ඒක හරි අමුතු ආදරයක්: ටෙඩී මවිත මෙම 2021 වසරේ එළිදැක්වුණු ජනප්‍රිය නළු ආර්යන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'ටෙඩී' දෙමළ චිත්‍රපටය, අමුතුම විදියේ ආදර කතාවකි. ක්‍රියාදාම චිත්‍රපටයකි. 'ටෙඩී' අමුතු විදියේ චිත්‍රපටයන් බව සැකයක් නැත. කෙනකුට එය විකාරයක් විය හැකිය. ඒත් දෙමළ සිනමාවේ ආදර කතාවලට ප්‍රිය කරන කෙනකු නම්, 'ටෙඩී' ඔබේ හදවතට දැනෙන තවත් ලස්සන ආදර කතාවක් වනු නොඅනුමානය.චිත්‍රපටයේ පෙම්වතිය ශ්‍රී නමැති තරුණියයි. ඇය හිත හොඳ, අනුන්ට උදවු ...
පෙම්වතියන් ගැන විස්තර සපයන්නේ නෑ මවිත පෙම්වතුන්ට සිය පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සැපයීම නොකරන බවට සදහන් කරමින් සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීළඟ ගුවන් යානයේ තම පෙම්වතිය ලියාපදිංචි වී ඇද්දැයි විමසමින් විවිධ පුද්ගලයන් කොන්සල් ජනරාල් කාර්යාලයට දුරකථන ඇමැතුම් ලබාදෙන බැවින් මෙලෙස ෆේස්බුක් සටහන් යොදා ඇති බව සඳහන් වේ. සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය ...
නිම්නාගේ ඉතිහාසය ඉදිරිපිට මවිත සොෆීගේ ලෝකයෙන් යූස්ටයින් ගෝඩර් දිගහරින්නේ දර්ශනයේ ඉතිහාසයයි. නිම්නාගේ ඉතිහාසයෙන් නිම්නා දිගහරින්නේ රජවරුන්ගෙන් උත්කර්ෂයට නැංවුණු නිතර දෙවේලේ අසා කියවා උගන්වා දැක ඇති ඉතිහාසය නොවේ. රජවරුන්ගෙන් මෙහා ඉතිහාසයයි. එම ඉතිහාසයේ ද යටයන උඩ එන විපරීත විවිධ සමාජ සංසිද්ධීනුයි. කොළඹ ප්රත්යක්ෂ විපර්යාසයයි. විකල්ප මතධාරී පුවත්පත් නොව ජාතිවාදී පුවත්පත් කියවමින්, ජාතිවාදය සහ දෘඩතර පුරුෂ ආධිපත්‍යය වින්දනය ම ප්‍රීනනය කරගත් පටු කුටුම්භ සමාජ සංස්ථායි. එක් ...
කොරෝනා ආසාදනය වළක්වන්න බෙහෙත් පෙත්තක් මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට ‘ඕරාවැක්ස්’ යන නමින් බෙහෙත් පෙත්තක් හඳුන්වාදීමට ඊශ්‍රායල ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ඕරාම්ඩ්’ සූදානම් වෙයි. එන්නතක් මගින් සිදු කරන ප්‍රතිශක්තිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය කිරීමට ‘ඕරාම්ඩ්’ සමාගම තීරණය කළේ පසුගිය වසරේදීය. ‘ඕරාම්ඩ්’ යනු ඇමෙරිකන් ඊශ්‍රායල ඖෂධ නිෂ්පාදන සමාගමකි. මොවුන් මෙම ‘ඕරාවැක්ස්’ බෙහෙත් පෙත්ත නිර්මාණය කරන්නේ, ඉන්දියාවේ ...
එන්නත ගත්තා; දැන් සේරම හරිද? මවිත කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අපට ලැබෙමින් පවතින්නේ, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතය. මෙම කොවිෂීල්ඩ් එන්නත, මාත්‍රා දෙකකින් සමන්විත ය. එන්නත එය ලබා ගත් පමණින්, 'දැන් සේරම හරි; කොරෝනා අවධානමක් නැහැ' යැයි සිතන්නේ නම් එය වැරදිය. සෞඛ්‍ය අංශ පුනපුනා පවසන්නේ, එන්නත් ලබා ගත්තත් නැතත් කොරෝනාවෙන් බේරෙන්න දිගටම නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවය. කොවිඩ් 19 ...
එන්නත් විදලත් ඊශ්‍රායලයේ කොරෝනා මවිත සිය ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී සම්පූර්ණ කළ ඊශ්‍රායලයෙන් යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බවත්, එම රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘතිය ඊශ්‍රායලයේ පැතිරීමට පටන් ගැනීම නිසා බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ලෝකයේ ඉතාමත් සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. සාර්ථක එන්නත්කරණයත් සමඟ පැනැවූ තහංචි ද ලිහිල් කිරීමට ...
මොකක්ද මේ ප්‍රතිශක්තිය? මවිත දැන් සමහරු එන්නත් ගහන්න යන්නෙ නැහැ. ඇඟේ තිබෙන ප්‍රතිශක්තිය හොඳයි කියා. සමහරු විශ්වාස කරන ඒ දේ ගැන අපි අද ටිකක් විස්තර ඇතුව බලමු මොකක්ද මේ ප්‍රතිශක්තිය කියන්නෙ කියලා. අපේ ශරීරයට පිටතින් ආගන්තුක ජීවියෙක් හෝ ද්‍රව්‍යයක් ඇතුලු වුනාම ශරීරය විසින් එය විනාශ කර දැමීමට පියවර ගන්නා විදිහ ප්‍රතිශක්ති ක්‍රියාවලියෙන් පිලිඹිබු වෙනවා. අපට 'සහජ'යෙන්ම ස්වභාවික ලෙස පිහිටන ප්‍රතිශක්තියක් තියෙනවා.(Innate immunity) ඒ වගේම ...
මහ සයුර මැද විරාජමාන හැමන්හීල් බලකොටුව මවිත හැමන්හීල් Hammenhiel බලකොටුව, යාපන අර්ධද්වීපයේ කරෙයිනගර් හි 7Km ට ආසන්න දුරකින්පිහිටා ඇත. දැනට මෙම බලකොටුව ශ්‍රි ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින අතර නැරඹීම සඳහා මහජනතාවට විවෘතව පවතී. මෑත කාලීනව මෙම බලකොටුව සංචාරක හෝටලයක් ලෙස වැඩි දියුණු කොට දෙස් විදෙස් සංචරකයන්ගේ ගිමන් නිවන තොටුපොලක් බවට පත් කර ඇත. මෙහි ඉතිහාසය 17 වන සියවස තෙක් ඈතට දිවෙන අතර අදටත් මෙම බලකොටුවට ...
ද්විත්ව කොරෝනා මදිවට ත්‍රිත්ව කොරෝනා මවිත ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි.මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතියට, කොරෝනා වයිරසයේ එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද තුනක් ඇතුළත් බව ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ඉහවහා ගොස් ඇති ...
සිංගප්පූරු වැසියන්ට එන්නත ලැබේ මවිත මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වෙමින් සිංගප්පූරුව එරට වැසියන්ට එන්නත ලබාදීම අද (30) ආරම්භ කළේය. සිංගප්පූරු රජය, එරට සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබාදීම ආරම්භ කළ අතර, ඔවුන් ලබා දෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතය. පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ යැයි සැක ...
අගනුවර වන සිරි මවන බැද්දගාන තෙත් බිම් මවිත ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටා ඇති මෙම තෙත් බිම් උද්‍යානය නාගරික පරිසරයෙන් මිදී ස්වභාව සෞන්දර්යයේ ආස්වාදය විඳීමට කදිම තෝතැන්නකි. මෙම තෙත් බිම් උද්‍යානය දියවන්නාව අවට හෙක්ටාර් 18ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය 1985 වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත දියවන්නා ඔය ජල ගැලුම් නිම්න වන ජීවී අභය භූමියේ කොටසක් ලෙස සැලකේ. මෙය දේශීය මෙන්ම සංක්‍රමණික ...
සංකථන යළිත් අවැසිය! මවිත මෙරට බිහිවන ඇතැම් පුවත්පත්, ග්රන්ථ හා සමගාමී මෙහෙවරක සඟරා ද නියැළෙයි. විවිධ තේමා අනුව බිහිවන සඟරා වුව ද ඉලක්කගතව සංවිධානය නොවීමෙන් සහ රාජ්‍ය බලපෑම් හමුවේ ඉදිරියට මුද්‍රණය නොවී වැසී යන අතර සාහිත්‍ය හා කලා ක්ෂේත්රයට ද මෙම කරුණ පොදු වේ. ආචාර්ය අමරදාස වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංස්කෘති, ටයිම්ස් පුවත්පත ඇරඹි රසවාහිනිය, ප්‍රතිභා වැනි සඟරා අතීතයේ මෙකී කලා විචාර සම්බන්ධව සෘජුව මැදිහත් ...
චීනයේ රොබෝ යානයත් අඟහරු යයි මවිත අඟහරු ගවේෂණයට චීනය යැවූ ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය ඊයේ (10) අඟහරුගේ කක්ෂයට පිවිසියේය. චීනය අඟහරු ගවේෂණයට රොබෝ යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය අඟහරු කක්ෂයට පිවිසියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ‘අමල්’ නමැති රොබෝ යානය අඟහරුගේ කක්ෂයට ඇතුළු වී දිනකට පසුවය. ‘අමල්’ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූයේ පෙරේදා එනම් 9 වැනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත යැවූ ...
2020 ලෝක විත්ති මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මිනිසුන් ගෙවල්වල කොටු කළ සතුන්ට නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් උදා වූ වසරක් ලෙස මෙම 2020 සැලකෙයි. 2019 දෙසැම්බරයේ ආරම්භ වී 2020 වනවිට ලොව සෑම රටකටම සහ පාලන ප්රදේශයකටම වයිරසය ව්‍යාප්ත විය. ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වයිරසයෙන් ලොවට එල්ල වුණු බලපෑම සුළුපටු නොවෙයි. ජනවාරි 3 වැනිදා - ඇමෙරිකන් හමුදා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, ...
පාස්කු දින ප්‍රහරයේ කඳුළු කතාව මවිත පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක්. සමහරුන්ට දැන් මේක අතීත සිදුවීමක් විතරයි. ඒත් ඒ දුකත් එක්ක ජීවත්වෙන අය කොයි තරම් ඉන්නවද? මේත් ඒ වගේ කතාවක්. ඔයාට වගේම තුවාල ලබපු හැමෝටම ඉක්මන් සුවය වගේම මේ විපතින් පීඩාවුණු හැමෝටම සාධාරණය ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!පාස්කු ඉරිදා දින බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවී දෙවසරක් ගතවුවත් එහි කඳුළු මතකය තවමත් අප සිත් පාරවමින් ...
ලෝකයට නැතිවම බැරි සතා මවිත මිහිමත වෙසෙන වටිනා ම සත්ත්වයා මීමැස්සා බව ලන්ඩන්හි රාජකීය භූගෝල විද්‍යා සංගමය පවසයි.වඳවීයාමේ තර්ජනයට මුහුණපා සිටින මීමැස්සන්ගෙන් සියයට 90ක් පමණ දැනටමත් මිහිමතින් සමුගෙන ඇති බව එම සංගමය පවසයි. නොයෙක් කලාපයන්ට ආවේණික වූ හේතු නිසා මීමැසි සමූහයන් වඳවීයාමේ තර්ජනයට ලක් වෙමින් පවතී. වන විනාශය, මී වද බැඳීමට ඇති ස්ථාන සීමිත වීම, පැණි ලබා ගැනීමට උදව්වෙන මල් වර්ග නො මැති වීම සහ ...
බයිඩන්ගේ පළමු දින 100 මවිත ජනපති ධුරයට පත් වී දින 100 සම්පූර්ණ කිරීමත් සමඟ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කොංග්රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ අභියෝග ජයගනිමින්, කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩ ගැන්වීමට තම පරිපාලනය සමත් වූ බවය. කොරෝනා වසංගතය හමුවේ ඇමෙරිකන් ආර්ථිකය අකර්මණ්‍ය වූයේ පසුගිය 2020 වසරේදීය. ඒ, බයිඩන්ට පෙර ජනපති ධුරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වසංගතය අවතක්සේරු කළ නිසා යැයි ...
තුර්කිය ලොක්ඩවුන් මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ලබන මැයි 17 තෙක්, තුර්කිය 'ලොක්ඩවුන්' කිරීමට තුර්කි රජය අද (29) පියවර ගත්තේය. රට මුළුමනින්ම ලොක්ඩවුන් කරනවා යැයි තුර්කි රජය නිවේදනය කළේ පසුගිය සති අන්තයේය. ඒ අනුව, නිවෙස්වල කොටුවීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ තුර්කි වැසියන් එක් රැස් කරගත් බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ...
කීරා - වරුන් සුසංයෝගය මවිත සුරූපිනී කීරා අද්වානී මෙන්ම පසුගිය දා යුගදිවියට පත් වරුන් ධවාන් ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළකි. මෙතෙක් මොවුන් දෙදෙනා එකට පෙම්වතුන් ලෙස බොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ වී නොතිබුණි. ඒත් දැන් බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට සුබ ආරංචියක් අසන්න ලැබෙයි. බොලිවුඩ් පුවත් සේවා වාර්තා කරන අන්දමට, 'ගුඩ් නිවුස්' චිත්‍රපටයේ අධ්යක්ෂ රාජ් මෙත්තාගේ අලුත්ම සිනමා චිත්‍රපටය වන 'ජග් ජග් ජියෝ' හි ප්‍රධාන චරිත නිරූපණයට ...
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂ දෙක පසු කරයි මවිත ඉන්දියාවේ රෝහල් සියල්ල කොරෝනා රෝගීන්ගෙන් පිරී, ඔක්සිජන් නොමැතිවීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවට පත් වෙද්දී, එරට කොරෝනා මරණ මේ වනවිට ලක්ෂ දෙක පසු කර තිබේ. තවමත් ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 3 ඉක්මවයි. ගතවුණු පැය 24 දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 3,60,900 කි. ඒ අනුව ඊයේ (28) වෙද්දී ඉන්දියාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 18 පසු ...