි පැටියෝ ඔයාව කන්න හිතෙනවා’ මං එහෙම කිව්වම ඔයා හිනා වේවි කාටවත් ...
ඔබ ආකර්ෂණය වන්නේ කාටද? – Atlas Shruged ස්නේහයේ නගරය “හරියටම සැක නැතිව කියන්න පුලුවන්ද මම ගෑණු පස්සේ දුවන එක ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැහැ කියල?” “ඔහේ කවදාවත් එහෙම නැහැ කියල නැහැනේ” “හඃ මොකටද මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම පෙන්නන්න මම කොච්චර මහන්සි උනාද!” “ඒ කියන්නේ ඒ කතාව බොරු කියලද?” “ඔහෙට මාව පේන්නේ හීනමානයෙන් පෙලෙන සෙල්ලක්කාරයෙක් හැටියෙටද?” “දෙවියම්පල්ල නැහැ!” “ඒ වගේ වැදගැම්මකට නැති එකෙක් තමයි ඔහොම වැඩ කරන්නේ” “ඒ ...
කාන්දම් ඇස් ස්නේහයේ නගරය හිත අවදි කරන කෝපි සුවඳ ත් එක්ක අදත් ඇවිත්. මටත් නොදැනීම හිත කෝල වෙනවා. කොළ පාට ඇස් දෙක හිනා වෙනවා නෙවි, හිනාව උතුරවනවා. ඉතින් මම ත් නිකන් ඉඳීද? “ඔයා ඔය කියන්නේ ඇත්තටද? විහිළුවටද? මට තෝර ගන්ට අමාරුයි.” කොළ පාට ඇස් දෙකට තවම මගේ කළු පාට ඇස් දෙක කියවන්ට බැහැලු. “මේක හරියන එකක් නෙවි” “ඇයි?” ඇයි? මටත් ප්‍රශ්නයක්. සමහර විට ...
ධීරේ ධීරේ … හෙමින් හෙමින් … ස්නේහයේ නගරය ධීරේ ධීරේ කියන පරණ සින්දුව අලුත් කට්ටිය දාලා ගහල හිට් එකක් වෙලා – ආයෙත්. අලුත් ධීරේ ධීරේ දැක්කම අමාට අවුරුදු ගානකට කලින් පරණ ක්‍රෂ් එකක් මතක් උනා! ඒ දවස් වල එක්තරා පිරිමි ළමෙක් අමා ගැන පොඩි මෙව්වා එකක් පහල කරගෙන තිවුන ලු… අමාට ත් එහෙම මෙව්වා එකක් තිවුනා වගේ ලු… අමාගේ පවුල ගොඩක් නිදහස් විදියට හිතන සාම්ප්‍රදායික දේවල් එච්චර ගණන් ගන්න ...
ලීලාවතී කුමාරිහාමි ගේ දික් නොවුණු කසාදේ ස්නේහයේ නගරය මයේ ජීවිතේටම හම්බුවෙච්චි අහිංසකම මනුස්ස ප්‍රාණියා වෙන්නේ මයේ ආත්තම්මා හෙවත් ලීලාවතී කුමාරිහාමි නොහොත් අමාගේ අප්පච්චිගේ මව්තුමී. උන්දැ ගේ ගම නුවර. කෑගල්ල පැත්තේ බොහොම වංසක්කාර වලව්වකට දීග ගිහින් තිවුනේ. කෑගල්ල කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ගේ අන්ත:පුර බිසෝවරු ගාල් කරලා තිවුණු පැත්තක්ලු. ඒ හන්දා ඒ පැත්තේ රූපශ්‍රියා ජානය අධිසාන්ද්‍ර වෙලා තවමත් හරි ලස්සන ගෑණු උපදිනවලු! ලස්සන ගෑනුන්ට දාව උපදින පුත්තුනට උනත් ඔය ජාන ...
ගුරුකම – 1 කොටස ස්නේහයේ නගරය “පාලොස්දාහක් බං” මස් දියවෙලා ගිය මල්ලිගේ මුණ දිහා බලා ඉන්න බැරි තැන මං දුම් දාන කේතලේ පැත්තට හැරුන. දර ලිපේ උයන්නේ ගෑස් ලිපක් නැතුවට නෙවෙයි. දැලි වැදිලා වැදිලා කේතලේ කට්ට කලුයි. මට හිතුන මං වාගේ ද කියලත්. “උඹට විසි කරන්න පාලොස්දාහවල් දෙන්න මයේ ගාව නෑ. කිව්වනේ ඊයෙත්” මම සීරුවට කහට එකක් වක් කරන ගමන් කිව්වා. “විසි කරන්න නෙවෙයිනේ මද්දු… එත් ...
මැදියම පිපුණු කුසුමක් – 10 ස්නේහයේ නගරය <<9 කොටස ඒ රැයේ මගේ නින්ද විකාර රූපී සිහින රැසකින් පිරී ගියක් විය. විටෙක ලෝහමය සන්නාහයෙන් සැරසුණු රන් හිසකෙස් සහිත රුවක් එරික්ගේ ප්රතාපවත් උවන හා ඡේදනය විය. විටෙක මගේ මුහුණ ට එබී ප්‍රේමණීය බැල්මෙන් සිනාසෙන ඔහුම තවත් විටෙක පිසාච වේශයෙන් මුව දෙපසින් බේරී යන රුධිරය නැවත ඇඟිල්ලකින් ගෙන කෑදර කමින් මුව තුලට රුවා ක්‍රෑර ලෙස සිනා සුණේය. ඒ මේ අත ...
මැදියම පිපුණු කුසුමක් – 11 ස්නේහයේ නගරය <<10 කොටස වහා මා පාර්සලය ලෙහා බැලු යේ උපන් දින උදයේ මාපියන්ගෙන් ලද තෑගී මොනවාදැයි බැලීමට දගලන කුඩා දැරියක් මෙන් නොඉවසිල්ලෙනි. පාර්සලය තුල වුයේ බරැති සටහන් පොතකි. පොත පෙරලා බැලු විට පටු එහෙත් උස්, බැඳි ඉංග්‍රීසි අත් අකුරු වලින් එය පිරී ඇති බැව් පෙනිණ. එක දිගට ලියුවක් නොව, කාලයක් තිස්සේ විටින් විට ලියුවක් යයි සටහන් ඔස්සේ නෙත් යැවු මට සිතිණ. ...
මැදියම පිපුණු කුසුමක් – 18 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 17 වියලී ගිය දෙතොල් සහ ගිලාගිය දෙනෙත් රෝගී යුවතියගේ මුහුණට ගෙන දුන්නේ මලානික බවකි. ඇයගේ දිගු කෙස් වැටියේ අවුල් හැර පීරමින් සිටි උත්තුංග දේහ දාරී තරුණයා නම් කිසි විටෙකත් ඔහු කියූ පරිදි තරුණියගේ සොහොයුරා නොවන බව වෙදදුරුට පසක් වී තිබිණි. “බය වෙන්ට කාරී නැහැ…මේ දරුවා ගේ ඇඟට හරියට කෑමක් වැටිලා නැති නිසා උණ අල්ලලා හිටින්නේ…මුහුදු මත ...
මැදියම පිපුණු කුසුමක් – 19 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 18 කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය. සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද? “සීදේවි …” ...
මැදියම පිපුණු කුසුමක් – 5 ස්නේහයේ නගරය << 4 කොටස ඒ රාත්‍රිය වූ කලී දරාගැනීමට නොහැකි අධික ශීතලක් හෝ විඩා දෙන සුළු වූ උෂ්ණයක් හෝ නොමැති වූ සිසිල් කාලගුණයකින් යුතු විය. එරික් හා මම දෙදෙනාගේ අත්වල පැටලී, එකිනෙකාගේ දෑස් තුලට එබීගෙන යාරා නදී තීරයේ නිහඬ සක්මනක යෙදුනා යයි ඔබ සිතනවානම්…පාඨකය, ඒ සාවද්‍ය සිතුවිල්ලකි. සවුත්බෑන්ක් ප්‍රදේශයේ සිට නගරයෙන් ඉවතට නදී තීරය දිගේ ඇවිද යන විට දිස්වෙන මෙල්බන්හි සන්ධිස්ථාන ...
මැදියම පිපුණු කුසුමක් – 17 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 16 ලක්දිව රජ කුමරිය සහ ඇයගේ මුහුදු නිල් ඇස් ඇති පෙම්බරයා රැගත් ඒ නෞකාව, අරාබි මුහුද කරා වූ චාරිකාව එසේ ආරම්භ කළාය. මේ අල්-සෆීනා නෞකාවේ මගීන් අතරේ, අන්තිම මොහොතේදී නැව්පතිට අල්ලසක් දී ගමනට එක්වූ මගියෙක් ද විය. ඝන ව වැදුණු තද කළු උඩු රැවුල කරකවමින්, මාතොට යන එන අය නිරික්සමින් දින ගණනක් ගත කල ඔහුට, නැව්තොට ...
හෙලන් දීගෙක ගිය හැටි! ස්නේහයේ නගරය හැබෑ ජීවිතේ ප්‍රේමය, සුරංගනා කතාවල එන විදිහේ සුරූපී රාජ කුමාරි සහ එයාව බේරාගන්න කඩවසම් රාජ කුමාරයා ගේ ප්‍රේම කතන්දරේට වඩා ගොඩක් වෙනස් වගේම අනපේක්ෂිතයි. හෙලන්, එයැයිට වඩා අවුරුදු දහනවයක් වැඩිමල්, දියෙස් මහත්මයා ව කසාද බඳින්ට මනාප වෙන්නේ ප්‍රේමයක් නිසා ද? මල් පිපෙන දඟකාර වසන්ත ඍතුව එක්කල සීතල දරදඬු හේමන්ත ඍතුව පෑහෙනවද? හෙලන් අම්මම්මා ලංසි බාගයක් කියල කලින් කීවනේ…උන්දැගේ අම්ම ලංසි. ...
ඉබාගාතේ ආ කුමාරයෙක්! ස්නේහයේ නගරය කලින් සටහනට සිත්තමි නගා එක්කල උනු කතාවෙන් තව කතන්දරයක් කියන්න හිතුන. ඔන්න කාලෙකට කලින් කාස්ටක නගරෙක බෝඩිමක නතර වෙන්න ආවලු ඔටුන්නක් නැති කුමාරයෙක්. බෝඩිමේ උඩ තට්ටුවේ පාර අයිනේ දුවිලි පිරුණු කාමරයක් තමා කුමාරයට ලැබිල තියෙන්නේ. ශිල්ප සාස්තර ඉගෙන ගන්න බෝ දුර තක්සලාවකට ඇවිත්, ඉන්න හිටින්න තැනක් හොයන වෙලේ උන්දැට ලැබිල තීන්නේ ඔන්න ඔය අබලන් බෝඩිම. කුමාරයෙක් උනත් මාළිගාව ගරා වැටෙමින් තිවුණු ...
හෙලන් ගේ ලව් කේක් ! ස්නේහයේ නගරය පහුවුණු සති අන්තයේ හාදයා ට ලව් කේක් කන්ට දොළ දුක් පහල වෙලා අමා හදල දුන්නා. ලව් කේක් කියන්නේ අටෝරාසියක් ජාති දාල හදන කේක් එකක්. ඒකෙ ඇතුල තෙතට උඩ හයියට තියෙන්ට ඕනැ. ලව් කේක් හදන්ට අමාට කියා දුන්නේ අම්මම්මා. අමාට අම්මම්මා ව මැවෙනවා… අමා දකිද්දී උන්දැගේ කොන්ඩේ ඔක්කොම සුදු වෙලා. කොණ්ඩය කොටට කපා හිටියේ ඒ වෙද්දී සෑහෙන්න කොන්ඩේ ගිහිං තිබිච්චි හන්දා. ...
මැදියම පිපුණු කුසුමක් – 21 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් 20 මදුරා පුර රාජකීය චර පුරුෂ ධර්මෙශ්වර් මහත් වියවුලකට පත්ව සිටියේය. චර පුරුෂයා වනාහි සිය රාජ්‍යයට අවශ්‍ය රහස් සොයන්නා මිස, වැරැද්ද නිවැරැද්ද අනුව යුක්තිය පසිඳලන්නා නොවේ.එසේම රාජ අණ සැමවිටම යුක්තිසහගත විය යුතු වුවත් වූවත් එය එසේ නොවන බවද ඔහු දනී. ධර්මෙශ්වර් ට අණ ලැබී තිබුණේ සිය රජ කුමරා අවමානයට පත් කර පලා ගිය හෙළ කුමරිය සොයා ගැනීමය. මදුරා රාජ ...
මැදියම පිපුණු කුසුමක් – 15 ස්නේහයේ නගරය << 14කොටස විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් තිගැස්සුණු කුමරිය වහා සියොලඟම වසා සිටින ස්ත්‍රී රුව දෙස බැලුවාය. ඇයට සියල්ල අවබෝධ වන්නට ගතවුයේ ක්ෂණයකි. දැන් වහා මේ පරිවාර ස්ත්‍රීන් පලවා හැරිය යුතුය. ඒ කාර්යයේදී ඇයගේ පිහිටට පැමිණියේ ද මාලා ය. “වෙදැදුරු තුමන්ගේ අණට අනුව, මේ බෙහෙත් ආලේප කරන වෙලාවේදී අපට යහන ගැබෙන් පිටව යන්ට ඕනා” නොදන්නා යෝනක ස්ත්‍රියක් සමඟ සිය රජ ...
උඹ මට අකුරු ටිකක් නෙවේ…ඒත්… ස්නේහයේ නගරය කිරිකැටි පුතා ගල් පොත්තක හිර කරලා… මේ අකුරු පෙලකින් කොහොමද උඹේ හිනාව දකින්නේ? ඒත් මං උඹව හොයනවා ගල් අකුරක කොණක උඹේ සුවඳ පොදක හෙවනැල්ලක් හරි හැංගිලා ඇති කියල මට හිතෙන නිසා. ඒක මට වටිනවා… ...
කුමාරයා පොත දැම්ම හැටි ! ස්නේහයේ නගරය විස්ස විද්‍යාලේ මානවිකාවෝ වගේම දාල ආව නිල් කඳු වළල්ලේ කුමාරිහාමිලාත් කොච්චරවාත් හිටියත්, ඉස්සරහ ගෙදර සිඟිති ටම හිත වැටුනේ ඇයිද කියල ඉබාගාතේ ආ කුමාරයා කවදාවත් හිතුවේ නැහැ! සිඟිතිව ටිකක් ආස්සරේ කරලා තියෙන කෙනෙක්ට උනත් ඒ ප්‍රශ්නෙ මතුවෙන්නේ නැහැ! ඒ මොකද කියනවා නම් සිඟිතිගේ මෑණියන්දා හෙලන් වාගේ සාම්ප්‍රදායික රූප රාජිණියක් නොවුණත් සිඟිති ගේ අමුතු ආකර්ෂණයක් තිවුණා. දීප්තිමත් ලොකු ඇස් යටින් එයා ...