ජාතියේ හෘද සාක්ෂිය – විකුණන්න කරන මහන්සිය Rathu Hithuwakkaraya ජ.වි.පෙ., හිතුවක්කාරයා රතුවෙන්න හේතුවුණු තැන. දුප්පත්කමට වෛර කරපු හදවතකට බුද්ධියේ උල්පත පාදපු තැන. කරුමය නොවෙයි හේතුව, සිස්ටම් එකේ අවුලයි හේතුව කියපු තැන. පෝසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නොවේ පිළිතුර, දුප්පත් – පෝසත් බේදය ඇතිකරපු ක්‍රමේ වෙනස් කරමුයි යෝජනා කරපු තැන. ඉතින් එහෙව් තැන එක්ක හිතුවක්කාරයාට ලොකු බැඳීමක් තියෙනවා. ඒත් දැන් අපායට ඉන්ටර්වල්. ඉස්කෝලේ කාලේ ඉන්ටර්වල් එකට සමුපකාර … Continue reading ජාතියේ හෘද ...
ජනවාරි 08 – සමාජවාදයට අත වනයි Rathu Hithuwakkaraya “ජනවාරි 08 – අන්න මචං පට්ට දවස. ඒකාධිපතිත්වය පරදවලා නිදහස දිනපු දවස.” ගොඩක් අය එහෙම කිව්වා. දැන් ටිකක් ඒ සද්දේ අඩුවුණාට මොකෝ “මගේ ජීවිත කාලේදි දැකපු එකම විප්ලවය” කියලත් චින්තන ධර්මදාස සත්හඬ පත්තරේට ලියලා තිබුණා . කලින් කිව්වා වගේම දැන් අපායට ඉන්ටර්වල් නේ. දැන් ඉතින් “පෙරළියට කරළිය හැදූ” රවීලා, “වෙනසට හඬ දුන්” සන්නස්ගලලා වගේම “මහින්ද සමග ජාතියේ … Continue reading ජනවාරි 08 ...
උඹ වෙනුවෙන් වෙනස් කරන්නට ලෝකයක් මට ඇත Rathu Hithuwakkaraya හිතුවක්කාර ජීවිතය 04 මෙතැනින් පහුගිය ඉරිදා දවස මං ගෙවුවේ නිට්ටඹුවේ “නව දිශාන්තය” නේවාසික කඳවුරේ. නව දිශාන්තය කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ආයතනයක්. මෙතනට මං ගියේ මගේ පොඩි අයියා බලන්න. ඔව් ! මගේ අයියා කුඩුකාරයෙක්…! බීල ඉන්න වෙලාවක මට කතාකරලා “කුඩුකාරයෙක්ට අයියා කියන්න ලැජ්ජ නම් උඹේ සහෝදර ලිස්ට් එකෙන් මාව අයින් කරපං.” කියලා බැන්නේ … Continue reading උඹ වෙනුවෙන් ...
සම්බන්දන්, සංගක්කාර සහ අපි Rathu Hithuwakkaraya පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන්ට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය. සම්බන්දන්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි රතු හිතුවක්කාරයා මීට දින කිහිපයකට පෙර යෝජනා කලේය. ඒ සටහනට මෙතැනින්. නව විපක්ෂ නායකවරයාට රතු හිතුවක්කාරයාගේ සුබ පැතුම්. සංගක්කාර සමුගැනීමේ අවස්ථාවේදී තම බිරිඳ සිපගත්තේය. ඒ මොහොත සටහන් වූ ඡායාරූපය මූණුපොත හා වෙනත් සමාජජාල හරහාත්, වෙබ් අඩවි හරහාත් පැතිර ගියේය. සංගක්කාර … Continue reading සම්බන්දන්, සංගක්කාර ...
ලිවිං ටුගෙදර් වගේද කසාදේ? Rathu Hithuwakkaraya දැන් මගුල අහවරය. ලිවිං ටුගෙදර් හිටපු දවස් සීය හමාරවුණු නිසා අගෝස්තු 17 දා අලි මනාලයාට ලංකා මනාලියගේ දෙමාපිය, නෑ සිය මිතුරු කැමැත්ත හෙවත් ඡන්දය ලැබුණේය. මනාලිය බලන්නට ආ අලි මනාලයා ලිවිං ටුගෙදර් හිටි දොහේ හිටන්ම කිව්වේ බුලත් කොල මනාලයා සමග වුව එකගෙයි කමින් ආරෝ නැතුව ඉන්නට කැමතියි කියාය. බුලත් කොල අතින් ගත් මෛත්‍රියෙන් පිරි මනාලයා ද … Continue reading ලිවිං ටුගෙදර් ...
කුමාව නොදන්නා අරා Rathu Hithuwakkaraya ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ යනු මේ රටේ යුක්තිය සාධාරණය උදෙසා පෙනී සිටින්නට ගොඩනැගුව පක්ෂයය. විජේවීර 1965 දී මේ ව්‍යාපාරය ගොඩනැගුවේ මේ රටේ සමාජවාදය හදන්නටය. ලාභ ලැබීමේ අරමුණ මූලික කරගත් ධනවාදය වෙනුවට සියලු ජනයාට සමානාත්මතාව සුරකින සමාජයක් හදන්නටය. එහෙව් අරමුණින් සැදූ පක්ෂයේ වර්තමාන නායකයා … Continue reading කුමාව නොදන්නා ...
වැඩියෙන්ම වැරදුණේ වමට කියලත් කතාව නතර වෙන්න පුළුවන් Rathu Hithuwakkaraya Originally posted on JANARALA:ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න විසින් සිය දෙවැනි කාව්‍ය සංග්‍රහය ලෙස ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ කෘතිය එළිදැක්වූ දින මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ යන තේමාවෙන් කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්ත සටහනකි මේ. වැරදීම් පිළිබඳ මිනිස් ඉරණමේ විවිධ පැති මානයන්ට අපේ ජීවිත ගොදුරු වෙමින් තිබෙන මොහොතක… ...
හිතුවක්කාරයා ගැන… Rathu Hithuwakkaraya හිතුවක්කාරයා උපන්නේ මීට අවුරුදු 25කට කලින්. ඒත් හිතුවක්කාරයා රතු වුණේ මීට අවුරුදු 6-7කට කලින්. ගොඩාක් අය කියන්නේ හිතුවක්කාරයා රතු වුණාට පස්සේ එයාට පේන්නේ රතු පාට විතරමයි කියලා. ඒත් හිතුවක්කාරයා හිතනවා එයාට දේවල් පේන්නේ ඒවල ඇත්තම පාටින් කියලා. හිතුවක්කාරයා දන්නවා එයා වගේ රතු පාට වෙච්ච අය ඉන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව බොහොම ටිකයි කියලා. … Continue reading හිතුවක්කාරයා ගැන… ...
හිතුවක්කාර ජීවිතය 03 – අාච්චිලා තරහ වෙලා… Rathu Hithuwakkaraya හිතුවක්කාර ජීවිතය 02 මෙතැනින්… පසුගිය සතිවල හිතුවක්කාරයා එක්ක යාළුවෙක් කිව්වා මෙහෙම, ‘‘මචං, මේ කතාවෙ කිසිම රතු ගතියක් නෑනේ. “ ඔව්, මං මුලින්ම කිව්වා වගේ හිතුවක්කාරයා රතු වෙන්නේ මීට අවුරුදු 6-7කට කලින්. (ඒ ගැන මෙතැනින්) ඉතිං මේ හිතුවක්කාරයා පුංචි අවධියේ එයාගේ සිතුවිලි, අත්දැකීම් සේරම මේ සමාජයේ සාමාන්‍ය ජන සංස්කෘතිය එක්ක බැඳිච්ච ඒවා. එහෙම සිතුවිලි ලෝකයක් වටා තමා … Continue reading හිතුවක්කාර ජීවිතය ...
සිරියාවද සිරිලංකාවද තවත් නම් වෙනසක් නැතී? Rathu Hithuwakkaraya සිරියානු දරුවෙකු වෙරලේ මියගොස් තියෙන එක පහුගිය දින කිහිපයේ මූණුපොත පුරාවට බොහෝ කතාබහට ලක්වුණා. බොහෝ අනුකම්පා සහගත වදන්, කවි ඒ වෙනුවෙන් ලියවුණා. ඔව්, දරුවෙක් මියයාම ඉතා සංවේදී කාරණයක්. එ්ත් මේ ප්රශ්නය සම්බන්ධයෙන් අපි සිරියාවද නැත්නම් වෙනත් තැනක්ද කියලා ගත්තොත් වෙන්නෙ අඳුරෙ අතපත ගාන එක විතරයි. සිරියාවෙ දරුවා ගැන කම්පා වෙන අපි උතුරෙ ලමයි යුද්ධෙන් මියයද්දි … Continue reading සිරියාවද සිරිලංකාවද ...
සුනඛාවලෝකනය වෙනුවට සිංහාවලෝකනය Rathu Hithuwakkaraya මොකක්ද මේ…? ඊට කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න. පාරේ ඉන්න බල්ලෙක් ළඟට ගලක් දාලා බලන්න. බල්ලා කරන්නේ ටක්ගාලා ගල අල්ලලා හපන එක. ඒත තමා සුනඛාවලෝකනය. නමුත් සිංහයෙක්ට ගලක් ගහලා බලන්න. සිංහයා කරන්නේ ගල ආපු තැන ගැන බලන එක. ඒක තමා සිංහාවලෝකනය. මේ කතාව කියන්න වුණේ මූණුපොත පුරා මේ දවස්වල පැතිරෙන නව විශේෂාංගයක් නිසා. පසුගිය දවසක ඇමරිකාව … Continue reading සුනඛාවලෝකනය වෙනුවට ...
හිතුවක්කාර ජීවිතය 04 – අක්කා ගැන මතක… Rathu Hithuwakkaraya හිතුවක්කාර ජීවිතය 03 මෙතැනින්… මොකද මේ…? මේ කතාව චරිත ගැන කියන්න වියදම් කරන්නේ…? ඔව්… මේ හිතුවක්කාර ජීවිතය ගොඩනැගෙන්නේ තවත් බොහෝමයක් චරිතවල එකතුවෙන්. පුංචි මතකයන් ගොඩකින් හැදිච්ච මේ ජීවිතය ඉදිරි කාලයක් පුරාවට රතු පැහැයෙන් හැඩවෙන්න ඒ හැම මතකයක්ම හේතුවක් වුණා. ඒ මතක ගොහොරුවේ තවත් සුපිපෙන්න බැරිවුණු නෙළුමක්… මගේ ලොකු අක්කා… ගාල්ල දිස්ත්‍රික්කයේ මීපාවල ගමේ බර්ලින් තාප්පයකින් වෙන්වුණු … Continue reading හිතුවක්කාර ජීවිතය ...
හිතුවක්කාර ජීවිතය 02 – අම්මා ගැන මතකය… Rathu Hithuwakkaraya හිතුවක්කාර ජීවිතය 01 මෙතැනින්… Painting by Sagarika Sen අතීත මතක ගුහාවක දසත සරනා අතරේ හැම අඳුරු මුල්ලකම සහන් එළියක්ව පෙනෙන්නේ ඔබේ රුව… හැම මතක දිය සීරාවක්ම අතරේ දියවී ගලන්නේ ඔබේ හඬ… පොළා පනින පද පේලි වළාවකම පාවි පාවී ඇදෙන්නේ ඔබේ රුව… නෙලා කඳුලු මල් සෝලි සලා වැටෙන පද දෝලි රිදුම්කවන්නේ ඔබේ මතකය… අම්මේ… මේ හිතුවක්කාර … Continue reading හිතුවක්කාර ජීවිතය ...
පුවත් වාර්තාකරණය හා මාධ්‍ය සදාචාරය Rathu Hithuwakkaraya මේ පෙනෙන්නේ 2015 අප්‍රේල් 30 මව්බිම දිනපතා පුවත්පතේ මුල්පිටුවේ ඡායාරූපය. නම්කරලා තියෙන්නේ හාමුදුරුවනේ කියලා. ඒ ආමන්ත්‍රණය සහිතව ඔබ මේ ඡායාරූපය දකිද්දි මොනවද හිතෙන්නේ. අනේ හාමුදුරුවනේ කියලා නේද? ඔව්! ඒ අපේක්ෂාව සහිතව තමා මේ නම්කිරීම ඔවුන් (පුවත්පත) කරන්නේ. ඡායාරූපයේ සිටින ස්වාමීන් වහන්සේට ජල ප්‍රහාරය එල්ලවීමේදී ලිහිල්වන සිවුර උන්වහන්සේ සකසාගැනීමේදී ගත් ඡායාරූපයක් මේ. නමුත් එය හාමුදුරුවනේ යනුවෙන් … Continue reading පුවත් වාර්තාකරණය ...
යුද්ධයෙන් වසර 06කට පසුත්… Rathu Hithuwakkaraya ඉහත තියෙන්නේ ෂ්‍යාමෙන් වෝල්කර් https://www.facebook.com/ sswalker86 චිත්‍ර ශිල්පිනියගේ මූණු පොතෙන් උපුටා ගනිපු චිත්‍රයක්. හිතුවක්කාරයා මූණුපොතේ සරද්දි මේ චිත්‍රය දැකලා කවියක් කමන්ට් කලා. රතැති තිලකය කනේ තෝඩුව සිහිකරන්නේ ඉසප්රියා… නම නොදන්නා දමිල නැගණිය දෑස් කඳුලට හරවනා… අඳුර මැද්දෙත් රතැති පාටින් කටු කම්බි මල් පිබිදෙනා… නැවුම් දිනකට සිනා නගපන් බිඳුණු මතකය හැරපියා… ටික වෙලාවක් … Continue reading යුද්ධයෙන් වසර ...
හිතුවක්කාර ජීවිතය 01 – අම්මාගේ ආදරය එක්ක… Rathu Hithuwakkaraya තවත් අම්මාවරුන්ගේ දිනයක් ඉකුත්ව ගොස් තිබේ. බොහෝ අය මූණුපොතේ අම්මා ගැන තමන්ගේ හැඟීම සටහන් කර තිබේ. අම්මා ගැන කතාකිරීම මැයි 10වනදාට විශේෂයක් කරගැනීම පිළිබද වරදකාරී හැඟීමක් දැනුණද හිතුවක්කාර ජීවිතය අම්මාගෙන්ම අරඹමි. ඒ ලෝකය තැනෙන්නේ හිරුගේ එළියෙන් හා මවගේ කිරෙන්ම බව ගෝර්කිට පමණක් නොව හිතුවක්කාර ජීවිතයකට වුව අදාල බැවිනි. ගොඩාක් අයට අම්මා … Continue reading හිතුවක්කාර ජීවිතය ...
හිතුවක්කාර ගීත කලාව (විරෝධාකල්ප ගීත) Rathu Hithuwakkaraya හිතුවක්කාරයා ගොඩාක් යාළුවෝ එක්ක වල බහින්න කැමතියි. එහෙම වුණේ මං හැදිච්ච පරිසරේ නිසා වෙන්න ඇති. ගාලු අහස යට හැදිච්ච මං ඒ අහස පුරාවට එහේ මෙහේ ඇවිද්දා. තේරුමක් ඇතුව වගේම නැතුවත්. ඒ ඇවිදින හැම තැනකදිම යාළුවො සෙට්වෙනවා, උන් එක්ක ඔහේ ඇවිදිනවා. චින්තක ගීතදේව එහෙම නැත්නම් “ගීතේ “ ඒ ගැන විකල්ප ගීතයක් කියනවා මෙහෙම. (මේක ගීතදේවගේම සින්දුවක්ද කියන්න … Continue reading හිතුවක්කාර ගීත ...
හිතුවක්කාරයාගෙන් කවිකාර මිතුරාට Rathu Hithuwakkaraya තාලෙකට ගැලපුණත් කවිපද හීනියට හිත ගීතවත් කර… මීවිතක් තොලගාන කොටනම් හරි රහයි මිතුරේ… ඒ වුණත් රළු තාර කැට මත අඩි තියා දුර ගව් ඇදෙන විට යකඩ බසයක නැගෙන දුම්කඳ මැදින් හිනැහී දෙඇස ඉඟිකළ පුර ළඳුන් ගැන නැගෙන කඳුලක් බුලත් හපයක කෙළ පිඬක් මත තබා කවියක් ඔතා ඒ වට මට දියන් මිතුරේ…Filed under: හිතුවක්කාර කවි, Home ...