හිතුවක්කාර ගීත කලාව (විරෝධාකල්ප ගීත)

july-2009-s-hottest-rap-hiphop-r-b-music-videos-9f15

හිතුවක්කාරයා ගොඩාක් යාළුවෝ එක්ක වල බහින්න කැමතියි. එහෙම වුණේ මං හැදිච්ච පරිසරේ නිසා වෙන්න ඇති. ගාලු අහස යට හැදිච්ච මං ඒ අහස පුරාවට එහේ මෙහේ ඇවිද්දා. තේරුමක් ඇතුව වගේම නැතුවත්. ඒ ඇවිදින හැම තැනකදිම යාළුවො සෙට්වෙනවා, උන් එක්ක ඔහේ ඇවිදිනවා.

චින්තක ගීතදේව එහෙම නැත්නම් “ගීතේ “ ඒ ගැන විකල්ප ගීතයක් කියනවා මෙහෙම. (මේක ගීතදේවගේම සින්දුවක්ද කියන්න මං දන්නේ නෑ. මං හිතන්නේ මේක “WANTED”ලගෙ වෙන්න ඕන.)

දවසක් මං පාරදිගේ
ඔහේ ඇවිදගෙන ගියා…
වෙන කරන්න දෙයක් නැතිහින්දා
ඔහේ ඇවිදගෙන ගියා…

මහ රජාණෝ පාරෙ වඩිනකොට
එකත්පසව ඉන්න වුණා…
සැක හිතිච්ච තව කෙනෙකුව
තාප්පෙකට හේත්තු කලා…

මහ දවාලේ පාර මැද්දේ
කෙනෙකුට වෙඩි තියලා ගියා…
පත්තරේට ලිපියක් ලියලලු
කවුදෝ කියනවා ඇහුණා…

වැල්ලවත්තේ කුණු කාණුවේ
පිච්ච මලක් පාවෙලා ගියා…
ටීවී කඩේ ළග පොරකන කට්ටිය
මැච් එක බලනවා දැක්කා…

මගෙ යටිපතුල් රිදෙනකං
ලේ ගලලා ඉදිමෙනකං…
මං ඇවිදගෙන ගියා…
ඔහේ ඇවිදගෙන ගියා…
මං ඇවිදගෙන ගියා…
ඔහේ ඇවිදගෙන ගියා…

මේ කියන්නේ අපේ පසුගිය සමාජ කතිකාව… කලාකරුවොන්ට කට ඇරලා කියාගන්න බැරිවුණ ඇත්ත කතාව… විකල්ප ගීත එහෙම නැත්නම් විරෝධාකල්ප ගීත කලාව බිහිවෙන්නේ මෙන්න මේ හැමෝම කියාගන්න බැරිව ලතවෙන කතාව ගයන්න නෙවෙයි කෑගහලා කියන්න. එහෙම හැමෝම වෙනුවෙන් කෑගහන්න වුණු නිසා තමා ගීතේලගෙ උගුරු බැරෑඞි වෙලා තියෙන්නේ. විරෝධාකල්ප ගීත බොහෝවිට ගැයෙන්නේ සීමාසහිත තැන්වල. ඒ කියන්නේ සමුපකාරවල එහෙම නෙවෙයි. බොහෝවිට මේ ක්‍රමයේ අඩුපාඩු, දුර්වලතා විරෝධාකල්ප ගීතවලට ප්‍රස්තුත වුණු නිසා ක්‍රමවිරෝධී කණ්ඩායම් අතර තමා මේ ගීත පැතිරෙන්නේ. ගීතදේව ඔහුගේ ප්‍රසංගවලදි කියන විදියට රැප් සංගීතය බිහිවෙන්නේ විරෝධාකල්ප ගීත විදිහට. අමෙරිකානු කළු ජාතිකයන්ට සුදු ජාතික සමාජයෙන් එල්ලවුණු පීඩනය, වර්ගවාදී නොසලකාහැරීම්, අඩන්තේට්ටම් පිළිබද කළු ජාතිකයන්ගේ විරෝධය ඔවුන් රැප් සංගීතය හරහා සමාජයට එල්ල කරනවා. කොහොම වුණත් බොහෝ ක්‍රම විරෝධී ක්‍රියාමාර්ගවලට වෙනවා වගේම මේ රැප් සංගීතයත් ධනවාදයටම උරාගෙන සාමාන්‍යකරණය වෙනවා.

ගාලු අහස යට හැන්දෑවක මුහුද දිහා බලාගෙන ලක්ෂානුත් එක්ක බොංගෝ එක ගගහ ‘දවසක් මං පාරදිගේ‘,  ‘හැන්දෑව‘ වගේ සිංදු පැය ගණන් කියපු හැටි, මැයි දිනේකට – පිකට් එකකට යද්දි බස් එකේ මේ සිංදු කෑගහලා කියපු හැටි හිතුවක්කාරයට මතක් වෙනවා. කොහොම වුණත් මේ විරෝධාකල්ප ගීත ලංකාව ඇතුලේ සමාජ ව්‍යාපාරයන් මීට වඩා භාවිත කළයුතු බව තමා හිතුවක්කාරයගේ අදහස. මොකද මේ ‘සිස්ටම් එකේ අවුල‘ (සැර වැඩිද මන්දා. කමක් නෑ එක්කෝ, විරෝධාකල්ප ගීත ගැන සැර වචනවලින් නැතුව කොහොම කියන්නද නේද?) මිනිස්සුන්ට කියන්න අලුත් ක්‍රම තෝරන්නේ නැති සමාජ ව්‍යාපාරයක් එක තැන පල්වෙනවා ඇර වෙන මොනවා කරන්නද?

5 Comments Add yours

  1. මේ බ්ලොග් එක “බ්ලොග් එකතුවකට” (උදාඃ ලාංකිය සිතුවිලි, කොත්තු, අඹ ගහ යට, තවත් බොහෝ ඇත) එක් කර ගන්න.

    Like

    1. එවැනි වෙනත් “බ්ලොග් එකතු” දෙකකට ඔබ එක්වී ඇති බව පසුව දැක්කා.

      තවත් හොඳ සින්ඩියක් – මාතලන්ගේ සින්ඩිය

      Like

      1. ඔව්. මාතලන්ගේ එකටත් එකතු වෙන්න ඕන.

        Like

    2. ලාංකීය සිතුවිලිවල අවුලක්. සති දෙකක් විතර යයිලු හදන්න.

      Like

  2. ලක්මාල් ගමගේ ගාල්ල says:

    මේ ක හොදයි රටටමල

    Liked by 1 person

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.