මධු බැරල් අපිට තියා – අපෙ ඩොනල් මාම ගියා. එන්න, මේ කම්පනය විඳගන්න . Monsoon Moon The Banjo Lesson by Henry Ossawa Tanner අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. “මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ...
ම්‍යුගේ සැමරුම් සුවඳක Monsoon Moon MUGUET © Manjula Wediwardena සීත මීදුම් තිරපට ලිහි ලිහී විසිරෙන රිදී නිම්නය ඇහැරෙයි ම්‍යුගේ* සැමරුම් සුවඳට….. වසන්තය එන බව සීනුව ගසා කීවද නිහතමානී සුවඳින් හිස පහත් කරගෙන…. ’මැයි පළමු දා’ දවසක ඇයි ඔය දෑත් බැඳගෙන එන්න අත් විහිදන් ම්‍යුගේ මුකුටය තුරුළට… සිලිටි පත් හැඳගත් වසන්ත දසන් මැදගත් කිනිති සුද ඉහිරන මේ මල් කළඹ ඔබට ය අත් හැරලන්න බැරියෙන් ආදරය සමරමු………………. ...
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී Monsoon Moon ඈ ආත්මය, ගලා එන හිරු රැසෙහි, රශ්මියෙහි දියැව ඇත. ඈ ස්ත්රීතුව, ගලා එන සිඳු රළෙහි, රිද්මයෙහි දියැව ඇත. ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මට පවසන්න… ශුන්‍යතාව පවා අවකාශයේ වර නැඟෙන විට ඈ ශුද්ධවර ස්නේහය වරනැඟෙන්නේ නැද්ද? ද්වයින්වෙන්, ජීවිතය නම් සිිපිරි ගෙදරින් ආදරය මුදාගත්තී ය. ඈ සදාකාලික ශුද්ධවර පෙම්වතී වන්නී එබැවිනි. විශ්වයේ තිතක්වන් පෘථීවියේ කොතැනක, කෙදිනක ආදරය සැමරෙනවා නම් කවුරුන් විසින් හෝ ...
මැයි මල් සිලිටි පෙති මත Monsoon Moon by Zdzislaw Beksinski මැයි මල් සිලිටි පෙති මත ඇයි මේ සිහින පිනි බිඳු? නො සන්සුන්වද හිමිදර ඇහැර ගන්නට බැරි ඇසතු ගසකින් ඇසුවෙද රෑ පුරා නිදි වැරූ සන්සුන් ම හිත ගැන? නේරංජනේ ඉවුරත සිහිසන් නොවුණු සිහිනෙක දෑසින් ගලන මඳහස දෝතින්ම ගෙන පුදනෙමි මෑතින් ඇහෙන කඳුළට. හිස කෙස් සිඳින විට සවන් පෙති දිගැරී පුළුල් උරහිස මත හෙමින් සැතපෙන මොහොතක සවන් පතුළත කැළඹුන ...
සයිමන් Monsoon Moon “Suba saha Yasa” තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ දිනකට නිම්තෙරක් එබෙන්නේ සඳවත දුම් රැලින් නගන්නේ මඳහස ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස මූඩියක් අරින්නේ පවසට උණුහමක් දැනෙන්නේ එතකොට මීවිතක් පුරන්නේ හවසට පාටියක් කියන්නෙ පොතකට ප්ලැට් එකක් කියන්නේ පැලකට සුද්දිලත් පෙනේනේ මඟතොට බයියලත් දකින්නේ ඉඳහිට වන්නියයි කියන්නෙත් කොළඹට. (සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ...
පුරවැසි බවද ප්රශ්නය Monsoon Moon අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගෙ රටක් මෙය. පුරවැසි බවද ප්රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ හෙලුකොට්ටෙන් තබා වෙඩි තියන රටකට අම්මගෙ සොහොන් කොත ළඟ කිරි සුවඳ ඇහිඳින කවියෙකුද ප්රශ්නය අම්මගෙ රටක් මෙය. පුරවැසියන් ඇවිත් වතුර ඉල්ලනකොට උණ්ඩ ගිල්ලන රටකට පුරවැසි බවද ප්රශ්නය? ...
කළු ජනේරුව Monsoon Moon එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය. මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට හිස් වීදුරුව හිස් අසුනක රඳවා වලාකුළු දෙස නො බලා බිම බලා ගතිමි. තණ පත්‍ර අග්ගිසි මත නිදි කිරා වැටෙමින් සිටියේ ...
භානු Monsoon Moon මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙගෙන හීනයේ රාත්‍රිය හොළවන්න සිකැරට් දුමක් නැගෙන යාමයේ සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමයේ පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද මංසලූත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට පින් බිමක් කොහිද බං පින්වතුන් සමු අරන් ගිය දාට අතීතයෙ ‘මල’ ...
දුෂ්ටයා ලිට්මස් පරීක්ෂණයෙන් සමත්ද? Monsoon Moon by Zdzislaw Beksinski ශෝකයත් රසයක් නම් දුෂ්ටකමත් සෞන්දර්යයකැයි ‘දුස්ටකමේ සවුන්දර්ය’ ගැන කෙටිකතා සංග්‍රහයක් ලියූ මේ ලේඛකයා සති කීපයකට එපිටදී පුවත්පතකට කියා තිබිණ. පෙරදිග නාට්‍ය විචාරයට අනුව විභාව, අනුභාව සහ ව්‍යභිචාරී භාව සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්රයේ රස සිද්ධාන්තය පරිදි භාව අටක් ද ඒවායින් ජනනය වන රස අටක් ද ඉගැන්වෙන අතර, පසුව ධනංජය ලියූ දශරූපයේදී ඊට තවත් ...
එන්න ටියුලිප් හෙවනට Monsoon Moon by Julian Merrow-Smith. එන්න මෙතනට ටියුලිප් මලේ හෙවනට. මෙන්න ඒ ලියමන කිසිකෙනෙක් එන්නැති බව දන්වා එවන ලද. නමින් අකුරක් ගිළිහුණ වෙනත් මිනිසෙකි. ඔහු අත තිබෙන කවිය ද වෙනත් කවියකි. ‘’පළාතක නෑ බල්ලෙක් ඒ වුණත් මං උයන් පල්ලෙක්’’ තනියෙන් කතා කර කර තනියෙන් ම හිනාවෙන දිය ඉහින කොලුවා වට පිට බලන්නේ නැතුවම පෙති මතට සුළු දියර හැලුවා. තමන් ම හොයා ගත් ...
ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමා Monsoon Moon මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය මනාපය මගෙයි කඳුළැලි සිනාසෙනු වගෙයි ඩොනා මට අගෙයි රස කල්පනා රැලි නැගෙයි සවී ගෙනෙන පද -සිඹියි නිවී තියෙන හද අවී වුණත් වැඳ -වැටෙයි කවී පොකුරු මැද බැස්ටියන් ඩොනා -හිටියම කස්ටියක් මෙනා ගුරු මුස්ටියත් උනා දී සන්තුස්ටියක් වුණා ඉල්ලූ ගමන් පද ලැබෙන කල්ප වෘක්ෂෙ වැඳ, කවි ...
දහතුන Monsoon Moon ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි. ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි මැදියම් රැයට පළමුව හැර දමා දොරගුළු සිඳ බිඳ දමන්නට එකදු වළඳක් නැති පාළු ගෙදරකි දිවියම ඉකුත් සිසිරයෙ හමුවුණු රුහිරු මේපල් තුරු පත සමාදානයෙ සැතපෙන දෙණකි සිහිලැති හදවත හිම පියලි ...
ඒ මුවහතේ අයිතිය Monsoon Moon සව්දිය නො පුරනාසව්සිරි රැඳුණු දෙරණාසව්සත සනහනාසවුදියෙ සොඳුරු වරුණා කැණිමඬල හෙල්ලීපොල් අතු ඉගිල්ලීමූකලන් සල්ලීසොයා ඉගිළුණ මුතු කිරිල්ලී මුත්තූර් මිණි මුතුවූවා පමණි දැනමුතුතෙමා ගත්තී නෙතුපොහොණි කරනට මතු ජීවිතේ පිරිපතවිදා අත්හළ හදවතබලන් දෙවිඳුනි කැටපතකා අතද ඒ මුවහත හැඟුම් හරි පරණ යකිරි බිඳු පවා උරණ යඉදින් අසිපත සරණ යඅත්වැරැද්දකි සොඳුරු මරණය ...
ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි) Monsoon Moon සාර සියක් ගව් දුර කුළුණක හෙවන වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ මාර සෙනග විමසන සඳ මඳ පවන බීර මලක් පිපුණයි පිපිරුණු ලවන දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ තාම හිනාවෙමි මතකයෙ හෙවනැල්ලේ නාමෙ දිරන කුණුකය ගෙන සැනසිල්ලේ බෝම දුර ඇදෙන සුසුමකි පවනැල්ලේ සේන් කියන ගග දිය සෙනසුරු ලව්වා මේන් කියා ළමැදට හිරිකඩ එව්වා කේන්දරය ඉවුරත පරිධිය හෙව්වා හාන්කවිසියක් නො දැනම ...
රතුපාට රැලි වැටුණු කවුළුදොරරෙද්ද Monsoon Moon By Mordechai Ardon ”එතන රතුපාට රැලි කර්ට්න් එකක් තිබුණා.” සජීවි ඔහු ගැන ඇගෙ අවසාන මතකය (ඇගේ සාක්ෂි සටහනෙනි) හුළංදා ඔය දිගේ ගලාගෙන එන කඳුළු අඳුරන්න චන්ද්‍රිකා වැව දියෙහි චන්ද්‍ර බිඹුවට මඳක් කන් දෙන්න ඇඹිලිපිටි අහස යට ආයෙමත් ආදරෙන් සිපගන්න එක අලුයමත් නැද්ද රතුපාට හීනයට සමුදෙන්න හාදුවක් පළන්දා ‘චමත්කා’ සිලිටි නළලත අඩදැණිව මා දෙපා මුල වැටී සුදු නෙලුම සිප යළි වැළඳ ...
ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය Monsoon Moon මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි හිනාවෙන හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමිණ හිස සොයන විට ඔහුට පමාවෙන හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී ආදරෙයි කියන්නට බලාගෙන එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ -ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන ...
භානු Monsoon Moon Bhanu Prasanna මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ රාත්‍රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමය පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට පින් බිමක් කොහිද බං පින්වතුන් සමුඅරන් ගිය දාට අතීතයෙ ‘මල’ ...
සැළසුම්සහගත අහම්බයකින් කැමිලියා මලක් හමුවෙන අකීකරු සුළං දහරකට කීකරුකම ගැන හිතෙන්නට බැරිද? Monsoon Moon එළිසබෙත් බ්ලේලොක්ගේ සිත්තමක් ‘‘මල් සුවඳ නොවිමසයි සුළඟ යන මඟ !’’ -කැමිලියා කවෙකිනි සුළඟ යන මඟ දැන සුවඳ ළයෙහිම තදකර වේදනාවෙන් මිය යන මල් ඇස ගැසී නැතිවද…..! ඔව් ඇතැම් දවසක ඉන්ද්‍රජාලික මොහොතක සසල කර අතු ඉති පැතු සුළඟ එනු ඇති බැඳි ඇකුරෙක රැඳුණු ශ්රැද්ධාවෙහි බැඳුණු එවිට යට කී සුසුවඳ එ නිමල ළයෙන් නික්මෙන විකසිත මලෙක ළය එදා රැකගත් සුවඳම සුළඟෙහි වෙලෙනු ...
වසන්ත අයියා ගිහින්ද…..? Monsoon Moon පැට්‍රීෂියා වෙලාස්කස් දු මේරාගේ සිත්තමක් වසන්තයට මඟ කිය කිය පැරිස් මිමෝසා හිනැහුණ වසන්ත සුළඟෙහි පාවී වසන්ත අයියා ගිහින්ද…..? පැරිස් අහස ළං වෙනකොට විසල් කුලුණ සසැලෙන හැටි සැහැල්ලුවෙන් කියාදුන්න වසන්ත අයියා ගිහින්ද…..? අනන්තය ළඟට කැඳවා සුසුම් කපොල්ලක රඳවන ඉන්ද්‍රජාල කතා කිව්ව වසන්ත අයියා ගිහින්ද….? වයින් බිඳු පිරී ඉතිරෙන වසන්තමය සිහින බඳුන බිඳෙන්නට නොදී රැකගත් වසන්ත අයියා ගිහින්ද…? ඇසින් උසුලගන්නට බැරි වසන්තය ...