ධීරේ ධීරේ … හෙමින් හෙමින් …

ධීරේ ධීරේ කියන පරණ සින්දුව අලුත් කට්ටිය දාලා ගහල හිට් එකක් වෙලා – ආයෙත්.
අලුත් ධීරේ ධීරේ දැක්කම අමාට අවුරුදු ගානකට කලින්  පරණ ක්‍රෂ් එකක් මතක් උනා!

ඒ දවස් වල එක්තරා පිරිමි ළමෙක් අමා ගැන පොඩි මෙව්වා එකක් පහල කරගෙන තිවුන  ලු… අමාට ත් එහෙම මෙව්වා එකක් තිවුනා වගේ ලු…

අමාගේ පවුල ගොඩක් නිදහස් විදියට හිතන සාම්ප්‍රදායික දේවල් එච්චර ගණන් ගන්න කට්ටියක් නොවන හන්දා අමා හැදුනේ වළාකුලක් වගේ සැහැල්ලුවෙන් නිදහසෙන්.
හැබැයි දැනුම් තේරුම් යනකම්, කරන්ට ඕනැ මොනාද, නොකරන්ට ඕනැ මොනාද කියන එක ගැන අමාට කියා දීල තිවුනේ. ඉතිං ආදර කතා කොහොමටත් අති භයංකර දේවල් උනේ නෑ. ඒ වයසේ ඉතින් කෝමත් මල් මල් වයස නෙව. පුංචි පුංචි කතා ගොඩයි! පුංචි පුංචි කතා යටින් සිරා කතාවක් අතරින් පතරේ ලියලුවේ නැතුවා නෙවි.

එව්වා කෝම උනත් මේක අර පුංචි මල් කතාවක්…

ඒ දවස් වල ඉස්කෝලේ අර ඩේ, මේ ඩේ කිය කියා එක එක ජවුසම් නේ…දන්නවා නේ තින්. ඔය ඩේ එහෙකදී අමා ට පොඩි රඟපෑමක් තිවුන ලු.
ඒක දැකපු එක්තරා පිරිමි ළමයෙක්  ට අමා ගැන තනිකරම වැරදි චිත්‍රයක් මවා ගෙන.

මෙහෙම වෙන්ට හේතු කීපයක් ලු:
1 – අමා ට තීන්නේ හෙනම අහිංසක පෙනුමක් ලු. (පෙනුම විතරයි ඈ )
2 – අමා රඟපාපු චරිතේ හ‍රී අහිංසක ලු.
3 – අමා ටිකාක් විතර එයා කැමති නිළියක් වගේ ලු.
කොටින්ම ඒ ළමයාගේ හිතේ උන්නු අවිහිංසක සිහින කුමාරි මොඩල් එක අමා කියල ඒකා හිතන් උන්නේ. පවු ඉතින් අමා හැබෑවට තනිකර අනික් පැත්ත. හී!
පොඩි පොඩි අඟර දඟර සීන් කීපෙකට පස්සේ අමාට ලැබුනා මේ ළමයා ත් එක්ක තනි පංගලමේ සුහද කතාවකට ඉඩ!
මොකද දන්නවද එයා කීවේ?
“අමා ඔයා ධීරේ ධීරේ සින්දුවේ ඉන්න අනූ වගේමයි!”

20912360.cms

බලාන්ට හරි අහිංසක පාට යි නේද

dheere
හලේ…අමා තින් කොහොමත් අණ්ඩපාල මොඩල් නේ.
අමා ට කියවුනේ මෙහෙම
“ඒ උනාට ඔයා ඒකෙ ඉන්න නළුවා වගේ නෙමී නේ අනේ”

 

ප්‍රතිචාර 3 (+add yours?)

  1. Trackback: ධීරේ ධීරේ … හෙමින් හෙමින් … | සතුටු වැස්ස බ්ලොග් කියවනය
  2. Nish
    සැප්. 09, 2015 @ 06:29:48

    හයියෝ කොල්ලගෙ හෝප්ස් කරත්තෙම බිම වැටෙන්න ඇති. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      සැප්. 09, 2015 @ 23:07:54

      හික්!
      ඒ ළමයා ගැන දුක හිතුනු අමාගේ මිතුරියක් හිටියා. එයා නම් ධීරේ ධීරේ නිළිය වගේ නෙමි. නිලියට ත් වඩා ලස්සන යි. හෙනම ළඳ ටයිප් ඇත්තටම අවිහිංසක ගෑනු ළමෙක්. පස්සේ උන් දෙන්න සෙට් වෙලා කසාද බැන්දා!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න