මාතලං Monsoon Moon මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං -ඇම්මැසුවාණන්ගේ බයිලාවකින් මාතලං උඹට බොරු කිව්වෙද කවුරු පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු හීතලෙංම උණුහුම උපදින අයුරු ආදරෙං ඉතිං පහදාපං සොයුරු බිනර අහස හැමදා අඳුරු බියකරූ නුවර පාර ගොරතර රුදුරු විසකුරූ පඳුරු ලලා වැඩෙනා අඳුරෙ සැරිසැරූ ගොදුරු සොයනු නුදුටිද රුහිරු රණවිරූ ඉඹුල්ගොඩය ඒ පෙනෙන කඩවත නැඹුල් යකුන්මය අතගගා බඩවත අගුල් ...
ආදරණීය අල්බෙයාතා Monsoon Moon 'Sorrow - A Wild Rose'By- Helen Mary Elizabeth Allingham, R.W.S. ජීවිතය ලුහුබඳින මැදියම මැදිකරන් නිදිවරන සිහිනෙට ඇදහැලෙන සඳ නයගරා ශුද්ධවර එළියාස් ගිරි කුළු මුකූටය මත රැවුල අතුරන දිවැසිවරයෙකි සඳසරා ශුද්ධවර ක්ලෙයරා නදී දිය ඉකිබිඳින විට හදවතේ නීල දිය පාලම ඉහත්තෙන් පියහඹා යමි හිතුමතේ විසල් මේපල් තුරු කිනිත්තක සිසිරයට අමතක වෙලා රැඳුණ පඬුවන් පතෙක සුසුමට නිහඬ පවන ද කැළඹිලා වහල් ගඟ ...
නොවැම්බර් Monsoon Moon person in the rain by Jay Fancher නියඟලා ගස් උගුල්ලනකොට තටු මැවෙයි……. ගිනි මලින් පෙති ඉගිල්ලෙනකොට ලේ හැලෙයි. සොහොන් කොත් නැති අතීතය සිහිනෙට එබෙයි…… ආදරය ළඟ සිහිනයට ඉඩ කඩ තිබෙයි. ඇස් වැහෙන කච්චාන් හුළඟට කල් තියෙයි ඇස් වැහෙන්නැති නොවැම්බරයම වැහි බරයි….. මව් වරුන් ඇස වහින වැහි දැක මල් පිපෙයි…. මල් වලට නම් තබන අයිතිය ඔබටමයි. ...
මහාවංශික ඉතිහාසෙත් ඓතිහාසික ප්‍රබන්ධයක්ද? Monsoon Moon Woman Carrying A Bull by Vladimir Fokanov. මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන සංකීර්ණ නවකතාවක් බව මා වෙනත් තැනක ලියා ඇත. විශේෂයෙන්ම වෙඩිවර්ධන භාෂාව සහ අනෙකුත් ව්‍යුහීය අංග ගැට ගසන ආකාරය සාමාන්‍ය පාඨකයාට දනවන නුහුර ඇතැම්විට සාමාන්‍ය සුසාදිත- යථාර්ථවාදී නවකතා කියවන පාඨකයා කියවීමෙන් ඈත් කරන්නටද ඉඩ තිබේ. අනික් අතට මේ නවකතාවේ තේමාත්මකය සිංහල ...
හේමාවෙනි, පෙමිනි. Monsoon Moon දෙ ළැම දෙදරුවන්ටයි – කෘෂ වුවත් ළැමත් පිබිදිණ සසර දුක නිවෙන්නයි – සෙනෙහසත් පෙමත් ඇහැරිණ දෙ ඇස දැදුරු වෙන්ටයි – කඳුළටත් නමක් ලියැවිණ අහස පඳුරුලන්ටයි – කවිකමත් වැහිත් වැගිරිණ මුසා බසක නවතිමි ඔබ එපා වෙන්න විරසක කසාදය තමයි සළුපිළි උණා දැමෙන කැඩපත නිසාචර හිතට හිමිදිර උදාවෙන්න අකැපද අසාධාරණයි තනියම පිටත් වෙලා ගිය එක දුටුව දුටුව හැම සිහිනෙම සුවඳ පමණි ...
පඨිතයන් අතර අවකාශයක්: මංජුල වෙඩිවර්ධන ගේ “බත්තලංගුණ්ඩුව”, හෝමර් ගේ “ඔඩිසි” හා ජේ.එම් කට්සෙයර් ගේ “ෆෝ” Monsoon Moon My Soul to Keep: Victoria Pinney මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කථා අවකාශය සැලකීමේදී නිතැතින්ම මනසට ආ පඨිතයන් දෙකකි, හෝමර්ගේ ඔඩිසී සහ ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ. දූපත් තුනක කේන්ද්‍ර තුනක් අරමුණු කොට තුන් ආකාරයකට වියෙන මෙම පඨිතයන් සමපාත වන හා එකිනෙක විනිවිද යන අවස්ථා ගණනාවක් දැකිය හැක. තම ලමාවියෙහිදිම තමාගෙන් වෙන්වුනු පියා සොයා ඉතාකාවලින් පිටත්වන තරුණ ටෙලිමාකස් ගේ ප්‍රතිබිම්භය තමාගේ ජීවිතයෙන් දුරස්ථ වී ...
සනී නම් වූ අධ්‍යාත්මික උපස්ථාදායකයාට Monsoon Moon වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක් ‘පර්ලින්‘ එකට පාළුද? අඩ අඳුර යට අල බැදුම ළඟ ශුද්ධ සිංහල ගීත රැව්දෙන පර්ලින් එකට පාළුද? ටොනික් පියනක් පෙරලි පෙරලී අතීතයෙ හිඳ පඩි බහී ලිඳෙන් කිසිදා ගොඩ එන්න බැරි ජින්ම පප්පෙකු ඇල්කොහොල් සිහිනෙක කහී දොරින් දොර ‘ෆ්‍රෙන්ච් ප්‍රයිස්‘ බැදෙනා රටකට උඹ අරන් එන අල බැඳුම් වල සුවඳ එන්නේ කොහොමද? දොඩනු හැකියෙන් කටමැත ගල් වල ය හදවත ...
මෝසම් දෙකිඳ Monsoon Moon By Maurice Sapiro ඇහැ ළඟ ගලන සඳකැන් මෝසම ඈ ළඟ. ඒ අත්ල මේ අත්ල මෙන් සිය සිය සියවරක් පිරිපහදු වර නැංවා සුළැගිලි තුඩ පවා සිලිටි මැටියෙහි සනහා ඇහැ අගට ළං කර උණුහුම විඳින්නට මෝසමට නො හැකිද? මූකලන්බත්වුණු ඇහි පිල්ලමක් යට ගිම්හාන මැත දොඩවන වස්සාන කවියක නටඹුන් දකින මෝසම ‘වැහි මූකලන්’ සොය සොය වෙන කොහේ යන්නද? මහදෙහි නිරිතදිග ‘නිවර්තන’ එළඹුම ...
දහ අටට !!! Monsoon Moon by Todd M. Casey කොක්ටේල්මය අඳුරක හිනැහෙමු කොක්ටේල්මය සිතිවිලි කළතමු කොක්ටේල්මය බඳුනක කිමිදෙමු. -මංජුල වෙඩිවර්ධන
ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව Monsoon Moon Fireflies on Water by Yayoi Kusama සිතට නැඟෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කියවීමෙන් ලත් ආවේශයෙන් වුවද, ඒ තුළ දෘෂ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බය යි. හුදෙකලාවේ ගැඹුරු ගුප්තභාවය යි. හුදෙකලාවේ හිර ගෙට එළිය වෑහේ ඉඳ හිට කදෝපැණි මිතුරාණෙනි, මඟ හැරුණා ද මඟතොට – බත්තලංගුණ්ඩුව 44 පිටුව ...
පැරිස් මිමෝසා හෙවත් වසන්තයේ වේදනාව Monsoon Moon Forsythia by Sookja Rho අහස් විමානෙට මේ කුළු රොද බඳින වසන්තයට එන්නට හරි මඟ කියන දහස් දසදහස් ගණනින් වැළඳගෙන පැරිස් මිමෝසා අතපය දිග හරින අත්ත බිඳුණ කල ජීවන ඉළව්වේ ෆ්රැන්ක කොළ වලට පේ‍්‍රමය හිළව්වේ කවුද ඔබම මිස හදවත හෙළෙව්වේ වත්ත එරන්වන් නටඹුන් වළව්වේ ඇස් අගින් ගලන් එන්නෙම අපහාස රත්තරන් දිළෙයි හොඳටම ළඟපාත අත් වලින් දරන් ඉන්නට බැරුවාද කොච්චරක් බරද සුළඟට ...
නිදිකුම්බා මල Monsoon Moon Sunrise with Tree by JOHN COSTANZA(Oil on Canvas on Board 10″x12″) කුරුලු දරුවන් ඉකිලන අරුණු දොරනඩ ඉඳගෙන අහස් ඉදිකඩ පැනගෙන හිරුන් එන මඟ බලනෙමි! විදුලි මළබෙර හඬවන කළු වලා අවි අරගෙන ඉදිකඩ යකුන් සේ ඇති කල හිනාවී එන්ට බැරිවද හිරුනි. පැතුම් මල් පොඩි මැළවෙන සෝකී දෙනෙත්හරවමි ඩෝසර හොඬෙන් ඉදිරුණ රබර යායම විනිවිද……..සීරුවට……….. සිය දහක් හිරු අනුරූ ...
චූටි නම් වූ විසල් මිනිසා Monsoon Moon © Willem de Kooning චූටි චූටි හීන වලට චූටි ඉඩක් හොයාගන්න චූටි දෙනෙත් පියාගන්න චූටි වෙලාවක් මදිවිද චූටි……………………? චූටි කුරුල්ලන් අතරේ චූටි චූටි සටන් පාඨ චූටි හොටින් මුදාලන්න චූටි උගුරෙ හිරි ඇරපන් චූටි…………………….. චූටි පියාපත් තුරුලට චූටි සිඟිත්තිය අරගෙන චූටි හිනා පොදි ගහගෙන චූටි කැදැල්ලෙන් බැහැපන් චූටි…………………….. චූටි හදවතින් ඉහිරෙන ‘චූටි‘ කවක හඬ වෙනුවෙන් චූටි පපුව පිරිම
Arnav ….. ! ආනෆ් ….. ! Monsoon Moon By Cyril Rolando කිරි සුවඳ, අන් සියලු සිහින අතරින් මිදෙන සිහිනමය ඉසව්වක් සොයන්නද නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද පියවරක් එසෙව්වේ එ පය ඒ සිහිනයෙහි මුවවිටෙහිදි ම ඇයට පුදන්නද පය පුදා උඹ ඇයට ආදරේ කළ තරම සිහිනයක් නොවන බව කියන්නද පියාපත් පැළඳගෙන පියාඹන සමනලුන් හොයා දිව යන මොහොත එළඹෙද්දි ගියා වෙද කිරිසුවඳ පරාදීසය අතැර මලානික වලාකුළු ...
දාවිත් Monsoon Moon by Branisa Beric සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ – එම්. ඒ. නුහුමාන් මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත් කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත් ගීතාවලිය පුරා වේදනා කවි ලියූ දාවිත් නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත් බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත් ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත් යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත් ඒ දිදුළ දුක් කඳුළ ලත් ...
හැම විහිළුවෙම කෙළවර Monsoon Moon Alone in a Crowd by Shana Molt විහිළුවට මං එහෙම කිව්වෙ ඇත්තටම ගත්තද? ඔබ හිටියෙ අඳුනන්නැති සෙනඟ ගොඩක් මැද විශේෂයක් නැති මුහුණක. මතක තියාගන්න ඔබට වුණත් පුළුවන්ද මේපල් ගසක තුරුපත් වෙන වෙනම? අත්තැරුණු තුරුපත් හම්බවෙන්නත් පුළුවනි අහම්බෙන් හරි දිරා නොගොසින් තිබුණොත්. කතාව පටන් ගන්නෙම තුරුපත අතට ගත්තම. මුහුණ ගැන ඉවරයි. දැන් ඔන්න හිනහව ගැන. ඔය හිනාවට තැනක් ලැබුණේ අතපහු වෙච්ච ...
ආදරය සොයන බත්තලංගුණ්ඩුව Monsoon Moon by Ria Nieswaag බත්තලංගුණ්ඩුව නව කතාව තුළ නිරූපිත මෙරට කි්රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථය සාහිත්‍ය කෘතියක් විචාරයේදි හෝ ඇගයීමේදි සාමාන්‍යයෙන් සලකා නොබලන මානයක් ඔස්සේ මංජුල වෙඩිවර්ධනගේ කුළුදුල් නව කතාව වන බත්තලංගුණ්ඩුව දෙස බැලීම මේ කෙටි ලිපියේ අරමුණයි. එනම් බත්තලංගුණ්ඩුව නව කතාව තුළ කොයිතරම් දුරට මෙරට කි්රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථයන් නිර්මාණාත්මකව ඉදිරිපත්ව තිබේද යන කාරණාව විමසීමයි. මංජුලගේ කි්රස්තියානි දැක්ම ...
ඉවසීම නම් වන විලාපය Monsoon Moon අඳුරු මඳහාස නොමඳව ලබන්නෙමි සොඳුරු අපහාස පිරිපත විඳින්නෙමි මිතුරු අවවාද පිරිසිඳ හැඳින්නෙමි කිඳුරු හිත තාම තනිවම රකින්නෙමි කවි පාළුවෙන් අහුලන් කන අතරතුර අරියාදුවට බැලුවේ ඇයිද සුමිතුර සිරි යානතට ගව් සිය දහසක් විතර කරකාරයට ගන්නේ කවුද කරදර කින්නරී වුණත් වෙන සයුරක තෙරක සින්න වී ගිහින් විසිතුරු හී සරක අන්තරා කොටස් නොගැයෙන ගී සරක බැන්ද ස්නේහයේ ළතැවිලි [...] ...
මේනකා Monsoon Moon උලුක්කුව වළලුකර තවනකොට සපත්තුව, අත් පපුවෙ ගසනවා. පරක්කුව ඉක්මන්ද ඔරොප්පුව සන්සුන්ද තුවක්කුවකින් වචන ගලනවා. කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට තරුවලත් වේදනා දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට කරුවලයි මේනකා, රැය තවම තරුණ බව ඇත්ත ඉක්ම ගිය මොහොතමය, මත්ත සඳ ලිහන මුහුලසෙහි තිත්ත ඔබ ඔබෙ ම හදවතින් ගත්ත. පිනි බිඳක් කොපුළ මත නාටකා ඇඟිලි තුඩ අරගන්න මේනකා. අත ඉරුණු [...] ...