Data ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

‍‍‍‍ග‍‍ොඩක් අයට ති‍යන‍‍ ප්‍රශ්නයක් තමයි තමන්ග‍‍ෙ ‍ඩ්‍ටො අනවශ්‍ය විදිහට වැය‍වන එක.මටත් ඒ ප්‍රශ්‍‍‍න‍‍ෙ

තිබුණා.කාඩ් දානව ඉවරයක් නෑ.මම විවිධ ක්‍රම අත්හදා  බැලුම.ඒ අත්හදා බලපු ක්‍රම වලින් සාර්ථක වෙච්ච ක්‍රම කිහිපයක් මම බෙදාගන්න හිතුව.

ඉස්සෙල්ලම ඔපෙරා වෙබ් බ්ව්සර් එක දාගෙන ඉන්න.ඒකෙ තියෙනවා ඔපෙරා ටර්බෝ කියල පහසුකමක්.ඒකෙන් ඩේඩා ඉතුරු වෙනව වගේම වේගයත් වැඩි වෙනවා.ඒකෙන් වෙබ් පිටුවල අනවශ්‍ය බර අඩු කරනවා.

අන්තර්ජාලයෙ සැරිසරද්දි අපිට කරදරයක් වෙන දෙයක් තමයි අනවශ්‍ය වෙළද දැන්වීම්.ඒ වගේම ඒවට විශාල ඩේටා ප්‍රමාණයකුත් වැය වෙනවා.ඒ නිසා මේ ඇඩ් වලින් ගැලවුනොත් විශාල ඩේටා  ප්‍රමාණයක් ඉතුරු වෙනවා.ඒ සදහා ඇඩ්බ්ලොක් ප්ලස් කියල  browser extension එකක් හදල තියෙනවා.ඒක  Mozilla Firefox, Google Chrome, Opera යන වෙබ් බ්ව්සර් වලට සහය දක්වනවා.මම නම් ඔපෙරා වලට දැම්මෙ.එතකොට ටර්බො වලිනුත් ඩේටා ඉතුරු වෙනවා ඇඩ්බ්ලොක් වලිනුත් ඉතුරු වෙනවා.

මීට අමතරව Browser එකෙන් Images සහ Javascript ක්‍රියා විරහිත කරලත් ඩේටා ඉතුරුකරගන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න