ආනමරියා සමඟ ගෙවෙන පළමු රාතී‍්‍රයේදි ඇන්ටනී ගේ සිතුවිලි පොකුරක් මෙසේය.
‘‘නිරුවත් දෙපා වැල්ලෙහි ඔබමින් පැමිණි ආනමරියා කෙළින්ම කළපු රළ බිදෙන මා ඉමට පිය මැන සාය තරමක් ඔසවා පා තෙමයි.
නාගරීක පේ‍්‍රම දුක්ප‍්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක පේ‍්‍රමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද?මා මෙතරම් ම නිදහස් ව ප‍්‍රශ්වාස සුසුම් හා මුසු කොට පාකොට හරින්නේ මෙතෙක් මා අත්විදි හෘදයේ අධි පීඩනය නොවේද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළගින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරක්ද?
මම සභ්‍යත්වයේ ඉබිකට්ට බිඳ ස්වභාවධර්මයට අනන්‍යවෙමින් සිටිමි. ප‍්‍රකෘතියට ආසන්න වෙමින් සිටිමි. පේ‍්‍රමය මනුෂ්‍ය ස්වරූපයයි. එහි ස්වභාවයයි. පේ‍්‍රමය ම කරණ කොටගෙන ඈත ඈත කොදෙව්වකට සම්ප‍්‍රාප්තව සිටින මම තරු බර හෝරාවක නිසල නෙත්කළු වෙරළක නන්නාඳුනන යුවතියකගේ දෝවනය වන දෙපා තුඩු දෙස බලා සිටිමි. ඒ දෙපා මත ගැටී විසුණු වී යන දිය සරැළි දෙස බලා සිටිමි. පේ‍්‍රමය විසින් මා රැගෙන එන ලද දුර. මසිත සැහැල්ලූවෙන් බර වේ.”
නමුත් මේ නිවහල් කොදෙව්ව කිසිසේත් ලිංගික බලහත්කාරය නොඉවසන බව පෙන්වාදෙන සිදුවීමක් අපට හමුවේ. ඒ බත්තලංගුණ්ඩුවේ පොලිස් ප‍්‍රධානියා සටකපට ලෙස එහි ස්තී‍්‍රන්ගෙන් තම ආශා ඉටු කර ගැනීමට ධීවරයින් දක්වන විරෝධයයි.
එකී සිදුවීම විස්තර කරද්දී සින්බෑඞ් නම් ධීවරයා උපමා කොට ගත්තේ බයිබලයේ එන දාවිත් රජු තම සිත ගත් යුවතියක් අපහරණය කිරිමට ඇගේ සැමියාව යුද්ධයට යැවූ පුවතයි.
‘‘දාවිත් රජ්ජුරුවෝ සෙන්පතියව යුද්ධෙට යවලා ගෙට රිංගුවා වාගේ මූත් හැමදාම මොක හරි වාඩියක’’
මේ ලොක්කා ධීවර බිරිඳක් සමඟ යහන්ගතව සිටියදිම අල්ලාගෙන ඔහුට පහර දී වෙනත් ස්ථානයකට ගෙන ගොස් විසිකර දමන ධීවරයෝ ඔහුට අනුබල දුන් පොලිස් ගෝලයාටද දඩුවම් කරති.
….ගෝලයාගේ ඇඳුම් ලිහල මහ පල්ලිය ඉස්සරහ ගස් බැන්ද . ගැහුවා බෝඞ් එකක් ඔළුවට උඩින් ‘‘පරදාර සේවනයට අනුබල දීම නිසා දෙවියන් වහන්සේ දුන් දඬුවමකි.’’
‘‘බොලාට තිබුණේ පිස්තෝලෙත් එක්කම ඌවත් කළපුවට තල්ල කරලා දාන්න’’ හිසෙහි අත් බැඳ වැල්ලෙහි දිගා වී සිටින කැහැට්ටා පවසයි.
‘‘මිනි නොමරව’’ ඒක දේව ආඥාවක්. කොහොමටත් මං ඌව මරනවට විරුද්ධයි. මොකෝ, බාගෙට බාගයක් වැරැද්ද කෙකර ගාන අම්මණ්ඩිලගේ’’
සින්බෑඩ් සෘජු බැල්මෙන් මදෙස බලයි. ‘‘ඇන්ටනි මහත්තයා දන්නවද’’ ඔහු අල්ල පොළොවේ ගස ගසා දිවුරන්නාක් මෙන් පවසයි. ‘‘ඩොනා අද තව වෙනකන් දන්නේ නැ අපි ඕකව ඉස්සුවේ උගේ වාඩියෙන් කියලා. අපේ එකෙක්වත් ඒ ගැන කෙළ බිංඳුවක් හැලුවේ නෑ. ඌ තව ෂෝක් එකට පවුල් කනවා.’’
නිදහස් පේ‍්‍රමය හා ලිංගිකත්වය ගැන ඇන්ටනිගේ සිතුවිලි ධාරාව ඔහු ආනමරියා හා සමඟ සම්භෝගයේ යෙදීම් අවස්ථා සමඟ විවරණය වෙයි.
‘‘.සම්භෝගයේ කුඨප‍්‍රාප්තිය තුළ සිතුවිලි අතුරුදහන් වී යයි. සිත ශුන්‍යත්වයේ ගැලෙයි. සංතෘප්තිය යනු ඒ අවකාශයම නොවේද? දෙවියන් වඩින්නේ සංතෘප්තියෙ නැවුම් අවකාශයටය. රමණයේ පවතින දේවත්වයේ සලකුණ නොදන්නෝ සතුට, සංතෘප්තිය වෙනුවෙන් නිරාහාරව යාච්ඥා කරති. මනුෂ්‍යභාවයේ ප‍්‍රාථමික ස්වභාවය දේව සමානාත්මතාවයි. එය පැහැදිලිවම බයිබලයේ උප්පත්ති පොත දක්වයි. පේ‍්‍රමයේ ලිංගිකත්වය මර්දනය කරගත්තෝ දෙවියන්ගේ පැමිණිම පතා දෑත් ඔසවාගෙන යදිති.
එහෙත් උන් වහන්සේ රමණයේ සත්කාර්යෙන් සතුටට පත් වු ආනමරියාගේ උපස්ථායක කුටියෙහි සක්මන් කරනවා ඇසේ…..‘‘
ශුද්ධ වු බයිබලයේ එන මූලික ඉගැන්වීමක් වන්නේ මිනිසා මවා ඇත්තේ දේව සමානකමට හා ස්වරූපයටය යන්නය. එහිදි දේව සමානකමේ මූලික ලක්ෂණයක් වන්නේ නිදහසයි.
‘‘දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවු සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාල සේක. පුරුෂයාද ස්තී‍්‍රද වශයෙන් ඔවුන් මැවු සේක.’’
(උත්පත්ති පොත 1/27)
ස්තී‍්‍ර පුරුෂ ඇසුර පූජනීය එකකි. මිනිසාගේ පූර්ණත්වය ඇත්තේ ඒ තුළය. සම්භෝගය කුණුහරුපයක් හෝ පාපයක් නොවේ. එය යාච්ඥාවක් ද විය යුතුය. ඇන්ටනි සම්භෝගය තුළ දිව්‍යමය බව සොයයි. නමුත් නිදහස් පරිපුර්ණ ජීවිතය තුළ දිව්‍යමය බව මතු කරන පවුල් ජීවිතය හෝ ලිංගිකත්වය, දේපල ක‍්‍රමය ඇති සමාජයක කුණුහරුපයක් බවට පත්වීම ඇන්ටනිගේ නිරික්ෂණයට හසු නොවේ.
තම වයසේ පසුවන නමුත් තමාගේ පියාගේ අඹුව බවට පත් වි ඔහුට දාව පුතෙකුද බිහිකර සිටින තමාට පුතා යයි අමතන ගේ‍්‍රටා හා ඇන්ටනි සම්බන්ධතාවයක් ඇති කර ගනී. අසරණ කම මගින් තම පියාවන් මිනිසෙකු සමඟ අඹුසැමියන්ව ජීවත් වීමට ඉරණම් ලබා සිටින ගැහැණියක් තුළ කැකෑරෙන,සමාජය විසින් නොකියවන හැඟිම් සමුදායක කථාවක් නොකියා කීම බත්තලංගූණ්ඩුව නව කථාවේ ප‍්‍රබලතාවයකි. ඇන්ටනි හා ගේ‍්‍රටාගේ සම්බන්ධය පේ‍්‍රමයද? නොමැතිනම් මර්ධිත හැගුම් සමුදායක් ඉඩ ලද මොහොතක මතු වී ඒමක්ද?
ඇන්ටනි ගේ‍්‍රටාගේ කලින් කසාදයේ දියණිය, අකුරු නොදන්නා ජසින්නාට තමා කැමැති බයිබල් පාඨය හඬ නගා කියවයි. ඒ පාඨය වනාහි පේ‍්‍රමය පිළිබඳ විශ්ව සාහිත්‍යයේ පවා දැකිය හැකි ප‍්‍රබල කාව්‍යයකි. ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ 1කොරින්ති 14 වන ඡේදයයි.
-පේ‍්‍රම පාරමිතාව-
‘‘මා මිනිසුන්ගෙන් ද, දේව දූතයන්ගේද,
භාෂාවලින් කතා කරතත්
පේ‍්‍රමය මට නැත්නම්
මම ගෝෂා කරන ගන්ඨාරායකට හෝ
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාට වෙමි.
දිවැසි වැකකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
පේ‍්‍රමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.
දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
පේ‍්‍රමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
පේ‍්‍රමය, ඉවසිලිවන්තය. කරුණාවන්තය.
පේ‍්‍රමය, ඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟු වන්නේ නැත.
පේ‍්‍රමය අවිනීත නොවේ.
ආත්මාර්ථකාමි නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
පේ‍්‍රමය අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවේ.
හරිදේ ගැන පී‍්‍රති වේ.
පේ‍්‍රමය සියල්ල උසුලයි.
පේ‍්‍රමයෙහි විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
පේ‍්‍රමය සදාතනිකය.
දිවැසි වැකි වුවද පහව යන්නේය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූණය.
මේ දිගු පාඨය සම්පූර්ණයෙන්ම කියවා නිමාවු පසු ගේ‍්‍රටාගේ ප‍්‍රතිචාරය විසින් නොකියන දෙය කියවීමට කතුවරයා අපට බලකරයි.
‘‘ මම සුසුමක් පිටකර හරිමින් ළය සැහැල්ලු කරගනමි. ජසින්තා මේසය මත ගල් ගැසී ඇත. උළුවස්සෙහි හේත්තු වී මා දෙස බලා හිඳින්නී ගේ‍්‍රටාය. මා හිස ඔසවත්ම බිම බලාගන්නී, හැරි මුලුතැන් ගේ දෙසට පියමනී.’’
බත්තලංගුණ්ඩුව නව කථාව නිමාවන්නේ තාත්තා හා පුතාට මැදිවු ගේ‍්‍රටා කේන්ද්‍රකර ගනිමිනි. මැද ගැබ්බරවී සිටින ගේ‍්‍රටාය. දෙපස තාත්තා හා තාත්තාව කැඳවා ගෙන යාමට පැමිණි පුතා වන ඇන්ටනිය. අයිස් බෝට්ටුව යනු ඔහුට ආපසු යාමට ඇති බෝට්ටුවය. සිදුවන්නේ කුමක්ද?
‘‘ අයිස් බෝට්ටුව සෙමින් දියත් කරලීම අරඹයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩිවී ඒ මත ඔසවා තබා ගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිදී.
වම් අත නමා පුළුල් වටොරෙහි රඳවා සිටින ගේ‍්‍රටා, දකුණතින් පිපීගෙන එක ගැබ පිරිමදින්නී, දෑස අහසෙහි පා කර හරි.
ඉමක් නොපෙනන කළපුවේ, බිඳි විසිරෙන රළ රැළින් ඇස මුදා ගන්නා මම, හැරි වාඩිය තුළට පිවිසෙමි.’’
නගරයේදි තමාට හමු නොවු පේ‍්‍රමය ඇන්ටනීට බත්තලංගුණ්ඩුවේදි හමුවීද? ඇන්ටනි ආපසු නගරය වෙත නොගොස් සිටීම ගේ‍්‍රටාගේ කැමැත්තය. ඒ කැමැත්ත තුළ ඇත්තේ පේ‍්‍රමයද?
කි‍්‍රස්තියානියේ මූලික ධර්ම ගුණය එසේත් නැත්නම් ඉගැන්වීම වන පේ‍්‍රමය බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අපට ස්පර්ශ වේද? ඉගැඹුරු පේ‍්‍රමය මතු පිට කාව්‍යමය වචනවලින් හා නිදහස්කාමි ලිංගික ජීවිතයක විඳීම් තුළින් පමණක් හසුකර ගත හැකිද?
බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතය එහි කිතුනු සංස්කෘතියේද ධීවර ජන ශ‍්‍රැතියේ සුවිශේෂි හැඩතල තුළින් ද ඉතා නිර්මාණශීලිව හා කාව්‍යමය ලෙස සිතුවම් කිරිමට මංජුල මෙම නවකථාව තුළ සමත්වෙයි. විශේෂයෙන් මෙරට ජනගහනයෙන් 7%ක් පමණ වන කි‍්‍රස්තියානින්ගේ ජීවන විලාසයේ ඇතැම් අංශ සංස්පර්ශ කිරිම මගින් ඔහු ලාංකේය සාහිත්‍යයට නව මානයක් එකතු කරයි.
බත්තලංගුණ්ඩුවේ ජනතාවගේ ජීවිතය කෙරෙහි බලපාන එම ජනතාව පවා අවධි නොවු සමාජ ආර්ථික කාරණාවන් විග‍්‍රහ කිරිම නව කථාවක කාර්යභාරය නොවන බව සැබැ මුත් එකී කාරණා එල්.ටී.ටී. ය ධීවර බෝට්ටු ගැනිම, එල්.ටී.ටී.ය විල්පත්තු කැලැව ආරක්ෂා කිරිම හමුදාව හා පොලිසිය කප්පම් ගැනිම ආදි සිදුවීම්වල මතුපිටින් ඔබ්බට මඳක් හසුකරගත හැකි වූයේ නම් සුසංවර්ධිත ජීවිතයක් උදෙසා ඉමහත් ආලෝකයක් සම්පාදනය වන කථාවක් අපිට හමුවනු ඇත.
අද බත්තලංගුණ්ඩුවේ ධීවරයා ඔහුගේ ප‍්‍රාථමික ජීවිතයෙන් ගලවා දමා වෙළඳ පොල සංවර්ධනයේ ගොදුරක් බවට පත් කරමින් සිටී. කල්පිටිය දූපත් එම සංවර්ධනයේ දඩබිම් බවට පත්කොට ඇත. ඉදිරියේදි ඔවුන්ට හමුවීමට නියමිත වන්නේ ඔවුන් මෙතෙක් ගත කළ සරල ජීවිතයේ අත්දුටු පේ‍්‍රමය වෙනුවට අලවි භාණ්ඩයක් වන පේ‍්‍රමයයි. පේ‍්‍රමය ලිංගිකත්වය හා නිදහස එහි උත්තරීතර ස්වභාවයෙන් මුදවා වියවුලක් බවට පත් කරන ක‍්‍රමයේ නරුමකම නගරයෙන් බත්තලංගුණ්ඩුව වැනි හුදකලා ලෝකයන් වෙතද ගමන් කිරිමේ යථාර්ථය අද එම දූපත්වාසින්ට අභිමුඛ වෙමින් තිබේ.
පපු කැවුත්තෙන්ම අව්‍යාජව ජීවිත සටනට උරදෙන පේදුරු නම් ජේසුස්ගේ අග‍්‍ර ශ‍්‍රාවකයාගේ පරපුර සතු අහිංසක ඇදහිල්ලේ පොල්මඃකරුවන් වන සභාව මේ සංවර්ධන ව්‍යාධිය ඉදිරියේ ධීවරයා නිවට කර බලවතුන්ගේ ව්‍යාපෘතිය කෙරෙහි ඔහුව බැඳ තැබීමට සහය වනු ඇත. බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අන්තෝනි මංගල්‍ය පවත්වන්නට සභාව දායකවන තරමින් අංශූ මාත‍්‍රයකින්වත් ගුංඩුවේ අධ්‍යාපනය නැංවීමට සභාව කි‍්‍රයාත්මක නොවීම මගින් පෙන්වන යථාර්ථය එයයි.
‘‘පඳුරු ලලා වැඩුණු තණකොළින් අතරින් පතර වික්ෂෝප මාතා පාසලේ අත්තිවාරම දිස්විණ. එය ගොඩනැඟිල්ලක් නොමැති පාසලකි.
ඇමතිවරයෙකු අතින් රෙදි ඇරුණු සිහිවනට ඵලකය,උස්තෘණ පඳුරු අතර සැඟවී සිටියේ ලැජ්ජාවෙන් බේරි සිටීමට මෙනි’. වික්ෂෝප මාතාව අහසේ කොතැන හෝ සිට බත්තලංගුණ්ඩුව දෙස බලා සිටියේ නම්, ඇය බොහෝ සේ වික්ෂෝප වන්නට ඇත්තේ මෙහි පාසලක් නැති නිසා නොව දේශපාලක අහිනක් අතර ඇගේ ශී‍්‍ර නාමය ද කොටා තිබුණු නිසාවෙනි.
‘‘ඇයි මේක හදන්න බැරි’’ මම ධීවර සමිතියේ රේගන්ගෙන් ඇසුවෙමි.
‘‘මුදලාලිලගෙ, බෝට්ටු අයිතිකාරයන්ගේ ළමයි මීගමුවේ, ඉස්කෝල නැත්තේ රස්සාකාරයන්ගෙයි,අත්උදව්කාරයන්ගෙයි ළමයින්ට’’ රේගන්ගේ පිළිතුර වූයේ එයයි.
‘‘ ඒ අයට තමයි ඉස්කෝලේ ඕනේ’’
‘‘මේ වගේ තැන්වලට එන්න ගුරුවරු කැමති නෑලු’’
ප‍්‍රශ්නයක් දැනෙන්නේ, ඊට මුහුණ දෙන්නා හා ප‍්‍රශ්නය අතර ඇති සම්බන්ධයේ පරිමාණයට සාපෙක්ෂවයි. රේගන් සමිතියේ කවර නිලයක් උසුලන්නේ වුව ඉස්කෝල ප‍්‍රශ්නය ඇත්තේ ඔහුගේ ජීවිතයට සාපෙක්ෂව බොහෝ ඈතිනි’ ඔහු මුදලාලි කෙනෙකි. දරුවන් සිටින්නේ මීගමුවේය.
‘‘මේකේ සීයට අනුවක් කි‍්‍රස්තියානිකාරයෝ. ඇයි බැරි සභාවට කියලා කෙනෙක් ගෙන්න ගන්න?”
සරල ඇදහිල්ලේ සැඟව ඇති විමුක්තිදායක ගිනි පුළිගූ දල්වමින් ඉහත කී යථාර්ථයට ගුංඩුවේ ජනයා ඉසියුම්ව අවදි කරන දූතයෙකුගේ සම්ප‍්‍රාප්තියක් බවට ඇන්ටනිගේ පැමිණිම පත් නොවන්නේ ඔහු මේ මොහොතේ පසුකරන ජීවිත අරගලයෙන් එය දුරස්තර බැවිනි. නමුත් ඇන්ටනි බත්තලංගුණ්ඩුවේ නැවතීම එවැන්නක ආරම්භයක් විය නොහැකිද?
ඇන්ටනිට, ගේ්රටාට, තී්රසාට, ආනමරියට, සින්බෑඩ්ට මෙන්ම අපටද ආදරය හමුවන්නේ, ආදරයෙන් තොර සමාජ ආර්ථීක මෙන්ම ආගමික ව්‍යුහයන්ගෙන් මිඳුනු ජීවිතයක් ලෝකය තුළ ප‍්‍රතිෂ්ඨාපනය කර ගැනිමෙනි. ඇන්ටනි ඇතුළු පාත‍්‍ර වර්ගයා සොයන්නේ ඒ ආදරයි.