ගමේ පාතාලය අදුරනව ද?

 

මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව ඕනෑ තරම් පළාත් පාලන මන්ත්‍රීවරුන්. නමුත් මම දැකල නෑ එයාල තමන්ගෙ පළාත් පාලන ආයතනයෙ සිද්ධ වෙන හොර වැඩ, සල්ලි ගසාගෙන කෑම් වගේ දේවල් වලට එරෙහිව කතා කරනව. ආණ්ඩු පක්ෂෙ අය විතරක් නෙවෙයි විපක්ෂෙ අයවත් ඒව ගැන කට හොලවන්නෙ නෑ. මේ ළගදි එක්තරා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන අහිංසක කොල්ලෙක් එක්ක චැට් කළා. පොර නම් සිද්ධ වෙන දේවල් ලෝස් නැතිව මට කිව්ව. ඒත් අනෙක් අය අතර පැවැත්ම අහිමි වන නිසාත් තර්ජන එල්ල වෙන්න පුළුවන් නිසාත් තනි තනිව මේව ප්‍රසිද්ධියෙ කතා කරන්න බැහැ. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට නම් කතා කරන්න පුළුවන්. කතා කරන්න ඕන.

මම පොඩි කාලෙ අත්දැකීම් ගන්නත් “රාවය” පත්තරයට ලියන්නත් එක්ක ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා රැස්වීම් බලන්න යනව. එතකොට මම දැක්ක දෙයක් තමයි එයාල කොන්ත්‍රාත් වැඩ වෙන් කර ගන්නෙ පක්ෂ භේද නැතිව. විපක්ෂෙ හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නෑ. නමුත් ඩීල් දාන උන්ට ලැබෙනව. ආණ්ඩු පක්ෂෙ අය නම් ඔක්කොම වගේ හම්බ කරා. එක්කෝ කෙලින්ම එයාලම කොන්ත්‍රාත් එක කරල වෙන නමකින් චෙක් ලියව ගන්නව. නැත්නම් පවුලෙ වෙන කෙනෙක් කොන්ත්‍රාත් කරනව. ඔය විදිහට හම්බු කරල තමයි දේශපාලනය කරන්නෙ. වැඩේ තියෙන්නෙ මෙයාල කොන්ත්‍රාත් කරල සල්ලි ගසා කන කොට ඒ ඒ ප්‍රදේශවල මිනිස්සු බංකොලොත් වෙලා නැති නාස්තිවෙනවද? සියදිවි නසා ගන්න වද? ඒක තමයි මුදල් හම්බ කරන කළු ආර්ථිකය කියන්නෙ.

aunty-love-relationships-thumb

 

සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන්න විදිහක් නැතිව පුළුවන් හැම දහන් ගැටයම ගහනව. ණෞඅ වෙනව. ඒ ණය වලට පොලී ගෙවනව. සමහර විට ඒ ණය ගෙවන්න ආයෙත් ණය වෙනව. බැරි තැන සියදිවි නහ ගන්නව. මේ තමයි ග්‍රාමීය ආර්ථිකයේ ස්වභාවය. මේ තත්ත්වය වෙනස් කරන්න කිසිවෙක් මහන්සි වෙන්නෙ නෑ. හැමෝම කරන්නෙ බලය අල්ල ගත්තට පස්සෙ මේ හොර මාෆියා ක්‍රමය රන් කරල සල්ලි හොයන එක.

ජවිපෙ එක හැමදාම වගේ කළේ වංචා, දූෂණ හා හොරකම් වලට විරුද්ධවීම. නමුත් එයාලට ඒ විරෝධය ජන හදවත් තුළට ගෙන යන්න පුළුවන් වෙලා නැහැ. මේ ක්‍රමය තුළ වංචා, දූෂණ හා හොරකම කියන එක ආණ්ඩු මාරු කරන මෙවලමක් විතරයි. ඒක ක්‍රමය මාරු කරන මෙවලමක් දක්වා වර්ධනය කර ගන්නා උපාය උපක්‍රම ජවිපෙ දන්නෙ නැහැ.

මහ පරිමාණ හොරකමට විරුද්ධ උනාම ඒක මැද පන්තිය විසින් එන්ජෝයි කරනව. පහළ පන්ති වලට ඒ හොරකමේ විපාක තේරෙන්නෙ නැහැ. තෝරල දෙන්න ජවිපෙ දක්ෂ නැහැ. මොකද එයාලත් පොඩි කපටි කමක් කරනව. එයාල මහ පරිමාණ හොරකම් වලට විරුද්ධ උනාට ගමේ ආදර්ශයන් අරගෙන ගමේ පල් හොරු දවසෙන් දෙකෙන් පොහොසත්වීම ගැන ගැමියන්ට පැහැදිලි කරන්න යන්නෙ නැහැ. මොකද එයාලත් බලනව තමන් ගමේ ජීවත්වෙන්න ඕන නේද කියල. ඒත් පුෂ් බයිසිකලෙන් ආව එකා අක්කර විස්ස විසිපහ හදාගෙන ඩබල් කැබ් එකෙන් ගෙදර යන එක ගැමියන්ට ලස්සනට පහදල දෙන්න පුළුවන්. එහෙම කරනව නම් මහ පරිමාණ හොරකම් වල ආදිනව නොතේරුනාට ගමේ හොරකම ගැන තෙරුම් ගන්නව. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.

අරූ පාතාලයෙ මූ පාතාලයෙ කියමින් පොලීසිය කොල්ලො මරල දාන කොට කස්ටිය මාර ෆන් එකක් ගන්නෙ. හැබැයි එයාල දන්නෙ නැහැ එයාල ඡන්දෙ දෙන ගමේ මන්ත්‍රීවරයත් පාතාලෙ පොරක් කියල.

Leave a comment