කණ කොක් සුද බලන්නට ඔබ කැමැති නැද්ද?

ආණ්ඩුව මාරාවේශයෙන් සටන් කරන්නේ මහා මැතිවරණය කෙසේ හෝ පවත්වන්නට ය. එහෙත් ඊට මැතිවරණ කොමිෂන් සභාව එකග වන බවක් දන්නට නැත. ඔවුන් අවසන් වරට ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියේ සදහන් වූයේ මාර්තු 02 දිනෙන් ආරම්භ වූ මාස තුනක කාලය තුළ මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණයක් නොමැති බව කොමිසමේ නිරීක්ෂණය බවයි.

 

82786503_846411965807730_7478466943503040512_o

ඒ නිසා කළ යුත්ත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසු බව නිර්දේශ කර තිබුණත් ජනාධිපති ලේකම්වරයා විසින් පිළිතුරු ලෙස මැතිවරණ කොමිසමට යවා තිබූ ලිපියේ සදහන් වූයේ එලෙස ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයාගේ අදහස බවයි. පහසුම ක්‍රියාව වන්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැදවීම වුවත් ඊට ද ජනාධිපතිවරයාගේ අකැමැත්තක් ඇති බව පෙනෙන්නට ඇත.

මේ තත්ත්වය තුළ ව්‍යවස්ථාව අහෝසි වන බව ආණ්ඩු පාක්ෂික නිරීක්ෂකයන්ගේ මතය වුවත් සිදුවන්නේ ව්‍යවස්ථාව අහෝසිවීම නොව ව්‍යවස්ථාව නොතකා හැරීමක්, උල්ලංඝනය කිරීමක් බව ඉතා පැහැදිලි ය. කුමන තත්ත්වයක් යටතේ දී හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ආදීනව ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇත. යම් හෙයකින් ආණ්ඩුව ව්‍යවස්ථාවට ගරු නොකර, ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත නොවී කටයුතු කළහොත් ආණ්ඩුව ලැබූ ජනවරමේ සුජාතභාවය ද ඒ සමගම අහෝසි වනු ඇත. ඊට හේතුව ජනතාව ආණ්ඩුවට ජනවරම ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක හා පාර්ලිමේන්තුවාදී ආකෘතියක කටයුතු කරන්නට පමණක් වන නිසා ය.

කෙසේ හෝ ආණ්ඩුවේ වැඩි කැමැත්ත මත ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට ආණ්ඩුව පෙළඹුණහොත් ලාංකික දේශපාලන අවකාශය තුළ රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ අලුත් ධ්‍රැවීකරණයවීමක් සිදුවන්නේ ය. එය ආණ්ඩුවට වඩා පහසු යැයි ආණ්ඩු ගැති කොටසක් හිතාගෙන සිටියත් වඩා දුෂ්කරම අභියෝගයන්ට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවන්නේ එවිට ය. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩු විරෝධී භූමිය අලුතෙන් සකස් වන්නේ ජාතික රාමුව තුළ නොව අන්තර්ජාතික රාමුව තුළ ය. ඊට හේතුව මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස නාමකරණය වූ ශ්‍රී ලංකාව ඉන් අනතුරුව ඒකාධිපති රාජ්‍යයක් ලෙස නාමකරණය වන නිසා ය.

 

One thought on “කණ කොක් සුද බලන්නට ඔබ කැමැති නැද්ද?

  1. ඔය හිතේ තිඅන සිනාරියෝ එක වෙනකල් බලාගෙන ඉන්න කෙනෙක්ගෙ සිතිවිලි. දැන් ඔය ආතල් එකේ “ඉන්න ඇමරිකාවට කියන්නන්” කියන වාක්‍යෙයත් තියනවා නේද? පෝස්ට් කෝවිඩ් ලෝකයෙ ඕවා බලන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ සහෝදරයා. විපක්ශයට ටිකක් හැදෙන කියලා අකුරු කොටන එක ඊට වඩා වැදගත්. ඔය දේ වෙන්න බැරි කමක් නෑ හැබැයි ඒකට මූලිකව වග කියන්න ඕන ජහපාලන රැල. පාර්ලිමේන්තුව විසුරුවා ගත්තා. දැන් ආයෙ කැදවපන් කියලා නාහෙන් අඬනවා.

    Like

Leave a comment