200. නොරත රථ . . . . ! (8) THATTAYAGEKOLAMA LandCruiser BJ40ලෑන්ඩ් කෲසර්යේ චැසියට දුනු මිටි හතර සමග ඇක්සල දෙක අමුනා එන්ජිම හා ගියර්පෙට්ටියද සවිකොට එය මත බොඩිය තබා අවසානයටම තද කලේ කුමන ඇනය දැයි මාහට මතක නැත. බොහෝ විට එය Propeller Shaft ප්‍රොපෙලර් ෂාෆ්ට හෙවත් අවරපෙති කඳන් වීමට බොහො සෙයින් ඉඩ ඇත. ප්‍රොපෙලර් ශාෆ්ට සවිකිරීමේදී එක් රෝදයක් ඉහල ඔසවා ගත් විට වැඩේ පහසුය. එසේම එහිදී සිහි නුවණින් යුතුව දෙකෙළවර ...
204. නොරත රථ . . . . ! (12) THATTAYAGEKOLAMA පලමු වාහනය හෙවත් ෆියට් 132 - 9ශ්‍රී7053 මිළදී ගැනීමට රුපියල් 37500/= බිරිඳගේ මව විසින් ප්‍රථිපාදන හෙවත් ආපසු ගෙවිය යුතු ණයක් ලබා දුන්නාය. මා විවාහ වන්නට පෙර මොරගහහේන ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් අතර එය විකුණා දෙවන රථය වන ඔස්ටින් Mini ය - 6ශ්‍රී2416 ද 48500/= කට මිලදී ගෙන ඉතිරි මුදලින් යලිත් කුඩා ඉඩම් කොටසක් මිලදී ගත්තේමි. ඉන් පසු එම ඉඩම් කොටසද ...
253. සෝමාවතියට බුදු පිළිමයක්! THATTAYAGEKOLAMA අද ජීවිතේ අමතක නොවන දවසක්!මීට කලෙකට පෙර එක් දවසක මාගේ බ්ලොගයේ කන්ටැක්ට් පෝරමය හරහා කුඩා පණිවිඩයක් ලැබුවෙමි. එහි සඳහන් වූයේ ඊට දිනකට පෙර මවිසින් අවකාශයට මුදා හැරි "සිම්ප්සන් තරණය" පිළිබඳ පෝස්ටුවේ නාම පද දෙකක් නිවැරදි කිරීමට උපදෙසක් ය. තවත් ටික කාලයකට පසුව එම පුද්ගලයාම මා හට ඇමතීමි. හේ අන් කිසිවෙක් නොව විට්ටර් ගේ මල්ලී හැට්ටර්ය ය!හැට්ටර් ජීවත්වූයේ අප රටින් කිලෝමීටර ...
249. මව්බිම වටා සයිකලයෙන් . . . 10 THATTAYAGEKOLAMA 248. මව්බිම වටා සයිකලයෙන් . . . 9 2022/04/17අනේ මේ පැය 2 විනාඩි 17 යි කියන්නේකාර් එකකින් මිසක සයිකලේකින් නම් නොවන බව තේරුම් ගන්න තරහ අවසර!මාගේ සයිකල් පාඨකයින් බලනවා ඇති අපි රට වටා ගමන යාපනෙන් නවතා; සයික්ලෙත් පටවා ගෙන බස් එකක වත් නැග්ගාද කියලා. ඒ තරම්ම කල් ගියා. මොකද පහු ගිය දවස් වල තේරුමක් නැති දේවල් වලට බොහෝ කාලයක් වැය ...
226. බහුශෘතයින් අතර . . . ! (ශනිදා දහයට IX) THATTAYAGEKOLAMA මම දන්නෑ මේක කියවන අපේ උන්නැහැලා කී දෙනෙක් මම මේ පෝස්ටුව පටන් ගන්න ලියන පලමු වැකියට එකඟදැයි කියා! එයට එකඟ නොවේනම්; මම එහෙම කියන්නේ ඇයිදැයි කියලත් යටින් ලියලා තියෙන බව අමතක කරණ්න නම් එපා!"එල් ටී ටී ඊ සංවිධානය යුද්ධයකින් පරාජය කිරීම පිළිබඳව මා එකඟය!"මා එහෙම කියන්නේ දමිළයින්ගේ සටන අසාධාරණ එකක් නිසා නම් නොවේ. මෙරට හා නොරට වෙසෙන සියල් දනෝ කියවිය ...
233. මගේ මතක පොත! THATTAYAGEKOLAMA මොනවා උනත් මම සෑහෙන්න වාසනාවන්ත (අවාසනාවන්ත) පොරක්ය!~1970 සමගි පෙරමුණු ආණ්ඩුව දිනා ලොරිවල පිටුපස නැග පෙළපාලි යන පිරිස් පිළිබඳ මාගේ යන්තම් මතකයක් ඇත! එවකට අපගේ පියාගේ රැකියාව කරණ කොටගෙන අප ජීවත් වූයේ දැරණියගලටත් එහා පොල්ගස්වත්ත නමැති අති දුෂ්කර පලාතකය. එවකට අවිස්සාවෙල්ලේ සිට බස් ධාවනය වූයේ නූරිය තෙක් පමණි.එතැන් සිට පොල්ගස්වත්තට බොහෝදුරක් පයිංම ගමනක් විය. එම මාර්ගය දිවුනේ ගෝවල නමැති ගමකටය. එතැනින් ...
215. තිස් අවුරුදු රථ මතක . . . . (15) THATTAYAGEKOLAMA 50ශ්‍රී 0800 සමග ලැබුනු Owner's Manual පොත් පිංච! 50ශ්‍රී0800 මිළදී ගැනීමේ කුවිතාන්සිය! 50ශ්‍රී0800 විකුණුම් කුවිතාන්සිය!මාගේ 50ශ්‍රී 0800 Toyota LN65 ඩබල් කැබ් රථයමිළදී ගත්තේ පානදුර පින්වත්තේ පර්ෆෙක්ට් ෆිට් ආයතනයේ මානව සම්පත් සේවය කල සුමුදු සිල්වා විසිනි. එවකට මමද එහි සේවය කල අයෙක් වූයෙමි.ඒ සඳහා ඔහු පානදුර හැටන් නැෂනල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලබා ගත් අතර ඒ සඳහා එක් ඇප කරුවෙක් වූයේ ...
171. චින්තන ජයසේන! THATTAYAGEKOLAMA ඔහුට ඒ නම තිබ්බේ කවුරුන්ද මන්දා.නමුත් නමටම ගැලපෙන වැඩ.චින්තන!චින්තන ජයසේන!චින්තන අයියා ගැන මම මුලින්ම ඇසූවේ දැනට BBCයේ සංදේශය කරණා චන්දන කීර්ති බණ්ඩාරගෙන්.ඒ අපි එකට වැටී ඉන්න කාලේ ගත්වුනු රසබර නිමේශයන් වලදී.චින්තන අයියාහට බොහෝ සිංහල වචන ශබ්ධ නැගීමේ අපහසුවක් විය.ඒ උත්පත්තියෙන් වූ ඔහුගේ මුඛයේ ඇතිව තිබූ විකෘථි තත්වයකි.මේ නිසාම ඔහු විසින් කියන ලද රස කථාවලට අපූරු අර්ථකතන ඔහුගේ පත්තර මිතුරන්ගෙන්ම ලැබී ...
239 කල් බැලීම! THATTAYAGEKOLAMA මිත්‍ර වරුනි;අද වන විට අප සියළු දෙනාම අපගේ ජීවිත කාලතුල පමණක් නොව අත්ත මුත්තා කාලයේදිවත් මුහුණ දීමට සිදු නොවූ තරම් භයානක කාල පරිච්ඡේදයකට මුහුණ පා සිටින්නෙමු. අද ප්‍රධාන ව්‍යවසනය වන්නේ ඉන්ධන හිග වීම හා මිළ අහස උසට නැගීමත්ය. මෙයට ප්‍රධාන හේතුව මෙරටට අවශ්‍ය විදෙශ නිශ්පාදන ගෙන ඒමට තරම් ඩොලර් නොමැති හෙයින් බවත් ඊට හේතුභූතවූ කරුණු මොනවාදැයි කියා මා නොකීවාට ...
232. ඔව් ඔහු කුඩා මිනිසෙක්; විසල් හදවතක් හිමි ! THATTAYAGEKOLAMA මගේ මේ සටහන් පොතේ අන් අය පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මිට බොහෝ කලකට පෙර මා කියැවූ වී. ඩී. ද ලැනරෝල් මහතාගේ "මෝඩකම් හපන්කම් සහ පුරසාරම්" රසාලිප්ත පොත පරිද්දෙන්ම මෙහි ලියැවී ඇති බොහෝ කරුණු මෝඩකම් හපන්කම් හා පුරසාරම්ය! අන් අය පිළිබඳව ලියැවුනු ඉතා අල්පයක් වූ සටහන් අතුරින් තවත් බ්ලොග් ලියන්නෙකු පිළිබඳව ලියැවී ඇත්තේ "කාර් පිස්සුවා" පිළිබඳ පමණි. බ්ලොග් ලිවීමෙන් ...
248. මව්බිම වටා සයිකලයෙන් . . . 9 THATTAYAGEKOLAMA මුලතිව් සිට පේදුරුතුඩුව, කන්කසන්තුරය හරහා යාපනයට. 244. මව්බිම වටා සයිකලයෙන් . . . 82022/04/16මුලතිව් නගරයෙදී හමුවූ මිතුරු මිතුරියන් නොවන්නට එම සැඳෑව මහ පාළු එකක් වීමට බොහෝ ඉඩ තිබිනි. මන්ද සිංහල දෙමළ අළුත් අවුරුද්ද විසින් මුලතිව් නගරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ජවය මුළුමණින්ම නිවා දමා තිබුනි.මුලතිව් නගරය කීවාට එහි බස් නැවතුම් පොලක් හෝ හරියාකාරව තිබුනේ නැත.එසෙම කෑමට හරියමං කඩයක් තිබුනේ නැත්තේ එදින මත ...
236. මව්බිම වටා සයිකලයෙන් . . . 3 THATTAYAGEKOLAMA උදෑසන නැගිට ගමනට සූදානම්ව ආලින්දයේ පුටුවකට වී සිටිමින් මා වට්සැප් ගෲප් එකක් ඇටෙව්වෙමි. එයට මාගේ පලමු පෝස්ටුව එක් කල අතර කැන්ගරු දේශයේ සිට විජයභාහු මහතා "තම්ප්ස් අප්" සළකුණක් එවා තිබුනි. ඊට යටින් මා කුඩා වැකියක් එක් කලෙමි."දැන් වේලාව උදෑසන 5.26 යි.මමත් නිශානුත්කඩවතින් ගමන් අරඹනවා උදෑසන 6.00 වන විට. දිගටම අප සමග රැඳෙන්න සහෘද ඔබට කෙරෙනආදරණීය ආරාධනයයි මේ!"සියල්ල්න්ගේම සුබ පැතුම් මැද ...
230. දෙද්දූව නත්තල THATTAYAGEKOLAMA ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බැරි තරම්!ලොකු අම්මලා හිටියේ බෙන්තොට - දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ...
176. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VIII (අවසාන කොටස) THATTAYAGEKOLAMA දියඹ බලා . . . !රැකියා ස්ථාන වල බාධාවන් හේතු කොටගෙන අපට නැවත කිමිදුම් අභ්‍යාස සඳහා යන්නට සිදු වූයේ 07/04/2019 දිනයේ දීය.එදිනද අප ඈත මුහුදේ යාත්‍රා කොට කීදුනෙමු.කිමිදුම් ස්ථානDiving Sites සඳහා; කිමිදුම් සඳහා සේවා සපයන්නන් විසින් විවිධ නම්වලින් නම් කොට ඇත. "දියඹ සුද", "කන්තිරි ගල" මේවාට උදා හරණ වේ.මුහුදේ සිටින මාළුන්හට; ධීවරයින් විසින් නම් තබන සේ මේවායේ සත්‍ය අසත්‍ය තාවය ...
132. ඇන් ඇක්සිඩන්ට් . ! THATTAYAGEKOLAMA හරි හරි බං ඇක්සිඩන්ට් තමයි! ඉස්සරහට "An" තියෙනවද බලපං?අපි ඉගෙන ගත් ඉංග්‍රීසි පොතේ "An Accident" නමින් පාඩමක් විය. අපිට ඉංග්‍රීසි උගැන්වූ ගුරුතුමිය අපිට කීවේ එකෙක් දෙන්නෙක් මහ පාර මැද මැරුණත් ඉස්සරහට "An" නැත්නම් ඒක Accident එකක් නොවන්නේය කියාය. ඒ ඇක්සිඩන්ට් වල හැටි නොව වවල්ස් නොහොත් ස්වර වල හැටිය. ස්වර කියූ සැනින් මතක් වෙන්නේ සප්තකය ය. එක් පාසලක සිටි ගුරුවරියක් වූ ...
131. කළු ගඟ දිගේ . . . . 2 THATTAYAGEKOLAMA චීනයේ කඳුළු ගඟ - හ්වැං හෝ නදිය මෙන් සැමදා පඬු වන්වඉල්ලම් පස් හේදීමෙන් කහට ගැන්වුනු කළු ගඟමුල් කොටස ඉතින් . . . . . . .!ඔව්! කයාකින් නැත්නම් කයාක් පැදීම සඳහා ගංගාවක් තෝරා ගැනීමත් තරමක වැඩක්!1. ගඟේ කිසියම් ගලායාමක් තිබිය යුතුයි.ඇයි එහෙම නැති ගංඟාවලුත් තියෙනවාද?එක තැන පල් වෙන යල්පිනූ දෙශපාලන පක්ෂයක් සේ හරිත පැහ ගැන්වුනු දිය.ඔව් ලංකාවේ දිගින් දෙවන ස්ථානය ...
136. ජාතිය රණ් විමනක් වේ ! THATTAYAGEKOLAMA සියළුම මිනිසුන් හොමෝ සෙෆියන්ස් සෙෆියන්ස් වූවාට එක් එක් ප්‍රභේධයන් ගේ සමේ වර්ණය, භාහිර ස්වරූපය, කථා කරණ භාෂාව වැනි කරුණු මත පිහිටා එක් එක් ජාතීන් බිහිවී ඇත.මෙයට; පොදු ඉතිහාසයක්, භූමි ප්‍රදේශයක්, සංස්කෘථියක්, සිරිත් විරිත්, ගති පැවතුම් වැනි බොහෝ සමාන ලක්ෂණ එක් විය හැක.කිසිවෙකු මොන යම් ආකාරයක වෙහෙසක් ගත්තද ජාතීන් අතර එකිනෙකාට ඇති අනන්‍යතාවය නැතිකල නොහැක. එසේම එසේ කිරීමට කිසිවෙකුට හෝ සාධාරණ ...
135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . ! THATTAYAGEKOLAMA මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා වෙහෙසක් විනා මෙහි කිසියම් හෝ හරයක් නොමැත!ප්‍රවෘථි හෙවත් නිව්ස් ලියනා ක්‍රම වේධ දෙකක් වේ.1. ආවෘථ පිරමීඩ න්‍යාය.2. අනුපිළිවෙල න්‍යාය.මම මේ ලියන්නේ ඉන් එකකටවත් අදාල නොවන මගේම න්‍යායකින් ය. එනම් "අපිළිවෙල න්‍යායයෙන්" ය! එනිසාම මෙහි එන ...
134. ඇත්තටම මේක මහ පුදුම රටක් . . . ! THATTAYAGEKOLAMA උදේ වැඩට ආවේ මරණවා වගේ. ඉරිදානේ.ඇමතුමක් කැන්ගරු දේශෙන් වසිකගෙන්"තාත්ති මොනවා හරි බෝම්බ සීන් එකක්ද?""කවුද කියන්නේ?""මට මාලිංග කිව්වේ!" මාලිංග වසිකගේ පාසැලේ මිත්‍රයෙක්. දැනට ඉන්නේ ඉන්දියාවේ."ඉන්න මම බලන්නම්!"මේ උදේ 9.45 ටවිස්තරේ ගොඩින් දැනගත්තේ කොච්චිකඩේ පල්ලියටයි කටානෙ පල්ලියකටයි බෝම්බ ගහලා කියලා."අනේ දෙයියනේ මේවාට සිංහල බෞද්ධයන් ගෑවිලා ද?" මම මගෙන්ම අසා ගත්තා. කවුද අපෙ මිත්රයින් ඉන්නේ පාස්කු දවසේ පල්ලි යන?රිද්මිකා ඩෙප්!?9.47 ගත්තා ඇමතුම් දෙකක් ...
251. සෙනෙහෙබරව යෝජනා කර සිටින වග නම් . . . ! THATTAYAGEKOLAMA මීට කලකට පෙර පුවත් පත් වලින් කියැවූ දේ ඇසූවේ රෙඩියෝවේ පිහිටෙනි. පොලෙන්; ගෙදර ගෙන ආ කවි කොලයක් ගෙදරටම ඇසෙන්නට මහ හඬින් කියැවූයේ පැල් කවි කරත්ත කවි පාරු කවි පතල් කවි ඇසෙන කාලය වියැකී යද්දීමය! රට තොට විස්තර දැන ගත්තේ පත්තර වලිනි. ගමේ පංසලේ, ටීටර් මඩුවේ රඟ දැක්වුනු නෘත්‍ය වල ගීත අසන්නට හැකි මෙවලමක් ලෙස රේඩියෝව රටට ආවේය! රටේ තොටේ සිදුවන ...