මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 19, 2022

තව තවත් ආදරේ ......

 


 









මුතුපාන කිචි කිචිය හිතේ කොන කිති කවන

හෙමි හෙමින් මගෙ ළගින් ඇහෙනවා

හෙමින් දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන

ඔබ මගේ මතකයේ ඉන්නවා .....

  

මතකයේ ඇදි රුවින් එදා මා සොයා  

සුදු මුණ මා ළගම ඉන්නවා

කලින් නින්දට වැටුණු නිදන ඔබ දිහා

ආදරෙන් මම හෙමින් බලනවා.....

  

පෙලින් පෙල අමුණලා කොහොම කවි ලියන්නද

මගෙ හිතම මටම අද කියනවා

සිනා මල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට

තව තවත් ආදරේ හිතෙනවා .....

  

අනුරුද්ධ වැලිගමගේ









2022 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.     







විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.










මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ එළිය කරාවි. 

2 comments: