වටවන්දනා සර්විස් තනි තරුව (Thani Tharuwa) මේක සෑහෙන්න පරණ කතාවක්.ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ ...
භූකම්පා තනි තරුව (Thani Tharuwa) එක්තරා කාලෙක මං එයාට කවි ලිව්වා. මං කවි ලිව්ව පළවෙනි මිනිහා එයා නෙවෙයි තමයි. හැබැයි කවි කියලා මං මාවම ලිව්වේ එයාට විතරයි!එච්චර තදබල ප්‍රේමයක් ඇතිවෙන්න තරම් මොකක්ද වුණේ කියලා මං අදටත් දන්නෙ නෑ. හැබැයි ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මට මහ දරුණුවටම දැනුණා. ලෝකේ ලොකුම භූකම්පනයවත් සුනාමියවත් එක්ක සසඳලා ලඝු කරන්න බෑ වගේ ඒ ප්‍රේමයත් මට දැනුණේ. මං අනේක වාරයක් ඒකෙන් පැනලා ...
පෞද්ගලිකත්වයේ මරණය තනි තරුව (Thani Tharuwa) කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ ...
කාන්තා දින තනි තරුව (Thani Tharuwa) කාන්තා දිනය බාගයක් ගෙවිලා යනකල් හිතමින් ඉඳලා ලියන කතා..!සයිබර් අවකාශයේ නානාප්‍රකාර කාන්තා සැමරුම්, සුභාශිංසන, පින්තූර, උත්සව මහ ගොඩක් පහුකරගෙන යන අතර එක්තරා නිළියක්ව දැඩි අපහාසයට උපහාසයට ලක්වෙනවා යම් සමූහයක. කාන්තාව කියන රාමුවෙන් ගලවලා බැලුවොත් මගේ පෞද්ගලික කියවීම ඈ විශාදයෙන් පෙළෙනවාදෝ කියන එක. අවාසනාවකට සමහර අදහස් පළකිරීම් සාමාන්‍ය මිනිස් සංවේදීතා අබිබවා ගිහින්.කාන්තා දිනයට සෑහෙන්න කතන්දර ලියවෙද්දි අමතක කරන්න එපා ඉතිරි දවස් ...
නන්නත්තාර නන්නත්තාරේද? තනි තරුව (Thani Tharuwa) (2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.නන්නත්තාරේ එක දිගට ...
නොස්ටැල්ජික් ඉත්තෑකූරූ තනි තරුව (Thani Tharuwa) ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ! එකක් දෙකක් නෙවෙයි, තොගයක්! එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර ...
සයිබර් ආරක්ෂණය දේශපාලනීය ද? තනි තරුව (Thani Tharuwa) සයිබර් ආරක්ෂණය නැත්නම් cyber security අතින් ශ්‍රී ලංකාව ඉන්නේ අවබෝධය සහ භාවිතාව අතින් පහළ තැනක. Global Cyber Security index එක ගත්තම 2020 අපි ඉඳලා තියෙන්නේ 58.65ක සාමාන්‍යයක් එක්ක 83වෙනි ස්ථානයේ. මේ index එක මැනෙන්නේ රටක සයිබර් ආරක්ෂණය වෙනුවෙන් කරන වැඩ කොටස, ඒ ගැන අවබෝධය, නීති සම්පාදනය, තාක්ෂණික භාවිතාව, ධාරිතාවය, දැක්ම වගේ කාරණා කීපයක එකතුවකින්. අවධානමේ බරපතලකම සරලව මෙහෙම කිව්වොත් ...
අක්ෂි තනි තරුව (Thani Tharuwa) (2023 පෙබරවාරි 26 දින සිනමාවේදීන් සමූහයට) ස්වර්ණවාහිනියේ අලුත් නාට්‍යයක් යනවා. අමුතු චිත්‍රපට පාටක් තියෙන නිසා බලන්න ගත්තා. ඇත්තටම දෙමළ චිත්‍රපට රසිකයන්ගෙ කැමැත්ත දිනාගන්න පුළුවන් මට්ටමක වැඩක්. අඩුපාඩු නැත්තේ නෑ හැබැයි වෙනසක්.මේකේ කැපී පෙනෙනම දේවල් ටික තමයි සංගීතය, කැමරාව සහ සංස්කරණය.
තර්කන වීල් තනි තරුව (Thani Tharuwa) ලාංකිකයාගෙ තර්කන හැකියාවට වඩා තර්කනයට තියෙන ආසාව ඉහළයි. බහුතරයකට ඒක එන්නේ මහන්තත්ත හැඟීමකින් (egoistic) හින්දා වාද-විවාද, සංවාද-විසංවාදවලට පැහැදිලි මගක් නෑ. විවෘත මනසින් කිව්වට විවෘතමත්ම නෑ.හදිසියේවත් තමන්ගෙ මහන්තත්වයට පහරක් වැදීගෙන එද්දී ටක්ගාලා ලේබල් ගියරෙට මාරුවෙනවා. ඉතින් මොකක් හරි මාතෘකාවක් දීලා කව්රුහරි මෙයාලව නැවතීමක් නැති hamster wheel එකක නැග්ගුවම, කට්ටියම "ආ... පාගලා යමුකෝ හැටේ..
කොඩි කතා තනි තරුව (Thani Tharuwa) ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය නිදහස් දිනය සමරන එක ඇතැම් කොටසකට දරාගන්න බැරි අමාරුව තියෙන්නේ අදක ඊයෙක ඉඳන් නෙවෙයි.අවුරුදු තිහක් ලංකාව විනාශ කරපු "ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක්" ඔතැනට ගාවගත්තු පිරිසක් ඉන්නවා. ඒක කොටි ඩයස්පෝරාව සහ ඔවුන් කෙරෙහි සානුකම්පිතව ත්රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ගේ සංගමය හැටියට කෙටියෙන් හැඳින්වීම ලේසියි.නමුත් නිදහසේ අපි සමරන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විතරක් නෙවෙයි. ඊට කලින් යටත්විජිතවාදයට එරෙහිව නැගී සිටි කැප්පෙටිපොළ, ...
කැකුළාට මයිත්‍රීයෙන් තනි තරුව (Thani Tharuwa) කැකුළා කියන හැටියට එයැයි දැන් විජය කුමාරතුංග, රෝහණ විජේවීර මට්ටමට නිතරඟයෙන්ම ඇවිත්. එතකොට කැකුළා හිරේ මංගජ්ජද්දි කිසි ගානක් නැතුව ෆන් එකේ එළියෙ හිටිය, අරගලයෙ සහෝදර සහෝදරියො නිකම්ම නිකම්මු.දැන් කියාගෙන යන හැටියට කට්ටිය තමන් කරපුවා කැකුළට පාපොච්චාරණය කරලා මිසක් කැකුළා කිසිම පාපොච්චාරණයක් කරලා නෑ. ඉතින් එතකොට එතන මානව හිමිකම් කඩවීම්, එන්ජීඕකාරයන්ට කිරි එරවීම් වගේ එව්වට හේතු නෑ. මොකද එයැයි නීතියට නීතිය ...
ප්‍රාර්ථනා තනි තරුව (Thani Tharuwa) පහන් පත්තු කරන අතර සමහරු ප්‍රාර්ථනා මුමුණනවා, සමහරු හිතෙන් හිතනවා, සමහරු මහ හඬින් කියනවා. පෞද්ගලිකව මම කැමතියි කෙනෙක් තව කෙනෙකුට අවහිරයක්, බාධාවක් නොවෙන විදිහට ආගමික වතාවත් කරනවට. පහන්වැට එහා පැත්තෙ සුදුම ඇඳගත්ත, උස ගෑණු කෙනෙක් හයියෙන් හයියෙන් කතා කරනවා. මං මුලින්ම හිතුවේ ප්‍රාර්ථනාවක් කියලා. ඊටපස්සේ හිතුවේ handsfree එකක් ගහගෙන දුරකථන ඇමතුමක වෙන්නැති කියලා. අංකයක් කියනවා, වෙල්ලප්පුලි කියලා නමක් කියනවා. ...
සුරතල් තනි තරුව (Thani Tharuwa) 2001 අවුරුද්දේ නියඟයක් ආවා.කවදාවත් හිඳෙන්නෙ නෑ කියලා කියපු ළිංවලත් වතුර අඩුවුණා කියලා කියැවුණා. සාමාන්‍ය පෙළ කට උඩට එනකල් නාට්ටි කරකර බල්ටි ගගහ ඉඳලා අගෝස්තු අන්තිමේ පාඩං කරන්න ලෑස්ති වෙද්දිම පැය ගණං කරන්ට් කපන්න පටන් ගත්තා! වතුරත් කැපුවද මන්දා මතක නෑ හරියටම ඒක නං.එහෙම ලයිට් නෑයි කියලා පාඩං නොකර ඉන්න, වර්ජනය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නෑ මොකද මාස තුනකින් අවුරුදු දෙකක ...
නිදහස් උත්සවේ පවත්වන්ට ඕනි! තනි තරුව (Thani Tharuwa) සාධාරණ ප්‍රශ්න ජනාධිපතිතුමාට තියෙන්නේ. මේක ගත්තේ නැත්නම් රට්ටු සහ ලෝකයා නොයෙකුත් කතා කියනවා!(අනිවාර්යයෙන්ම! මොකද ලෝකයා කෙසේ වෙතත් රට්ටු මගුලක් නොගත්තත් බැණලා, ගත්තත් බැණලා, කාලා බීලා ඇවිල්ලත් බණින ජාතියක්නෙ
දම්පාට අකුණු තනි තරුව (Thani Tharuwa) පහුගිය දවස්වල කාලගුණ විපර්යාස වෙන අතරේ මහ රෑ සිංදුවක් අහගෙන ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්දැද්දි එක දිගට අකුණු වැලක් පුපුරගෙන පුපුරගෙන ගියා ඇස් ඉස්සරහම වගේ. දම් පාටට!අකුණු පුපුරනවා දැකලා නැති නොවන නමුත් එහෙම දම්පාට අකුණු නං දැක්කමයි.මීට මාස ගාණකට කලින් ගමේ ඉන්න වෙලාවක මහ රෑ නිල්-කහ ගිනිබෝලමය අකුණුවැලක් පුපුරලා ගෙදර ලයිට්, වත්තෙ පොල්ගහක්, ටවුමේ කඩවල ලයිට්, මහජන බැංකුවේ බෝඩ්එක ...
විරහ රැල්ල තනි තරුව (Thani Tharuwa) අපි මේ සතියේ හැප්පෙන්නෙ විරහ රැල්ල එක්ක.සිදුවීම පිළිකුල්සහගතයි! කණගාටුයි. මිනීමරුවට මානසික ආබාධයක් පිටින් දාලා නිදහස්වෙන්න මග හදාගන්න පුළුවන් ද? ක්ෂණික නිදහසක් නොවුණත් යම් කාලයකට පස්සෙ නිදහස්වෙයි. හැබැයි හෘද සාක්ෂියේ සදාකාලික හිරකාරයෙක් වෙයි. පසුතැවීම් විලංගු වගේ දැනෙයි.යම් දවසක කථිකාචාර්යවරු, ආචාර්යවරු, මහාචාර්යවරු වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නුම් කරගෙන ඇවිල්ලා මගදී එහෙම යූ-ටර්න් ගැහුව ලෝකේ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි ඔහොම ආකල්ප එක්ක එතනට ...
ගල්, මල් කරන කලාව තනි තරුව (Thani Tharuwa) ලංකාව දැන් තියෙන්නේ බූරුවා විකුණන්න ටවුමට යන්න ගිය තාත්තගෙයි පුතාගෙයි කතන්දරේ. බූරුවා දක්කගෙන පයින් යද්දි ඒකට බණිනවා, පුතා බූරුවගෙ පිටේ නග්ගලා තාත්තා පයින් යද්දි ඒකට බණිනවා, තාත්තා බූරුවගේ පිටේ නග්ගලා පුතා පයින් යද්දී ඒකට බණිනවා. බූරුවා වඩාගෙන ගියාම ඒකටත් බණිනවා! 'මැරෙන්ඩද අයිසේ කියන්නෙ' කියලා ඇහුවම ඒකටත් බණිනවා.
ආගම් දූෂණය තනි තරුව (Thani Tharuwa) ආගම්වල මූලික අභිමතාර්ථ ලෝකයා විසින් ග්‍රහණය කරගෙන තියෙන්නේ කොයි කොයි තැන්වලින්ද කියන එක උභතෝකෝටිකයක්. ඒක හින්දම ආගම් කියන්නේ අතිශය විවාදාත්මක මාතෘකාවලින් එකක්. ඒ හුඟක් විවාද ජය-පරාජයෙන් තොරයි.ඒකට එක හේතුවක් කිසිම ආගමක ශාස්තෘවරයාගේ දේශනාවේ සත්‍ය හරය ඒවායේ වර්තමාන නියෝජනය නොදන්නාකම වෙන්නත් පුළුවන්. අනෙක කාලයක් මුළුල්ලේ විවිධාකාර අඩුම කුඩුම එකතුවීම නිසා සිදුවන දූෂණය වෙන්නත් පුළුවන්. (ඔය ආගමික සහජීවනය වගේ අච්චාරු දැමිලිත් අනිවාර්යයෙන්ම ...
විමලේගේ බලවේගේ තනි තරුව (Thani Tharuwa) කැපවීමද වාසනාවද දක්ෂකමද කපටිකමද කියලා හරියටම කියන්න අමාරු වුණත් විමල් කියන්නේ හොඳ ජොකියෙක්. මේතාක් කාලයක් විමල්ගේ ගමන දිහා බැලුවම දිනන අස්සයා ගාණට අල්ලගන්න විමල්ට පුළුවන්වෙලා තියෙනවා.හැබැයි හැමදාම නත්තල් නෑ වගේ විමල්ටත් වැරදුණු තැන් තියෙනවා. මෙච්චර කල් දිනන අස්සයා කුරපාරෙන් හරි ඉව කරගත්ත ජොකියා චීන පත්තරේ බලලා තුණ්ඩු දාන්නයි වැඩි තණ්හාවයි වැරදි තේරීමුයි හින්දා තිබ්බ පොඩි පිළිගැනීමත් නැති කරගත්තා.අඩිතාලම ගත්තොත් විමල්, ...
දෙබිඩ්ඩෝ තනි තරුව (Thani Tharuwa) (නමට)නිරාගමික, සංස්කෘතික-අජීර්ණ, ඉතිහාස-විරෝධී, වෙන්න-රැඩිකල් ජීවීන් කොට්ඨාශයක් ශ්‍රී ලංකාවේ ඉන්නවනෙ. ඔවුන්ට අනුව, දේශපාලන මතවාදය මොකවුණත් විශේෂයෙන්ම මහ ජාතියක පැවැත්ම විශාල ප්‍රශ්නයක්. මහ ජාතියක් නැත්නම් ලංකාවේ ප්‍රශ්න මොකුත් නෑ!හැබැයි මේ "උගත්-බුද්ධිමත්" ජීවී කොට්ඨාසයට මග හැරිච්ච දෙයක් සාමාන්‍ය පාරිසරික තුලනය නැත්නම් equilibrium එක. හැම පරිසරයකම ජීවීන් කොට්ඨාස ගණනාවක් ඉන්නවා. උන්ගේ ප්‍රතිශතය අනුව තමයි තුලනය තීරණය වෙන්නෙ. එතකොට එක ජාතියක් වැඩිපුර ඉන්නවා කියලා උන්ව ...