තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට
නිම්තෙරින් එබෙන්නේ සඳවත
දුම් රැලින් නැඟෙන්නේ මඳහස
ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස
ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස
මූඩියක් අරින්නේ පවසට
උණුහමක් දැනෙන්නේ එතකොට
මීවිතක් පුරන්නේ හවසට
පාටියක් කියන්නෙ පොතකට
ප්ලැට් එකක් කියන්නේ පැලකට
සුද්දිලත් පෙනේනේ මඟතොට
බයියලත් දකින්නේ ඉඳහිට
වන්නියයි කියන්නෙත් කොළඹට.
(සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ලියැවුණු කවියකි. එ සමයෙහි ම මුල්වරට රාවයෙහි පළවිය.)
I would like to know whether are posibilities for us to post our creations here
Thanks