හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි
යොර්දානයෙහි ගැඹරට
අකුරක් දමා ගසනෙමි
නැඟෙන දහසක් රැළි මත
දහසක් අකුරු විසුරමි
ගලීලෙට යන මංසල
කුරුස කණුවක් ඉන්දමි
ඉතින් කොයි අත යන්නද
කිසිත් නො කිය ම ඉන්නෙමි
ලිහී විසුරුණ කොන්තය
අත්ලෙහි රුවා ගන්නෙමි
අත්තටු ලැබුණ ඔරසම
අහසට මුදාලන්නෙමි.
පින්න විතරක් දොඩමළු
ගොල්ගොතාවට ළංවෙමි
නින්ද නුපුරුදු සිහිනය
ගෙහන්නාවට දන්දෙමි.
ගීතාවලියෙ ගී වල
අරුත අතහැර යන්නෙමි
වැරදි වෙන්නට ඉඩ හැර
වැරදිකරුවෙකු වන්නෙමි
වැරදි වෙන්නට ඉඩ හැර
වැරදිකරුවෙකු වන්නෙමි
ලස්සනයි…. හැම වචනයක්ම…
හරිම හැඟීම්බරයි, හැම පදයක්ම, හරිම ලස්සනයි. මේ කවියෙ කථිකයා, ගැඹුරු කලකිරීමකින් හා දුකකින් කතා කරන බවක් දැනෙකව, ඔහු ජෝර්දාන් නදියට යන්නෙ පව් සෝදගන්නට නොවෙද? මේ වචන සිත් හැරුණු පව් කාරයෙකුගෙ වචන වාගේ.