සුනඛාවලෝකනය වෙනුවට සිංහාවලෝකනය

Post Images Work File - Profile

මොකක්ද මේ…?

ඊට කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න.
පාරේ ඉන්න බල්ලෙක් ළඟට ගලක් දාලා බලන්න. බල්ලා කරන්නේ ටක්ගාලා ගල අල්ලලා හපන එක. ඒත තමා සුනඛාවලෝකනය. නමුත් සිංහයෙක්ට ගලක් ගහලා බලන්න. සිංහයා කරන්නේ ගල ආපු තැන ගැන බලන එක. ඒක තමා සිංහාවලෝකනය.

මේ කතාව කියන්න වුණේ මූණුපොත පුරා මේ දවස්වල පැතිරෙන නව විශේෂාංගයක් නිසා. පසුගිය දවසක ඇමරිකාව තුළ සමරිසි විවාහ, එහෙම නැත්නම් සමලිංගික විවාහ නීතිගත කිරීමට අදාලව අධිකරණ නියෝගයක් ලැබුණා. එයින් පසුව මූණුපොත තුළ නව විශේෂාංගයක් හඳුන්වාදෙනු ලැබුණා celebratepride නමින්. මේ හරහා සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අයට තමන්ගේ පැතිකඩ ඡායාරූපය (Profile Picture) දේදුනු වර්ණයෙන් හැඩගන්වාගෙන ඒ අයිතියට එකඟත්වය ප්‍රකාශ කරන්න පුළුවන්.

ලෝකය තුළ නිර්මාණය වී තිබෙන ස්වභාවිකත්වය තමා විෂම ලිංගික ආකර්ශනය. එහෙම නැත්නම් ස්ත්‍රී – පුරුෂ සම්බන්ධතා. මානව වර්ගයාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වර්ගයා බිහිකිරීම (ප්‍රජනන ක්‍රියාවලිය) සඳහා මිනිස් සිරුර උත්තේජනය කරන්නට එකිනෙකා ආකර්ශනය වීම තමයි විෂම ලිංගිකත්වය.

නමුත් ලෝකය තුළ යම් ප්‍රවණතාවක් ලෙස විරුද්ධ ලිංගිකයන් වෙනුවට සම – ලිංගිකයන් කරා ආකර්ෂණය වීමක් තිබෙනවා. යුද්ධ හෝ වෙනත් තත්ත්ව යටතේ එක් ලිංගයකට අයත් පිරිසක් පමණක් කලක් එකට සිටිනවිට තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට විවිධ ක්‍රම භාවිතය පසුකාලීනව ප්‍රවණතාවක් ලෙස පැතිර ගියා වන්නත් පුළුවන්. කොහොම නමුත් ප්‍රජනන ක්‍රියාවලියක් සිදුනොවන නිසා සමලිංගිකත්වය විකෘතියක් ලෙසයි සැලකෙන්නේ. (ප්‍රකෘතිය එහෙම නැත්නම් ස්වාභාවිකත්වයට එරෙහි නිසා)

මූණුපොත හරහා හඳුන්වා දුන්නු celebrate pride විශේෂාංගයට අනුව හිතුවක්කාරයා තමන්ගේ පැතිකඩ ඡායාරූපයත් දේදුනු වර්ණ ගන්වන්නේ සමරිසි පුද්ගලයන් සමාජයේ කොන්කිරීම හා ඔවුන්ට මිනිසුන් සේ නොසැළකීමට විරුද්ධව. ධනවාදය විසින් අපිට උරුම කරදුන්න අඳුරු ජීවිත පැතිකඩවලින් තවත් එකක් වෙච්ච නරුමකම කරපින්නාගත් මිනිසුන් පැතිකඩ ඡායාරූපය දේදුනු වර්ණ ගැන්වූ පමණින් සමලිංගිකයන් සේ තමන්ගේ මිතුරු ගොනුවේ මිතුරන්ට පරිභව කරනවා දැක්ක නිසයි හිතුවක්කාරයා ඉහත ඡායාරූපය නිර්මාණය කළේ. ජාතිවාදයට විරුද්ධ වෙද්දි ‘‘තෝ තම්බියෙකුට ජාතක වෙලාද“ කියලා අහන සමාජයම තමයි මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒත් කවුරු මොනවා කිව්වත් තර්කානුකූලව හරියයි පෙනෙන දේ වෙනුවෙන් පෙනී ඉන්න අපි බය වෙන්න ඕන නෑ. නමුත් මේකෙන් පෙන්නුම් කරන්නේ අපේ සමාජ තත්ත්වය. මොකද සමරිසි හෝ වේවා නිර්ජාතිවාදී හෝ වේවා එවැනි දේ වෙනුවෙන් පෙනීසිටිනවුන් පවා හෙළා දකින්න අපේ ආසියාතික වැඩවසම් චින්තනය අපිව පොළඹවන නිසා.

සමරිසි පුද්ගලයනුත් මේ සමාජයේ කොටසක්. සමරිසිකාමීත්වය ඔවුන්ගේ පුද්ගලිකත්වයක්. නමුත් ඒ තත්ත්වයට හේතුවන්නේ සමාජය. ලිංගිකත්වය නිදන ඇඳට පමණක් සීමාකෙරුණු, රහසිගත මාතෘකාවක් කෙරුණු වැඩවසම් චින්තනය තමා ළඟාකරගන්න බැරි විරුද්ධ ලිංගිකත්වය වෙනුවට පහසුවෙන් ලබාගන්න පුළුවන් සමලිංගිකත්වය කරා ඇදෙන්න ඔවුන්ට බලකරන්නේ. පියා තමන්ගේ දුව දූෂණය කරන තැනට ලිංගික පීඩනය උත්සන්න වන්නේත් මේ සමාජයීය තත්ත්වයන් නිසාම තමයි.

එතකොට තවත් දෙයක් කියන්න තියෙනවා. celebrate pride ගැන. මූණුපොත වගේ මූල්‍ය උත්පාදක සමාජ ජාලයන් සමරිසි අයිතිවාසිකම් ලැබීමේ සතුටට හඳුන්වා දුන්නු විශේෂාංගයක් නොවේ මේක. කාල් මාක්ස් කියලා තියෙනවනේ සියල්ල ධනවාදයේ ගොදුරු බවට පත්වෙනවා කියලා. ඉතින් සමරිසි අයිතිවාසිකම් ලැබීමත් මූණුපොත තමන්ගේ ධනෝපායන මාර්ගයක් බවට පත්කරගැනීමක් තමයි මේ. මූණුපොත කියන්නේම එවැන්නක්නේ. අපි දාන හැම ලයික් එකක්ම, කරන හැම ශෙයාර් එකක්ම සකර්බර්ග්ගේ සාක්කුවට සල්ලි වෙලානේ වැටෙන්නේ. මිනිස් අයිතිවාසිකම් ගැන පෙනීහිටියා වුණත් ඒ ගැන දැනුවත්කමත් සහිතව ඉන්න කියලා තමා හිතුවක්කාරයා ඔයාලට යෝජනා කරන්නේ.

ඉතින් ඔබත් සුනඛාවලෝකනය වෙනුවට සිංහාවලෝකනයෙන් යුක්ත අයෙක් නේද?

4 Comments Add yours

  1. බ්ලොග් එක පිලිවලක් කරන්න , කියවන්නා වෙහෙසට පත්කරන අපිලිවෙල ගතියක් තියනවා

    Like

    1. ඔව්. අපිලිවෙල ගතිය මටත් දැනුනා. ඒත් ඔබට කියවන්න අපහසුයි කියලා දැනෙන්නේ බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් 1 නිසාද? රතු පාට වැඩි නිසා. එහෙම නැත්නම් ලිපියේ අතරින් පතර කලර් කරපු නිසාද.?

      Like

  2. මා සිතන්නේ අපි අකමැති දෙයකට අපි ආවැඩිම තේරුමක් නෑ..මම සමරිසි නැමුරුවට තරමක් විරුද්ධයි.. එය සමාජයේ අනවශ්‍ය ගැටළු ඇති කරාවි. ඒ නිසා මම නම් ඒ අයට තලා පෙලා හිරිහැර කරන්න නොගියත් එයාලව ප්‍රෙමා්ට් කරන වැඩවල නිරත වන්නේ නෑ..

    Like

    1. ඔබේ අදහස යම්තාක් දුරට හරි. නමුත් සමරිසි නැඹුරුව ඇතිවෙන්නේ මේ සමාජයේම දුර්වලතා නිසා.

      Like

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.