එතනා ...... අනුරුද්ධ වැලිගමගේ මංකඩ ලග වලිකුකුලන් පේලි සැදීලා නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා කළු කුමාරයත් ඉතින් නාහෙට නාහන හින්දා පරිස්සමෙන් ගෙදර යමන් මගේම එතනා ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා ඉදිච්ච මාදන් ගෙඩි ඔක්කොම හැංගිලා උන්නා හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා පුර පෝය හදක් පායනකම් බලාන උන්නා කැකිරි හිනා හඩ අස්සේ මුණ ගස්සලා තොවිල් පලේ විරාමයේ ඔබෙ බහ ලැබුණා කරේ ...
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු . අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින් තියෙන ඇතබැස්කා ග්ලැසියරය අයිස් මත ඇවිද යන්නට කදිම තැනක් . ජැස්පර් ජාතික උද්‍යානයේ පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ ...
කැනේඩියන් පැසිෆික් දුම්රිය මග නිසා කැනඩාවේ සිදුවූ වෙනස අනුරුද්ධ වැලිගමගේ ගොවිපල තනා ජනතාව පදිංචි කරවීම සහ දුම්රිය සංචාරක නවෝදය 1889 වනවිටදුම්රිය මාර්ග නිව් බ්රුන්ස්වික් පලාතේ Saint John දක්වා ඉදිවීමත් සමගම කැනේඩියන් පැසිෆික් සමාගම වෙනත් ව්‍යාපාර කටයුතු සදහා යොමුවුනේ දුම්රිය ලාබදායී ව්‍යාපාරයක් කරන්නට නම් වැඩි වැඩියෙන් භාණ්ඩසහ මගී ප්‍රවාහනය අත්‍යවශ්‍ය වූ නිසා .රජයෙන්ලැබුණු ඉඩම් අක්කර මිලියන 25 න කොටසක් සහනදායී මිලකට අලෙවි කරන්නට තීරණය වුනේ 1884 දී පටන් . ඒ ...
බෝට්ටු හෝටලයකින් කාලා බයිසිකලෙන් Amsterdam බලන්න යමුද ? අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්තසංචාරයක මතකය 3.Amsterdam යුරෝපයේතිබෙන ප්‍රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්‍රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්‍රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ඒ ගැන පසුවට කථා කරමු.Museum Square ( Museumplein)ප්‍රධාන ...
කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට ..... අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැයක දුරින් තියෙන යෝහෝ ජාතික උද්‍යානය එවන් තැනක්. පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.එන්න අපිත් එක්ක Wapta ...
පනාපුත්‍ර කුහුඹුපැණි අනුරුද්ධ වැලිගමගේ නෙයිනගේසූදුවේ හැඩ වැඩ කවි කොළුවාබවදුක තුලින් ජීවිතයේ දුක කිව්වානෙකනෙක රැගුම් තුල තිරයේ රුව පෙන්වාහැමදාඅපට අළුතින් කවියක් කිව්වා මහසිංහලේ ඉතිහාසය ගැන හොයලාරටදැය අවදි කර දැනුමින් සරි කරලානීරසවිෂය ඇතුලේ අප හිත හදලාවිස්මන්රැසක් මතකයේ හංගා තියලා මහවැලි, කළු ගගේ ඉහලට නැගලාගංගාදිගේ ජන හද මන පොබ කරලාසලන්හතේලෙසතෝ බිම් කඩ හොයලාසිංහලබසින් ගමනක් හැටි කියලා කරඇති වැඩ රැසයි, තව එමටයි කරන්නටදැනුමින්බරින් පිරි බෑ ඔබ හට ...
රොකී කදුවැටිය හරහා දුම්රිය මගක් ...... අනුරුද්ධ වැලිගමගේ රටක් යා කරමින් තැනුණු දුම්රිය මග 2.1882 දී වැන් හෝන් ගේ අධීක්ෂණය යටතේ දුම්රිය මග කිලෝමීටර 673 ක් දුරට හැදුනා . තැනිතලා බිමෙහි වූ ඒ ඉදිකිරීම් එතරම් අසීරු වුනේ නැහැ . කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන යාකරමින් දෙපැත්තකින් තැනෙන දුම්රිය මග යථාර්තයක් වීමට ප්‍රධාන බාධකය වූයේ ස්වභාවික පිහිටීම වුණු රොකී කදුවැටිය .A B Rogersවිශේෂයෙන්ම වසරේ මාස ගණනක් හිමෙන් වැසීයන ...
වලව්වට එරෙහිව කැරලි ගැසූ බඩපිස්සා , ජයම්පති.......... අනුරුද්ධ වැලිගමගේ හැමදාම නිදාගන්න කලින් සුමේධ පැය භාගයක් විතර ෆේස්බුක් එකේ කරක් ගහනවාමයි . මේ ඇබ්බැහියට එක හේතුවක් තමයි ඉස්කෝලේ,ටියුෂන් පන්තිවල, වැඩකරපු තැන්වල දී හමුවුණු එක එක චරිතවල ලොකුකම්, පුරාජේරු,වගේ ම දුකසැපත් දැන ගන්න පුළුවන් තැනක් හින්දා. අනික් හේතුව තමයි, ෆේස්බුක් කියන්නේ ලෝකෙ පුරා ම විසිරිලා ඉන්න නෑදෑ හිතමිතුරන්ව එක තැනකට එකතු කරලා,අර කවුද කියල තිබ්බ වගේ “ලෝකය තනි යායක්” කරලා ...
ගිම්හානයේ සුව විදින්නට ඊරි විල දිගේ තවත් තැන් හොයමු. අනුරුද්ධ වැලිගමගේ හියුරන් විල ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් කල හැකි උද්‍යාන ගැන හොද ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හින්ද ටොරොන්ටෝවේ ඉදන් පැය 2 ක තරම් ගමනකින් යා හැකි ඊරි විල අසබඩ තැන් කිහිපයක් ගැන තොරතුරු එක්කලේ ඉඩක් ලැබුණොත් මේ ගිම්හානයේ හරි ඉදිරි අවුරුද්දක හරි ගිහින් ඒ අත්දැකීම් විදින්නයි.ඊරි විල ( Lake Erie) පංච මහා විල් අතුරින් 4 වන තැන හිමි කරගන්නා ඊරි විල අඩුම කලක් ...
මෙදා උපන් දිනේ ...... අනුරුද්ධ වැලිගමගේ තරුවක් අරගෙන වරුවක් යන්නට දුර එක යොදුනක් හිත ගිහිල්ල Highway එකෙ ගන්නව පොඩි නිවාඩුවක් පරණ පුරුද්දට හිටියත් අහන්න හුරු පුරුදු හඩක් මෙන්න බොලේ Facetime එකෙන් එනව කොල එළියක් ලැබුණත් දහසක් පැතුමන් එක්කල Sticker රැසක් බලාන ඉන්නව එනකන් ඔබෙන් ලැබෙන තරු අකුරක් මල්ලක් කඩචෝරු ඇතත් Cupboard එකේ තට්ටු දෙකක් රටකජු ගොට්ටක මතකය දුවනව දුර රස ගමනක් අත් අල්ලා හිත සතුටින් ...
රටක් යා කරමින් තැනුණු දුම්රිය මග .... 1. අනුරුද්ධ වැලිගමගේ 1867 දීනෝවා ස්කොෂියා, නිව් බ්රුන්ස්විච්ක් , කුවිබෙක් සහ ඔන්ටාරියෝ පළාත් එක්ව තැනුණු කැනඩාවට එක්වන්නට නම් බ්‍රිටිෂ් කොලොම්බියාව 1871 දී කොන්දේසියක් ඉදිරිපත් කලා . ඒ කැනඩාවේ බටහිර කොනේ පිහිටි තම බිම්කඩ කැනඩාවේ අනෙකුත් පළාත් සමග යා කරමින් තැනෙන දුම්රිය මගක් . අද මෙන් ගුවන් යානා , අධිවේගී මාර්ග නැති ඒ යුගයේ භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය ප්‍රධාන මාධ්‍යය වුනා . ඔවුන් ඒ ...
හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය ...... අමයුරු කවි රස 11 අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
චූටි නංගියේ ......... අනුරුද්ධ වැලිගමගේ රතුපාටටඉදී දිලෙන ජම්බුගෙඩිය වාගේ මුණ ඇයිඅද මේ එල්ලාගෙන චූටි නංගියේ වෙනදාවාගේ නැහැ අදනම් අය්යට දුක හිතෙනවාලු චූටිනංගියේ ......... ඊයේහවස වෙනදා වගේ සෙල්ලම්කලේ නැහැයි කියල මාත්එක්ක තරහවෙලා නේද නංගියේ හිනාවෙලායමු අපි දැන් චූටිනංගියේ...... පාඩම්වැඩ ගොඩගැහිලා ගණන්ටිකක් ඉතුරුවෙලා ඒවකරන්නට ගිහිල්ල එන්න බැරිවුණේ හිනාවෙලාමෙහෙට එන්න චූටිනංගියේ දෑසේකදුළු පිහදගන්න පොඩියක්හිනැහී බලන්න ඔන්නඉතින් සෙල්ලම් කරනට ආවානේ හනිකටදුවගෙන යමු අපි චූටිනංගියේ ...... අනුරුද්ධවැලිගමගේ 1991-1994 වකවානුවේදී ...
වෙරළ කොනක හිද බලා හිදින්නට හියුරන් විලට යමුද ? අනුරුද්ධ වැලිගමගේ යුරෝපයේ අප කල සංචාරයන් ඇසුරින් කල සංචාරයක මතකය ගමනට පොඩි නැවතුමක් තියල මේ මාසයේ සහ ලබන මාසයේ ඔන්ටාරියෝ පලාතේ වෙරළ කිහිපයක් ගැන සටහනක් එක් කරන්නට හිතුවේ කියවන ඔබෙන් ලද ඉල්ලීම් නිසයි. ගිම්හානයේ ජූලි සහ අගෝස්තු මාසවල සති අන්තවලදී ටොරොන්ටෝ අවට ජීවත්වන ඔබට මේ ලිපියෙන් අළුත් තැනක් එහෙමත් නැත්නම් තැන් කිහිපයකට හරි ගිහින් පිරිසක් එක්ක විනෝද වෙන්න පුළුවන් නම් හොදයි. ...
මිණි ගංදෑලේ...... අනුරුද්ධ වැලිගමගේ යුගයුග රැදි රහස් කියන මිණි ගංදෑලේ සදුටමුවාවී ඉන්නා හෙවනැලි අතරේ හීතලමීදුම් රැල්ලේ හමනා සුළගේ ඇහුවදඔබෙ කතන්දරේ කවුරුත් රාලේ සෙහෙහෙපිරුණු හිත් මල් වල සුවද හැංගුවේ කවුරුදඒ කදුළු ගගේ දුර දිග මැන්නේ පාටපිරුණු ඉර මල ඇයි තාම පමාවේ අළුත්ලොවක් එළිය කරන් ඇයිද නොආවේ කාසිපනම්, මිණි කැට තුල රැදුණු සංතොසේ කොච්චරකෙටි කාලයක්ද මිහිර ගෙනාවේ සතුටදෝරේ ගලා හැළුණු පුංචි කුඩුවේ හොදහිතඇයි පෑල දොරින් ...
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය - Trans Canada Highway අනුරුද්ධ වැලිගමගේ ට්‍රාන්ස් කැනඩාඅධිවේගී මාර්ගය පැසිපික් සාගරයත් , අත්ලාන්තික් සාගරයත් යා කරනවා . කිලෝමීටර් 7821 ක් ( සැතපුම් 4860) ක් දිග ඒ මාර්ගය කැනඩාවේ බටහිර අන්තයේ බ්‍රිටිෂ් කොලොම්බියා පලාතේ වැන්කුවර් දුපතේ වික්ටෝරියා නගරයේ පිහිටි බීකන් හිල් උද්‍යානය අද්දරින් පටන් ගෙන කැනඩාවේ නැගෙනහිර අන්තයේ පිහිටි නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් ( St. John’s) නගරයේ පිහිටි Mile 0 ක්‍රීඩා සහ සම්මේලන සංකීර්ණය අද්දරින් අවසන් වෙනවා ...
ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ....පොත් පිටු අතරින්...... අනුරුද්ධ වැලිගමගේ " දැන් මොකටද කාමන්ගෙ නම කියන්නෙ , ඔයාගෙ නම මිසක් ? . ඔයා අද හරි ලස්සනයි ඉමෙල්ඩා ."" ලස්සන ඇදුම විතරයි . මං නොවෙයි. පිලිපීන ගෑණු ලස්සනට අදින්න ආසයි. අද මම දැක්ක ඔයා මගෙ පපුව දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා . "මම ලැජ්ජාවෙන් සිනාසී අහක බලා ගත්තෙමි. ඉමෙල්ඩා මා අසලට පැමිණ ඇගේ හිස මගේ පපුවට හේත්තු කර ගත්තාය.( 270 ...
පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්………. අනුරුද්ධ වැලිගමගේ මිහින්තලා කඳු සිප එන සාදු නදින් මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින් අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින් පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින් මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා අහස සිඹින සුවිසල් දාගැබ් කරවා පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින් බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන් අදටත් වෙනස් ...
තේ සහ මුහුණු ..... යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )... අනුරුද්ධ වැලිගමගේ තේ.... සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි ...
දින නැති දිනපොත යූ ටියුබ් අවකාශයේ ....... අනුරුද්ධ වැලිගමගේ ජීවන ගමනේ සිත නැවතුණු තැන් අපි කාට කාටත් තියෙනවා.ඒවා අතර තම තමන්ගේ අත්දැකීම් වගේම අහන්නට දකින්නට ලැබුණු දේත් තියෙන්නට පුළුවන්. ඒ වුණත් ඒ අත්දුටු දේ වගේම ඇසූ පිරූ දේත් සටහන් කර තබන්නේ සුළු පිරිසක් තමයි. එහෙම ලියන සටහන් කෙටිකථා, නවකථා වගේම පුවත්පත්, සගරා තුලින් අපට කියවන්නට ලැබෙනවා. මුද්‍රිත මාධ්‍යය වෙනුවට මේ වෙනකොට මුහුණු පොත සහ බ්ලොග් අවකාශයේත් ඒ කතා ...