නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක Monsoon Moon හිස රිදෙන විට මහ රෑ තරු එළියකට බර වෙමි ඇසග දිළිහෙන සඳ දිය සොඳුරු අඳුරෙහි සඟවමි යොර්දානයෙහි ගැඹරට අකුරක් දමා ගසනෙමි නැඟෙන දහසක් රැළි මත දහසක් අකුරු විසුරමි ගලීලෙට යන මංසල කුරුස කණුවක් ඉන්දමි ඉතින් කොයි අත යන්නද කිසිත් නො කිය ම ඉන්නෙමි ලිහී විසුරුණ කොන්තය අත්ලෙහි රුවා ගන්නෙමි අත්තටු ලැබුණ ඔරසම අහසට මුදාලන්නෙමි. පින්න විතරක් දොඩමළු ගොල්ගොතාවට ළංවෙමි ...
සයිමන් Monsoon Moon “Suba saha Yasa” තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ දිනකට නිම්තෙරින් එබෙන්නේ සඳවත දුම් රැලින් නැඟෙන්නේ මඳහස ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස මූඩියක් අරින්නේ පවසට උණුහමක් දැනෙන්නේ එතකොට මීවිතක් පුරන්නේ හවසට පාටියක් කියන්නෙ පොතකට ප්ලැට් එකක් කියන්නේ පැලකට සුද්දිලත් පෙනේනේ මඟතොට බයියලත් දකින්නේ ඉඳහිට වන්නියයි කියන්නෙත් කොළඹට. (සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ...
මතක මත…මතක මත. Monsoon Moon © Björn Norberg පැහැය නොපෙනෙන මුදු… මලෙක හෙවණැල්ල ඇහැට හැඩ නැද්ද, සුවඳ නොදැනෙන මුදු… මතක සිතිවිල්ල සුවඳ නො ගෙනෙද්ද? – මංජුල වෙඩිවර්ධන
ඒ ගැඹුරු මඳහස Monsoon Moon පැරිසියේ ‘පෙර් ලෂේස්’ හෝන්පලෙහි වන ‘ඔනොරෙ ද බල්සාක්’ ථූපය© Manjula Wediwardena මානව ප්රහසනය දෙ තොල මත ඇඳ පෙන්වන බල්සාක්මය මඳහස….. පිටතට ඇරුණු ඇස් මත ඇතුළත අඳුර පෙන්වන බල්සාක්මය මඳහස…… වේදනාවේ පතුළත කඳුළු නැති බව පෙන්වන බල්සාක්මය මඳහස….. කඳු ගැහුණු පොත් මැද සැහැල්ලුව පෙන්වන බල්සාක්මය මඳහස….. මඳහසක අර්ථය මඳහස නොවන බව පෙන්වන බල්සාක්මය මඳහස…. – මංජුල වෙඩිවර්ධන (පිටුවහල් පිටු – ...
සුසා Monsoon Moon උඹෙ අතින් අල්ලගෙන මගෙ හුස්ම බොට දෙන්න මගෙ අත් – තටු නොවන නිසා කිණිහිරියෙ දුක් විඳින කවි කිරිච්චිය රැගෙන ඇණ ගනිමි හදවතට සුසා… ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ පැහැ ‘එරන්වන් පතෙක’ තෙමුණු ෆිල්ටර අඩක පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව ලක්ෂපතියේ ඉද්දි [...] ...