අපල ගුරු , ශනි දෝෂ ...... අනුරුද්ධ වැලිගමගේ ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලකඅළුපාට හැන්දෑව මවනවා දුක හිතෙනපමාවට කාරණා හොය හොයා හිත තවනසද කුමරී පමාවන අදුරු රැය අප දකින හාවාට, ආවාට විදු නැණින් කිව්වාටදකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුවඅටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වනමවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම තරු රටා මව මවා ජීවිතය එළිය දෙනසිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවදග්රහයින්ගේ ගමන් මග ඉරෙන් ...
සිංහල චිත්‍රපට පහක් අනුරුද්ධ වැලිගමගේ ලංකාවෙන් බැහැරව ඉන්නා අපට සිංහල චිත්‍රපට බලන්නට ලැබෙන අවස්ථා විරලයි. අපි සිංහල චිත්‍රපට බලන්නේ ලංකාවෙන් ගෙනෙන සීඩී පටවලින් , ටීවී box වලින් හෝ ඉදහිටක සමහර සංවිධාන වලට ආධාර පිණිස විවිධ තැන්වල කුඩා සිනමා ශාලාවල සති අන්තයේ පෙන්වන චිත්‍රපට අතරින්. ඒ කොහොම වුණත් මේ සටහන ඉඩ ලැබෙන විදියට බැලූ සමහර චිත්‍රපට ගැනයි. ආසු (2021 )නෙළුම් කියල කියන්නේ අවුරුදු 31 ක ඉහල ...
කළු මල්ලි නැතිවෙලා! අනුරුද්ධ වැලිගමගේ “දැන් වෙලාව එකොළහයි, මෙහෙමද හයි ස්කූල් ළමයි, පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදියන්නෙ නැතුව නැගිටිනවා!” අම්මගේ සුපුරුදු ගෝරනාඩුව ඇහුණෙ දැන් පැය භාගෙකට විතර කලින්. ඊයේ පාන්දර වෙනකම් යාළුවො එක්ක ගේම් ගහ ගහ හිටපු හින්ද සමින්දට තාමත් නිදිමතයි. කළු මල්ලි ඇවිත් පොරෝනය ඇදල යනකොට සමින්ද තවත් තදින් ඇහැ පියා ගත්ත වගේ මතකයි. අනේ පව්! සෙල්ලම් කරන්න වෙන්නැති. ඒත් ආපහු හැරිලා ගිහින්. ...
තවමත් අබිරහසක් වුනු Stonehenge, පැරණි Roman Bath නාන තටාකය සහ Windsor Castle බලන්නට ගියදා අනුරුද්ධ වැලිගමගේ එංගලන්ත සංචාරයක මතක......අපි උදෙන්ම නවාතැනෙන් පිටත් වුණේ දවසට නියමිත එක් දින සංචාරයට යන්න. මුලින්ම අපි කලේ දුම්රියෙන් වික්ටෝරියා උමං දුම්රිය ස්ථානයට කිට්ටුව තියෙන බස් පර්යන්තයට යන එකයි. අපේ සංචාරයට නියමිත බස් රථය ගමන පටන් ගත්තෙ එතැනින්. අද දවසේ අපේ මේ ගමන ඒ සංචාරක බස් රථයෙන් තමයි. වින්ඩ්සර් මාලිගාව (Windsor Castle)බ්‍රිතාන්‍ය රජ පවුල සතු ටින් මාලිගා අතරින් වින්ඩ්සර් මාලිගාව ට ...
ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග..... අනුරුද්ධ වැලිගමගේ " මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටමකියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය. ඔහු මලානික හඬින් කථා කළේය. "අනේ ...
එතකං නංගී අවදිව අයියන්ඩියේ අනුරුද්ධ වැලිගමගේ තබවා ඉණි හරි හරියට , සදවා නිසි ලෙස ඉණිවැටජීවිතයට පාර කියූ පුංචි සන්දියේපුබුදා පැතුමන් පිට පිට , ජීවන ගමනම එළිකොටසැදූ පහන් තරුව ඔබයි මගේ සුදු අයියන්ඩීහිත රිදිලා හරි හරියට, ඇදිලා ගිය මහ රැල්ලටසුනාමියේ දුක රිංගූ පාළු වංගියේනොසැලී මහමෙර විලසට, සනසා සිත මා දැඩිකොටදුන්නු දිරිය තාමත් ඇත මතක මන්ඩියේයොදුන යොදුන පියමං කොට, ඉගිල ගියත් දුරු රටකටසීතල පිණිකැට සුසුමන් දැනෙන වංගියේඈත අහස් ...
සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය ........කෙටිකතාව .... අනුරුද්ධ වැලිගමගේ කලකට පෙර මා ලියූ මේ කතාව 1979-80 කාලයේදී මා ලද අත්දැකීමක නොස්ටැල්ජියානු මතකයකි.හිතවත් බ්ලොග් රචක තිලකසිරි ඒකනායක 23 ශ්‍රී පාන් බාගේ නමින් මෙවන් මතකයක් ලියා තිබුණාත් මතකය.මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල නොවැම්බර් කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් ...
නැවතිලා ඉමුද එක මොහොතක්…. අනුරුද්ධ වැලිගමගේ මල් පිපෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිරියක් හිම වැටෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිසිලක් ඇහැ කොනින් බලනට බැරිනම් කිම දකින්නේ හැඩයක්හැඩය අරුමැසි වෙනසක් සරු පසක් හිමි නැතිනම් , කිම හැදෙන්නේ පල වැල් හිරු එළිය දැක නැතිනම්, කිම දිලෙන්නේ දල්ලක් රැය විදින්නට බැරිනම් කිම දකින්නේ තරුමල් රටාවකි ඒ වියමන් හැඩ මවන්නට බැරිනම් , හැඩවේද හඳ මෙතරම් තනි රකින්නට ...
සඳරැස් උතුරන විල් දිය මත්තේ ... අනුරුද්ධ වැලිගමගේ සඳරැස් උතුරන විල් දිය මත්තේහිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන යමු අපි දේදුනු අහසේ වාන් දමන සිතුවිලි පසුපස්සේ දෝරේ ගලයි පැතුමන් හද මත්තේ දකිනා විට දුව පුතු රුව දෑසේ තව වෙන මොනවද මේ ලොව ඇත්තේ රූ මවනා නෙක තරු කැට බිස්සේ ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ පහන් තරුව සිත රැදි ඉස්මත්තේ සුරැකිව එය අද මා ...
මිසදුටු මුසිල පිරිසට ගලේ කියාපන්නේ .......අනුරුද්ධ වැලිගමගේ..... කවි...... අනුරුද්ධ වැලිගමගේ රැස්වෙහෙරේ පින්පෙත් දෙන ඇත්රංචුව මැද්දේ සුදුසද රැස් විහිදෙනවා හිටි පිළිමය සිරසේ පාළුඅදුරු කැලෑ රොදේ කෑලි කපන අදුරේ දෙදහස්වසරක උරුමය සැගවී වන වදුලේ පණනල දුන් ගල් වඩුවන් ජීවිත නැත දසුනේ අමරණීය ගල්කැටයම් නිවයිදුකම සැමගේ දර්ශනයයිසංදර්ශණ පටලා පින් මත්තේ මිසදුටුමුසිල පිරිසට ගලේ කියාපන්නේ අනුරුද්ධ වැලිගමගේ ...
හිතට ආඩම්බරයක් ගෙනෙන අපේ හෙළ බස ......අනුරුද්ධ වැලිගමගේ....... අනුරුද්ධ වැලිගමගේ සිංහලපන්තියට රැගෙන යන සෑම සෙනසුරාදා දිනෙකම ලංකාවේ උපන් , සිංහලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනයක් ලැබූ අප වැනි දෙමාපියන් දෙවන පරම්පරාවට සිංහලය කාවද්දන්නට දරන උත්සාහය කැපී පෙනේ. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවන් භාවිතයෙන් සිප්හලේදී අකුරු කරන දරුවන්ට සිංහලය කියා දීමට ජාත්‍යන්තර භාෂා පන්තිවල ගුරු භවතුන් දරන අපමණ වෙහෙස මහන්සිය පැසසුම් කටයුතුය. සිංහල පන්තියට දරුවන් රැගෙන ඒමෙන් පමණක්ම ඔවුන්ගේ සිංහල දැනුම වැඩිදියුණු ...
හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු......කැනේඩියානු සංචාරයක මතකය අනුරුද්ධ වැලිගමගේ නයගරා ඇල්ල වටේ රවුමක් යමු 1ටොරොන්ටෝවේඉන්න අපට පැය 2 කට අඩු කාලයකින් අවුරුද්දෙ ඕනෑම කාලයක බලන්න පුළුවන් ජනප්‍රිය තැනක් තියෙනවා . ලංකාවෙන් එන නෑදෑ හිතවත්තු කවුරු උනත් එක්කගෙන යන මෙතැන තියෙන දේවල් වලින් අපි දන්නෙ කොච්චර ටිකයිද ? ඒ ලෝකයේ තිබෙන දිය ඇලි අතරින් ජනප්‍රියම සහ ලස්සනම දිය ඇල්ල ඇල්ල. ඉස්සර වෙලාම ඔබ පුදුම වේවි නයගරා ඇල්ල අවුරුදු 12500 ...
පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිද ? අනුරුද්ධ වැලිගමගේ පසුගියදා කැනඩාවේ සිදූවූ සය පුද්ගල මිනීමැරුම සමඟ කතාබහට ලක්වුණු කරුණු කාරණා ලංකාවෙන් පිටරටවලට සංක්‍රමණය වන පිරිස් වලට අත්දකින්නට ලැබෙන දුෂ්කරතා ගැන කාගේත් අවධානය යොමුවූ අවස්ථාවක් බව පෙනේ. මියගිය කාන්තාවන් එක්වරම රූමත් කාන්තාවන් වන , චූදිතයින් උසාවිය වැරදිකරුවන් කරන්නටත් පෙර මිනීමරුවන් වන ශ්‍රී ලංකාවේ මාධ්‍යය එම සිදුවීම වාර්තා කල ආකාරය ගැන මා තුල එතරම් පැහැදීමක් නැත.මේ කැනඩාවේ මාධ්‍යය ඒ සිදුවීම ...
ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අනුරුද්ධ වැලිගමගේ අපිසමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. ...
මතක අතරින් සෝමසිරි මුණසිංහ නිර්මාණවේදියා සොයමු. අනුරුද්ධ වැලිගමගේ සෝමසිරි මුණසිංහ , අප බොහෝ දෙනෙක් හදුනන්නේ සෝම මුණසිංහ යන නමින්. ටොරොන්ටෝවේදී පසුගිය දා අප අතරින් වෙන් වුණු ඔහු ටොරොන්ටෝව අවට සමාජය දැන සිටියේ ටොරොන්ටෝවේ ඉංග්‍රීසි පුවත්පත් වල පලවුනු ලිපි සහ ඔහු විසින් Newstrails නමින් පවත්වාගෙන ගිය අන්තරජාල වෙබ් අඩවිය සහ මුහුණු පොත හරහා ඉංග්‍රීසි බසින් ලියූ බොහෝ ලියැවිලි හරහා ඔහු කැනඩාවේ සහ විප්‍රවාසීව වෙසෙන ශ්‍රී ලාංකික සමාජයට කල ...
මං එතකොට මගෙ දූගේ කොණ්ඩේ ගොතනවා....කවි.....අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ පාටවැටුණු හැන්දෑවක ඉරරත පිරිසුදු වෙරළක සිගිතිදෝණි මාපස්සෙන් දුවගෙනඑනවා. මගේහිතින් මංහනිකට ගම්රට යනවාසුදුගවුමක ටයිපටියක සේයාරූමුහුණු පොතේපාසැල්යනවා මගේහිතින් මංආයෙත් අකුරුකරනවා(පාසැල් යනවා)ලස්සනසුදු බෝනික්කෙක්ඩිජිටල්සල්පිල ඇතුලේඇස්උදුරනවා මං එතකොටමගෙ දූගේකොණ්ඩේගොතනවා අනුරුද්ධ වැලිගමගේසේයාරූ අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයිමගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු ...
තේ සහ මුහුණු ..... යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )... අනුරුද්ධ වැලිගමගේ තේ.... සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි ...
කතන්දර හරහා ළමයින්ට දැනුම බෙදන ආචාර්ය අත්තම්මා අනුරුද්ධ වැලිගමගේ පොත් පිටු අතරින්- ළමා අධ්‍යාපනය සදහා කතන්දරළමයින්ට කතන්දර කියන එක ලේසි වැඩක් නම් නොවෙයි . ඒක බරපතල රාජකාරියක් . ඒ වගේම ඒ ගැන කියාදෙන එකත් ලේසි වැඩක් නම් වෙන්නේ නැහැ . ඒ බර දරන්නට කල පර්යේෂණ ග්රන්ථයක් ගැනයි අද අපි පොත් පිටු අතරින් ඔබට ගෙන එන්නේ. අපේ කථා නායිකාව ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය ළමා සාහිත්‍යය වෙනුවෙන් වූ 1989 රාජ්‍ය ...
කළු ටැක්සි, බිග්බෙන් ,ඩබල් ඩෙකර් එක්ක ලන්ඩනයේ දවසක් අනුරුද්ධ වැලිගමගේ ලන්ඩන් නගර ගමනක මතකබිග්බෙන් ,ඩබල් ඩෙකර් බස් වගේම අමුතුම හැඩේ කළුපාට ටැක්සිකාර්එංගලන්තයේ ලන්ඩන් නගරයට ආවේණික සුවිශේෂී සංකේත. ඒ වගේම තමයි ලන්ඩන් උමං දුම්රිය. ඒවා ගැන අහද්දී කුඩා කාලේ ඉඳන්ම මම හිටියේ කවදා හරි ඒවා හැබැහින් දැකගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. මේ මට හැබෑ කරගන්න පුළුවන් වුනු ඒ හීන ගමනක මතකය ඇසුරින් ඔබව ලන්ඩන් නගරයේ තැන් කිහිපයකට එක්කගෙන යන්නයි මේ සූදානම.Big ...
වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්......වෛද්‍ය රුවන් එම් ජයතුංග....පොත් පිටු අතරින්...... අනුරුද්ධ වැලිගමගේ පාසැල් යන කාලයේදී ඩීමන් ආනන්ද ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වුයෙමු. ජේම්ස් බණ්ඩා 019 නඩු නැත. උසාවි නැත. නීතිය ඇසට ඇසක්,උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැදුනේ වෙරුට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය. කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් සමාගමෙන් රුපියලට , එකයි පනහට ගන්නා මෙම පොත් අතිනත යයි. එසේම අනෙකුත් ...