“ශුද්ධ වූ ජුදාස්” Monsoon Moon සිරුර මත දැවටී සරැළි නඟන රක්ත වර්ණ දිගු ලෝගුව ඔහුගේ මුහුණ අප්‍රමාණ තේජසකින් පුරවාලයි. ගෙල මතින් ඇද හැලී පුළුල් උර මඬළ මත වැතිරෙන කාල වර්ණ කෙහෙරැලින් ද මුව වසා ගෙන පැතිරුණු ඝන රැවුළින් ද එකී තෙද බල මුහුණ පුරා මහා පෞරුෂයක් පතුරයි. යාන්තමින් දිස් වන ලා රත් පෑ තොල් සඟල පරයා මඳහසක් නැගී එයි. එය [...] ...
මධු සඳිනි මධු විත 16 Monsoon Moon යහන ගිනි ගෙන. අකුණු පුපුරා හදවත වැසි වසී ඇගෙ යුග නෙත කඳුලු සයුරෙන් වට වුණු සන්තාප සිත් දිවයින වේරම්භ වාතයෙන් කැළඹිණ අසනි වැස්සකි තුන් යම වහින ඇස් වල ඇහි බැම සරණ යන්නෙමි දැන් මම එ ඇහි බැම දේදුන්න සැදී සුපැහැදිලි අහසකට වදී ම සිත දැන් හොඳටොම නිදී යහන ගිනි ගෙන. නොදනිමි. නිදි බැවිනි. ...
පියසීලී Monsoon Moon පිය වී ය සිනහව දෙ ඇසත් දෙ ලවනත් එල්ලා හැලෙන සවනත් සුදු කෙටි මුහුලසත් දිගු ගෙලත් මුහුනත් නිරහංකාර දැනුමත් දැනමුතු සිනහවත් පිය වී ය පියුණු ඇස් ඇරුමත් තියුනු අත් අකුරත් ඉවසුමත් සටනත් සීලය මාක්ස්වාදය අවියත් වාම මැඩියොත් මෘත කලේබර කලා පුඟුළොත් සිවල් ලොම් හැඳි කෙසරුත් අකුරු බැරි ගුරු දෙබරුත් කර ලී ය බිය පත් ඔබ [...] ...
ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන Monsoon Moon pic by manjula wediwardena ළමැද්දට අත තියා හිත සොයන වැරැද්දට ස්නේහයම විසිකරන පුරුද්දට අත් අකුරු වැසි වසින දුරුත්තට කවි ලියා තනි රකින කඳුළු විළිලන සොඳුරු මඳහසක පතුළ විනිවිද දකින හදවතක අතුළ හැඟුමන් ගෙනෙන පියපතක විසිර ඇත කඳුළුබිඳු සියවසක ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද කළුපැහැති වුණෝතින් කිරි [...] ...
තනිකමේ දුරුතු අවදිය Monsoon Moon pic by manjula wediwardena කඳුළු කඳුළක් නොමැති ඇස් දෙකක සොඳුරු බව දකින්නට තැත් කෙරුව වියරු මිනිසෙක් සිටී හිස් ලොවක අඳුරු රැස් වළල්ලක රැස් අතර.. ඈත සිට ඈතටම පිය නගන දෝත පපුවෙහි ගසා දුක කියන සීත හිම කැට වලට දොස් නගන සීතලෙන් ආතුරය මඳ පවන.. පුපුරු ගසනා සිතින් අකුරු ගෙන පහුරු ගා හිස් කබල රුදුරු [...] ...
ඇණ ගැසූ නත්තල Monsoon Moon නත්තලේ ඇණ ගැසූ මිනිහෙක්ව දුටුවාද හදවතේ කල්වාරි කන්ද මත වැද හෝන ගෙත්සෙමෙනි දුර්ගයේ රිදී මලු අත ගාන සහෝදර සිහිනයකි කුර ගෙවුණ හඳ පාන උත්තුංග තරුවකට පාර වරදිනු බැරි ද හිත් අහස ඉරෙන්නට ගිනි බිඳින එක හරි ද නෙත්කළුව විඳින්නේ කටු ඔටුන්නක සිරි ද නත්තලක ඇණ ගැසුම ගැළවීමකට සරි ද උණුහුම් ද මේ තරම් දෙසැම්බර පවනැල්ල [...] ...
“හිම” Monsoon Moon හිම කියන්නෙම බොරුවක් තිබහට වතුර හොය හොය දිව අතින් ගෙන වරුවක් කිමිද යන කල සුසුමක ඔබ ගෙනෙයි පත් ඉරුවක් ආයන්න නොමැතිව ආදරේ සොයනා හීයන්නෙ හිත ළඟ හීන විනිවිඳිනා මා යන්න මඟහැර මාලිමා දකිනා මා යන්නෙ කොතැනට තාම මා හිතනා හිරු විසල් වුව තරුවක් නැව විසල් වුණු ඔරුවක් හිම කියන්නෙම බොරුවක් ඇත්ත මගෙ හිත කවක් නැති [...] ...
යළි නිදන්නෙමි (ඉස්පිරිතාල සිතිවිලි) Monsoon Moon මිලිග්‍රෑම් දහසක ඩොලිප්‍රෑන් පෙත්තකි හඳ………. බෙතඩින් ය – ඔව් ඒ සුවඳ පමණි ය ගත වෙලෙන ස්නේහය ම. නිකොටින් ය සිහිනයෙ ම. සේලයින් පමණෙකි ය ඔන් ලයින්. වේදනාවේ සැනසුම දුම් උගුරක් ය මතකෙට. මාපකේ උණුහුම ගල් උගුරක් ය සිසිලට. රුධිර පීඩන යන්ත්‍රය මතුරන රුදුරු මන්ත්‍රය පංච තන්ත්ර ය. ගල් බාගයක මූඩියක් කැරකේ ය කන ගාව. සිහිය [...] ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ -ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන ...
නිදිකුම්බා මල Monsoon Moon Sunrise with Tree by JOHN COSTANZA(Oil on Canvas on Board 10″x12″) කුරුලු දරුවන් ඉකිලන අරුණු දොරනඩ ඉඳගෙන අහස් ඉදිකඩ පැනගෙන හිරුන් එන මඟ බලනෙමි! විදුලි මළබෙර හඬවන කළු වලා අවි අරගෙන ඉදිකඩ යකුන් සේ ඇති කල හිනාවී එන්ට බැරිවද හිරුනි. පැතුම් මල් පොඩි මැළවෙන සෝකී දෙනෙත්හරවමි ඩෝසර හොඬෙන් ඉදිරුණ රබර යායම විනිවිද……..සීරුවට……….. සිය දහක් හිරු අනුරූ ...
ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය Monsoon Moon මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි හිනාවෙන හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමිණ හිස සොයන විට ඔහුට පමාවෙන හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී ආදරෙයි කියන්නට බලාගෙන එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට ...
නොවැම්බර් Monsoon Moon person in the rain by Jay Fancher නියඟලා ගස් උගුල්ලනකොට තටු මැවෙයි....... ගිනි මලින් පෙති ඉගිල්ලෙනකොට ලේ හැලෙයි. සොහොන් කොත් නැති අතීතය සිහිනෙට එබෙයි...... ආදරය ළඟ සිහිනයට ඉඩ කඩ තිබෙයි. ඇස් වැහෙන කච්චාන් හුළඟට කල් තියෙයි ඇස් වැහෙන්නැති නොවැම්බරයම වැහි බරයි..... මව් වරුන් ඇස වහින වැහි දැක මල් පිපෙයි.... මල් වලට නම් තබන අයිතිය ඔබටමයි. ...
පුරවැසි බවද ප්රශ්නය Monsoon Moon අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගෙ රටක් මෙය. පුරවැසි බවද ප්රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ හෙලුකොට්ටෙන් තබා වෙඩි තියන රටකට අම්මගෙ සොහොන් කොත ළඟ කිරි සුවඳ ඇහිඳින කවියෙකුද ප්රශ්නය අම්මගෙ රටක් මෙය. පුරවැසියන් ඇවිත් වතුර ඉල්ලනකොට උණ්ඩ ගිල්ලන රටකට පුරවැසි බවද ප්රශ්නය? ...
සයිමන් Monsoon Moon “Suba saha Yasa” තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ දිනකට නිම්තෙරින් එබෙන්නේ සඳවත දුම් රැලින් නැඟෙන්නේ මඳහස ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස මූඩියක් අරින්නේ පවසට උණුහමක් දැනෙන්නේ එතකොට මීවිතක් පුරන්නේ හවසට පාටියක් කියන්නෙ පොතකට ප්ලැට් එකක් කියන්නේ පැලකට සුද්දිලත් පෙනේනේ මඟතොට බයියලත් දකින්නේ ඉඳහිට වන්නියයි කියන්නෙත් කොළඹට. (සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ...
සුනිලා Monsoon Moon කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන් එනකොට අනුරාග ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව දෑස් හීන් කර කොපුළත සුලි එක්කා රහස් ලිහන මනුසත්කම අපි දැක්කා රාත්‍රිය දිගයි, එළඹෙද උදනැක්කා කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා නෙතු පියන් වැසී ...
භානු Monsoon Moon Bhanu Prasanna මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ රාත්‍රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමය පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට පින් බිමක් කොහිද බං පින්වතුන් සමුඅරන් ගිය දාට අතීතයෙ ‘මල’ ...
නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක Monsoon Moon හිස රිදෙන විට මහ රෑ තරු එළියකට බර වෙමි ඇසග දිළිහෙන සඳ දිය සොඳුරු අඳුරෙහි සඟවමි යොර්දානයෙහි ගැඹරට අකුරක් දමා ගසනෙමි නැඟෙන දහසක් රැළි මත දහසක් අකුරු විසුරමි ගලීලෙට යන මංසල කුරුස කණුවක් ඉන්දමි ඉතින් කොයි අත යන්නද කිසිත් නො කිය ම ඉන්නෙමි ලිහී විසුරුණ කොන්තය අත්ලෙහි රුවා ගන්නෙමි අත්තටු ලැබුණ ඔරසම අහසට මුදාලන්නෙමි. පින්න විතරක් දොඩමළු ගොල්ගොතාවට ළංවෙමි ...
බ්ලුබෙල් Monsoon Moon ටිම් ගෞඩියොන්ගේ සිත්තමක් සංසාර පළසකි ය ගිම්හානයේ පත්‍ර අඹරාව. ඔබට අමතකව ගිය සිළිටි සුලැඟිලි ලකුණ මුණ ගැසිණ ස්වර්ගයේ දොර ගාව. ලැවැන්දර නිල ය ඔය ඇස් පුරා සැවැන්දර පුසුඹ කවි පොත් අරා කතන්දර කියනවද සත්සරා? සජ්ජායනා නැඟුණ ස්වර මුළුව මකරන්ද විජිතයේ මුව ගොළුව ඇස් කෙවෙනි අගිසි බිඳගෙන ගැළුව. දෙසැම්බර තිමිර සළු ලිහන විට මුකූටයෙ නිදි බිඳෙන ‘සීතලද’ අසන උණුසුම් හඬක යළි ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ –ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ ...
නොවැම්බර් Monsoon Moon person in the rain by Jay Fancher නියඟලා ගස් උගුල්ලනකොට තටු මැවෙයි……. ගිනි මලින් පෙති ඉගිල්ලෙනකොට ලේ හැලෙයි. සොහොන් කොත් නැති අතීතය සිහිනෙට එබෙයි…… ආදරය ළඟ සිහිනයට ඉඩ කඩ තිබෙයි. ඇස් වැහෙන කච්චාන් හුළඟට කල් තියෙයි ඇස් වැහෙන්නැති නොවැම්බරයම වැහි බරයි….. මව් වරුන් ඇස වහින වැහි දැක මල් පිපෙයි…. මල් වලට නම් තබන අයිතිය ඔබටමයි. ...