පරිවර් තන කවි 50 ක් , විදෙස් කවි 200 ක් සමග දුර ගමනක් ..... අනුරුද්ධ වැලිගමගේ සිංහල කතා කරන, ලංකාවේ උපන් අපට කවිය ගැන හොද රසිකත්වයක් තිබෙනවා. ඒත් වෙනත් භාෂාවලින් ලියැවුණු කවි පරිශීලනය අතින් අප ඉන්නේ පහල තැනක කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. 1956 පටන්ගත් ද්විභාෂාව දැනුම අඩුවත්, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය අධ්‍යනය අඩුවීමත්, සාහිත්‍යය විෂය මාලා තුල ඉතා කුඩා වපසරියකට සීමා කර තිබීමත් හින්ද 80 දශකයේ පාසැල් අධ්‍යාපනය ලැබූ අපට විදෙස් කවි ගැන දැනුමක් ලබන්නට ...
ජනසංගීතයේ උරුමය අළුත් පරම්පරාවට ගෙනගිය මකුලොළුව ලකුණ අනුරුද්ධ වැලිගමගේ ශ්‍රී ලංකාවේ ජන සංගීතය ඊළග පරම්පරාවට ගෙන යන්න කටයුතු කල පිරිස අතරින් නැසීගිය ඩබ් බී මකුලොළුව මහතාට හිමිවන්නේ ඉහල තැනක්. මේ වැඩසටහන බලල අවසන් වෙනකොට ඔබට මම ඒ කිව්ව වචනවල බර දැනේවි . පෙබරවාරි 17 වැනිදාට යෙදෙන එතුමන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින් එතුමන් කල මෙහෙවරෙන් බිදක් ඔබට සිහිපත් කරන්නටයි අපේ මේ සුදානම . W. B. Makuloluwaඩබ්ලිව්. බී. මකුලොලුවBorn17 February 1922Harispattuwa, ...
කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා අනුරුද්ධ වැලිගමගේ ජේ පෝල් ගෙටී කියන්නෙ කලක ලෝකෙ අංක එකේ ධනවතා ලෙස හිටි කෙනෙක්. ඛනිජ තෙල් කර්මාන්තය නිසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කී ගෙටී බිරියන් පස් දෙනෙකු සහ දුසිමක තරමේ අනියම් කාන්තා ඇසුරක වාර්තා තිබූ අපූරු චරිතයක් .එංගලන්තය, ඇමරිකාව ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල දේපළ සහ මුදල් ආයෝජනවලට හිමිකම් කී ඔහු සතුව තිබූ කලාකෘති වල වටිනාකම එදා 1976 දී මිලියන ...
Wanderlust Vanlifers කෞශල්‍යා සහ ප්‍රේම් එක්ක යුරෝපා සංචාරයක් අනුරුද්ධ වැලිගමගේ සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත් කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ යුවල අපව පිස්සු වට්ටවනවා. යූ ටියුබයට ගිහින් wanderlust vanlifers කියල හෙව්වොත් ඔබට ඔවුන් වෙබ්ගත කර තිබෙන සංචාරක මතක රැසක් බලන්න පුළුවන්. කැනඩාවේදී කුලියට ගත්ත RV එකකින් ප්‍රදේශ ...
වලව්වට එරෙහිව කැරලි ගැසූ බඩපිස්සා , ජයම්පති.......... අනුරුද්ධ වැලිගමගේ හැමදාම නිදාගන්න කලින් සුමේධ පැය භාගයක් විතර ෆේස්බුක් එකේ කරක් ගහනවාමයි . මේ ඇබ්බැහියට එක හේතුවක් තමයි ඉස්කෝලේ,ටියුෂන් පන්තිවල, වැඩකරපු තැන්වල දී හමුවුණු එක එක චරිතවල ලොකුකම්, පුරාජේරු,වගේ ම දුකසැපත් දැන ගන්න පුළුවන් තැනක් හින්දා. අනික් හේතුව තමයි, ෆේස්බුක් කියන්නේ ලෝකෙ පුරා ම විසිරිලා ඉන්න නෑදෑ හිතමිතුරන්ව එක තැනකට එකතු කරලා,අර කවුද කියල තිබ්බ වගේ “ලෝකය තනි යායක්” කරලා ...
කවි හිතට පෙම් බැන්ද......අනුරුද්ධ වැලිගමගේ .....කවි.... අනුරුද්ධ වැලිගමගේ කවිහිතට පෙම් බැන්ද මිහිරිසිහිනය වැන්න එකින්එක පද බැදුණු ගෙලේපැලදුණු මුතුහරයි මේ සුසුදුමතකය රැදුණ .... තරුමලින් එළි කෙරුණ පිරුණුපුරහද වැන්න එකටපද එක් කෙරුණ නිමානොමවන සිතුවමයි මේ හදින්හද යා කෙරුණ ...... එදාහැමතින් ඇහුණ දෙව්වදන් පෙල වැන්න තාලයටනිති ගැයුණ කාලයක්නැති මතක සුවදයි සදාමගෙ සිත නිවන ....... අනුරුද්ධ වැලිගමගේ සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු ...
Hoover වේල්ලේ අසිරිය බලන්නට යමු.....සංචාරයක මතකය... අනුරුද්ධ වැලිගමගේ ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon වටේ රවුමක් 4.Herbert Hooverගංවතුරපාලනය , විදුලි බලය , වගාවන්ට අවශ්‍ය ජලය , පානීය සහ දෛනික කටයුතු සහ නගර වාසීන්ට භාවිතය පිණිස කොලරාඩෝ ගගේ ගලායන ජලය පාලනය ඇරබුනේ අතීතයේ පටන් . 1905 දී ඉදිකළ Laguna බැම්ම ඉන් පළමුවැන්නයි.ප්‍රාන්ත ගණනාවක් කලක තිස්සේ වාද විවාද කල මේ ජල භාවිතය පිළිබද ගැටළුවට විසදුම් දෙන්නට පසුකාලීනව ඇමෙරිකාවේ ජනාධිපති වූ ...
කෙත් යායේ රන් අස්වනු පිරිලා ......අනුරුද්ධ වැලිගමගේ......කවි.... අනුරුද්ධ වැලිගමගේ පිලේකොනක දෑසක් දිලිසෙනවා සුරුට්ටුදුම පැල්පතට ගොඩවෙලා කුප්පියෙඑළියෙන් ඇසට පෙනෙන රුව තනියමමොන මොනවද මුමුණනවා . උදලුකෙටිය උරෙ කර පින්නාගෙන හිමිදිරියේ කෙත වෙත පියනගනා සරුබිම වපුරා පැතුම් පොකුරු පොදි රන් දහදියෙ මහිමය කියනා කෙත්යායේ රන් අස්වනු ලැබිලා අප්පච්චිගේමුව හසරැල් නැගිලා ගතවූසිවුමස තිස්සේ වෙහෙසුණු ගතටත්සිතටත් සුවයක් ලැබිලා අනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු ...
කැනඩා දිනයට කැනඩාවේ නැගෙනහිර අන්තයේ සිට බටහිරට යමු. අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ උපන් දිනය වෙනුවෙන් අපි හැමදාම රූපණ බලන ඔබට කැනඩාව ගැන වැඩසටහනක් ඉදිරිපත් කරනවා. කැනඩාව ගැන දැනගන්න දූලා පුතාලට වගේම වැඩිහිටියන්ටත් ඒවා වැදගත් වේවි. බලන්නට බොහෝ දේ තිබෙන පරිසර හිතකාමී මේ සුවිසල් බිමේ සංචාරයටත් මේ තොරතුරු ඔබට අත්වැලක් වේවි. කැනඩාවේ වසර 155 ක ඉතිහාසය ගැන, කැනඩාවේ කාසි සහ මුදල් නෝට්ටු ගැන වගේම කැනඩාවේ විවිධ සංචාරක වැදගත්කමක් ඇති තැන් ගැන ...
නිරෝගීමත් නව වසරක් ...... අනුරුද්ධ වැලිගමගේ කොවිඩ් 19 වසංගතය හින්ද 2020 ලෝකෙටම සුබදායක අවුරුද්දක් නොවුනේ සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් විශාල හානියක් වුනු හින්ද . ඒත් මේ වෙනකොට එන්නත් කිහිපයක්ම ඉතා සාර්ථක මට්ටමේ තියෙන හින්ද අපට 2021 ගැන සුබවාදීව බලන්න පුළුවන් වේවි.අහස් ගව්වෙන් එහා ලෝකය කියවන හැමෝටම 2021 ලබන්නාවූ අළුත් අවුරුද්ද නිරෝගීමත් වාසනාවන්ත අවුරුද්දක් වේවායි පැතුම් එක්කරනවා. රූපණ අන්තර්ජාල රූපවාහිනිය හැම අවුරුද්දකම පලවෙනි සෙනසුරාදා ලබන්නාවූ අළුත් අවුරුද්ද ...
අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක් අනුරුද්ධ වැලිගමගේ අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක් ගමනක මතකයසංචාරය වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා කියල සමහරු හිතනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපට කිට්ටුවෙන් තියෙන සමහර පොඩි පොඩි තැන් වලත් අපට බලන්නට , දැනගන්නට බොහෝ දේ තියෙනවා. මේ අඩු බජට් එකකින් ටොරොන්ටෝව අවට අයට යන්නට පුළුවන් තැන් කිහිපයක්. අද වැඩසටහනෙන් ඔබව එක්කගෙන යන්නේ Halton County Radial RailwayCheltenham ...
තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ගේය පද රචකයා - නිලාර් එන් කාසිම්. අනුරුද්ධ වැලිගමගේ නොමැකෙන ගී රස - ගී පද රචනා ඇසුරේ රූපණ කරනා නිර්මාණ චාරිකාව වරෙක ඔහු කවියෙක්, තවත් වරෙක කාටුන් ශිල්පියෙක්. වරෙක ගුවන් විදුලිය සහ රූපවාහිනිය තුලින් හරවත් යමක් සන්නිවේදනය කරන නිවේදකයෙක්. ඒ වගේම හරබර වැඩසටහන් සම්බන්ධීකරණය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පරිපාලකවරයෙක්. තවත් වරෙක තම දැනුම තවත් පරම්පරාවකට බෙදන විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්. විවිධ අංශ රැසකින් දස්කම් දක්වන ඔහු වඩාත් ...
රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ? අනුරුද්ධ වැලිගමගේ ජර්මන් සංචාරයක මතකය….වෝල්ට්ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල ...
ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ....පොත් පිටු අතරින්...... අනුරුද්ධ වැලිගමගේ " දැන් මොකටද කාමන්ගෙ නම කියන්නෙ , ඔයාගෙ නම මිසක් ? . ඔයා අද හරි ලස්සනයි ඉමෙල්ඩා ."" ලස්සන ඇදුම විතරයි . මං නොවෙයි. පිලිපීන ගෑණු ලස්සනට අදින්න ආසයි. අද මම දැක්ක ඔයා මගෙ පපුව දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා . "මම ලැජ්ජාවෙන් සිනාසී අහක බලා ගත්තෙමි. ඉමෙල්ඩා මා අසලට පැමිණ ඇගේ හිස මගේ පපුවට හේත්තු කර ගත්තාය.( 270 ...
කැනඩාවේ බැංකු ගැන ඔබ නොදන්නා දේ අනුරුද්ධ වැලිගමගේ කැනඩාව ලෝකයේ ආරක්ෂිතම බැංකු ක්‍රම ඇති රටවලින් එකක් . ලෝක ආර්ථික විශ්ලේෂණයන් කරන World Economic Forum පහුගිය වසර 6 පුරා පිට පිට ලෝකයේ හොදම බැංකු ක්‍රමය ලෙස කැනේඩියානු බැංකු ක්‍රමය අගය කර තිබෙනවා .මුදල් හුවමාරු ඒකකය වන රටක ආර්ථික යාන්ත්‍රණය සදහා බැංකු විශාල සේවයක් කරනවා . ලෝකයේ වැඩිම ඒක පුද්ගල බැංකු කාඩ්පත් ( ATM Per Capita) ඇති රට වන ...
මිණි ගංදෑලේ...... අනුරුද්ධ වැලිගමගේ යුගයුග රැදි රහස් කියන මිණි ගංදෑලේ සදුටමුවාවී ඉන්නා හෙවනැලි අතරේ හීතලමීදුම් රැල්ලේ හමනා සුළගේ ඇහුවදඔබෙ කතන්දරේ කවුරුත් රාලේ සෙහෙහෙපිරුණු හිත් මල් වල සුවද හැංගුවේ කවුරුදඒ කදුළු ගගේ දුර දිග මැන්නේ පාටපිරුණු ඉර මල ඇයි තාම පමාවේ අළුත්ලොවක් එළිය කරන් ඇයිද නොආවේ කාසිපනම්, මිණි කැට තුල රැදුණු සංතොසේ කොච්චරකෙටි කාලයක්ද මිහිර ගෙනාවේ සතුටදෝරේ ගලා හැළුණු පුංචි කුඩුවේ හොදහිතඇයි පෑල දොරින් ...
හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ .........අනුරුද්ධ වැලිගමගේ ....රුපවාහිනී ළමා ගීත..... අනුරුද්ධ වැලිගමගේ ඇටබගහේ උඩ අත්තේ හරි හරියට ඉද ගත්තේ රෑපුරාම හ්ම්… හ්ම්…. දවාලේනැහැ නොව දැක්කේ දවල්ටනුබ නිදියනවද හිරු කුමරුන් එරෙව්වාද කියන්නමට දැනගන්නට හ්ම්… හ්ම්…..කිරි අත්තේ අසුබලුඋබ කාගැහමුව අම්මා කියනව ඇහුනා උබවදැකලා රෑ ජාමෙක පුංචි අම්මා බයවීලා ගොරෝසුකටහඩ අහලා පුංචි ළමයි බය වෙනවලු පුංචිළමයි බය කරන්න එපාහ්ම් කිරි අත්තේ අනුරුද්ධ වැලිගමගේ 1991-1994 වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.දෘශ්‍ය ...
ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ අනුරුද්ධ වැලිගමගේ ඇගේ නම නන්දාය, කටු ඔටුණු කිසිදාක හිස නැතී මියුරු හඬ අදත් ඇත , නැත අඩුව මිහිර ඉන් වියැකී හදවතට තට්ටු කර හීන් කෙදිරිලි නගන මුදු හඬකී පතමි තවකල් බොහෝ කරන්නට අපව තුටු යෙහෙකී රුක් අත්තන මල මුදුනින් මුදු පිය ගුණ සැමරූ අම්මාවරුනේ තවමත් නැත හැර මව්ගුණ කිරුළු සුදු හාමිනේ තුල තනිකම හැංගු සුරංගීට දුක හිතුනද හෙටත් අපිම හොයමූ මිහිමඩලේ අදුරු ...
සිහින සහ සමනළ සිහින - චිත්‍රපට තුලින් ලෝකය දකිමු 8 අනුරුද්ධ වැලිගමගේ සිහින ලෙස නින්දේදී අප දකින්නේ අපේ යටිහිත අපට කියන දේවල්ද ? . ඒ ගැන විද්‍යාත්මක පර්යේෂණ කරමින් ලෝකය ඉන්නා අතරේ කලාකරුවන් විවිධ මාදිලියේ නිර්මාණ එලිදක්වති . සමහරු ඒවාට ෆැන්ටසි කියා වචනයක් යොදති . සිනමාකරුවන් එලෙස දකිනා සිහින නිර්මාණ රැසක් වාර්ෂිකව ලෝකයට එක්වේ. අතීතයේ පැවති දේව සංකල්ප සේම අනාගත අභ්‍යවකාශ ජනාවාස රැගත් විද්‍යාත්මක ප්‍රබන්ධ ඒ අතර වේ.එවන් සමහර නිර්මාණ එකකින් නොනැවතී ...
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය - Trans Canada Highway අනුරුද්ධ වැලිගමගේ ට්‍රාන්ස් කැනඩාඅධිවේගී මාර්ගය පැසිපික් සාගරයත් , අත්ලාන්තික් සාගරයත් යා කරනවා . කිලෝමීටර් 7821 ක් ( සැතපුම් 4860) ක් දිග ඒ මාර්ගය කැනඩාවේ බටහිර අන්තයේ බ්‍රිටිෂ් කොලොම්බියා පලාතේ වැන්කුවර් දුපතේ වික්ටෝරියා නගරයේ පිහිටි බීකන් හිල් උද්‍යානය අද්දරින් පටන් ගෙන කැනඩාවේ නැගෙනහිර අන්තයේ පිහිටි නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් ( St. John’s) නගරයේ පිහිටි Mile 0 ක්‍රීඩා සහ සම්මේලන සංකීර්ණය අද්දරින් අවසන් වෙනවා ...