WATCH – දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටිය – Cricket Watarawuma The Papare වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය, Lanka T10 Super League තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (දෙසැම්බර් 19) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක. The post WATCH – දිනෙන් දින උණුසුම් වන ...
කිත්ම සහ දිනුජ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙයි The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තවත් තරග දෙකක් අද (19) නිමාවට පත් වුනා. මෙම තරග ද්විත්වය ම ජය පැරදුමකින් තොරව නිමාව දුටු අතර, කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය මෙම තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. මෙම ...
T10 තරගාවලියේ මූලික වටය අවසන්; Jaffna අපරාජිතව ඉදිරියට The Papare ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ හත් වැනි දිනය වූ ඊයේ (17) දිනයෙන් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල නිමාවට පත් වුනා. තරගාවලියේ මූලික වටයට දැඩි ලෙස වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, හය වැනි දිනය ද වර්ෂාවට ම සේදී ගියා. කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පැවැත්වීමට නියමිත තරග ත්‍රිත්වය ම විසඳුමක් කරා යමින් නිමා කිරීමට හැකියාව ලැබුණා. ...
Jaffna අපරාජිත ගමන නිමයි; Hambantota මංගල T10 කිරුළ දිනයි! The Papare ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වුණු Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Hambantota Bangla Tigers කණ්ඩායම ඊයේ (19) සමත් වුනා. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ සවස ආරම්භ වූ අතර, තරගයට Hambantota Bangla Tigers සමඟ තරගාවලියේ අපරාජිත එකම කණ්ඩායම ලෙස අවසන් මහා තරගය වෙත පැමිණි Jaffna Titans කණ්ඩායම් සහභාගී වුනා. මෙම තරගයේ දී පළමුව පන්දුවට ...
මනුදි සහ ලිමංසා ශ්‍රී ලංකාවට ජය ගෙනේ The Papare මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න ගේ ශතක සම්බන්ධතාවයේ බර දරා ගැනීමට නොහැකි වූ මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් ලකුණු 94ක පරාජයකට මුහුණ පෑමට අද (15) සිදු වූවා. මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය Kuala Lumpur හී Bayuemas ...
ශ්‍රී ලංකා – නේපාල තරගයට වර්ෂාව හරස් වේ The Papare ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත් වෙමින් තිබූ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අද (19) අවසන් වුනා. Kuala Lumpur හී Bayuemas Oval හි දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූයේ පෙර තරගයට ක්‍රීඩා කළ ප්‍රමුදි මෙත්සරා ...
සෝලෝ ටවුන් (Solo Town) – ජීවිතේ කියන්නෙම නන්ස්ටොප් මෙඩ්ලියක් cinema.lk එකිනෙකට වෙනස්, නැවුම් කතා තේමා ඔස්සේ දිවෙන චිත්‍රපට රැසක් දිනෙන් දින එකතු වන ලාංකීය සිනමාවෙන් දැකගත හැකි අලුත්ම සිනමා නිර්මාණය තමයි, සෝලෝ ටවුන්… සෝලෝ ටවුන් චිත්‍රපටයෙන් දැකගත හැකි තවත් විශේෂත්වයක් වන්නේ මේ ශානරයෙන් ලාංකීය සිනමාවට එකතුවන පළමු චිත්‍රපටයත් මෙය වීමයි. සෝලෝ ටවුන් චිත්‍රපටය ගෙතෙන්නේ ගායනයට හැකියාව තිබෙන තරුණයින් කිහිප දෙනෙකු එකතු වී සාදාගන්නා Boy Band සංගීත කණ්ඩායමක් වටායි. පසුගිය දෙසැම්බර් ...
හීනමානය - Inferiority පුනරාගමනය ජීවත්වන සෑම සියලු දෙනාම කිසියම් මානයක් තුල ජීවත්වීම සාමාන්‍ය දෙයකි. හැමකෙනාටම තමා පිලිබඳව සහ අන්‍යයන් පිලිබදව කිසියම් හෝ මිනුම් දණ්ඩක් ඇත. ඒ මිනුම් අනුසාරයෙන් තමාට සහ අන්‍යයන්ට වටිනාකම් දෙමින් අවශ්‍ය දේ ලංකරගෙන අනවශ්‍ය දේ ඈත්කර තබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම පොදු ලක්ෂණයයි. ඒ ඒ කෙනාගේ දැනුම මත, උපකල්පනයන් මත එසේ මිනුම් සකස් කරගැනීම විටෙක සාවද්‍ය වුවත් විටෙක නිවැරදි වුවත් එය ...
ශ්‍රී ලංකා ගමන ඉන්දියාව හමුවේ නතර වේ The Papare ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආසියානු කුසලාන ගමන් මඟඅද (20) අවසන් වුනා. Kuala Lumpur හී Bayuemas Oval හි දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු ...
Jaffna Titans අපරාජිත ගමනක The Papare ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ සිව්වැනි දිනය ඊයේ (14) ක්‍රියාත්මක වුනා. තරගාවලියේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාව නිසා අත් හැර දැමීමට සිදු වූ අතර, ඊයේ දිනයේ ද පැවැත්වීමට නියමිත ව තිබූ පළමු තරගය වූ Colombo Jaguars සහ Kandy Bolts අතර තරගය වර්ෂාව නිසා අත් හැර දැමුණා. කෙසේ වෙතත් ඉන් පසුව වර්ෂාවෙන් බාධා නොලැබ ඉතිරි තරග ද්විත්වය ...
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර හමුවක් The Papare ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පසුගිය සඳුදා (16) දිනයේ ...
ආජන්ටීනාව පොහොසත් රටක් කරන හවියෙර් මිලෙ අරුණි ශපීරෝ වෙතින් ආජන්ටීනාවේ ජනාධිපති ධූරයේ වසරක කාලයක් නියැළීම සටහන් කරන හවියෙර් මිලෙ අපි කලින් දැන සිටි පාඩමක් සැබෑ ලෝකයේ ප්‍රතිඵලවලින් පෙන්වන්නට සමත් වූවෙකි. යළි යළිත් මේ බ්ලොග් අඩවියෙන් ඔබට කියවන්නට ලැබී ඇති ඒ පාඩම නම් රටක් පොහොසත් වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් අඩුවෙද්දී පමණයි යන්නය. හවියෙර් මිලේ ජනාධිපති වූයේ ආජන්ටීනාව මහත් ආර්ථික අර්බූදයක වැටී සිටියදීය. ආජන්ටීනාව ශතක ගණනාවක් තිස්සේ ආර්ථික අගාධයක පහළටම ඇද වැටෙමින් ...
නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි The Papare නවසීලන්තයේ සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, තරගාවලිය එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි. වනිඳු සහ මහීෂ් රාජස්තානයට පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක් චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි කමිඳු තවත් ශතකයක් කරා; ...
මුරුංගා වල වටිනා ගුණ සහ සාදාගත හැකි ආහාර කීපයක් පුනරාගමනය ජීවනයේ ශාකය හෙවත් "ආශ්චර්යමත් ගස" ලෙසද හැඳින්වෙන Moringa oleifera මොරිංගා ඔලිෆෙරා නමින් උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන මුරුංගා ශාකය අතිවිශාල ඖෂධීය සහ ඖෂධීය නොවන ප්රතිලාභ සහිත වටිනාකම් රාශියකින් සමන්විත නිසා වැදගත් ශාකසාර ශාකයක් ලෙස වර්ගීකරණය වී ඇත. මුරුංගා යන කුල නාමය බිහිවී ඇත්තේ දමිළ වචනයක් වන මුරුංගා යන වචනය අනුව බවත් එහි තේරුම "ඇඹරුනු කරල්" බවත් සඳහන් වේ.මුරුංගා හැඳින්වීම සඳහා තවත් ...
AC Milan ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය වෙනුවෙන් පෙරට එයි The Papare ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන AC Milan ක්‍රීඩා සමාජය විසින් සිය Milan Junior Camp ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ද රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. ලබන වසරේ දී ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කොළඹ, ගාල්ල සහ යාපනය ප්‍රදේශ මූලික කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙවන් ව්‍යාපෘතියක් මෙරට දී ක්‍රියාත්මක වන පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇති. Colombo Athletic and Football Club හා ...
Jaffna සහ Hambantota දැවැන්ත ලකුණු පුවරු සටහන් කරමින් ජය ලබයි The Papare ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ පස්වැනි දිනයට අදාළ තරග ඊයේ (15) ක්‍රියාත්මක වුනා. වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වූ මෙම තරගාවලියේ එක් දිනකට නියමිත සම්පූර්ණ තරග ත්‍රිත්වය ම ඊයේ පැවැත්වීමට හැකි වීමත් විශේෂත්වයක්. Hambantota Bangla Tigers දැවැන්ත ලකුණු පුවරුවකට Hambantota Bangla Tigers සහ Kandy Bolts අතර පැවැත්වුණු තරගයෙන් Hambantota කණ්ඩායම ලකුණු 47ක ජයක් වාර්තා කිරීමට ...
The Road Trip (Escaping from Monsoon) – Part 01 The වල වෙසක් පෝයට කලින් දවසේ අපි යාළුවෝ සෙට්එක නුවරඑළියේ යන්න දාගෙන තිබුනා. ඒත් ඒ දවස්වල කඩාපාත්වුන වැස්සත් එක්ක අනිත් අය නුවරඑළිය පැත්තට යන්න බයවුනා. මටයි තුෂාරිටයි නම් ඔය අව්ව වැස්ස රෑ දවල් ගානක් නැති වෙච්චිකොට සහ අපි දෙන්නා යන එන තැන් ගැන හොයන්න ඉන්නේ අපි දෙන්නම විතරක් වෙචිචිකොට, ගමනේ ලොකු අවුලක් තිබුනේම නෑ. ඒ උනත් අනිත් අයව බලෙන් ඇදගෙන යන්න බෑනේ, ...
ශ්‍රී ලංකාව බංගලි ළලනුන්ට පරාජය වෙයි The Papare ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් 2 වැනි තරගයෙන් ලකුණු 28කට පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද (16) සිදු වුනා. කෙසේ වෙතත් මෙම තරගයේ නිමාවත් ගණනය කෙරුණු ප්‍රසාද ලකුණු පුවරුවේ තව දුරටත් ශ්‍රි ලංකාවට පළමු ස්ථානයේ රැඳී සිටිමට හැකිව තිබෙනවා. Kuala Lumpur හී Bayuemas ...
Ravichandran Ashwin ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි! The Papare ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොවට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකුම් ලබන Ravichandran Ashwin ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි Ashwin විසින් සිය තීරණය දැනුම් දුන් අතර, කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු විසින් මෙම තීරණය ගැනීමත් විශේෂත්වයක්. කෙසේ නමුත් මෙම ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ඔහු ක්‍රීඩා කළ එකම තරගයේ ...
සෙල්ෆ්-ඩ්‍රයිවින් කාර් අරුණි ශපීරෝ වෙතින් Waymo වසර 20 ක් පමණ සිට තවමත් විවිධ අත්හදා බැලීම්වල යෙදී සිටින, එයම විසින් පදවාගෙන යන වාහනය අද ඇමෙරිකාවේ මහපාරේ දකින්නට හැකියි. කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් නගරද, ඇරිසෝනාවේ ෆීනික්ස් නගරයේද දැන් ටැක්සියක් හැටියට වේමො (Waymo) වාහනයක යා හැකියි. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ සුක්කානම ඇති අසුනේ ඩ්‍රයිවර් කෙනෙක් නොමැතිව මහජන ටැක්සියක් හැටියට එවැන්නක් ලබාගැනීමට 2022 දී සිට අවස්ථාව පෑදී ඇත. ...