මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු

සමහරවිට දැන් ඔයාගෙ කම්පියුටර් එක ගෙනාපු දවස්වල තරම් ස්පීඩ් නැතුව ඇති.එතකොට ඉතින් එපා වෙන එක අහන්නත් දෙයක්ද.නමුත් අපිට විවිධ ක්‍රම භාවිතා කරල නැවත වේගවත් කරගන්න පුළුවන්.වාහනයක් වුනත් නිතර නඩත්තු කරනවනම් තමයි හොදට වැඩකරන්නෙ.ඉතින් ඒ නිසා සතියකට සැරයක්වත් දවසක් වෙන් කරගන්න පරිගණකය නඩත්කු කරන්න.

හිතන්න ඔයාගෙ මේසෙ උඩ කාලයක් තිස්සෙ ඉදන් එක එක දේවල් එකතු වෙලා මේසෙ පිරිල තියෙන්නෙ කියලා.එත‍කොට ඔයාට මේසෙ උඩ කිසිම වැඩක් පහසුවෙන් කරන්න බෑ නේද.හිතන්න ඔයා මේසෙ උඩ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරල අවශ්‍ය දේවල් පිලිවෙලකට තැන්පත් කරනවා කියලා.එකකොට ඔයාට මේසෙ ගොඩක් ඉඩතියෙනවා නේද?ඉක්මනින් වැඩ කරන්නත් පුළුවන්.හිතටත් සතුටුයි.මෙන්න මේ කාරනේ පරිගණකයටත් පොදුයි…

පරිගණකයෙත් කාලයක් වැඩකරනකොට විවිධ අනවශ්‍ය ෆයිල්ස් ගොඩගැහෙනවා.ඒ දේවල් බලපානවා පරිගණකයේ වේගයට.මේ විදිහට එකතුවෙන දේවල් ඉවත් කරන්න මෙහෙයුම් පද්ධතිය මගින් විවිධ පහසුකම් ලබාදීලා තියෙනවා.නමුත් ඊට වඩා පහසුවෙන් මේ දේ කරගන්න පුලුවන්  මෘදුකාංග තියෙනවා.පහතින් තියෙන්නෙ එවැනි ප්‍රභල මෘදුකාංග කිහිපයක්.

මින් එකක් තොරාගෙන ඔබේ පරිගණකය පිරිසිදු කරගන්න.ඒ වගේම පරිගණකයේ වේගවත් කරන ගොඩක් ‍පහසුකම් මේවයි තියෙනවා.මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක ගොඩක් වාසියි.එකම තැනින් ගොඩක් දේවල් කරගන්න ඇහැකි.

පරිගණකය මන්දගාමී වෙන්න තව හේතුවක් තමයි අධික ලෙස මෘදුකාංග ස්ථාපනය කර තිබීම.ගොඩක් අය තමන්ට අනවශ්‍ය මෘදුකාංග පවා ස්ථාපනය කරනවා.ඒ නිසා තමන්ට වැඩක් නැති මෘදුකාංග දාලා තියෙනම් දැන්ම ඉවත් කරන්න.

සමහර වයිරස් ගාඩ් වල ක්‍රියාකාරීත්වය නිසාද පරිගණකය මන්දගාමී වෙනවා.ඒ නිසා පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවනම් හරි එහෙම නැත්නම් පෙන් එකක් සීඩී එකක් දාපු වෙලාවක් ඇරෙන්න අනිත් වෙලාවල් වලදි වයිරස් ගාඩ් එක ක්‍රියා විරහිත කරල තියන්න.

මෙහෙයුම් පද්ධතිය නිතර යවත්කාලින කිරීමෙනුත් වේගවත් බව ඇතිකරගන්න පුළුවන්.නමුත් බොහෝ අය ව්‍යාජ පිටපත් භාවිතා කරන නිසා ඒ අයට ටිකක් අවදානම්.

මම ඔයාට කිව්වෙ පොදු කරුණු පමණයි.විවිධ මෙහෙයුම් පද්ධතිවල තියෙන පහසුකම් ගැන කියන්න මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ.

තව ප්‍රධාන හේතුවක් තියෙනවා පරිගණකය මන්දගාමී වෙන්ක.ඒ තමයි මැල්වෙයා එහෙම නැත්නම් අනිෂ්ථ මෘදුකාංග පරිගණකයේ තිබීම.ගොඩක් අය දන්නෙ වෛරස් ගැන විතරයි.වෛරස් කියනනෙත් මැල්වෙයා වලටම අයිතිවන දෙයක්.පරිගණකයන් වැඩ කිරීමට බැරි තැනටම මන්දගාමී කරන්න මෙයාලට පුළුවන්.මේව ඉවත් කරන එක එතරම් පහසු කටයුත්තක් නම් නෙවෙයි.මම භාවිතා කරන්නෙ Malwarebytes  කියන වැඩසටහන.එය ඉතා හොද තත්වයේ සේවාවක් ලබා දෙනවා.මගේ පරිගණකය නැවත වේගවත් කරන්න මෙම මෘදුකාංගය උදව් වුනා.

ඉතින් මම හිතනවා ඔයාට මේ ලිපිය ගොඩක් වැදගන් වෙන්න ඇති කියලා.තවත් මෙවැනි ලිපි බලාපොරොත්තු වීමට අපගේ ෆේස්බුක් පිටුව හා එක්වන්න.

6 thoughts on “මන්දගාමී වූ පරිගණකය නැවත වේගවත් කරමු

  1. ගොඩක් හොද පෝස්ට් එකක් යාලුවා..ඔයා කිව්ව හරි මේ Software තුන ගොඩක් ප්‍රයෝජනවත්.එත් ඔව මිලදී ගන්න සල්ලි නැනේ.

    මෙන්න Advance System Care 8.1 Ultimate ජිවිත කාලයටම නොමිලේ අරගන්න පුලුවන් තැනක්…

    http://teachshare.info/advance-system-care-8-1-ultimate-free/

    කැමතියි

  2. නොමිලේ ලබාදෙන්නෙ සීමිත කලයකට පමනයි යලුවා…ඒ වගේම සියලුම පහසුකම් ලබාගන්න බෑ…
    මෙතනින් බලන්න නොමිලේ දෙන සංස්කරණයට ලැබෙන පහසුකම් IOBit Official Site>>> http://www.iobit.com/en/advancedsystemcarepro.php

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න