මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 1, 2023

කැනඩා දිනයට කැනඩාවේ නැගෙනහිර අන්තයේ සිට බටහිරට යමු.

 




කැනඩාවේ උපන් දිනය වෙනුවෙන් අපි හැමදාම රූපණ බලන ඔබට කැනඩාව ගැන වැඩසටහනක් ඉදිරිපත් කරනවා. කැනඩාව ගැන දැනගන්න දූලා පුතාලට වගේම වැඩිහිටියන්ටත් ඒවා වැදගත් වේවි. බලන්නට බොහෝ දේ තිබෙන පරිසර හිතකාමී මේ සුවිසල් බිමේ සංචාරයටත් මේ තොරතුරු ඔබට අත්වැලක් වේවි.   



කැනඩාවේ වසර 155 ක ඉතිහාසය ගැන, කැනඩාවේ කාසි සහ මුදල් නෝට්ටු ගැන වගේම කැනඩාවේ විවිධ සංචාරක වැදගත්කමක් ඇති තැන් ගැන අපි රූපණ වැඩසටහන් තුලින් මීට පෙර කථා කර තිබෙනවා. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ වැඩසටහන් ඉඩ කඩ තියෙන විදිහට බලන්න පුළුවන්.

මෙවර වැඩසටහන් තුලින් ඔබට ........

කැනේඩියන් පැසිෆික් දුම්රිය මග තැනුනේ ඇයි ?  

කැනේඩියන් පැසිෆික් සමාගමට මුදල් වගේම ඉඩම් අක්කර මිලියන 25ක් ලැබුණා. ඒවායේ ගොවිපල තනා මිනිසුන් පදිංචි කල හැටි 

රොකී කදු කලාපයට දේශීය විදේශීය සංචාරකයින් හුරු කල හැටි  

නිව් බ්රුන්ස්වික් පලාතේ ඉදන් කැනඩාවේ කුඩාම පලාත වන එඩ්වඩ් කුමාර දූපත යා කරන කිලෝමීටර 12.9 දිග පාලම. 

ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ගැන

දැනගන්න පුළුවන්


https://rupane.com/2023/07/01/rupane-episode-354-july-01-2023/


මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........


*************************************************************

ඉදිරිපත් කිරීම - මංජුලා ආරියරත්න සම්පත් දායකත්වය - අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර කැමරාකරණය - ගොයුම් එරංග, වීරා ෆොන්සේකා සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි. *************************************************************


අපේ පැරණි වැඩසටහන් දැන් විස්තර සහ වීඩියෝ දිගු  ..........


කැනඩා දිනය පිළිබද කෙටි සටහන

http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....


http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html

හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

4 comments:

  1. අනුරුද්ධතුමාටත් එකවිදිහකට කැනඩා පුරවැසිය කියන්න පුළුවන් එකේ.... සුබ නිදහස් දිනක් පතනවා 🎊️!

    ReplyDelete
    Replies
    1. නමියා කැනඩා දින සුබ පැතුමට බොහොම ස්තුතියි. කැනඩා දිනය නිදහස් දිනයක් නෙවෙයි. කොඩ් මාළු, සත්ව ලොම් සහ අළුත් බිම් හොයාගෙන ආපු යුරෝපා නාවිකයින් ස්වදේශිකයන් ගෙන් අත්පත් කරගත් බිම් කොටස් මුලින්ම තිබුනෙ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යය වල වෙනස් පාලන කොටස් විදිහට. ඉන් කොටස් 4 ක් එකතුවෙලා තමයි මුලින් කැනඩාව කියන රාජ්‍යය හැදුනෙ.

      Delete
  2. ++++, ලින්ක් එක තියාගත්තා පස්සේ වෙලාවක යන්න

    ReplyDelete
    Replies
    1. අජිත් ඔව් නිවාඩු වෙලාවක බලන්න. දැන් යූ ටියුබයේ තියෙන හින්ද බලන්න ලේසියි . අඩුපාඩු කියන්න. මිතුරන් අතරේ බෙදා ගන්න.

      Delete