මැදියම පිපුණු කුසුමක් – 6

<< 5 කොටස

හිතවත් පාඨකයාණෙනි, එරික් කී කතාව ඔහුගේ වචනවලින්ම මෙහි සඳහන් කරන්නට නොයමි. ඒ කතාවේ විචිත්‍රත්වය ඔහු තරම් දක්ෂව සිතුවම් කරන්නට මට නොහැකි බැව් දන්නා බැවිනි. නමුත් දැන් මා කියා දක්වන්නට යන ඒ කතාන්තරයේ සංක්ෂිප්ත අනුවාදයෙන් ඔහුට යම් තරමකට හෝ සාධාරණයක් වේ යයි සිතමි.

එසේ නම් පාඨකය, මවා ගන්න අදින් බොහෝ කලකට පෙර, ඉතිහාසය හිරි මල් යොවුන් වියේ පසුවෙද්දී,  හිමෙන් වැසී ගිය උතුරු දිග දේශයක උපන් තරුණ හේවායෙක්. ඔහුගේ නම…නැත නව වන ශත වර්ෂයේ නාඳුනනා භාෂාවක ට අයත්, ඔහුගේ සැබෑ නම ඔබටත් මටත් දෙදෙනාටම උච්චාරණය කිරීමට නොහැකි වනු ඇත. උරහිස තෙක් වැවුණු රන්වන් කෙස් වැටියකින් ද,අතෙකින් බරැති කඩුවක්ද, අනෙකින් ඔහුගේ වර්ගයා අතර ප්‍රචලිත යුධ පොරවක්ද ගෙන, තීක්ෂණ දෑසින් බලා හිඳිනා ඔහුට අපි ‘හේවායා’ යයි අමතමු…


ඉදින් කවරෙක් දෙසද ඔහු මේ තරම් සීරුවෙන් බලා හිඳින්නේ?  ඔහු උපන් ගම මායිම් වූ උතුරු මුහුදේ මෙන්ම නිල්වන් වූ දෑසින් ඔහු බලා සිටින්නේ, සටන් කවයට ඔබ්බෙන්, හුදී ජනයාගෙන් වෙන්ව උස් කර තනන ලද වේදිකාවෙහි, සිය පරිවාර ස්ත්‍රීන් සමඟ වාඩිවී, සටන් නරඹන කුමරිය දෙසය.

සිය උපන් බිමෙන් බොහෝ ඈත, හිරු එළියෙන් නැහැවුණු, හරිත වර්ණයෙන් දිදුලන මේ දේශයේ ඔටුනු පලන් කුමරිය දෙස හේවායා මෙතරම් බලා සිටිනවා කිසිවකු නොදැකීම ඔහුගේ වාසනාවකි. මන්ද යත්, අතිශය රණකාමී සහ එඩිතර වුවද ඔහු රාජකීය රුධිරය බිඳුවක් වත් නොගෑවුණු නිකම්ම නිකම් හේවායකු පමණක් වූ නිසාය.

අනපේක්ෂිත සිද්ධි දාමයක් නිසා සිය කණ්ඩායමෙන් වෙන්ව පෙරදිග බලා යන වෙළඳ නෞකාවක නැඟ මෙහි පැමිණි ඔහු, අද සටන් කවයට පිවිසියේ සිය දස්කම් මෙරටේ රජු ඇතුළු පිරිසට පෙන්වා, රජුගෙන් කහවනු දිනා ගැනීමටය. නමුත් සිය උපන් දේශයේ දැක පුරුදු ගැහැනුන්ට හාත්පසින්ම වෙනස් වූ, තද කාල වර්ණ වරලසින්ද, එවැනිම වර්ණයන් වූ දිගු දෙනයනකින්ද යුතු වූ, කුමරිය දුටු වෙලේ පටන් හේවායාට කහවනුද අමතක වූ සේය.

ප්‍රතිචාර 12 (+add yours?)

  1. Ravi
    ජන. 16, 2012 @ 09:10:48

    හෙහ්, හෙහ්, අමා නියමයි….කතාව නැඟල යනව…..

    අපි පොඩි Speculation පාරක් දාමු දත්ත ආශ්‍රයෙන්….

    නවවන ශත වර්ෂය…..හිමෙන් වැසීගිය උතුරු දිග දේශය…බරැති කඩුවක් සහ යුද පොරව….

    ආයෙ කතා දෙකක් නෑ උඹ කියන්නෙ වයිකිං තරුණයෙක් ගැන….හරි නේද?….හරි නං හරි කියහං හොඳද?

    / හිරු එළියෙන් නැහැවුණු, හරිත වර්ණයෙන් දිදුලන මේ දේශයේ ඔටුනු පලන් කුමරිය  /

    ඊලඟට මේ යකා මේ කොහාටද ආවෙ?………අනිවාර්යයෙන් ලංකාවටම වෙන්න එපාය…නවවන ශත වර්ෂයේ රජකලේ ඉතිං වෙන කවුද අනුලා බිසව තමයි…..හරි නේද බොල?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ජන. 19, 2012 @ 08:55:48

      හි හි අයියගේ පලවෙනි අනුමානේ නම් හරියටම හරි!
      දෙවෙනි එක නම්…ම්ම් මම ලියද්දි නම් අනුලා ගැන හිතුවේ නැහැ – අයියගේ කතාවෙන් පස්සේ සොයා බැලූ කොට අනුලා ඉඳල තියෙන්නේ ක්‍රි ව 9 වන සියවසට ගොඩක් කලින්ලු…
      තවම මේකේ සැකිල්ල විතරයි යාන්තමට මගේ හිතේ තීන්නේ. ඉස්සරහට මොනවයින් මොනා වේවිද කියල තවම මටවත් හරියට කියන්ට බැහැ… හැබැයි … එරික් කව්ද කින්ද මන්ද කියල නම් මේක ලියන්ට පටන් ගද්දිම තීරණේ වෙලා තිබුනේ. ඔය අමන්දා යි, කුමරිය යි මොනා කරාවිද කියල තමා හිතන්න වෙන්නේ

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    ජන. 16, 2012 @ 12:42:53

    මේකනම් නියමයි… රවි අයියා කියපු විදිහටනම් කතාව යන්නේ, නියමම නියමයි…

    දිනකට අපට කියවන්නට ලබා දෙන ප්‍රමාණය ඉතාම කෙටි වීම සම්බන්ධයෙන් මාගේ බලවත් විරෝධය!!! ටෙලිනාට්ටියක් උනත් දවසකට පෙන්නන්නෙ පොඩ්ඩයි උනාට මැද්දෙන් ඇඩ් හරි දානවා. ඔන්න එහෙමවත් එකක් තිබ්බනං දුක නෑ… අනේ මොකද්ද අමා අක්කේ, ලියන්ඩකෝ තව දිගට…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Nish
    ජන. 17, 2012 @ 06:05:12

    හ්ම්ම්ම් හ්ම්ම් ඉක්මනට ඊළඟ කොටහ දැම්ම නම්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Trackback: මැදියම පිපුණු කුසුමක් – 7 « ස්නේහයේ නගරය
  5. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  6. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න