සබන් කුඩු භාවිතය අවම කරමුද?

අද වෙනකොට බොහෝ අය සබන් කුඩු නිතරම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා.මං හිතන්නෙ පහසුව නිසා වෙන්න ඇති.නමුත් මෙය නිතරම ඇදුම් වලට භාවිතා කරන එක අහිතකරයි කියන එක තමයි මගේ අදහස.මමත් කාලයක් නිතර සබන් කුඩු භාවිතා කරා රෙදි හෝදන්න එහෙම.ඒ ලැබිච්ච අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.

Picture 002

1.කුණු යනවා කිව්වට කුණු යන්නෙම නෑ…….

කොච්චර වෙළද දැන්වීම්වල කිව්වත් මගේ අත්දැකීමෙ හැටියට ඇදුම්වල කහට පැල්ලම් එහෙම සබන් කුඩුවලින් ඉවත් කරන්න අපහසුයි.සෑහෙන්න දුකක් විදින්න ඕන.ඊට වඩා ලේසියෙන් කුනුයවන්න පුළුවන් සබන් වලින්.සබන් භාවිතා කරල සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවනි.

2.වතුර නාස්ති වෙනවා වැඩියි……..

ඔබ නාගරිකව වෙසෙන කෙනෙක් නම් මේ අත්දැකීම ඔබටත් ඇති.ගොඩක් සබන් කුඩුවල සබන් ගතිය ඉවත් කරන්න දෙතුන් පාරක් හෝදන්න ඕන.

3.ඇදුම්වල පාට යනවා…..

සමහර ඇදුම්වල බලාගෙන ඉදිද්දි පාට යන‍වා.සමහර ඇදුම් වල කාලයක් යනකොට පේන්න ගන්නා පාට ගිහින් කියලා.ඇදුම්වල අලුත් පෙනුම නැති වෙනවා.

4.ඇදුම්වල ඇති ලෝහමය කොටස් වල මල බැදීම ඉක්මන් වෙනවා.

අපි ඇදුම් ටික පෙගෙන්න තියලා ටික වෙලාවකින් බැලුවම සමහර ඇදුම්වල මලකඩ පැල්ලම් දකින්න ලැබෙනවා.එතන්දි වෙන්නෙ අර ගංචු වල මලකඩ බැදීම වේගවත් වෙනවා.මොකද ටික වෙලාවක් වතුරෙ පෙගෙනවා අනිත් එක සබන් කුඩුවල තියෙන රසායන ද්‍රව්‍ය ඒක වේගවත් කරන්න උදව් වෙනවා.

මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.අපි දැන් පොදුවෙ බලමු සබන් කුඩුවල වාසි .

සබන් කුඩුවල වාසි

  • ලාභදායී වීම
  • භාවිතය පහසු වීම
  • කිවුල් ජලයේ පවා හොදින් භාවිතා කළ හැකිවීම

මම දන්න තරමින් වාසි මෙච්චරයි.දැන් අපි බලමු අවාසි මොනවද කියලා..

  • සබන් කුඩුවල අඩංගු රසායන ද්‍රව්‍ය අහිතකර වීම.
  • පරිසර දූෂණයට උපකාරී වීම.
  • ඇදුම්වල කල්පැවැත්ම අඩු වීම.

තව මං අර ඉස්සෙල්ලම කියපුවත් ගන්න පුළුවන්.පිලිකාකාරක රසායන ද්‍රව්‍ය පවා මේවයි අඩංගු වෙනවලු.මේවා ජලාශ වල සුපෝෂණ තත්වය ඇතිවෙන්නත් බලපානවා. මම හිතනවා මේ කරුණු ගැන අන්තර්ජාලයෙන් ඔයා තව තොරතුරු හොයන එක හොදයි.ඉතින් මේ වාසිත් එක්ක බැලුවහම අවාසි ප්‍රභලයි ඒ නිසා සබන් කුඩු භාවිතය අවම කරන එක ගොඩක් හොදයි.අපිට පුළුවන් සබන් වලට යන්නෙ නැති පැල්ලම් යවන්න විතරක් මේවා භාවිත කරන්න.ඒක ආර්ථිකයටත් හොදයි.

මේ ගැන ඔයාගෙ අදහසුත් කමෙන්ට් කරන්න.අපේ ෆේස්බුක් පිටුවට ලයික් කිරීමෙන් අලුත් ලිපි බලාගන්නත් පුලුවන්.

3 thoughts on “සබන් කුඩු භාවිතය අවම කරමුද?

  1. කතාව ඇත්ත, හොඳ වර්ගයක රෙදි සෝදනයක් සමග සෝදන දියර පාවිච්චි කලොත් ඔය ප්‍රශ්න ගොඩක් හරියනවා………..ගොඩක් සබන් කුඩු ප්‍රමිතියෙන් තොරයි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න