Saturday, December 2, 2023

226. බහුශෘතයින් අතර . . . ! (ශනිදා දහයට IX)


මම දන්නෑ මේක කියවන අපේ උන්නැහැලා කී දෙනෙක් මම මේ පෝස්ටුව පටන් ගන්න ලියන පලමු වැකියට එකඟදැයි කියා! එයට එකඟ නොවේනම්; මම එහෙම කියන්නේ ඇයිදැයි කියලත් යටින් ලියලා තියෙන බව අමතක කරණ්න නම් එපා!

"එල් ටී ටී ඊ සංවිධානය යුද්ධයකින් පරාජය කිරීම පිළිබඳව මා එකඟය!"

මා එහෙම කියන්නේ දමිළයින්ගේ සටන අසාධාරණ එකක් නිසා නම් නොවේ. 

මෙරට හා නොරට වෙසෙන සියල් දනෝ කියවිය යුතු පොතක් පසුගිය "පොත් පොලේ" දී එළිදැක්විනි. එහි ප්‍රකාශකයා වූයේ කඩවත පරණ බස් ඩිපෝව අසල "කඩුල්ල" ප්‍රකාශකයන් වනාතර පොත ලියා ඇත්තේ නන්දන වීරරත්නයන් විසිනි.දැන් ඔක්කෝම කිව්වා පොතේ නම නොකිය!

පොතේ නම "යාපනේ ගිණි ලෑම"



මේ පොත; පොත් පත් කියවන නොකියවන සියල් දනා විසින් කියවිය යුතු පොතක් ලෙසයි මා දකින්නේ. මෙරට මෑත ඉතිහාසයේ දමිළ - සිහල සමගියේ හදවත දෙපළු කල දරුණු කෙටේරි පහර එල්ල වූ ආකාරය සාක්ෂි සහිතව ලියැවුනු පොතක් ලෙසයි මා දකින්නේ.

පසුගිය මැයි 31 - ජුනි 1 වෙනිදාට යාපනයේ පුස්තකාලයට ගිණි තබා වසර 42ක් කල් පිරුණි. මේ කුප්‍රකට සංවත්සරය වෙනුවෙන් බ්ලොග් ලියන්නියක් වන සඳරුසි කවිපොතක් ලිය පල කල අතර මෙම "යාපනේ ගිණිලෑම" ඉන් ඔබ්බට ගිය ඉතිහාසයේ සාක්ෂි කරුවෙකු ලෙස පෙනී සිටියි. සඳරුසීගේ බ්ලොග් පොජ්ජට මෙතැනින් ගොඩවී බලන්න.

සවකීය ජතිය වෙනුවෙන් අවිගත් තරුණයින් පරිසක් වුවද අවසානයේ එල් ටී ටී ඊ සංවිධානය පත්වන්නේ මිනීමරු ත්‍රස්ථවාදී හමුදාවක් බවටය. ආරම්භය කෙතරම් සාධාරණ කරුණු මත පිහිටා සිටියද පසුව එය නිරායුධ අහිංසක සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කරණ තැනට පත්වූ පසු; එය; කකුල කපා ජීවිතය බේරා ගත යුතු පිළිකාවක්, අරඹන වනයක් බවට පත් විය!

මම මේ කියනා කුඩා සිදුවීම සිදුවූ කාල වකවානුව තිස් අවුරුදු ගැටුමේ අවසන්  සටන ඇවිලී යන්නට පටන් ගත් සති කිහිපයයි. මාවිල් ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු එය නැවත විවෘත කොට හමුදාව සටනට ඉවකරමින්, සෙමෙන් සෙමෙන් තොප්පිගල දෙසට ගමන් ඇරඹි කාලයයි.

ඒ දිනවල මෙම සටනටත්, මහින්දටත්, ගෝඨාටත්, සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් පාට පක්ෂ නොමැතිව දකුණේ ආශිර්වාදය ලැබුනු කාලයක් විය! යුද්ධය දිනා ගත් පසු; එය රාජපක්ෂ කඳවුරේ තනි අයිතියට ලියා ගත්තද එකල එය පොදු සටනක ස්වරූපයක් හැඩයක් රිද්මයක් ගත්තේය.

මේ කලයේදී නන්නාදුනනා දෙතුන් දෙනෙක් එක්වූ විට පොදු මාතෘකාව වූයේ උතුරේ යුද්ධයයි.

තම තමා දන්නා "යුධ රහස්" (එහෙම හිතාගෙන හඬ අඩුවෙන්  තමන් පමණක් දන්නවා යැයි සිතා  අන් අයට රහසින් කියනා කරුණු!) වැඩිපුරම දන්නා අයට එවන් "සාක්කු සභා" (Pocket Meeting) වල ලැබුනේ ඉහල ලංසුවකි!

හමුදා පෙරමුණු හඳුන්වන මිල්ටරිමය නාමපද, ඒවායේ අනදෙන සෙන්පතීන්ගේ නම් ගම් හා පෞදගලික උහං දිරං, නෑදෑ හිතවත්කං, අයතා සබඳතා,  අවි ආයුධවල නම් ගම්  - උත්පත්ති, උන්ඩ මූනිස්සං වල දිග පලළ, උතුරේ පලාත් ස්ථාන ගත වී ඇති දිශානතියන්, අක්ෂාංශ දෙශාංශ, භූ විෂමතා, සමෝච්ඡ රේඛා, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, සමාජධ්‍යනය, ස්වස්ථතාව, අරක මේක, වැනි දේ යන්තමින් හෝ ගැට ගසා ගත හැකි අයට එවන් සභාවලදී ලැබෙන්නේ අප්‍රමාන වටිනාකමකි!

මේවා දෙසා බාන උන්නැහැල දෙස වටේ ඉන්නා අය බලා සිටියේද "අම්මට හුඩු මූ දන්න දේවල්! ශුවර් එකටම මූ නං හමුදාවට උපදෙස් දෙන පොරක් වෙන්නෝන!" කියා මුව අයාගෙනය.

මෙවන් කථා මෙසේ තැන තැන් සිදුවෙද්දී "සුදු නෙළුම්" අතින් ගත් අයද එහෙන් මෙහෙන් නොසිටියාම නොවේය. ඔවුන් තැන තැන සිට තම ධර්ම ප්‍රචාරය කටයුතු කලේ මේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු කරුණක් බව ඒත්තු ගැන්වීමටය.

"යුද්ධය" සිල්ලර ජනප්‍රිය මතය වනවිට මෙවන් 'සාම වෙළෙන්ඳන්' සමාජය තුල "ඉහල සාස්ත්‍රීය පොරවල්" ලෙස,  බොහෝ විට බුද්ධිමතුන්සේ පෙනී සිටියහ! පෙනී සිටියහ!

ජෝතිපාලගේ සිංදු අහන අය හා අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරණ්නන් හැසිරුනේ යම්සේද; ජෝතිපාල රසිකයින් දෙස අමරදේව ශ්‍රාවකයින් අවඥාවෙන් බැලුවේ යම් සේද; යුධ කාමීන් දෙස සාමකාමීන් බැලුවේද එසේම මය!

මීට සති කිහිපයකට පෙර මම ලියන ලද "ඔයිල් නැතිව ධාවනයේ" බ්ලොග් පෝස්ටුවෙන් කියැවෙන කාලයේදී අපගේ යුනයිටඩ් මෝටර්ස් සේවා ස්ථානය; දිවයිනේ නන්දෙසින් පැමිණෙන   දොස්තර වරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරුන් මහචාර්‍යවරුන් ඇතුළු උගතුන් (බුද්ධිමතුන්දැයි මා නොදනිමි!) ගැවසෙන; රැස්වන සාක්කු සභා පැවැත්වෙන සාකච්ඡා මණ්ඩපයක් විය.

තමන්ගේ වාහනයේ සේවා කටයුතු අවසාන වනතෙක් සාර ගර්භ  සාකච්ඡාවක කොටස් කරුවෙකු, මෙහෙයවන්නෙකු, සවන්දෙන්නෙකු, එහෙයියෙකු හෝ හූමිටි තියන්නෙකු වීමට හෝ එහි එන සෑම කෙනෙකු හටම සිදුවේ. අතරින් පතරින් මුල්ලක් අල්ලාගෙන පොතකින් මුහුන වසාගෙන සිටින අයෙකු හට වුවද; නිහඬව නිවාඩුව නිස්කාන්සුවේ පොත කියැවීමට සාක්කු සභා කරුවන්ගෙන් ඉඩක් නොලැබුනි. පොත කියවා ඇසට "ගිණි කන" වැටුනු පසු හෝ හුස්මක් ගැනීමට හෝ හිස එසවූ වහාම පෙර කී සභිකයින් ඔහුට කොක්කක් ගසා ස්වකීය සභාවට නවා ගන්නෝය. ගොලුවකු වුවද කථා කරවීමට ඔවුන් දන්නවා සේම නො එසේ නම් එතැන හූ මිටි තැබීමට හෝ සිදුවන්නේය!

එකල මම සිටි City & Guilds විභාගයකට සූදානම්වෙමින් සිටි කාලයක් විය. 

සිටි City & Guilds යනු "ඔවුන් අදහන හා පිළිතුර කටපාඩම් කරගෙන ලිවීමෙන් හැර"  අයින්ස්ටයින්ට වත් සමත්විය හැකි විභාගයක් නොවේ. එම නිසාම මෝටර් කාර්මික දැනුම කෙසේ වෙතත්; අවුරුදු හත අටක විභාග ප්‍රශ්ණ පත්තර වලට කටපාඩමින්; අර මා කලින් පැවසූ පරිදි "ඔවුන් අදහන" පිළිතුරු ලියන්නට සමත් යමෙක් වෙයිද ඔහුට විභාගය සමත් විය හැකි වේ!

මේ නිසාම උදෑසන ශරීරකෘත්‍යය කරණ තැන පටන් රාත්‍රී සයන ගත වනතුරුත් අපගේ සෑම ක්‍රියාවක් සමගම ඊට සමාන්තරව; සිටි City & Guilds පේපරයක් තබාගෙන පිළිතුරු ලියමින් මෙරට සිටින City & Guilds විභාග කඩ සාප්පු මගින් අප වෙත ලබා දුන් පිළිතුරු හා සැසැඳීම අපගේ ප්‍රථම රාජකාරිය කරගෙන සිටියහ!

මේ අදාල දිනයේදී මම; පාරිභෝගිකයින්ගේ එසේත් නැත්නම් සේවාව හා අළුත්වැඩියාව සඳහා ගෙන ආ වාහන හිමියන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට සවන් දෙමින් අදාල විසඳුම් ලබා දෙමින් ඒ අතරම එන දූරකථන ඇමතුම් වලට පිළිතුරු බඳිමින් කාර්මිකයින්ගේ විමසීම්වලට උත්තර දෙමින් සිටින අල්ල පනල්ලේ .......... පේපරයක්ද මේසයේ වම් පසින් එළාගෙන එයටද කණා පොල්ලෙන් ගසමින් සිටියෙමි.

අපගේ කුඩා කාර්‍යාල කුටිය දනන්ගෙන් පිරී පැවතිනි.

එක් මොහොතක මෙතැනට කඩා පාත් වූවේ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යා - මහාචාර්යා කුලකයේ අවයවයකි. තමාව; තමන්ම හඳුන්වා දුන් ඔහු වාහනයේ සේවාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මම ඔහුගේ වාහනයට අදාල වැඩ පත Job Card සකසන අතර තුරේ මාගේ මේසයේ වම් කෙළවරේ තිබුනු City & Guilds  ප්‍රශ්ණ පත්‍රයටද හොස්ස පොවනවා දුටිමි. 

"මොකක්ද කරණ විභාගෙ . . . . . . . ?"

"City & Guilds  සර් . . . . . . . !" මම හිස නොඋස්සාම පිළිතුරු දුන්නෙමි.


"ඕවා කරණ්න තිබ්බේ පොඩි කාලෙදිනේ . . . . . . . මෙච්චර වයසට ගිහිල්ලද ඕවා කරණ්නේ . . . . . . . !?" 

ඔහුගේ ඒ පිළිතුර සමග මා එක එල්ලේ ඔහුගේ මුහුණ දෙස බැලීමි. උත්මත්තියෙන්ම මා හට ලැබී ඇති දුර්වල කමක් වෙයි. ඒ හැඟීම් දැනීම් මුහුණෙන් පිළිබිඹුවීම සඟවා ගැනීමට නොහැකි වීමයි. මල පැනීම සමගම මාගේ මුහුනේ ඉරියව් වෙනස් වීමත් කන් පෙති පුරා ලේ නහර උද්දීපනයවී රත් වීමත් දෑසින් ගිණි පිටවීමත් සඟවා ගැනීමට මට කිසිදා නොහැක.

 "නෑ මං කිව්වේ . . . . . !" මාගේ ඉරියව් දැකීමෙන් කිසියම් චකිතයකට පත්වූ මහාචාර්ය ආචාර්ය තුමා කියපු වැකිය ආපසු අකුලන්නට දිළිඳු උත්සාහයක යෙදිනි. 

"සර් දන්නවද ජෙෆ්ෆ්‍රි බාවා ගැන? එයා Architecture පටන් ගෙන තියෙන්නේ හතලිහ පැන්නටත් පස්සෙ කියලා  . . . . . . .!?"

ඔහු කිසිදාක බලා පොරොත්තු නොවුනු උත්තරයකින් මා ඔහුට දමා ගැසුවෙමි.

"අ . ආ! ඔව් මම අහලා තියෙනවා! නෑ මම නිකං කිව්වේ . . .!' ඔහු තතනමින් උත්තරයක් සෙව්වේය. 

ඇත්තෙන්ම ගත හොත් ඉංජිනේරු උපාධියක් සමග සැසඳීමේදී City & Guilds යනු ළදරු හෝඩියකි. එහෙත් City & Guilds ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාවෙන් පසු තවත් විභාගයක් හෝ දෙකක් ඇවෑමෙන් ඉංජිනේරු උපාධියකට සම තත්වයකට පත්වීමේ මගක්ද නැතුවාම නොවේ. 

ඉගෙන ගත් හා ඉගෙනුම ලබන අය වෙත මා තුල මහත්වූ ගරුත්වයක් ඇත. ඒ ඔවුන් උගත්තු සේම බුද්ධිමතුන්ද වෙනවානම් ය.

කෙසේ වෙතත් මා සමග පැටළී සීරීමකට පත්වූ එතුමා අපගේ කාර්යාලයෙන් පිටවීම සමග පොකට් මීටිමක් පටන් ගත්තේය. 

එතැන සිටි බලපත්‍ර ලාභී පාරිභෝගිකයින් බොහෝ දෙනා පිරිවරා ගත් ඔහු යුද්ධයේ ආදීනව පිළිබඳව දේශනාවකට මුල පුරා තිබුනි. මාගේ රැකියාව තුල වාහන හැසිරවීමටත් ඒවා අදාල අංශයන් වෙත පදවාගෙන යාමටත් සිදුවේ. එසේම බොහෝ අවස්ථාවල කාර්යාලයෙන් පිටත සිට ඒවා හැසිරවීමටත් සිදුවේ.

"පඬිතුමාගේ" දේශණ මණ්ඩපය මාගේ තේ දුරින් ය. මා එතැන සිට වැඩ හල දෙස නෙත අයාගෙන දම් සභා මණ්ඩපයට "බළු කන" දමාගෙන සිටියෙමි.

පඬිතුමාගේ විශ්ලේශනයට අනුව "යුද්ධයට ආවඩන්නෝ නූගතුන් ය!

බුද්ධිමතුන් කිසිදා සාමයට පිටුපා නොයන්නෝය!"

මා ඔවුන්ගේ සාකච්ඡාවට කන් යොමා සිටින බවක් ඔවුනට නොදැනෙන්න ඇති. ඒ සමගම පඬිතුමා හට ඔහුගේ මතය තහවුරු කිරීමට සරළ පර්‍රීක්ෂණයක් සිදු කොට පෙන්නීමට සිතෙන්නට ඇති.

"මෙයාගෙන් අහ්ලා බලන්න ඕනෙනම්!" ඔහු පවසනවා මට ඇහුනි.

ඒ සමගම එතැන සිටියෙකු මාහට කථා කරණු ඇසුනෙමි.

"මේ මේ!!" මම දෙවන වර අමතනවාත් සමග ඔවුන් දෙස බැලූ සැණින් පඬිතුමා මා හට ලඟට එන්නටයැයි අතින් සඥාවක් කලේය!

"ඔයා හිතන්නේ මේ උතුරේ පර්ශ්නයට විසඳුම යුද්ධයද සාමයද . . . ?" පඬි තුමා මගෙන් විමසීය. ඔහුට ඇවැසි "නූගත්" උත්තරේ මම එක්ෂණයෙන්, හැරෙන තැපෑලෙන් දුනිමි!

"යුද්ධය!"

"දැක්කද මම කිව්වේ!?" ඔහු අන් අය දෙස තම ජයග්‍රාහී බැල්ම  හෙලමින් පැවසුවේය.

"සර් කියන්නේ මොකක්ද විසඳුම . . . ?" මම ඔහුගේ හඬ තුනී වන්නටත් මත්තෙන් විමසීය!

ඔහු වටා සිටි සියල්ලෝම මා දෙස දෑස් අයා ගෙනය.

"සාමය . . . !" ඔහු ඔහුගේ බුද්ධිමත් උත්තරේ ආඩම්බරයෙන් පැවසීය.

"සර් දන්න ලෝකෙ ලොකුම යුද්ධෙ මොකක්ද? දෙවන මහා ලෝක යුද්ධෙ නේද? එත කොට ඒක ඉවර උනේ සාම කථා වලින්ද නැත්නම් යුද්ධෙන්මද . . . කියන්නකෝ . . ?" ඔහුට උත්තර දෙන්නට මත්තෙන් මම නැවතත් කටහඬ අවදි කලෙමි. "අලි මන්තර කියලා දමනය කරණ්න පුළුවන් ඉස්කෝලෙ ගිහිං අකුරු සාස්තරේ ඉගෙන ගත්තු අලින්ට විතරයි සර්! ඒවා අහලා නැති එවුං දමනය කරණ්නට ඉතින් ශොට් එකම තමයි!" කියා මා එතැනින් ඉවත් විය.

 ඉන් පසු එතැන සිදුවූ කථාව මා නොදනී. ඒ කෙසේ වෙතත් තවත් මොහොතකින් සභා තොමෝ විළි ලැජ්ජාවෙන් විසිර ගිය බව නම් මම දුටිමි!


52 comments:

  1. ඉස්සර කාලේ කුල ක්‍රමයට මිනිස්සුන්ව පහත් කරලා පුරුදු වෙච්චි මිනිස්සු දැන් වෙන ක්‍රමයක් හොයා ගෙන. ඒ තමා තමන්ගේ අධ්‍යාපන තත්වය අනුව හෝ රස්සාව අනුව මිනිස්සුන්ව පහත් කරලා කථා කරන එක. මේ වගේ මිනිස්සුම තමයි බලය ඇති තැන් වලට ගොට්ට අල්ලන්න පුරුදුවෙලා ඉන්නේ. ලංකාවේ මිනිස්සු මේ මනෝභාවයෙන් මිදෙන්න තව කොච්චර කාලයක් යයිද.

    යුද්ධය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ ඒක කරන්න වෙච්චි යුද්ධයක්..සාමාන්‍ය මිනිස්සු මරමින්, වෙනස් අදහස් දැරූ දෙමළ දේශපාලඥයන්ව ඝාතනය කරමින් ඒ ඇතිකල ත්‍රස්ථවාදය මේ විදිහටම අවසන් කල යුතුව තිබ්බා. එයින් මම අදහස් කරන්නෙ නෑ දෙමල සහෝදරයන්ට යම් කිසි අසාධරණ තත්වයන් අතීතයේ නොතිබුනා කියලා. හැබැයි 2001 රනිල් මහත්තයගේ සාමා ගිවිසුම කාලේත්, ඒ වගේම චන්ද්‍රිකා නෝනගෙ පොතයි ගඩොලයි සුදු නෙළුමයි කාලේත් මේ ප්‍රශ්ණය යුද්ධෙන් මිසක් වෙන විදිහකට විසදන්න බෑ කියන අදහස නම් දැරුවෙ බොහොම පොඩ්ඩයි. - Mayya

    ReplyDelete
    Replies
    1. සීයට සීයක්ම එකඟයි මයියා!

      Delete
  2. මට හිතෙන හැටියට සිංහල දෙමළ ප්‍රශ්නය පටන් ගත්තේ ඉංග්‍රීසීන්ගේ 'බෙදා වෙන්කර පාලනය කිරීම' ප්‍රතිපත්තියෙන්. 56 පනත ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වුනා. ( https://wasithaya.blogspot.com/2018/12/blog-post.html )

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒක විශ්වාස කරණවා! ඔය ගැන ලියන්නෝන ! මම ඔබේ පෝස්ටුව බලන්නම්! ස්තූතියි.
      දැන් ආයෙමත් ලියනවා දැකීම සතුටක්!
      මේ දිනවල මොන රටේද?

      Delete
    2. ආයේ ලියන්න ලැබීම මටත් සතුටක්. මේ දවස්වල නම් ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් වල.

      Delete
  3. දෙවෙනි ලෝකයුද්ධෙ නම් ඉවර වුනේ සාම කථාවෙන් නොව නොව යුද්ධයෙන්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! මමත් ඒකම තමයි කිව්වේ!

      Delete
  4. පොත හොයාගන බලන්න ඕන, මේ ගැන මම පොත් කීපයක්ම කියවලා තියනවා

    යුද්දය දිනීමට මහින්ද ගෝටා සරත් සහ සෝනියා බින් ලාඩන් උදව් උනා, බින් මට්ටමෙන් වැඩේ දුන්නේ කවද කියලා දන්නවනේ. තනියම ලියාගන්න ටරයි කරන අය අතරේ උඩින්ම ඉන්නේ පොන්සේකා, මිනිහා බඩවැල් අතින් අරන් ගිහිල්ල දොස්තරට ශර්ට් එකයි කලිසමත් ගලවලා දුන්න කිව්වනේ. ඒ වෙලාවේ ගත්ත ෆොටෝ කියන්නේ වෙන කතාවක්.

    ඉගෙන ගැනීමට වයසක් කාලයක් නෑ කියන එක නම් අමු ඇත්ත
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක සාමූහික ප්‍රයත්නයක්!
      ඇත්තෙන්ම ඒ කාලයේදී ඈත ගම් දනව් වල වරිච්චි බිත්ති, පොල් අතු වහල තියෙන ගෙවල් වල අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් මේ යුද්ධය වෙනුවෙන් දායාද කිරීම තරම් කැපවීමක් කල පිරිසක් මම දන්නේ නෑ තවත් ඉන්නවාද කියලා!

      තම දරුවාගේ; මුද්‍රා තැබූ මිනී පෙට්ටියවත් තියාගන්න දිග පළලක් නැති ගෙවල් වල ඒ මහළු අම්මලා තාත්තලා දුක් විඳිමින් හූල්ලලාම මැරිලා යන්නැති!
      සරත් ෆොන්සේකා යනු යුධයේ වීරයාය! (මා දකින ලෙසට!)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. යකාගේ මහාචාරියෙක් ඌ

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියේ උඹව දැකීමත් සතුටක් මලයා!

      දැන් බ්ලොග් එක එහෙම ලියන්වා නේද? දැක්කනේ !?
      ඕක තමයි අර ගිරා පෝතක කතා වස්තුවෙත් කියැවෙන්නේ? හොරු ගාවට වැටුනු ගිරවා FB යනවා.
      අපි වගේ එළ කොල්ලෝ (අපි එහෙම තමයි අපිව හඳුන්වා දෙන්නේ!) ගාවට වැටුනු ගිරවා බ්ලොග් ලියනවා!
      ජයවේවා!

      Delete
    2. බ්ලොග් ලියන එල කොල්ලෝ ගාවට වැටුන හොරා තමා මම :_D

      Delete
  6. හහ් ඔය කිව්වෙ.
    ඔහේ නොදන්නවට යාල කැලේ අලි නං අරාබි බාසාව හොඳට දන්නවා.
    සජිබ්බේබි කියන විදියට අල්ලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි කිව්වම යාලෙ අලි දුවන්නෙ කොහොමද දන්නවද?නැට්ට උස්සගෙන දුවන්නෙ ගස් ගල් පෙරලගෙන

    ශුද්ධ කුරාණයේ සුරාහ් (පරිච්ඡේදය) අල් ෆජර්, 6 තියෙනවා أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ, (alam tar kaya f faeal rabbuka biead)
    ගූගල් ට්‍රාන්ස්ලේට් වලට ඇරබික් text එක දාල බලන්ඩ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. "සමාවෙන්න රත්තරණේ වරද මගෙ අතේ" - චන්දන ලියනාරච්චි

      අම්මප කියන්න මට සජිත් බේබි අමතක උනා නොවැ!

      Delete
  7. අනේ ඉතින් මේ යුද්ධ පලහිලව් ගැන එතරම් අවබෝධයක් නැති මටත් සිද්ධ වුනේ... අර කතාවේ කියනවා වගේ.. "අම්මට හුඩු මූ දන්න දේවල්! ශුවර් එකටම මූ නං හමුදාවට උපදෙස් දෙන පොරක් වෙන්නෝන!" කියා කොමෙන්ටුවක් ද කොටා මෙතනින් නික්ම යාමටය.

    ReplyDelete
    Replies
    1. අපි වගේ බහුශෘතයින් ඇසුරු කරණ කොට ඔය ගතිය ඇරිලා යයි! හොඃ! හොඃ!!

      Delete
  8. එක්තරා පරම්පරාවක් ආයුධයම හැර වෙනත් මගක් නැතැයි සිතන මට්ටමට පත්වූයේ කෙසේදැයි විමසන එක අනාගතයේ එවැනි ව්‍යසන වළක්වා ගතහැකි මගක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම මමත් ඉන්නේ ඔය මතයේම තමයි. ඇත්තෙන්ම අපි හැමෝමත් ඔය සම්බන්ධයෙන් ඉන්නෝන ඔය අදහසේම තමයි. තරුණයාට තමන් විශ්වාස කරණ සහ තමන්ව විශ්වාස කරණ පාලන ක්‍රමයක් සකසා ගැනීමට නොහැකි වූ තැන ඔවුන් වෙනත් විකල්ප මාරග සොයා යනවා. ඒක තමයි තරුණයාගේ ස්වභාවය. "තරුණයා යනු උදෑසන 8ත් 9ත් අතර වැටෙන හිරු රැස් මෙන් ය!" කියලා මාවෝ කිව්වේ නිකංම නොවෙයි නේ.
      ඒ වගේම තමයි මාවෝ තවත් ලස්සන කථාවක් මෙහෙම කියලා තියෙනවා.
      "All political power comes from the barrel of a Gun" - Mao Zedong

      Delete
  9. දේශපාලනයයි යුද්ධයයි අරහං නිසා වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ.කියවලා ඔලුවට දාගත්තා හැබැයි.

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් මෙහෙම හරි මෙතැනට ගොඩ වැදුනාට බොහෝම විකෝතුයි සොඳුරු!

      Delete
  10. හම්මට!

    දවසක් මාත් අපේ තාත්ත එක්ක ඔය ගැන වාදයකට ගියා. මං කියන්නෙ අනූ අටේදි විතර. ඒ කාලෙ, "තාත්තලගෙ දැනුම පරණයි, අපි තමයි ලෝකය අතපත ගාපු පරපුර" යන ආකල්පයේ ඉඳන්. අනික, ඔය කාලෙ ජේවීපිය සහ සිංහල වීර විදහන විතරයි යුද්ධයට යුද්ධයෙන් ම පිළිතුරු දිය යුතු යැයි කියා හිටියේ.

    තාත්තා අපට කීවේ යුද්ධය කියන්නේ විනාශකාරී දෙයක්, ඒ වගේ ම දේශපාලනික ගැටළුවක ප්‍රතිඵලයක්. ඒ නිසා, යුදුධය දිනුවත්, පසුබිමේ තිබුණු දේශපාලනික ගැටලුවට විසඳුමක් දිය යුතුයි කියලා. (ඒක ඒ කාලෙ වෙනකොට ගැටවර අපට තේරුණේ නෑ)

    තාත්තා කෙටියෙන් කීවේ යුද්ධය නොවේ, දේශපාලනික විසඳුමක් තමයි උවමනා කියලා.

    මම එයාට කීවේ, යුද්ධය කියන්නෙත් දේශපාලනික දෙයක් ම තමයි කියලා.

    තාත්තා මාත් එක්ක තර්ක කිරීම අත ඇරලා, ප්ලේන්ටියක් හදාගන්න ගියා.

    "මං දිනුම්" කියලා මාත් හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් ඇරඹෙන්නට කලින් ජනතාවගේ ගැටළු වලට දේශපාලනික විස්ඳුමක් ලබා දිය යුතු බව සැබෑව. ඒ වගේම යුද්ධයකට පසුවත් එය ඒ ආකාරයෙන්ම විසඳිය යුතුය.
      නමුත් අවිගත් ත්‍රස්ථවාදී කණ්ඩායමක් තම එකම විසඳුම ලෙස රටක් (මේ තරම් කුඩාවූ රටක්) දෙකඩ කිරීම හැර වෙනයම් ස්ථාවරයක් නොමැති ලෙස හැසිරෙද්දී ඊට දියයුතු වන්නේ දේශපාලනික විසඳුමක් නොවේ.
      විශෂයෙන් එල් ටීටී යට ලැබුනු බොහෝ අවස්ථා ඔවුන් මග ඇරියා කියලයි මම නම් හිතන්නේ!

      Delete
  11. ඈ යකෝ අලින්ට අකුරු උගන්නන ඉස්කෝලෙ මොකක්ද?

    ReplyDelete
  12. යුද්ධෙ දිනුවා; ප්‍රශ්නෙ ඉවරද ඇත්තටම??,

    ReplyDelete
    Replies
    1. තිබුනු අවදානම් සහගත බව තුඅන් උනත් දමිළයන්ගේ තබා අපේ ප්‍රශ්ණවත් විසඳීමට ආණ්ඩුව අසමත් වෙලා!

      Delete
  13. සද්ද බද්ද නොදාම මේ දෙසටම ආවා
    යුද්ද ගැනත් සම්බන්දය ඇති ලිපි මේවා
    සුද්ද දමා මොල හෝදා දැනුවත් වූවා
    ඇද්ද තැනක් අවි නොදරණ මතකෙට නාවා...

    ජයවේවා !!!

    ReplyDelete
  14. මට නං දෙමල්ලු පේන්න බැහැ.
    මොකද උන් ගාව ගඳයි.

    ReplyDelete
    Replies
    1. දෙමළුන් දුටු පමණින් ඉඹින්න යෑමෙන් වළකින්න!

      Delete
  15. තිලින ප්‍රියසාද්December 3, 2023 at 10:04 PM

    එලාර දුටුගැමුනු යුද්ධය තේමා වූ
    නාට්ටියක් නැටුවලු ඉස්සරකාලේ...
    දැන් කාලෙ වගේමලූ
    යුද්ධ කතා බලන්නමලු
    වැඩි දෙනා එකතුඋනේ ඉස්සර කාලේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් වොව්! ඒවා අදටත් ජනප්‍රිය මාතෘකා!

      Delete
  16. වානර මුතුන් මිත්තන්ගෙන් වෙනස් වෙලා
    වැඩි කාලයක් නැහැ- ඒ ගති නැත මැකිලා
    මිනිහත් සතෙකි, ඇත සටනට හිතේ ලොලා
    එහෙත් කිසිම සටනකදී නැත දිනලා!

    ReplyDelete
  17. ඒක මරු කතාව . මම මේ දවස්වල දෙවන ලෝක යුද්ධය ගැන කල වැඩසටහන් පෙලක් බලමින් ඉන්නෙ. ඔබ හරියටම හරි

    ReplyDelete
  18. 1979 මට ජේ ආර් ගෙන් (එතකොට ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති) තෑග්ගක් හම්බ වුනා ප්‍රයිස් ගිවින් එකේදී.බුද්ධාගමට. එතකොට මම පට්ට යූඇන් පී. 1981 දිස්ත්‍රික් සභා චන්දෙදි කිසිම හේතුවක් නැතිව යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බ. ඉරිසියාවට. එයා හිතන්නේ රනිල් කියල. මම දන්නේ සිරිල් මැතිව් හැටියට. අපි ඕක ගැන දවස් ගණන් වාද කරල තියනව. කොහොමටත් මට යූඇන් පී එක එපා වෙන්න පටන් අරන්. 1983 දෙමළුන්ට ගහන කොට ජේ ආර් නිකන් හිටිය. ඔය කාලේ තමයි මට ඔය පොත ලියපු නන්දන වීරරත්න හම්බ වුනේ පබ්ලික් ලයිබ්‍රරියේදී. ඌ ජෙප්පෙක් හැටියට මීටින් තිබ්බට නතර වුනේ ජවිපෙන් අයින් වෙලා. ජවිපෙ ජාතිවාදී කියල ඒ 1984 දී. බොරුනම් අහන්න නන්දන ගෙන්. ඔයාලගේ ඒ කාලේ පක්ෂේ හිටපු ලයනල් බෝපගේ අයින් වුනෙත් ඒකයි. ඊට පස්සේ නන්දන තමිල් චෙල්වම් හෙම හම්බ වෙලා කොටි පාලනය යටතේ තිබ්බ ප්‍රදේශ වලටත් ගිහින් තිබ්බ. ඒ කාලේ ප්ලොට් එකඟ ජවිපෙට කීව ආයුධ දෙන්නම් පුහුණු කරන්නම් . එකට සටන් කරමු. අපට ඊලම් සමාජවාදී උතුරක් දීපන්. අපි සමාජවාදී ශ්‍රී ලංකාවක් යටතේ ඉන්නම් උඹල එක්ක කියල. ජවිපෙ ප්‍රතික්ෂේප කරාලු ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියල. (ප්ලොට්->රෝ එක - ඉන්දියාව). ඉන්දියාව ගරිල්ලා කණ්ඩායම් වලට අවි දීල පුහුණු කළා කියල අපි දන්නවනේ ජේ ආර් ගේ ආණ්ඩුවට විරුද්ධව. ජවිප මරපු ස්වාධින ශිෂ්‍ය සංගමේ දයා පතිරණ ඒ කාලේ සමාජවාදී ඊළමට පක්ෂයි. -අතුරු කාරණයක්.
    අර රනිල් වික්‍රමසිංහම නොර්වේජියන් එවුන් ගෙනල්ල ගහන්න හැදුවේ ගේමක්. කොටි කැඩුන. කරුණා යාපනේ ආව. බොරුවට නොර්වේජියන් එවුන් රඟ පෑවට කොටින්ට කෙළ වෙනව කියල ප්‍රභාකරන් දැනන් හිටිය. ජවිපෙ චන්ද්‍රික හරහා පරිවාස ආණ්ඩුවකට ගිහින් නොර්වේ වැඩේ නැවැත්තුව. ප්‍රභාකරන් සැනසුම් සුසුමක් හෙළුව. ඊට පස්සේ ජවිපෙ/ හෙළ උරුමය මහින්ද ගේනවා. කොටි රනිල් දිනන එක නවත්තනවා චන්ද වර්ජනය කරලා . මහින්ද දිනුවා . (නැතිනම් යාපනේ මිනිස්සු රනිල්ට චන්දෙ දෙන්නේ) =. ණය වෙලා හරි යුද්ධේ දිනුව. කොටි සමග හුඟක් මිනිස්සුත් මැරුණා. රට පට්ට විධිහට ණය වුනා.
    මම ප්‍රශ්නයක් අහන්නද? දැන් 1971 ජවිපෙ අරගලය කලේ තරුණ අරගල නිසා නම් ඉල් මහා සමරුව සමරන්නෙත් එකට නම්., 1988-89 අරගල කලෙත් ඒ පක්ෂයම වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණයට විරුද්ධව සහ තරුණ ප්‍රශ්න වලට නම් - යාපනේ ගිනි තියපු සිංහල දේශපාලකයන්, 83 ඝාතන , ස්ත්‍රී දුෂණ, 56 සිංහල පනත සහ 58 කෝලාහල, 1977 කෝලාහල, 1972 දිස්ත්‍රික් බේසිස් එක (අපටත් කෙල වුනා ඒකෙන් ) - ඉතින් ඕවට විරුද්ධව දෙමල තරුණයෝ අරගල කිරීම වැරදි වෙන්නේ කොහොමද?
    කොටි වගේම සිංහලයොත් ජාතිවාදී නැත්ද? ඔය දෙගොල්ලම ජාතිවාදී නේ? බැරි වෙලාවත් දෙමලු බහුතරය වෙලා සිංහලයෝ සුළුතරය වුනානම් දෙමලු හැසිරෙන්නෙත් ඔය විධිහටම තමයි. කුල ප්‍රශ්න වලින් පවා ඒක පේනවනේ.
    අනික ඒ යුද්දෙන් දිනපු ආණ්ඩුවම තමයි රට බංකොලොත් කලේ. ගෝඨාභය ගේ අවුරුදු තුනම නෙමේ. ඒ අවුරුදු තුන අර කඩා වැටීම ඉක්මන් කළා විතරයි.
    මම නම් හිතනේ යුද්ධයට කලින් කොටි සංවිධානය දෙකට තුනට කඩල බෙර ගන්න චාන්ස් එකක් තිබ්බ. දෙපාර්ශ්වයම අතිශයින් ජාතිවාදී නිසා ඒක වැලකුණ.
    ශ්‍රී ලංක ආණ්ඩුව යුද්දෙන් දිනුව තමයි. ඒ වුනාට රට පැරදුනා. අද වෙලා තියෙන්නේ ඒක.
    අන්තිමට අර තොප්පිගලට හිනාවුණු කෙනා තමා දැන් ජනාධිපති.
    අන්තිම ප්‍රශ්නේ - ඉන්දියානු ව්‍යප්තවාදයට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. අජිත් ලොක්කා ඉතා හොඳ ප්‍රශ්ණයක්.
      මම හිතන්නේ හිස නවා පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හරියි කියලා .

      Delete
    2. මට පුදුම අජිත් ලොක්කාට සිංහල කියවලා තේරුම් ගන්නට බැරිවීම!
      මම මගේ ලිපිය පටන් ගන්නකොටම ලියපු ටික නොතේරුණු එක ගැන මට හිතා ගන්න බෑ.

      "මා එහෙම කියන්නේ දමිළයින්ගේ සටන අසාධාරණ එකක් නිසා නම් නොවේ!"

      මෙහෙම අමු හිංගලෙන් ලියපු පේලිය නොදැකපු එකත්; එල් ටී ටී ය යුද්ධයෙන් පැරදවූ එකට මා එකඟය කියන කාරණාවත් මේ විදියට පටලවා ගෙන ෆුල්ස් කැප් පිටු දෙක හමාරක් ලිව්වේ "සුභල ද්‍රෂ්ඨි අගතිය" නිසා කියලයි මට නම් හිතෙන්නේ!

      දැන් කාලෙක ඉඳන් ප්ඬිත අයියලා කීප දෙනෙක් ජෙප්පන්ට එලෝ මෙලෝ නැතිව ගහන එක සිඟිති ආතල් එකක් කරගෙන!
      අපි තමුන්නාන්සේලාගෙන් භය පක්ෂ පාතව අහන්නේ එහෙනං මොකාවද බලයට ගේන්න ඕන කියලා!
      එක බ්ලොග් ලියන "අයියා" කෙනෙක් ගෙන් මේ ප්‍රශ්නෙම බුකියේ ඇහුවාම සුරුස් ගාලා මාරු උනේ අරළු පෙති බිව්ව ගානට!

      අනෙක මේ මම ලියපු පෝස්ටුව තුලින් කියවන්න තියෙන්නේ "මා යුද්ධයට එකඟයි!" කියන කාරණයද මේ වාගේම තවත් පණ්ඩිතයෙක් සද්දෙ වහලා ගෙදර ගිය එකද කියලා තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

      උදාරට: "හිස නවා පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හරියි වෙන කවුරු හරි. මේ තට්ටයානම් නොවේ!
      මම කිව්වද ජෙප්පන්ට ඡන්දෙ දෙන්න කියලා! මෙතැන ජෙප්පන්ව අල්ලගෙන මැරෙන්න යන්නේ!?
      ජෙප්පන්ගේ "ඉන්දියානු ව්‍යාප්තවාදය " ගැන අහනගමන් අනිත් පක්ෂවලින් අහන්න දෙයක් නැතිවීම පුදුම සහගතය! දැන් ඒ ව්‍යාප්තවාදය ඇස් මනා පිට නොපෙනීම අභාග්‍යයට කරුණකි.

      Delete
    3. අජිත්ට: සුභල දෘෂ්ඨි අගතිය යන්න සුලභ දෘෂ්ඨි අගතිය ලෙස නිවැරදි කරගෙන රස විඳින්න!

      Delete
    4. පිටු දෙකක විතර පිළිතුරක් ලියන්න හිතාගෙන ඉන්නේ. වෙලාවක් නැහැ. ඔහොම හිටිං. නන්දනයට උඹේ ලිපිය පෙන්නුවම ඌ හිනාවෙලා අතැරලා දාපන් කිව්වා. හේ හේ 😀

      Delete
    5. //"මා එහෙම කියන්නේ දමිළයින්ගේ සටන අසාධාරණ එකක් නිසා නම් නොවේ!"
      මෙහෙම අමු හිංගලෙන් ලියපු පේලිය නොදැකපු එකත්; එල් ටී ටී ය යුද්ධයෙන් පැරදවූ එකට මා එකඟය කියන කාරණාවත් මේ විදියට පටලවා ගෙන ෆුල්ස් කැප් පිටු දෙක හමාරක් ලිව්වේ "සුභල ද්‍රෂ්ඨි අගතිය" නිසා කියලයි මට නම් හිතෙන්නේ!// මේක දැකපු හින්ද තමයි තට්ටය අරක ලීවේ. ඕක තමයි මහින්ද රාජපක්ෂ පශ්චාත් යුධ අවධිය ගැන අපට තිබ්බ ප්‍රශ්නයත්. //දමිලයන්ගේ සටන අසාධාරණ එකක් නිසා නොවේ, එල් ටී ටී ය යුද්ධයෙන් පැරදවූ එකට- දැන් දමිලයන්ගේ අසාධාරණ මගුලට සටන් කලේ උඹලද? මේක පට්ට පරස්පර විරෝධී කතාවක් නෙමේද? කොටින්ම ඔය ලිපිය ඔය පොතට කරන අගෞරවයක්. පොත නොදා ලිව්වා නම් මම සද්ද නැතිව ඉන්නවා. - මම ලීවේ ජේ ආර් ලොක්කට රට හොඳට ගෙනියන්න තිබ්බ. ලලිත් ගේ මහපොළ අදත් සිසුන්ට සල්ලි දෙනවා. දුෂණ මැද මහවැලි යෝජනා ක්‍රමයත් වැඩ. 5/6 ක බලය. යුරෝපයේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනිහිල්ල ඉන්දියාවට කලින් අද ඉන්දියාව ඉන්න තැන ඉන්න තිබ්බ ලංකාව. දිස්ත්‍රික් සංර්ධන මගුලකට යාපනේ දිනන්න භිෂණයක් දැම්මා. සිරිල මැතිව් ඇතුළු කට්ටිය ජේ ආර් ගේ හිත ගන්න පුස්තකාලේ ගිනි තිබ්බ. පොත කියවන අපට මෙපමණ අමාරු නම් දෙමළුන් ට කොහොම අමරු වෙන්න ඕනෙද? කොටි ඇතුළු සංවිධාන වල බලය වැඩි වුනේ ඒකෙන්. 1983 දී තද තීරණයක් ගත්තේ නැති එකෙන් ඩයස්පෝරාව හදුනා. සවර්ධන් සභා චන්දෙට ඉදිරිපත් වුනු ප්‍රජතන්තරවාදී වුනු ජවිපෙ තහනමින් උන් යටිබිම්ගත දේශපාලනයට ගියා. මේ පට්ට අතාර්කික තීරණ ජේ ආර් ගත්තේ ඇයි? ඕකට තමයි ඔය පොතේ උත්තර හොයන්නේ.

      එතකොට රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කලේ වෙන රටක් එක්ක නෙමේ. මේක සිවිල් යුද්ධයක්. තමන්ගේ ජන කොටසකින් මතුවේච්ඡ හමුදාවක් එක්ක. ඕකට රුසියාව හෝ වෙනත් රටක් දෙවන ලෝක යුද්දෙන් දිනුව එකට සමාන කරන්න බැහැ. යුද්දය සමරන්න පෙළපාලි තියල විකාර කරන කොට ඒක සමාන වෙන්නේ එහෙම දේකට. humility එකක් තිබ්බේ නැහැ. යුද්දෙන් දිනපු කතාව ආපු ගමන් වැටෙන්නේ එතනට. මෙහේ මේ අනුර කුමාර දිසානායක හැමෝම එකතු කරගන්න හදනව. ඉතින් ඔයා අනුර කුමාරගේ ගොඩටද වැටෙන්නේ. මහින්ද ගේ ගොඩටද.

      Delete
    6. //දැන් කාලෙක ඉඳන් ප්ඬිත අයියලා කීප දෙනෙක් ජෙප්පන්ට එලෝ මෙලෝ නැතිව ගහන එක සිඟිති ආතල් එකක් කරගෙන!
      අපි තමුන්නාන්සේලාගෙන් භය පක්ෂ පාතව අහන්නේ එහෙනං මොකාවද බලයට ගේන්න ඕන කියලා!
      එක බ්ලොග් ලියන "අයියා" කෙනෙක් ගෙන් මේ ප්‍රශ්නෙම බුකියේ ඇහුවාම සුරුස් ගාලා මාරු උනේ අරළු පෙති බිව්ව ගානට!// මගෙන් නෙම්නේ. දැන් මම ජෙප්පන්ට හා ජාජබේ ට එලෝ මෙලෝ නැතිව ගහන එකෙක්ද? ඕක තමයි ඔයාලගේ ලොකුම ප්‍රශ්නය. මම නම් ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට කැමති නැහැ.චන්දෙ දීලත් නැහැ. පහුගිය කාලේ ජාජබේ ට නම් යම් කැමැත්තක් තිබ්බ. අනුර ගේ, හරිනි ගේ හෙම කතා අහල. ටිල්වින් එක්ක සාකච්චාවක් දැම්මෙත් ඒකයි . හැබැයි තවම පක්ෂයේ හෙන තොගයක් සිංහල ජාතිකවාදී සෙට් එකක්. ඉතිරි කොටස ලංකාවේ කොමියුනිස්ට් ආණ්ඩුවක් හදන්න දත කට මැදගෙන ඉන්නේ. නැහැ කියනවද? අනුරට සපෝර්ට් එක නැත්තේ පක්ෂේ අයගෙන්ම කියලයි මට හිතෙන්නේ. කොටින්ම එක එක්කෙනා වේදිකා වල එක එක කතා කියන්නේ.

      //මම කිව්වද ජෙප්පන්ට ඡන්දෙ දෙන්න කියලා! මෙතැන ජෙප්පන්ව අල්ලගෙන මැරෙන්න යන්නේ!?// ඔය ජාජබේ ට සහය දෙන ලෙසට තමා මගේ බ්ලොගයට හෙම ඇවිත් කොමෙන්ට් දාන්නේ සහ ලියන්නේ. ඒ අනුව ජවිපෙ ආධාරකරුවෙක් ලෙස තමා මගේ අදහස. එහෙම ඔයා ලියලත් තියනව. එහෙම නම් ඒ පක්ෂයේ දේශපාලන අනාගතයට හානි වෙන දේවල් නොලිය ඉන්න එක තම හොඳ.

      Delete
    7. //ජෙප්පන්ගේ "ඉන්දියානු ව්‍යාප්තවාදය " ගැන අහනගමන් අනිත් පක්ෂවලින් අහන්න දෙයක් නැතිවීම පුදුම සහගතය! දැන් ඒ ව්‍යාප්තවාදය ඇස් මනා පිට නොපෙනීම අභාග්‍යයට කරුණකි.//
      ඔයාට ප්‍රශ්නේ තේරුනේ නැහැ නේද? ඔයාල අපේ බ්ලොග් නොකියවන නිසා සමහරවිට තේරෙන්නේ නැති වෙන්නත් ඇති. මේක කියවන්නකෝ. https://kolambagamaya.blogspot.com/2019/04/blog-post_27.html
      අනික් එක තමයි මේ කතාවත් ජවිපෙ අනිත් වැඩ වගේම තම. දැන් ඔයාම කියනව //එල් ටී ටී ය යුද්ධයෙන් පැරදවූ එකට මා එකඟය// කියල ඉතින් බං උන්නේ ඉන්දියානු හමුදාව එක්ක සටන් කලේ ලංකාවෙන් එලවන්න. අන්තිමට ඉන්දියානුඅගමැතිත් උන්නේ මැරුවේ. ආර් ප්‍රේමදාස නේ ආයුධ දුන්නේ. (හැබැයි ප්‍රේමදාස ගේ ආයුධ වලින් උන් සිංහල පොලිස් නිලධාරිනුත් මැරුව) . ඒක එහෙම වෙනකොට ජවිපෙ දකුණේ දේජව කියල සිවිල කැරැල්ලක් පටන් අරන්. එතකොට බලාගෙන ගියහම ඉන්දියානු ව්‍යාප්ත වාදයට හා හමුදාවට අනියමින් උදව් කළා කියල කවුරු හරි කිවොත් වැරදි නැහැනේ. එතකොට සෝමවංශ රටින් පැනල ගියේ කොහොමද? ඊට පස්සේ මහින්ද ගේන්න සහ යුද්ධයට සපෝර්ට් කලේ ඒකද? මොකද ඉන්දියාවටත් ප්‍රභා මරන්න ඕනේ වෙලා තිබ්බේ කියල දන්නවනේ.
      මම නම්කියන්නේ ජේ ආර් ට, ප්‍රේමදාසට වගේම ජවිපෙ ටත් ඉන්දියාව සමග ටැක්ටිකල් සාමයක ඉන්න තිබ්බ කියල.
      මට මේ දවස් වල තව හෙන අවුල් ප්‍රශ්නයක් තියනව. ජවිපෙ උතුරට බර අවි වලින් ගහන්න කියල උපදෙස් දුන්න මතක ඇතිනේ මහින්ද රජයට. සාමාන්‍ය ජනතාව (ළමයි ඇතුළුව) මැරෙනවා තමයි නමුත් ඒක collateral damage. මොකද බෝම්බ, මිසයිල් මෙන්න කොටිය කියල හොයල මරන්නේ නැහැනේ. එතකොට කොටි ලනක්වේ සාමාන්‍ය ජනයා මැරුව කියලත් අපි දන්නවා. ළමයි එක්ක. එකට එක එතකොට දැන් හා-මා-ස් එකෙන් ගෑනු දුෂණය කරලා, ට්‍රක් වල පෙන්වල, මරල තියනවා ළමයි මරල තියනව. . එතනත් ත්‍රස්තවාදයක් නේ. ඉතින් ඊශ්‍රායෙල් හමුදාව බර අවි වලින් ගාසා තීරයට ගහනව. මම දැක්කා මහින්ද , ජවිපෙ, පෙසපේ ඔක්කොම උන්ව විවේචනය කරන ගමන් පලස්තිනෙට සපෝර්ට්. පරස්පර විරෝධී නේ.
      (ඒ අතරේ බටහිර ඉශ්‍රයෙලේට සපෝර්ට්. ඒකට මම බැනල තියෙන්නේ) .

      Delete
    8. ඔන්න ඔය ස්ථාවරයවල් හෙන අවුල් නේ මල්ලි. ඒවා හදාගෙන ඉදිරියට යන එක තමා හොඳ. මොකද ස්ථාවරයවල් අවුල් වෙච්ඡ ගමන් මිනිස්සු අවුල් වෙනවා. ඔයාට විතරක් නෙමේ මේවා කියන්නේ හොඳද . ඔය වගේ වාද මෙහෙත් යනව. මම මේ අර නමිය ලියපු කතාව වගේ naked truth ලියන්නේ. ස්තුතියි මේ වගේ ලිපියක් ලියල අවස්ථාව දුන්නට.

      Delete
  19. යුද්දේ ගැන වෙනම කතාකරමු. ඔය සිටියෑන් ගිල්ස් කෝස් එක හරහා මම දන්නා කොල්ලෝ සැහෙන දෙනෙක් කිව් ඇස්ලා වෙලා ජාත්යාන්තරේට ගිහින් තියෙනවා

    ReplyDelete
    Replies
    1. city & guilds certificate එංගලන්තේ සෑහෙන්න පිලි ගන්නවා. මමත් Audocad City & Guilds 4351 දෙකම කළා 1995 දී. ජොබ් එකට නම් ගියේ නැහැ. වැඩියත්ම කලේ windows 95 උගන්නපු නිසා. ඒකෙන් අවැඩක් වුනේ නැහැ.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...