ඉගල් කන්ද, නොමිලයේ වයි ෆයි හා දැනුම් සංස්කෘතියක් egalahandiya අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 11 වැනිදා ඇල්පිටිය නගරයට පැමිණියේ නව ආණ්ඩුවේ මැතිවරණ පොරුන්දුවක් වූ නොමිලයේ අන්තර් ජාල වයි ෆයි පහසුකම් බස්නැවතුම් පළ පරිශ්‍රයට ලබාදීමේ අරමුණෙන්. වැසිකිළි දුගද හමන අනවරත පිරිසිදු කිරීම් වලට ලක් නොවන අම්බලමක් බදු ඇල්පිටිය නගරයේ බස් නැවතුම් පළට අන්තර් ජාල වයි ෆයි පහසුකම් ලබාදෙන ආරංචිය ඇත්තටම හාස්‍යයක්. ඒත් යටිතලයේ පවතින නොගැලපීම මගින් අන්තර්ජාල පහසුකම් මගින් නගරයේ ...
සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්රාග්ධනය ගමට ඒම. egalahandiya චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී යූඑන්පියේ දාහත් වසරක සාපය අවසන් කරමින් ජනාධිපති වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ එල්ටීඊඊය හා සාකච්ඡාමය විසදුමකට ඒමට හොද හිත ඇතිකර ගැනීමේ පදනමක් ලෙසයි. ඉතා ටික කලක් පැවති ඒ හොද හිත ඇති කිරීමේ උත්සාහය පුපුරා ගියේ එල්ටීටීඊය විසින් ත්‍රිකුණාමළයේ දී නාවික බෝට්ටුවකට පහර දීමෙන්. ඒ පහරදීමත් සමග දකුණේ ජනයා තුළ කේන්තිය වෙරය හා ක්‍රෝධය පුපුරා ...
බිස්නස් ඩීල් හා මංකොල්ලකෑම egalahandiya පිටකොටුවෙ මාකට් එකේ පදික වෙළෙදුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගෙන් පවා කප්පම් ගන්න එක සෑහෙන කලෙක හිටන් සිද්ද වෙන දෙයක්. රණසිංහ ප්‍රේමදාසගෙ කාලෙ මැනිං මාකට් එකේ මුදලාලි මැරයෙක් හිටිය, දැන් නම මතක නෑ එයත් කළේ ඕකම තමයි. පස්සෙ මිනිහ පළාත් සභාවටත් ගියා. මිනිස්සුත් එක්ක ඉන්න ගමන්ම තමයි උන්නැහෙල කප්පම් ගන්න සෙට් වෙන්නෙ. රාජපක්ෂ ආණ්ඩුවෙ දි පදික වෙළෙදුන්ගේ සංගමය කියල ...
අඹ ගහට ගල් ගැසීමෙන් ආණ්ඩු විරෝධී ශක්තිය හීන වේ. අප කළ යුත්තේ කුමක් ද? egalahandiya යළිත් වටයකින් කොළඹ කේන්ද්‍රීය මැද පන්තියේ අහිමිවන අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩු විරෝධී දේශපාලනය ධ්‍රැවීකරණය වන අන්දමක් පෙනෙන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව විසින් හප හපා සිටීමට ලබාදෙන පරණ සෙරෙප්පු කෑලි ආණ්ඩු විරෝධීන් විසින් යහමින් හපන්නට පටන්ගෙන ඇත. ඊට හොදම උදාහරණය ව්‍යවස්ථාවෙ 20 වැනි සංශෝධනයයි. මුළු එකක් ලෙස ගත් විට රාජපක්ෂවාදයට අවශ්‍ය වූයේ ඒකාධිපති බලයක් ගොඩනගා ගන්නට බව යළි යළි සිහි කර ...
ගමේ පාතාලය අදුරනව ද? egalahandiya මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව ඕනෑ තරම් පළාත් පාලන මන්ත්‍රීවරුන්. නමුත් මම දැකල නෑ එයාල තමන්ගෙ පළාත් පාලන ආයතනයෙ සිද්ධ වෙන හොර වැඩ, සල්ලි ගසාගෙන කෑම් වගේ දේවල් වලට එරෙහිව කතා කරනව. ආණ්ඩු පක්ෂෙ අය විතරක් නෙවෙයි විපක්ෂෙ අයවත් ඒව ගැන කට හොලවන්නෙ නෑ. මේ ළගදි එක්තරා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන අහිංසක කොල්ලෙක් එක්ක චැට් කළා. පොර නම් ...
අගති විරහිතව “ආණ්ඩුවේ බෝඩිමට” යැවීම egalahandiya දේශපාලන අපරාධකරුවන්ට දඩුවම් දෙන විධිමත් ක්‍රමයක් ලංකාවේ ඇති බවක් පෙනෙන්නට නොමැත. හැමදාම කරන්නේ කලින් බලයේ සිටි දේශපාලන පක්ෂයේ වැරැදි කළ අයව පක්ෂ දේශපාලන අවශ්‍යතා මත තෝරාගෙන දඩුවම් දීමයි. එසේ නැතිනම් දඩුවම් දෙන බව ලෝකයාට පෙන්වීමයි. මෙය අතිශයෙන්ම වැරැදි භාවිතාවක් වුවත් ලංකාවේ ධනපති සංස්කෘතිය අඩුම වශයෙන් ක්‍රමය රැක ගැනීම සදහා හෝ අපරාධකාරයාට දඩුවම් දෙන මට්ටමකට දියුණු නොවීම කනගාටුදායක ය. මේ තත්ත්වය ...
නිපුණ මුදලාලිගෙ පිංකම් හා සාධාරණ වී මිලක්. egalahandiya අනෙක් හැම ක්ෂේත්රයකම වගේ සහල් නිෂ්පාදන ක්ෂේත්රයෙත් විශාල මාෆියාවක් පවතින බව ඇත්ත. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් විශාල ලාභ රේට්ටුවක් ගන්නෙ ඒකයි. එහෙම විශාල ලාභයක් ගන්න නිපුණ මුදලාලි සෝමවතී රාජමහා විහාරයේ සුවිශාල ධර්ම ශාලාවක් ඉදි කරල තියෙනව. දැවමය හා ශෛලමය නිර්මාණ වලින් යුක්ත ඒ ධර්ම ශාලාව ඉදි කරන්න රුපියල් කෝටි 100කට වඩා යන්න ඇති. දෙකයි පනහෙ ලාභයක් ගන්න මිනිහෙකුට එහෙම පිංකම් ...
සෑම පුරවැසියකුටම ඉඩමක් – පට්ටපල් බොරුවක් egalahandiya ඉඩම් සතුව නොතිබීම ලාංකික සමාජයේ බරපතල ප්‍රශ්නයක් වන අතර එකම බිම් අගලක් නැති ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 27% ක් වේ. ඊට මූලික හේතුව 1840 මුඩුබිම් පනත මගින් ජනයා සතුව තිබූ ඉඩම් රජය සතු කර ගැනීමයි. මේ හේතුව නිසා රජය විසින් විටෙන් විට මහජනතාවට ඉඩම් කට්ටි බෙදා දීම සිදුවිය. ජාතික රාජ්‍ය කේන්ද්‍රගත වූ සංවෘත ආර්ථිකයක දී සෑම පුරවැසියකුටම ඉඩම් කොටසක අයිතිය ...
ග්‍රාමීය දරිද්‍රතාව හා ව්‍යාජ ජාතිකවාදීන්. egalahandiya ලංකාවෙ වී ගොව්තැන සම්බන්ධයෙන් කතා කරන කොට ඒ හා සමග බැදුනු බරපතල කාරණා දෙකක් තියෙනව. එකක් තමයි ආහාර සුරක්ෂිතතාව (Food security). අනෙක තමයි ග්‍රාමීය ගොවීන්ගේ දරිද්‍රතාව අහෝසි කරන(Eradication of rural poverty) කාරණාව. මේ කාරණා දෙකම රටේ අභිවෘද්ධිය සලකමින් විසදා ගන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. එහෙත් ගොඩක් දෙනෙක් කරන්නේ එක් කාරණාවක් දෙකක් පටු විදිහට අල්ලා ගනිමින් පවතින නොදියුණු සහල් නිෂ්පාදන ක්‍රමය ...
යුද්දයෙන් බිහි කරන්නේ නිවටයන් ය. egalahandiya බුදුන් වහන්සේගේ දේශනාව අනුව යුද්දය ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් බොහෝ අයට ශක්තිමත් පිළිතුරක් ලබාදිය නොහැක. එනිසා බොහෝ අය නිෂ්ශබ්දව සිටිති. තවත් අය රට පටලවා ගනිති. තමන් බෞද්ධයකු වෙමින්ම යුද්දය ප්‍රතික්ශේප නොකර සිටීමට ඔවුන්ට අවශ්‍ය නිසා ඒ අබග්ගයට ඔවුහු වැටෙති. ඇත්තම කතාව වන්නේ යුද්දය ප්‍රතික්ශේප කිරීම යනු දෑත් හකුලාගෙන සතුරා පහරදෙන තුරු බලා සිටීම නොවේ. එහෙත් බොහෝ අය ඔච්චමට අහන්නේ කොටි ගහනකම් ...
කණ කොක් සුද බලන්නට ඔබ කැමැති නැද්ද? egalahandiya ආණ්ඩුව මාරාවේශයෙන් සටන් කරන්නේ මහා මැතිවරණය කෙසේ හෝ පවත්වන්නට ය. එහෙත් ඊට මැතිවරණ කොමිෂන් සභාව එකග වන බවක් දන්නට නැත. ඔවුන් අවසන් වරට ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියේ සදහන් වූයේ මාර්තු 02 දිනෙන් ආරම්භ වූ මාස තුනක කාලය තුළ මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණයක් නොමැති බව කොමිසමේ නිරීක්ෂණය බවයි. ඒ නිසා කළ යුත්ත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසු බව නිර්දේශ කර තිබුණත් ...
කොළඹ සමාජයේ පාදඩ කල්ට් බිහිවීම egalahandiya 2011 තරම් ඈතක දී එක්තරා පුද්ගලයෙක් තම ෆේස්බුක් වෝලයේ තබා තිබුණේ මෙවැනි සටහනක්. “මම ඉන්නෙ ගල්කිස්සෙ. හවසට මා එක්ක බොන්න කැමැති කෙනෙක් ඉන්නව ද?” එදින ඔහුට කිසිවෙක් හමු නොවුන නිසා දෝ පසුව ඒ ගැන නැවත සටහනක් තබා තිබුණේ කළකිරීම මුසු කේන්තියකින්. මුල් කාලයේ කොළඹ සමාජය තුළ නන්නත්තාරව සිටි සමහර චරිත තම කාන්සිය මකා ගැනීම සදහා සමූහිකගතවීමට එවැනි විවිධ උපක්‍රම සමාජ ...
රසායනික පොහොර වෙනුවට ජීව පොහොර (Bio fertilizer). egalahandiya සිංහරාජ, විල්පත්තුව හා යාල වැනි මහ කැළවල්වල රූස්ස ගස් වැල් වර්ධනය වෙන්නට කිසිවෙක් පොහොර දමන්නෙ නැහැ. නමුත් මිනිසා විසින් වගා කරන බෝග වගාවන්ට පොහොර නොයොදා කිසිවක් කරන්නට බැහැ. මේ පොහොර භාවිතය අද වනවිට විශාල පාරිසරික ප්‍රශ්නයක් නිර්මාණය කර අවසන්. එය පරිසරයේ තිරසාරත්වයට විශාල තර්ජනයක්. රූස්ස වනාන්තර ඉබේ වැවෙනවා නම් බෝග වගාවන් ද එසේ වවන්නට නොහැකි මන්දැයි බොහෝ අය සිතන්නට ඇති. ...
ගිනි ගන්නා රැවුලෙන් සුරුට්ටු පත්තු කිරීම වළක්වමු. egalahandiya මැයි මස අවසන් වනවිට කෙසේ හෝ මහා මැතිවරණය පැවැත්වීමේ ආණ්ඩුවේ උපක්‍රමය අනුව සියළු කටයුතු තීරණය වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තියෙන කාරණාවක්. මැතිවරණය පවත්වන්නැයි කොමිසන් සභාවට බල කරන ගමන්ම රටේ වාතාවරණය කෘතිමව යහපත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව 15 දා රාත්‍රී ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයා නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලියි. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ ...
ආර්ථිකය දෙස විය සිදුරෙන් බැලීම egalahandiya ගෝටාණ්ඩුවේ ආර්ථික දැක්ම ලෙස පෙනෙන්නට ඇත්තේ ජාතිකවාදී ආර්ථිකයකට බර තැබීමයි. සමහර විට මෙය ප්‍රෝඩාවක් ලෙස හැදින්විය හැක්කේ ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා අනුව ආර්ථිකය හැසිරවීමේ දී සමාජය බැලන්ස් කරන උපක්‍රමයක් ලෙස ජාතිකවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ යොදා ගන්නා නිසයි. උදාහරණයකට මහා පරිමාණ මූල්‍ය ආයෝජනයක් තුළින් සමාජයෙන් එන කම්පන තුලනය කර ගැනීමට දේශීය ආර්ථිකය ප්රගමනය කිරීමේ ක්‍රමය යොදා ගන්නවා විය හැකිය. උදාහරණයකට මැටි, වේවැල් ...
සාධාරණ හා තිරසාර වෙළෙද පළක් – 01 egalahandiya සමූපකාරයට හා සතොසට මොකද උනේ? මගේ උපන් ගම වෙච්ච ඇල්පිටියට විවිධ සේවා සමූපකාර සංගමයක් පටන් අරන් තියෙන්නෙ 1969 දි විතර. සමගි පෙරමුණ ආණ්ඩු කාලයේ ඕකෙ ප්‍රධානියා ඒ කාලෙ හැටියට පාලක ලේකම් විදිහට ඉදල තියෙන්නෙ පට්ට අවංක මනුස්සයෙක්. මනුස්සය තමන්ගෙ පෞද්ගලික ව්‍යාපාරයක් වගේ තමයි වැඩේ කරගෙන ගිහින් තියෙන්නෙ. පස්සෙ 1977 යූඑන්පී ආණ්ඩුව ආවට පස්සෙ යූඑන්පී එකේ කෙනෙක් තමයි ප්‍රධානිය, දැන් විදිහට ...
අලුත් ගමනකට ජවිපෙ සූදානම් ද? egalahandiya වාම ජනප්‍රියවාදය අසාර්ථක දේශපාලනයක් වන්නේ ධනේශ්වර අවකාශයක වැඩ කරන්නට මේ මොහොත තුළ වාමවාදීන්ට ඉඩක් නොමැති බැවිනි. උදාහරණයකට සමගි පෙරමුණු යුගයේ ඉඩම් ජනසතු කළ ක්‍රියාව දැන් කළ නොහැක්කේ එදා ගෝලීයව පැවැතියේ කේන්සියානු ධනේශ්වරය වුවත් අද පවතින්නේ නව ලිබරල්වාදී ධනේශ්වරය නිසා ය. ඒනිසා වාම ජනප්රියවාදයට ප්‍රවේශ වන මොහොතේම එය නිෂ්ක්‍රීය කරන්නට ගෝලීය ප්රාග්ධනය පසුබට නොවන්නේ ය. ග්‍රීසියේ සයිරිසා ව්‍යාපාරයට සිදුවූයේ එයයි. ඒ ...
කෝවිඩ් 19 හා එය ප්රජාගත නොවීමේ සතුට egalahandiya නිල වශයෙන් ප්‍රකාශ කරන විදිහට දැන් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙ රට ගිහිල්ල ඇවිල්ල නිරෝධායනය වෙන මධ්‍යස්ථාන වලින් විතරයි. ප්‍රජාව තුළින් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙම නැහැ. නිල වශයෙන් කියන මේ කතාව ඇත්තම ඇත්ත නම් අපි රටක් විදිහට වාසනාවන්තයි. හැබැයි නිල වශයෙන් මොනව කිව්වත් ප්‍රජාව තුළින් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙලා ඒව හංගගෙන ප්‍රතිකාර කරමින් සිදුවන දේ වහං කරනව නම් අපි පුදුම අවාසනාවන්ත ...
කළු සල්ලි හා වසල වෙළෙද කුලය egalahandiya 1978න් පස්සෙ ආර්ථිකයේ වැඩි කොටස මූල්‍යකරණයට ලක්වූවාට පසුව මුදල් වලින් මුදල් මැවීමේ ප්‍රාග්ධන උත්පාදනයක් පටන් ගත්ත. ඒක ආර්ථිකයේ කළු පැත්ත එහෙම නැත්නම් උපයන් මුදල් වලින් බදු නොගෙවීම මතයි සිදුවුනේ. සූදු කෙලීම, මත්ද්‍රව්‍ය වෙළෙදාම, කොමිස් ගැනීම වැනි ක්‍රියාවන්ගෙන් එලෙස ඉපයූ ධනය බොහෝවිට හංගාගෙන සිටීම තමයි එයාල කරන්නෙ. අනෙක් විශේෂ ලක්ෂණය වන්නෙ උපයන ධනයට බදු නොගෙවීම. ලංකාවේ කොච්චර සල්ලිකාරයො හිටියත් පාරට බැස්සහම ...
දේශීය සීනිවල තිත්ත egalahandiya සෙවනගල හා පැල්වත්ත සීනි කම්හල් දෙක රජයට පවරා ගත්තේ 2011.11.11 වෙනිදින සම්පත කර ගත් පනතකට අනුව ය. සමහර පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීම සදහා සකස් කළ එම පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්මාණයක් නොවූ අතර පී.බී. ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ලෙස භාණ්ඩාගාරයේ නීති නිලධාරීන් ලවා සකස් කර ගත්තකි. එනිසාම එහි අඩුපාඩු රැසකි. වැරැදි ගොඩකි. සෙවනගල පවරා ගත්තේ එහි අයිතිකරු දයා ගමගේ ...