පොල් කටුවක් සබන් පෙට්ටියක් ලෙස භාවිතා කර ඇති ආකාරය

සබන් දැමීමට පොල් කටුවක් භාවිතා කිරීමේ වැදගත්කම.

.සමහර විට හිනා යනවත් ඇති මම මේ කියන කතාවට.නමුත් මම මේක දකින්නෙ යුගයේ අවශ්‍යතාවයක් හැටියට.මොකද අද වෙනකොට කෘතීම දේවල් භාවිතය වැඩිවෙලා තියෙනවා.ඒවයි ඵල විපාකත් බොහෝමයි.ඒ් නිසා මම හිතුවා මෙවැනි දේවල් කරලියට ගේන්න.

වර්තමානයේ ගොඩක් අය සබන් දාන්නෙ ප්ලාස්ටික් පෙට්ටි වල අපි මුලින්ම බලමු සබන් පෙට්ටියෙ වාසි අවාසි.

වාසි

  •      අලංකාරයක් තිබීම
  •      වෙලදපලේ පහසුවෙන් ලබාගත හැකි වීම.

අවාසි

  • කල් පැවැත්ම අඩුයි
  • පරිසරයට අහිතකරයි.(ප්ලිස්ටික් නිසා)

හිතන්න ලංකාවෙම තියෙන සබන් පෙට්ටි කැඩුනහම පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය කොච්චර නම් කියලද.ඒවයින් පරිසරයට වෙන හානිය කොච්චරද?ඔබ මොහොතකටවත් ඒ ගැන සිතුවාද??

දැන් ඒ ගැන සිතන්නට කාලයයි……….

හොදයි දැන් අපේ මාතෘකාවට එමු.අපි පොල් කටුවෙත් වාසි අවාසි බලමු.

වාසි.

  • නොමිලේම ලබාගත හැකි වීම(කුස්සියෙන් අයින් කරන නිසා)
  • පරිසර හිතකාමී වීම
  • දිගු කලක් භාවිතා කළ හැකිවීම

අවාසි

  • පොෂ් පෙනුමක් නොමැති වීම.
පොල් කටුවක් සබන් පෙට්ටියක් ලෙස භාවිතා කර ඇති ආකාරය
පොල් කටුවක් සබන් පෙට්ටියක් ලෙස භාවිතා කර ඇති ආකාරය

මේකට ගන්න ඕන අර ඇස් තුන තියෙන පැත්තෙ කටුව..එතනින් සිදුර විදින එක ලේසියි.සිදුර ලොකු නිසා ඉක්මනට සබන් කැටේ වේලෙනවත් එක්ක.අනිත් එක බලන්න දැන් සබන් පෙට්ටියක් කීයක් වෙනවද?මං නං දන්නෙ නෑ මොකද මම දැන් ගොඩ කාලෙක ඉදන් පොල් කටුව පාවිච්චි කරන්නෙ.ඔයාට ඒ සල්ලිත් ඉතුරුයි පොල් කට්ටක් පාවිච්චි කරන එකෙන්.අනිත් එක අව්රුද්දකට කොචචර කියලා ප්ලාස්ටික් කෑලි ගේනවද.

ඔයාට සමහර විට හිනායන්නත් ඇති මම කියපු දේවල් වලට.නමුත් පරිසරයට ප්ලාස්ටික් එකතු වෙන එක අඩු කරන්න පුලුවන් මේ වගෙ අනවශ්‍ය දේවල් භාවිතය අවම කිරීමෙන්.ඒ වෙනුවට ස්වභාවික දේවල් භාවිතයට උත්සාහා ගනිමු…..

මේ පෝස්ට් එක ෂෙයා කරල පරිසරය සුරකින්නට දායක වන්න…

3 thoughts on “සබන් දැමීමට පොල් කටුවක් භාවිතා කිරීමේ වැදගත්කම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න