කැනඩාවේ බැංකු ගැන ඔබ නොදන්නා දේ අනුරුද්ධ වැලිගමගේ කැනඩාව ලෝකයේ ආරක්ෂිතම බැංකු ක්‍රම ඇති රටවලින් එකක් . ලෝක ආර්ථික විශ්ලේෂණයන් කරන World Economic Forum පහුගිය වසර 6 පුරා පිට පිට ලෝකයේ හොදම බැංකු ක්‍රමය ලෙස කැනේඩියානු බැංකු ක්‍රමය අගය කර තිබෙනවා .මුදල් හුවමාරු ඒකකය වන රටක ආර්ථික යාන්ත්‍රණය සදහා බැංකු විශාල සේවයක් කරනවා . ලෝකයේ වැඩිම ඒක පුද්ගල බැංකු කාඩ්පත් ( ATM Per Capita) ඇති රට වන ...
සියහඬ හද සක්මනේ ඇවිද ගිය මතක ..... අනුරුද්ධ වැලිගමගේ අන්තර්ජාතික ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සියහඬ රේඩියෝ නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් විදිහට 'හද සක්මන' හදුන්වන්න පුළුවන් . වැඩසටහනේ ආකෘතියට අනුව කරන්නේ ගීත 7 ක් අතරින් ශ්‍රාවක හිත කියවන එකයි . ඒ සදහා මට ආරාධනාව ලැබුනේ ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි මහත්මිය හරහා. සෑම් දිසානායක, සුජීව ක්‍රිෂාන්ත ගමගේ මහත්වරුන් සමග කෙරුණු මූලික කථා බහෙන් පස්සෙ ජානි වසන්ති එක්ක ...
සම්මානනීය ප්‍රේමානිශංස සමග ගෙවුණු අඩ පැයක් අනුරුද්ධ වැලිගමගේ 2022 වසරේ ලංකාවේ පැවති සාහිත්‍යය උත්සව හතරේම අවසන් වටයට තේරී ස්වර්ණ පුස්තක , විද්යෝද්ය සහ ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලවල හොදම නවකථාවට හිමි සම්මානය හිමි කරගත්තේ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස නවකථාවයි.ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, රාජ්‍ය නිලධාරියෙකු , කවියෙකු , බ්ලොග් රචකයෙකු ලෙසින් විවිධ වගකීම් රැසක් හෙබවූ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ කෘති මීට පෙරත් ලංකාවේ සාහිත්‍ය උත්සව වල ඇගයීමට ලක්ව තිබෙනවා. අවුරුදු 16 ක් තිස්සේ ...
නිම්සි..... අනුරුද්ධ වැලිගමගේ කංචන නැගිට්ටෙ හීනෙන් වගේ. ඒත් නැගිටලා බැලුවාම දුරකථනයේ වට්ස්ඇප් තිරයේ මතුවුණු සටහන නම් ඇත්තම ඇත්ත එකක්. ඒත් කංචනට හිතුණේ “මේක කොහොම අදහන්න ද?” කියල යි. කංචනගෙ හිත අතීතයට ගියෙ නොදැනීම. ඒ නිමාලිකා හසන්ති රාජකරුණා එහෙමත් නැත්නම් නිම්මි කංචනට හමුවුණුපළමුවෙනි දවස. “ගලෙන්බිදුණුවැව තියෙන්නෙ කොහෙද?” නිම්මි ඇහුවෙ මුණ ගස්සලා. “උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ” කංචන කියන්න පටන් ගත්තා. “නවත්තන්න අනේ, කෝලම් නැතුව ...
අත්හැර දමන ලද තැන් 500 ක් හරහා ලෝකය දකිමු. අනුරුද්ධ වැලිගමගේ අත්හැර දමන ලද තැන් වල අභිරහස් - Mysteries of the abandoned. පහුගිය මාස 4 තිස්සේ දිනකට එක බැගින් බෙහෙත් වඩියක් බොනවා තරමට බලන්නට මම ඇබ්බැහිව සිටි වැඩසටහන් පෙලක් තිබුනි. ලෝකයේ හතර දිග් භාගයේ විවිධ තැන්වල පිහිටි මේ වනවිට අත්හැර දමන ලද ඉදිකිරීම් සහ නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් ගැන විනාඩි 45 වැඩසටහන් 108 ක් පුරා කතාකරද්දී ඉතිහාසය, දේශපාලනය , ...
සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට .... අනුරුද්ධ වැලිගමගේ සංචාරයට කැමති මට සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ සංචාර වැඩසටහනෙන් අපූරු ගවේෂණාත්මක සංචාරකයෙක් දකින්නට ලැබෙනවා. වැඩසටහන් ගණනාවක් පුරා ලෝකයේ රටවල් රැසක ඔහු කරන ගමන් වලට ආසා කරන මම ඔහුගේ බ්ලොග් අඩවිය sanchara.lk සමගත් , මුහුණු පොත සමගත් බැදෙනවා.https://www.sanchara.lk/බොහොම වෙහෙස මහන්සියෙන් , හොදින් සැලසුම් කරගෙන ඔහු යන දුෂ්කර , ත්‍රාසජනක , ගවේෂණාත්මක සංචාර රසවිදින මට දැනෙන්නේ රොහාන් ඩිරෙක්ස් කියන්නේ සිංහල ...
මන්නාරම් බස් එක… අනුරුද්ධ වැලිගමගේ “අවුරුදු විස්සක්,” සපුමල් කිව්වෙ හිනාවෙලා “ඔව් බං දැන් අපි බැදලා අවුරුදු විස්සක්!” මට සපුමල්ව හම්බවුණේ අනුරාධපුරයේ බැංකු ශාඛාවක වැඩ කරපු කාලෙ. සපුමල්ගේ ගෙවල් මීගමුවෙ කොච්චිකඩේ. මංරත්මලානෙ. දෙන්නම නැවතිලා හිටියෙ අනුරාධපුර නගරයෙ තිබුණු එකම නවාතැනක. “මම මේ බඩු වගයක් අස් කරද්දි පරණ ෆොටෝ ටිකක් හම්බ වුණා. පරණ මතක අළුත් වෙන්නත් එක්ක ෂෙයා කළා” සපුමල් කිව්වා. වට්ස්ඇප් සංවාදය නිමවුනේ තවත් පෞද්ගලික ...
ලක්බිමට අවුරුදු පැතුමක් අනුරුද්ධ වැලිගමගේ පින්බිමයි , මේ බිමයි අපට අගනා වන්දනා කරන අයට ජයම ලැබෙනා සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා සාදු දී වදිනෙමි මේ මව්බිම බැතිනා දවස ගානෙම හත් අට වටයක් යනෙනා සිරි දළදාවේ සුදු බුදු රැස් බලෙනා සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා සුදු සේල වලා වැනි දියඇලි මවනා ඒ ...
ලක්සෙට කොඩිය දැම්මට පස්සේ ...... අනුරුද්ධ වැලිගමගේ 2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන දෙයක් වුණත් ඒ දිරිය සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මට තව ඉදිරි ගමනකට පාර කියනවා. බ්ලොග් එකක් ලියන්න හිතුණු හැටි.සිංහල බ්ලොග් එකක් ලියන්න මට හිතුනෙ අහම්බෙන්. 2017 නොවැම්බර් මාසෙ සවන අන්තර්ජාල රේඩියෝව පටන් ගන්න සුදානම් වෙනකොට ...
හිරිහැරයක් නෑ වෙන්නේ , සමණලුනේ නොම යන්නේ අනුරුද්ධ වැලිගමගේ පාට ගොඩක් ගෑවෙන්නේ දේදුන්නේලු රෑ ඉන්නේ මල් නොතලා පැණි බීවේ කොහෙ ඉදලද ඔබ ආවේ සිනිදු සේලයෙන් මහලා කවුරුද ඇදුමක් දුන්නේ පාට පාට මල් ඉහිරුණු ඇදුමයි සිරියක් දෙන්නේ හිමිදිරියෙම ඔබ එන්නේ හිරුත් සමග යලි යන්නේ සමණල කන්දට ගිහිල්ලා සිරිපා වැදගෙනද එන්නෙ ආස නිසයි මේ ආවේ ඇයි ඔබ පියබා යන්නේ හිරිහැරයක් නෑ වෙන්නේ සමණලුනේ නොම යන්නේ අනුරුද්ධ වැලිගමගේ 1993 ජුලි 09 දින ...
රූපණ පියසටහන් , සය වසක සාඩම්බර ගමන් මගේ මතක ...... අනුරුද්ධ වැලිගමගේ 2016 පටන්ගත් කැනඩාවේ රූපණ අන්තර් ජාල රූපවාහිනියට මේ වනවිට අවුරුදු 6 ක්. එකම එක සෙනසුරාදාවක් හැර අනෙක් සෑම සෙනසුරාදාවකම අළුත් වැඩසටහනක් ලෙසින් රූපණ කණ්ඩායම එකිනෙකට වෙනස් වැඩසටහන් 325 ක් මේ වනවිට වෙබ් අවකාශයට මුදා හැර තිබෙනවා.මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහන් අපේ පුදබිම් - ආගමික ස්ථාන ගැන කෙරෙන වැඩසටහන පැංචන්ගේ සාදය - කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුනු අඩ පැය කාන්තා හමුව - ...
බෙල්ජියමේ Bruges වීදි දිගේ..... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව.Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්‍යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්‍රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් ...
අපල ගුරු , ශනි දෝෂ ...... අනුරුද්ධ වැලිගමගේ ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලකඅළුපාට හැන්දෑව මවනවා දුක හිතෙනපමාවට කාරණා හොය හොයා හිත තවනසද කුමරී පමාවන අදුරු රැය අප දකින හාවාට, ආවාට විදු නැණින් කිව්වාටදකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුවඅටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වනමවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම තරු රටා මව මවා ජීවිතය එළිය දෙනසිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවදග්රහයින්ගේ ගමන් මග ඉරෙන් ...
පරිවර් තන කවි 50 ක් , විදෙස් කවි 200 ක් සමග දුර ගමනක් ..... අනුරුද්ධ වැලිගමගේ සිංහල කතා කරන, ලංකාවේ උපන් අපට කවිය ගැන හොද රසිකත්වයක් තිබෙනවා. ඒත් වෙනත් භාෂාවලින් ලියැවුණු කවි පරිශීලනය අතින් අප ඉන්නේ පහල තැනක කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. 1956 පටන්ගත් ද්විභාෂාව දැනුම අඩුවත්, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය අධ්‍යනය අඩුවීමත්, සාහිත්‍යය විෂය මාලා තුල ඉතා කුඩා වපසරියකට සීමා කර තිබීමත් හින්ද 80 දශකයේ පාසැල් අධ්‍යාපනය ලැබූ අපට විදෙස් කවි ගැන දැනුමක් ලබන්නට ...
තව තවත් ආදරේ ...... අනුරුද්ධ වැලිගමගේ මුතුපානකිචි කිචිය හිතේ කොන කිති කවන හෙමිහෙමින් මගෙ ළගින් ඇහෙනවා හෙමින්දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන ඔබමගේ මතකයේ ඉන්නවා ..... මතකයේඇදි රුවින් එදා මා සොයා ආ සුදුමුණ මා ළගම ඉන්නවා කලින්නින්දට වැටුණු නිදන ඒ ඔබ දිහා ආදරෙන්මම හෙමින් බලනවා..... පෙලින්පෙල අමුණලා කොහොම කවි ලියන්නද මගෙහිතම මටම අද කියනවා සිනාමල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට තවතවත් ආදරේ හිතෙනවා ..... අනුරුද්ධවැලිගමගේ 2022 නොවැම්බර් ...
ජීවිතය විනිවිද දකින මලයාලම් චිත්‍රපට 5 ක්. අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට ලෝකය 16.ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර් මාණ රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර් මාණ අතරේ වර් තමානයේදී ඉතා ඉහල ජනප්‍රියත්වයක් දරන්නේ මලයාලම් චිත්‍රපට කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ. තවත් පැත්තකින් මලයාලම් සිනමාවට පසුබිම් වන ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ගහකොළ , පරිසරය සහ මිනිස් හැඩරුව , ගති ලක්ෂණ සමහරක් ශ්‍රී ලාංකික අපට සමාන ...
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු . අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින් තියෙන ඇතබැස්කා ග්ලැසියරය අයිස් මත ඇවිද යන්නට කදිම තැනක් . බැන්ෆ් ජාතික උද්‍යානයේ පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ...
සම්මේලන පාලම - Confederation Bridge අනුරුද්ධ වැලිගමගේ නිව්බ්රුන්ස්වික් පලාතේ ඉදන් කැනඩාවේ කුඩාම පලාත වන එඩ්වඩ් කුමාර දූපතට ඇති කෙටිම දුර කිලෝමීටර 13 ක් . අත්ලාන්තික් සාගරය හරහා ඇති එම සමුද්‍ර සන්ධිය හැදින්වෙන්නේ Abegweit Passage කියලයි . ලෝකයේඅයිස්වලින් යටවෙන දිය කදක් මතින් දිවෙන දිගම පාලම ඉදිවුණේ මෙතැනයි . යෝජනා වුණු නම් අතරින් තෝරාගත් එක වුනේ Confederation Bridge. සිංහලෙන් සම්මේලන පාලම කියන්නත් පුළුවන් . කැනඩාව කියන එක්සත් රට ...
අංජානා ...... අනුරුද්ධ වැලිගමගේ මගේ හදවත ආදරෙන් පුරවා ඔබේ හසරැල් මාළිගා තැනුවා ගියත් විමනේ රන් දොරටු හැරදා ඉන්නවා තව බලන් ඔබේ රුව මා .....වසර ගතවී කාලයත් ඇවිදා තාම හීනෙන් ඔබ ඇවිත් යනවා පොඩි කුඩේ යට ගුලිවෙලා ගියදා තාම යනවා හිතින් අත පටලා ....පාට හැඩවී තුරු උයන් හැඩදී බලා උන්නේ එනතුරා එක්වී සීත මීදුම් වලා පෙල මැදදී දගකරන ඔබ පෙනෙනවා පෙරදී අනුරුද්ධ වැලිගමගේ 2022 සැප්තැම්බර් ...
Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ? අනුරුද්ධ වැලිගමගේ ඍතු විපර් යාසයක් පැහැදිලිව දකින්නට තියෙන කැනඩාවේ ගිම්හානයෙන් සරත් ඍතු වට වන කාල වෙනස්වීම් පරිසරය තුල විවිධ රටා මවන්නේ ගස්වල කොලවල පාට වෙනස්කරමින් . හීන් ශීතලක් වටපිට වෙලාගනිමින් ඉන්නා මේ කාලයේදී කොළ පාටින් තිබුණු ගස්වල කොල රතු පාටට , තැබිලි පාටට සහ කහ පාටට හැරිල වැටිලා යන්නේ ඒවාට හිරුඑළිය ලැබුණු කාලය අඩුවෙන හින්දයි. විද්‍යාත්මකව බැලුවොත් සිද්ධ වෙන්නේ හිරුඑළිය නැතිව ...