වියරු සොබාදහම Darshanaගේ සටහන මේ ව්‍යසනයට හුදෙක් සොබා දහම පළි නැත. මේ ව්‍යසනය හුදෙක් මානව අකටයුතුකම් වල අතුරු ප්රථිපලයකි. ලක් දෙරණේ පියස්ස බඳු වූ කඳුකරයේ වන වැස්ම කපා අක්‍රමවත් වගාවන් සිදු කිරීමෙන් නොනැවතී පහත් වගුරු බිම් ගොඩ කර සංවර්ධනයේ නාමයෙන් සොබාදහමට සිදුකරන කෙනෙහිලිකම් තව දුරටත් ඉවසිය නුහුනු තැන සොබා දම් මාතාවට සිය දුක්ඛ දෝමනස්සය මෙලේස හඬා වැලපෙමින් පිට කරන්නට සිදුවෙයි. ඉතින් සහෘදය අප විසින් ...
මමත් ආසයි! Darshanaගේ සටහන මං ආසයි ලබන්න බොළද විදියට ආදරේ කරන බුද්ධිමත් කෙල්ලෙක්ව... හැබැයි මං එහෙම කෙනක් බලාපොරොත්තු වෙන්නෑ.මං ආසයි සල්ලි ගොඩාක් එකපාර නිකම්ම ලබන්න... නමුත් මං එහෙම බලාපොරොත්තුවෙන්නෑ.මං ආසයි ......මං ආස දේවල් නම් කොච්චර තියනවද. ඔබ ආස දේවල් නම් කොච්චර ඇද්ද. නමුත් ඔබටවත් මටවත් අපි ආසකරන හැම දේම ලබාගන්න බෑ.ඇයි අපි මේවට ආස කරන්නෙ. අපිට අවශ්‍ය නිසාද? නෑ... කිසිම අවශ්‍යතාවයක් ඇතුව නෙමේ. අවශ්‍යතාවයක් ...
විශ්වවිද්‍යාලයේ අන්තිම දවස Darshanaගේ සටහන ඉතින් විදුලකර මාතාවෙනි ඔබට ආයුබොවන්!!!මේ ලිපිය බොහෝම කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ අද මේක නොලිව්වොත් මගේ බ්ලොග් එකේ විශාල අඩුවක් වෙන නිසා... අද මම මේ ලිපිය ලිවිය යුතුමයි...ඔබට මතක ඇතුවාද දන්නෑ මම වසර තුනකට පමණ පෙර මේ බ්ලොග් එකේ පල කල ලිපියක්... අමතක නම් හෝ කියවා නැතිනම් මෙතනින් පිවිසෙන්න...මම අද (2013/02/16) ගැන කියන්නම්. අද මට මගේ ජීවිතේ වටිනා දවසක්. ඔව් ඇත්ත. ...
හිඟන්නා Darshanaගේ සටහන ගිනියම් වෙච්ච මහපොළවමතමහ දවාලක කඩමාල්ලක දවටාගෙනමහපාරේ අව්වට පිච්චෙන්නේආසාවට නෙමෙයිගෙයක් දොරක් නැතිකමටමත් නෙමෙයිදවාලියෙන් කඩිමුඩියෙ සතයක් දෙකක් අතගෑවෙ නැත්තම්බඩගින්නෙ මියැදෙන්න වෙන නිසා-- අපට කොයිනද වායුසමනය කරපු මංමාවත් හිඟා කන්න... ...
මැණිකෙ Darshanaගේ සටහන මා හද බැදි නුඹෙ රුවඈත එපිටින් මතුව විටකීරි ගැහෙන මගේ සිතආදරෙයි කියයි මැණිකෙට මම....ඈත දීම සවන් වැකුනු නුඹෙ සුමිහිරි නදපසක් කරවයි මා නුඹ සමග බව....කඳුකරේ සිරියාවි නුඹවනගොමු මැදින් යන සඳපැද්දෙන ගැස්සෙන ඉඟ සුඟමිටින් ගත නොහේ මා හටපෙම් බදිමි මා නුඹට....උඩරට පොඩි ටිකිරි සේරමටකොලොම්පුරෙන් ආ නුඹබදුලු ගමනේ මගේ කුමරිය.... ...
උබුන්ටු 12.4 මත සිංහල ස්ථාපනය (How to install sinhala on Ubuntu 12.4) Darshanaගේ සටහන කාලෙකට පස්සෙ ඔන්න තාක්ෂණික ලිපියක් සමග ආව.උබුන්ටු මත සිංහල ස්ථාපනය කර ගැනීම. මේක සමාන්‍ය කාරණයක්. උබුන්ටු භාවිතා කරන හුගක් අය මේ ගැන දන්නවා. හැම උබුන්ටු සංස්කරණයකදිම වගේ අලුත්ම උබුන්ටු සංස්කරණය වන උබුන්ටු 12.4 සංස්කරණයෙදීත් සිංහල යුනිකේත පද්ධතිය සමගම ලැබෙනව. නමුත් උබුන්ටු මතදි යුනිකේත භාවිතයෙන් යතුරුලියනය සදහ iBus configure කරගන්න ඕන. සාමාන්‍ය විදියට අලුතින් භාෂාවක් එකතු කරගන්න බැලුවොත් චීන භාෂාව විතරක් ...
ගණිතය විරහ වුන මම..... Darshanaගේ සටහන සංඛ්‍යාරේඛාවෙ සිටද්විමාන කාටිසියානු තලය හරහාත්රිමානය දක්වා පැමිණි නුඹෙත් මගේත් ආලයටනව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... අනන්තයේ අපිරිමිත රේඛා වල සිටවර්ථමානයේ සමුද්දේශය හරහාඅනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නටනොහැකි මන්දැයි ඇසු විටපිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බවපසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... ද්විමාන තලයේන් ත්‍රමාණතලයට වැටි ගණිතය විරහ වුන මම..... ...
මගේ කෝච්චි කතාව මෙහෙමයි. Darshanaගේ සටහන අඟූරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා...දැන් අය නං ඩීසල් විතරයි බොන්නෙමං ඉපදුනේ කොටගල. අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපති වරයෙක්. ඒ නිසා තාත්තා නිතර විවිධ දුම්රිය ස්ථාන වලට මාරුවීම් ලැබුනා. ඒ නිසා මං බොහෝවිට ගතකලෙත් දුම්රිය නිල නිවාස වලමයි. කොහොමිං කොහොම හරි මං යංතං දනිපනිගාල ඇවිදින කාලෙ ඉඳං ස්ටේසමට යන්න තියන්නෙ පුදුම ආසාවක්. බොහො විට තාත්තගෙ අතේ එල්ලිලා ස්ටේසමේ රවුම් ...
අලගල්ල සොබා සුවිසැරිය Darshanaගේ සටහන වැදගත්: අක්ෂරය සඳහා පොඩිමහතා විසින් සකසන ලද ලිපියේ උපුටනයකි. “බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්. අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ ...
බාගෙට පිරුන වතුර වීදුරුව Darshanaගේ සටහන බලන්න පින්තූරය දිහා...හොඳට බලන්න...මොනවද ඔබට පේන්නේ???වතුර වීදුරුවක්...නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???නෑ...එහෙනම්???බාගයක් පිරුන වතුර වීදුරුක්...ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???පේනව හැබැයි දකින්නේ නෑ...ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද... ...
සක්වල සවාරිය - දොරට වැඩුම Darshanaගේ සටහන “පියාඹන පීරිසිය“ ළදරු වියෙහි කනවැකි සුන්දර අත්භූත වෘතාන්තයක් විය මට,විදු නැණ සයුරු තෙර සිප්පිකටු අහුලන බිළිඳියක බව දනිතත්,කුතුහලයෙහි මහා ගණදුර දුරලන්නටඅකුරු කළෙමි පිටු ගණනක්,නමින් “සක්වල සවාරිය“පිපෙන්නට වෙරදරන කැකුළකට ඉසින්නට පැන් බිඳක් දොරට වඩින දාදිනය: 2010-10-17වෙලාව: ප.ව. 3.00ස්ථානය: හොටෙල් වැරැල්ල වලව්ව, මීරිගම.හංසනී විනෝද්‍යා120/85, වැරැල්ලවත්ත,ගිරිඋල්ල පාර,මීරිගම.0333728414ප.ලි: මාගේ නැගණියගේ රචනයක්වන සක්වල සවාරිය දොරටවඩින දා උත්සවය පිළිඹඳ සිහි කැඳවීම පිණිසයි!!! ...
පොළොන්නරු චාරිකාව හා විභාග සාප්තැම්බරය Darshanaගේ සටහන සැප්තැම්බර් මාසෙත් අවසානෙටම ඇවිත්. ගිය පාර කිවුවට මොකද පොළොන්නරු ගිය ගමනක් ගැන කියනවැයි කියල තාම බැරි උනා ඒක කරන්න. ඒ ඉතිං හැමදාම වගේ වෙන වැඩ හිංදයි කයමුකෝ. මේ සැප්තැම්බරේ නම් සම්පූර්ණයෙන්ම වගේ විභාග මාසයක්. මාසයක් තියලවත් ඉවරකර ගන්න බැරි උන විභාගේ ඕන්න ලබන මාසෙ පළවෙනිද දෙවෙනිදත් පැවැත්වෙනවා. මේ විභාගෙත් එක්ක කාලය ගෙවපු නිසාවෙන්ම කාලය ගතඋනා දැනුනෙත් නැති තරම්...පොළොන්නරු චාරිකාව....පොළොන්රු චාරිකාව ...
අපූරු ලවු ලෙටර් එක :P Darshanaගේ සටහන කොහොමද කට්ටියගෙ සැප සනීප. මටත් ඉතිං කියන්න තරම් හොඳකුත් නෑ. ඔන්න අද කියන්න යන්නෙ මං මෙච්චර කල් කිවුවට වඩා ටිකක් වෙනස් කතාවක්. මෙච්චර කල් වැඩියෙන්ම ලියල තියෙන්නේ මං ගියපු සංචාරයන් ගැනනෙ. අහ්. මේත් එක්කම කියන්නම් කො. ළඟදිම පොලොන්නරුව පැත්තෙ ගිය කතාවකුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්. මට වෙලාව හම්බුනාම ලියල දාන්නම් කො. හරි.. බලමු මොකද්ද මේ කතාව කියල. ඉස්සෙල්ලම පහල තියෙන රූපෙ තෙරුම් ගන්න බලන්න.....--------------------------------------------------------------------------------------------------------#inclu
සිතාගත නොහැකි ජීවිතය... Darshanaගේ සටහන ළඟ එන කුනාටුවක සේයාවක්දනැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්දසිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහුතනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටීඇත්තෙන්ම එය කෙලවර වේදජීවිතයත් ඒ වගේ...විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයිවිටෙක සුන්දර දසුන් මවයිඑහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ..... ...
සිතට දැනුන සිතුවිල්ලක් Darshanaගේ සටහන සෑහෙන කාලෙකට පස්සෙ... හරියට මේ මාසෙ පොස්ට් එක දාල යන්න ආවා.මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, ...
පහුගිය ටිකේ කාලය ගෙවුන හැටි. Darshanaගේ සටහන අහ්..ඕං මගේ කෘත්‍රීම ජීවිතේ ගැන කලිං පෝස්ට් එකෙන් කතා කලානෙ. දැං මේ පහුගිය දොහේ දි මං කොරපු කියපු දේවල් ටිකත් කැටි කොට දක්වන්නයි සූදානම.අපි පහුගිය වෙසක් පෝයට සංවිධානය කලා බෙලි මල් දන්සලක්. සංවිධායක වරුන් වුනේ තරංග අයියා ප්‍රමුක යූසර් මැක්සං ආයතනය. ඉතිං මාත් ගියා උදවුවට.. ගිය ඕං යාන්තම් හම්බුවෙලා තිබුන නිවාඩුවත් ඉවරයි. ගහ ගෙන වහ ගත්තු අපේ පෙරපාසලත් අයෙ පටන් ගත්තා නෙ ...
කෘතීම ජීවිතය Darshanaගේ සටහන සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. පිවිසුනෙමි වර්තමානයටවිවර කලෙමි වසාගෙන සිටි දෑස අවසන් කලෙමි දුටු සිහිනයපැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා ...
කිතුල්ගලදි ඇඩ්වෙන්චර් අත්දැකීමක්........ Darshanaගේ සටහන දැන් නම් මගේ බ්ලොගයේ නම ශ්‍රී ලාංකාව වටා කියල වෙනස් කරන්න හිතෙනවා...ඇයි මේකෙ වැඩිපුරම දාලා තියෙන්නෙ මම ගියපු චාරිකා ගැන විස්තරනේ.. හා කමක් නෑ. මේ තවත් චාරිකාවක් ගැන ලියන්නයි හදන්නේ.අප්‍රේල් 28 වෙනිද පෝය දවසේ අපි ගියා කිතුල්ගල. ඒ ඇඩ්වෙන්චර් අත්දැකීමක් ලබන්න. කිතුල්ගල පිහිටීමත් ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟත් නිසා මේ ප්‍රදේශය ඇඩ්වෙන්චර් අත් දැකීමක් ලබන්න කියාපු ප්‍රදේශය. ඒ නිසාමද ...