පොල්තෙල් වලින් සපත්තු පොලිෂ් කරමුද? පිවිතුරු සිතුවිලි මම හිතුව අද ඔයාගෙ ආර්ථිකයට වාසිදායක වෙන දෙයක් ඉදිරිපත් කරන්න.දැන් ඉතින් ගොඩක් අය කෘතීම සපත්තු පොලිෂ් වර්ග භාවිතයට හුරු වෙලා.ඒත් වෙනසකටත් එක්ක මේ දේ කරල බලන්න. මේකට ඕන කරන්නෙ පොල්තෙල් ස්වල්පයකුයි දෙහි යුෂ ස්වල්පයකුයි විතරයි.පෙල්තෙල් වලට දෙහි දාලා හැන්දකින් හොදින් කලවම් කරල දවසක් විතර තියල පාවිච්චියට ගන්න. ඉස්සෙල්ලම සපත්තුවෙ දූවිලි හොදට පිහදල තුනී රෙදි කෑල්ලකට පොල්තෙල් පොගවල ඇලිල්ලෙන් කරකවමින් පිරිමදින්න.කරලම ...
කොලර් එකේ බැදෙන කුණු ඉවත් කිරීමේ පහසු ක්‍රම….. පිවිතුරු සිතුවිලි ගොඩක් වේලාවට සුදු ඇදුම්වල එහෙම කොලර් එකේ බැදෙන කුණු යවන්න ගොඩක් අමාරුයි.ඔයාලටත් ඒ අත්දැකීම ඇති කියල මම හිතනවා.ගොඩක් අය ලොකු බුරුසු වලින් එහෙම අතුල්ලලා ඇදුම් සවුත්තු කරගෙනත් ඇති.නමුත් ඇදුමට හානියක් නොවී කුණු ඉවත් කරන එක තමයි වැදගත්.විශේෂයෙන් පාසල් යන අයට මේ පෝස්ට් එක වැදගත් වෙයි.මම නම් මේ ක්‍රමය අත්හදා බැලුවෙ සුදු කමීසයකට.පාට ඇදුම්වලට කොහොමද කි්යන්න නම් දන්නෙ නෑ. ඉස්සෙල්ලම කරන්න ...
සබන් දැමීමට පොල් කටුවක් භාවිතා කිරීමේ වැදගත්කම. පිවිතුරු සිතුවිලි .සමහර විට හිනා යනවත් ඇති මම මේ කියන කතාවට.නමුත් මම මේක දකින්නෙ යුගයේ අවශ්‍යතාවයක් හැටියට.මොකද අද වෙනකොට කෘතීම දේවල් භාවිතය වැඩිවෙලා තියෙනවා.ඒවයි ඵල විපාකත් බොහෝමයි.ඒ් නිසා මම හිතුවා මෙවැනි දේවල් කරලියට ගේන්න. වර්තමානයේ ගොඩක් අය සබන් දාන්නෙ ප්ලාස්ටික් පෙට්ටි වල අපි මුලින්ම බලමු සබන් පෙට්ටියෙ වාසි අවාසි. වාසි අලංකාරයක් තිබීම වෙලදපලේ පහසුවෙන් ලබාගත හැකි වීම. අවාසි ...
මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු පිවිතුරු සිතුවිලි සමහරවිට දැන් ඔයාගෙ කම්පියුටර් එක ගෙනාපු දවස්වල තරම් ස්පීඩ් නැතුව ඇති.එතකොට ඉතින් එපා වෙන එක අහන්නත් දෙයක්ද.නමුත් අපිට විවිධ ක්‍රම භාවිතා කරල නැවත වේගවත් කරගන්න පුළුවන්.වාහනයක් වුනත් නිතර නඩත්තු කරනවනම් තමයි හොදට වැඩකරන්නෙ.ඉතින් ඒ නිසා සතියකට සැරයක්වත් දවසක් වෙන් කරගන්න පරිගණකය නඩත්කු කරන්න. හිතන්න ඔයාගෙ මේසෙ උඩ කාලයක් තිස්සෙ ඉදන් එක එක දේවල් එකතු වෙලා මේසෙ පිරිල තියෙන්නෙ කියලා.එතකොට ඔයාට ...
දුරකථන බිල හරි අඩකින් අඩු කිරීමේ මග පිවිතුරු සිතුවිලි අද වෙනකොට ෆෝන් එක අපිට නැතුවම බැරි දෙයක් වෙලා.ඒ නිසා මාසෙකට සැලකිය යුතු මුදලක් දුරකථන ගාස්තු සදහා වැය වෙනවා.ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙක් වේවා පසුගෙවුම පාරිභෝගිකයෙක් වේවා දුරකථන බිල අඩු කරන කරන්නෙ මෙහෙමයි. අපි මුලින්ම දැනලන්න ඕන දේ තමයි දුරකථනය තියෙන්නෙ අවශ්‍ය දේ කතාකරන්න විතරයි.සමහර විට ඔබ පැය ගනන් දුරකථනයෙන් කතා කරනවා ඇති අනවශ්‍ය දේවල්.ඒ නිසා මුලින්ම ඇතිකරගන්න ඕන පුරුද්ද තමයි අවශ්‍ය ...
ඔබ සිටිය යුතුම facebook සමූහ 7ක්. පිවිතුරු සිතුවිලි අද වෙනකොට ඉන්ටර්නෙට් යන ගොඩක් අය අනිවාරෙන් ෆේස්බුක් භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.ඇත්තටම එය හොද ප්රමණතාවක්.මොකද සමාජජාල වලින්ෙ තොරව අන්තරජාලයේ සැරිසැරීම යම් කිසි හුදෙකලාවීමක්. ඉතිං මම අද හිතුවා හැමෝටම වැදගත්වෙන ෆේස්බුක් සමූහ ටිකක් ගැන ඔයාලට කියන්න.මෙම සමූහ තුල ඉතා හොද කළමණාකාරීත්වයක් පවතින නිසා අද වෙන තුරු ඉතා හොදින් පවත්වාගෙන යනවා.ඒ නිසා මෙම සමූහ තුල ඉතා හොද විනයක් පවත්වාගන්න.මොකද ගොඩක් ඒවා ...
සබන් කුඩු භාවිතය අවම කරමුද? පිවිතුරු සිතුවිලි අද වෙනකොට බොහෝ අය සබන් කුඩු නිතරම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.මං හිතන්නෙ පහසුව නිසා වෙන්න ඇති.නමුත් මෙය නිතරම ඇදුම් වලට භාවිතා කරන එක අහිතකරයි කියන එක තමයි මගේ අදහස.මමත් කාලයක් නිතර සබන් කුඩු භාවිතා කරා රෙදි හෝදන්න එහෙම.ඒ ලැබිච්ච අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. 1.කුණු යනවා කිව්වට කුණු යන්නෙම නෑ……. කොච්චර වෙළද දැන්වීම්වල කිව්වත් මගේ අත්දැකීමෙ හැටියට ඇදුම්වල ...
ඔබ බ්ලොග් ලියන්නෙක්ද?එහෙනම් පොඩ්ඩකට මේ පැත්තට ඇවිත් යන්න. පිවිතුරු සිතුවිලි මම මේ බ්ලෝග් එක පටන් අරන් වැඩි කාලයක් නෑ.ඒ නිසා බ්ලොග් අවකාශයට මම තාම අලුත්.නමුත් ගොඩක් බ්ලොග් අඩවි මම මේ දවස් ටිකට දැක්කා.ඒවා බලනකොට මට තේරුනා මම බ්ලොග් අවකාශයේ යම් මට්ටමකට හුදෙකලා වෙලා කියලා.ඒ නිසා මම හිතුවා බ්ලොග් අවකාශයේ ඉන්න ඔයාලා වගෙ අය හදුනගන්න..ඉතින් ඔයට කරන්න තියෙන්නෙ මෙච්චරයි.ඔයාගෙ නමයි,බ්ලොග් අඩවියෙ ලිපිනයයි කමෙන්ට් කරන්න.එහෙම අමාරුනම් අපේ ෆේස්බුක් පේජ් එක හරහා මට ...
කම්පියුටරයේ power cable එක එහි adapter එකට හොදින් සවිවීමේ වැදගත්කම. පිවිතුරු සිතුවිලි ආයුබෝවන් හැමෝටම! කොහොමද ඉතින් සෑහෙන කාලෙකින් මේ පැත්තතෙ එන්න බැරි වුනා…මාර වැඩේනෙ වුනේ දවසක් මං මැෂින් එකේ වැඩ කරකර ඉන්නකොට රබර් පිච්චෙනවා වගේ ගදක් අවා.ඒත් ඒක එන්නෙ කොහෙන්ද කියලා මට හොයාගන්න බැරිවුනා.මම හිතුවා කොහේ හරි ටයර් එකක් පිච්චෙනවා ඇති කියලා.මම කර කර හිටපු වැඩේ ඉවර කරලා මැෂින් එක ඕෆ් කරලා දැන්මා.දවස් 2ක් විතර ගියා.ඒ දවස් 2ත් සැරෙන් සැරේ ඔය ගද ...
Data ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. පිවිතුරු සිතුවිලි ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ඩ්ටො අනවශ්‍ය විදිහට වැයවන එක.මටත් ඒ ප්‍රශ්නෙ තිබුණා.කාඩ් දානව ඉවරයක් නෑ.මම විවිධ ක්‍රම අත්හදා බැලුම.ඒ අත්හදා බලපු ක්‍රම වලින් සාර්ථක වෙච්ච ක්‍රම කිහිපයක් මම බෙදාගන්න හිතුව. ඉස්සෙල්ලම ඔපෙරා වෙබ් බ්ව්සර් එක දාගෙන ඉන්න.ඒකෙ තියෙනවා ඔපෙරා ටර්බෝ කියල පහසුකමක්.ඒකෙන් ඩේඩා ඉතුරු වෙනව වගේම වේගයත් වැඩි වෙනවා.ඒකෙන් වෙබ් පිටුවල අනවශ්‍ය බර අඩු කරනවා. අන්තර්ජාලයෙ සැරිසරද්දි අපිට කරදරයක් ...
සබන් නිශ්පාදනය ගැන දැනගනිමු. පිවිතුරු සිතුවිලි අපි ඉපදුන දවසෙ ඉදන් කොච්චර සබන් පාවිච්චි කරල ඇත්ද?එ් නිසාම මට හිතුනා සබන් ගැන තොරතුරු හොයන්න.ඉතිං මං මගේ පලමු ලිපියෙන්ම ඒ හොයාගත්ත තොරතුරු ඔයාල එක්ක බෙදාගන්න හිතුවා. කාර්මිකව සබන් නිශ්පාදනය කිරීම පියවර 4කින් සිදු වෙනවා. 1.සැපොනීකරණය සැපොනීකරණය කියන්නෙ සබන් නිශ්පාදනය වන ප්‍රතික්‍රියාව.මෙහිදී ශාක තෙල් හෝ සත්ත්ව මේද සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සමග මිශ්‍රකර රත් කිරීමකට ලක්කරයි.මෙම ප්‍රතික්‍රියාව මගින් සබන් සහ අතුරුඵලයක් ලෙස ග්ලිසරීන් ...