දෙබිඩ්ඩෝ තනි තරුව (Thani Tharuwa) (නමට)නිරාගමික, සංස්කෘතික-අජීර්ණ, ඉතිහාස-විරෝධී, වෙන්න-රැඩිකල් ජීවීන් කොට්ඨාශයක් ශ්‍රී ලංකාවේ ඉන්නවනෙ. ඔවුන්ට අනුව, දේශපාලන මතවාදය මොකවුණත් විශේෂයෙන්ම මහ ජාතියක පැවැත්ම විශාල ප්‍රශ්නයක්. මහ ජාතියක් නැත්නම් ලංකාවේ ප්‍රශ්න මොකුත් නෑ!හැබැයි මේ "උගත්-බුද්ධිමත්" ජීවී කොට්ඨාසයට මග හැරිච්ච දෙයක් සාමාන්‍ය පාරිසරික තුලනය නැත්නම් equilibrium එක. හැම පරිසරයකම ජීවීන් කොට්ඨාස ගණනාවක් ඉන්නවා. උන්ගේ ප්‍රතිශතය අනුව තමයි තුලනය තීරණය වෙන්නෙ. එතකොට එක ජාතියක් වැඩිපුර ඉන්නවා කියලා උන්ව ...
කවි වගේ පින්තූර.. තනි තරුව (Thani Tharuwa) නැගී සිටගත්විටමගේ ඡායාව ඔබ තුළ පැතිරෙනු දකිමි. කිසිවෙකු ගල්කැටකින් දමා ගසාඅප අතර නිහඬ බව බිඳිනතුරුඔබ මා නොදැක මා වෙතදමා ඔබ නොදැක ඔබ වෙතදසියුම් හුයකින් බැඳී ඇතැයි මට සිතේ..ඔබගෙ ගැඹුර මටදමගේ පැතිරීම ඔබටදදරාගත නොහැකි තැනකදී අපි අප වෙත කඩා වැටී බැඳී ගිලීසැනසෙමුද?~තනියා තුන්වැනි ඇහෙන් දක්ෂකම් පාන මිත්‍රයෙක්ගෙ ඉන්ස්ටග්‍රෑමෙ පිංතූරයක් දැක්කා. ඒ පිංතූරේ කොච්චර බරපතල විදියට මගෙ හිතට වැදුණද කියනව නං"කොහොම පටන්ගෙන ...
ක්‍රීම් කතා තනි තරුව (Thani Tharuwa) දැන් ඉතින් හැමදෙයක්ම ගණන් නිසා ආලේපනවලට විකල්ප හොයන්න කල්පනාකරමින් ඉන්දැද්දි සකර්බර්ග් අයියා අංජනම් දේවි සමග කුමන්ත්‍රණය කරලා මට නානාප්‍රකාර ආලේපන ජාති යෝජනා කරන්න පටන් අරන් තිබ්බේ. එහෙම යෝජනා අතර අනාදිමත් කාලයකදී පාවිච්චි කරපු body lotion එකක් ආයෙමත් මෙහෙ තියෙන බව දැක්කනේ!
මාරියක් නොවන්නට නම්.. තනි තරුව (Thani Tharuwa) New year resolutions, new year new me වගේ ආරුක්කු බූරුක්කු නැතුව 2023 පටන්ගත්තා මිත්‍රවරුනි.සුබ අලුත් අවුරුද්දක් වේවා!
සන්ග්ලාස් අන්කල් තනි තරුව (Thani Tharuwa) දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 ) බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි ...
හීතල ගිනිකඳු තනි තරුව (Thani Tharuwa) ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ ...
අහිංසක තනි තරුව (Thani Tharuwa) අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messanger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ...
වැලි වගේ ගෑණු තනි තරුව (Thani Tharuwa) ඉර හැරිලත් ගිනි රස්නෙ ගහන ඔය කාන්තාරෙ මැද්දෙදි මට සිංදු කීපයක්ම මතක් වුණා.පළවෙනි එක ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්.. ඒ ගීතයේ ඉපදීම ගැන දයා ද අල්විස් හරිම ලස්සනට ලියලා තිබ්බා' එකෝමත් එක දවසක' පොතේ. දරුවෙක් එක්ක තනිවෙච්ච ගැහැණියකට ආදරේ කරන්න තරම් ලස්සන හිතක් තියෙන්න ඇති ප්‍රේම් වෙනස්වෙච්ච එකම පුදුමයක් තමයි..ඒකට ඉතින් වටපිටාවෙන් ආව උපදෙස්, විෂබීජත් හේතුවෙන්න ඇති. එච්චර සුන්දර දේවල් ...
පපරෙ හිනා තනි තරුව (Thani Tharuwa) ටුක් එක නුගේගොඩ සුපර්මාර්කට් හන්දියේ ට්‍රැෆික් ලයිට්වලට නැවැත්තුවා. මං හිටියේ ලොකු කල්පනාවක නිසා එතන මොකක්ද වෙමින් තිබ්බේ කියලා අවධානයක් තිබ්බේ නෑ. හැබැයි පපරේ එකක් ඇහෙන හින්දා බැලුවම වයසක අන්කල් කෙනෙක් පොඩි බෆල් එකක් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. පිරිසිදු පාටට පිළිවෙලට පීච් පාට අත්දිග කමිසයක් සුදු සරමට යටකරලා ඇඳලා කලු බෙල්ට් එකකුත් දාලා. මං පපරෙ එක එන්නෙ කොහෙන්ද බැලුව හින්දද කොහෙද ...
නිකා මාකටින් තනි තරුව (Thani Tharuwa) ආයෙත් නිකා කතාවක් ඇදිලා ඇවිත්නේ? කාලෙන් කාලෙට මතුවෙනවා.සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැන මම දන්න අලබෝලයක් නැතිවුණත් මාකටින් ගැන දන්නවා. මේ කියන නිකායට ජනප්‍රිය චරිත ගෑවීම සහ ඒ ජනප්‍රියත්වය මොහොතකින් අංශක 180කින් හැරවීම (සමහරු 360කින් හැරවීමක් ගැන කියනවා. ගණිතමය සංකල්පයේ හැටියට ඒක එහෙම කළොත් හිටිතැනටම තමා එන්නේ
Tadka (2022) තනි තරුව (Thani Tharuwa) (2022 නොවැම්බර් 16දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) Tadka (2022)IMDb 7.1/10Genre: Rom-comLanguage: Hindiආකර්ෂණය සහ ප්‍රේමයට අත්පොත් තියන ජීවිතේ දෙවැනි දශකය වෙනම අත්දැකීමක්. ආදරේමද දන්නෙත් නැති, ආදරේ කියලා උපකල්පනය කරගෙන, ආකර්ෂණයයි ආදරයයි අයිතිකරගැනීමේ ආසාවයි අතර දෝලනයවෙමින් ඉන්න ඒ දෙවැනි දශකය අපේ පරම්පරාවට දැනුණු විදිහ අපේ කලින් පරම්පරාවට දැනිච්ච විදිහට වඩා වෙනස්. අපි දෙගොල්ලොන්ටම වඩා අලුත් පරම්පරාවට දැනෙන හැටි වෙනස්.අපේ ...
ලාංකීය වීදිනාට්‍ය කලාවේ නැවුම් බලාපොරොත්තුව! තනි තරුව (Thani Tharuwa) නාට්‍ය සහ රංග කලාවමුල සිට සරලවහිරුණිකා එරාංජලි ප්‍රේමචන්ද්‍ර යට්ටෝවිටශ්රී ලාංකික වීදි නාට්‍ය කලාවේ පියා කලාකීර්ති ගාමිණී හත්තොටුවේගම සූරීන්ටවත් එතුමාගේ ගෝලයන්ටවත් බැරිවුණා ලංකාවේ වීදි නාට්‍ය කලාව මෙච්චර දුරක් ගෙනියන්න. ඒකම ඇති හිරුණිකාට, ඔයා පාර්ලිමේන්තු ඉන්නම ඕන කෙනෙක් කියලා අහගන්න❤️මේවා දකිද්දි එහා ලෝකේ ඉඳන් භාරත:"දුක් මහන්සියෙන් හම්බකරලා, හැම සැපසම්පතක්ම දීලා, විශාඛාවෙන් උගන්නලා, විදේශ අධ්‍යාපනය දීලා, ඊළග පරම්පරාවලටත් ඇතිවෙන්න ව්‍යාපාර හදලා දීලා ඔයාව ...
මරණයට හිනැහෙන අපි තනි තරුව (Thani Tharuwa) බොහොම සංයමයකින් ලියන්න ඕන වගේම බොහොම සංයමයකින් කියවන්නත් ඕන මාතෘකාවක් මේක.අරගලයේ ක්‍රියාකාරී සමාජිකාවක් කියන තරුණියකගේ මරණයක් දෙයාකාරයකට බුකියේ 'සැමරෙනවා'. කොටසක් අඬනවා, කොටසක් හිනාවෙනවා. දේශපාලනික මතවාදය කෙසේ වෙතත් මානුෂීයව 'කිසිම' කෙනෙකුගේ විපතක් ප්‍රාර්ථනා කිරීමවත් විපතකට සරදම් කිරීමවත් මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.ආපස්සට පොඩ්ඩක් හැරිලා බැලුවොත් මේක මෙහෙම සිද්ධවෙන පළවෙනි වතාව නොවෙන බව තේරුම් ගන්න පුළුවන්.මාස කීපයකට කලින් ජැක්සන් ඇන්තනි මහත්මයා මාරක ...
කහ, කහ වීම තනි තරුව (Thani Tharuwa) සංගීතයට, කලාවට ප්‍රිය මනුස්සයෙක් හැටියට ලංකාවේ රියැලිටි වැඩසටහන් සමහරක ප්‍රේක්ෂකයෙක් මාත්. කාලයක ඉඳන්. පහුගිය අවුරුද්දෙ ඉඳන් බැලුවෙ නම් Voice Sri Lanka විතරයි. Season 1 සහ Teens ගුණාත්මක භාවය අනුව මේ වතාවෙත් සෑහෙන බලාපොරොත්තු සහගතවයි වැඩසටහන බලන්න ගත්තේ.පළවෙනි දවස බැලුවා. දෙවැනි දවසත් බැලුවා. තුන්වැනි, හතරවෙනි දවස බලද්දී තමා මා තුළ ජීවත්වන ක්‍රිෂ්ණා වස්දණ්ඩ පොළවේ ගහලා "මේ මොන මයන්නක්ද අයිසේ මේ!" කියලා ...
ලංකාවේ අපි තනි තරුව (Thani Tharuwa) මගේ ලිවිලි ගැන පෞද්ගලිකව විචාරයක් දුන්නා මිත්‍රයෙක්. මේකේ මීට කලින් විසංවාද ගොඩක් තියෙනවා. මේ කොටස විතරක් ගත්තම, (හැබැයි මේ වචන ගැන මම වග කියන්නේ නෑ, පැහැදිලිවම propaganda නෙවෙයි!✋)මිත්‍රයා: "ඔයා ලියන ඒවයේ හැටියට you are real simple, genuine Sri Lankan"(typical නොකිව්ව එක ගැන නම් ඇත්තටම සතුටුයි
ගුණේ අන්කල් තනි තරුව (Thani Tharuwa) හුනස්නෙන් නැගිට්ටවෙන තරම් කම්පනයක් ගෙනාව ඒ ආරංචිය ආවේ සඳුදා උදේ. ගුණේ අංකල්ගේ මරණය ගැන. ගුණදාස රාළහාමි මුලු ජීවිත කාලයම අචල හිතවත්කමින් සහ පක්ෂපාතීත්වයෙන් අපේ තාත්තා ඇතුළු පවුලේ අය එක්ක රැඳිච්ච, අලුත් ලෝකයට අරුමයක් වෙන 'අවංක හිතවත්කම' කියන එකට හොඳම උදාහරණයක් වෙච්ච, ඒ වඳවී යන ජීවී කුලකයේ සුන්දර මනුස්සයෙක්. කෙටිකාලීන හිතවත්කම්, වාසි ලාබ ප්‍රයෝජන ගැන අරමුණු, පරාජයේදී පසුබෑමේදී දාලා යන ...
වස්ත්‍ර ප්‍රශ්න තනි තරුව (Thani Tharuwa) ඉස්කෝලෙන් අයින්වෙලා දශක එකහමාරක් විතර. හැබැයි ඒ දශක එකහමාර තිස්සේම මොකද්දෝ හේතුවකට මං සැරින් සැරේ දකින හීනයක් තියෙනවා. වැස්සක, මඩ වෙච්ච ඉස්කෝලෙ ඇවිදිනවා (ඒ හීනෙදිම මිසක් වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩවෙලා නෑ
අනී හමුවීම තනි තරුව (Thani Tharuwa) ඒ හිතවතුනි, කොරෝනා කියා මාරයෙක් අප දෙස බලමින් තලු මරමින් ඉන්නා බවක සලකුණක්වත් නැති BC (Before Corona) යුගය. සකලසිරින් පිරි සිරි ලංකාවේ අප ඒ වෙද්දී මාස්ලෝගේ පිරමීඩයේ උඩට කිට්ටු කරමින් හිටි නිසා සුපර්මාර්කට්වල එහෙම නිබඳ ජනගඟක් ඒ කාලේ ගැවසුණා. නිකංම නෙවෙයි, තල්ලු කරගන්නට අමාරු තරම් ගැල පටවාගත් කරත්ත එකිනෙකා හා තරග කරමින්.මමත් එහෙම ගැල් තරගයකට මූණදීමේ අවධානම අරගෙන හන්දියේ කීල්ස් ...
ප්‍රතිලෝමව සමානුපාතිකයි! තනි තරුව (Thani Tharuwa) ධනය ඇති තැන මොළය නැත, මොළය ඇති තැන බලය නැත, ධනයද බලයද දෙකම ඇති තැන මොළයද මිනිස්කමද යන දෙකම නැත!බහුතර අලුත් සල්ලිකාරයන්ට සහ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටමොළේ නෑ, මනුස්සකමත් නෑ, සල්ලාලකමයි බේබදුකමයි තකතීරුකමයි තමයි තියෙන්නේ. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. ඉතාමත්ම කලාතුරකින් එහෙම නොවිච්ච තැන් තියෙනවා, ඒ සමහරවිට පවුලේ හැදියාව අනුව. ලංකාවේ ඕනතරම් උදාහරණ තියෙනවා.ලංකා සමාජයේ බහුතරය දුවන්නේ සල්ලි දිහා බලාගෙන. ...