ලෝකයේ සංචාරයට තහනම් තැන් - Places can never Visit from around the World World Beyond World අපේ රට කොයි තරම් කුඩා වුනත් අපට ජීවිත කාලේටම දැක බලා ගන්න බැරි තැන් ඕනෑ තරම් තියෙනවා. ලෝකයක් විදියට ගත්තොත් අපට ඒ වගේ තැන් ගැන හිතාගන්නවත් බෑ. අතේ මිටේ මුදල් හදල් තියෙන අය වෙනත් රටවලට ගිහින් මේ වගේ විවිධ ස්ථාන දැක බලා ගන්නවා. ඒ කතාව එහෙම වුනත්, කොයි තරම් මුදලක් තිබුණත් දැක බලා ගන්න බැරි ස්ථානත් තියෙනවා. මේවා විවිධ රටවල ...
මෙයා තමයි පැබ්ලෝ පිකාසෝ කියන්නේ - Brief and Sweet note about Pablo Picasso World Beyond World පැබ්ලෝ පිකාසෝ යනු ලොව සිටි අපූරු සිත්තම්කරුවෙකි. වර්ෂ 1881 ඔක්තෝබර් 25 වැනිදා ස්පාඤ්ඤ ජාතිකයෙකු ලෙස උපන් ඔහු 1973 අප්‍රේල් 8 වැනිදා මෙලොවට සමුදෙන අවස්ථාව වන විට ලෝකය හමුවේ සිය නම කිසිදා නොමැකෙන ලෙස සටහන්කොට තිබිණි. ඝනිකවාදය (Cubism) නම් සිත්තම් ශිල්පය ලොවට හඳුන්වාදුන් එක් පුද්ගලයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි. ඝනිකවාදය ලෙසින් හඳුන්වනු ලබන්නේ විවිධ ජ්‍යාමිතික හැඩතලවලට අනුව සිත්තම් නිර්මාණය කිරීමය. ...
මදුරුතලා ගැන කතා කරමු - Ocimum sanctum/ Hortonia floribunda/Holy basil/Sacred basil World Beyond World අද අප අවට පරිසරයේ සිටින මදුරුවන් තරමටම මදුරු දඟර වර්ග තිබුණ ද දැනට කලකට පෙර මදුරු දඟර කියා දෙයක් තිබුණේ නැත. අද තරමට මදුරුවන් ද නොසිටි එම කාලයේ මදුරු උවදුරින් ගැලවෙන්නට විවිධ ස්වභාවික දේ යොදා ගැනුණි. මෙසේ යොදා ගත් එක් දෙයක් වූයේ ‘මදුරුතලාය’. මදුරුතලා යනු කුඩා ගස් වර්ගයකි. වල් පැළෑටියක් ලෙස වැවෙන මේවා ගලවා ගෙනැවිත් හොඳින් තලා දුම් අල්ලනු ලැබිණි. ...
රුධිර පරීක්ෂා ගැන ටිකක් දැන ගනිමු - Lets Know about Blood Tests World Beyond World පෞද්ගලික රෝහලකින් හෝ පෞද්ගලිකව යම් වෛද්‍යවරයකුගෙන් හෝ ප්‍රතිකාර ලබාගන්නා අවසථාවලදී රුධිර පරීක්ෂාවන් කරගැනීමට බොහෝ විට සිදු වෙයි. “අපි බ්ලඩ් රිපෝට් එකකුත් ගනිමු” යැයි පවසා වෛද්‍යවරයා විසින් කොල කැබැල්ලක ඉංග්‍රීසි අකුරු කිහිපයක් ලියා දෙයි. ඩෙංගු පවතින කාලයක උණ රෝගයක ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සඳහා අප යොමු කරවයි. මෙවැනි අවස්ථාවලදී හුදෙක් රුධිර පරීක්ෂණයක් යැයි පැවසුවද, විවිධ රෝග සඳහා විවිධ ...
ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය - Oba Nathuwa Ob ekka (With You, Without You), A Film World Beyond World ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය මේ දිනවල අප රටේ තිරගත වෙයි. මෙහි රංගනයෙන් දායක වන ඉන්දීය නිළි අංජලී පටෙල් පිළිබඳ කොටි ලිපියක් 2012 වසරෙදී මා පුවත්පතකට ලීවෙමි. යළි ඒ බව මතක් වූයේ මරදාන ටෙක්නිකල් හංදියේ දැන්වීම පුවරුවෙහි මේ සිනමා නිර්මාණය පිළිබඳ මෙම පෝස්ටරය දකින විටය. එදා පුවත්පතකට ලියන ලද එම ලිපිය අදට ගැළපෙන පරිදි සුළු වෙනස්කම් කිහිපයක් කොට බ්ලොග් ...
මේ ආදරයයි නාට්‍යයේ අභිමන්යූ ලෙස රඟන සුමීත් සච්දේව් - Sumeet Sachdev as abhimanyu in yeh hai mohabbatein World Beyond World ‛අභිමන්යු’ කියන්නේ අපේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‛මේ ආදරයයි’ නමින් සිංහල හඬ කවා ‛සිරස’ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන ‛යේ හායි මොහාබතීන්’ නාට්‍යයේ ඉෂිතාගේ පැරණි මිතුරකු ලෙස අප හමුවට එන ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ‛මේ ආදරයයි’ නාට්‍යයේ ‛අභිමන්යු’ ලෙස රංගනයෙන් දායක වන්නේ ‛සුමීත් සච්දේව්’. 1976 මාර්තු 18 වැනිදා දිල්ලියේදී ඉපදී එහිම හැදී ...
ගෑනු ගහන ක්‍රිකට් - Women Cricket World Beyond World කාන්තා ක්‍රිකට් සෑහෙන කාලයක සිට ලෝකයේ පැවතුණු ක්‍රීඩාවකි. එසේ වුවත් මෑතක දී අප රටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරය හමුවෙ සිය දක්ෂතා පෙන්නුම් කළ හේතුවෙන් දැන් පෙරට වඩා වැඩි තරමකින් මේ පිළිබඳ ක්‍රිඩා ලෝලීන් මෙන්ම අනෙකුත් අය ද කතා කරන්නට පටන්ගෙන තිබේ. එබැවින් අප ද කාන්තා ක්‍රිකට් ගැන කතා කරන්නට සිතුවෙමු. 1935 දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි කාන්තා ක්‍රිකට් ...
කොපි කර තැනූ හින්දි ගීත - Hindi Songs Copied or Influenced from some other Song World Beyond World හින්දි ගීතවලට අපි කැමැතිය. ඒවායේ තේරුම අපට වැටහෙන්නේ නැතත් අපි ඒවා බොහොමයකට කැමතිය. කුඩා කාලයේ අප බොහෝ විට ඇසුවේ හින්දි ගීගයේ තනුවට තැනූ සිංහල ගීතය. පසු කාලයක ඒවයේ හින්දි ගීතය ඇසෙන විට පවසන්නේ, “අන්න අර සිංහල සින්දුවේ හින්දි එක” කියාය. නමුත් සැබවින්ම සිදුව ඇත්තේ හින්දි තනුවෙන් සිංහල ගීතය තැනීමය. අපේ රටේ ඉස්සර කාලේ සිටන්ම සිදුවූයේ එයය. ඒවාට ‛හින්දි අනුකාරක ...
මඤ්ඤොක්කා අලයට පිළිකා සුව කළ හැකිද? - Does cassava (Manioc) help to control cancer? World Beyond World ගැමි ජනතාව අතර විනා නාගරික ඉහළ පැළැන්තියේ වැසියන්ගේ වැඩි සැළකිල්ලකට ලක් නොවුණු ආහාරයක් වන මඤ්ඤොක්කා පිළිබඳ මෑතක සිට වැඩි දෙනෙකු කතා කරන්නට පටන් ගෙන තිබේ. එයට හේතුව එහි පිළිකා නසන ගුණයක් ඇති බවට තොරතුරු පළවීමත් සමගිනි. මඤ්ඤොක්කාවල පිළිකා නසන ගුණයක් ඇති බව පවසන්නේ ද වෛද්‍යවරියකි. වෛද්‍ය සින්තියා ජයසූරිය වන ඇය උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියකි. ඇගේ කතාව ...
රෝගාබාධ බොහොමයක් සුවපත් කරන ජලජ ප්‍රතිකාර ක්‍රම - Healing Power of Acquatic Therapy World Beyond World විවිධ රෝගාබාධ සඳහා මෙන්ම සෞඛ්‍යය නිසි පරිදි පවත්වාගෙන යාම පිණිස ඖෂධ පමණක් නොව ශාරීරික ව්‍යායාම ඔස්සේ ප්‍රතිකාර කිරීම ද වර්තමානයේ බහුලව දක්නට ලැබෙන්නකි. අප ගොඩබිම සිදු කෙරෙන ව්‍යායාමවලට වඩා වැඩි සෞඛ්‍යමය ප්රතිලාභ ජලයෙහි සිට කෙරෙන ව්‍යායාමවලින් ලැබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු වී තිබේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයන්ට වඩා මෙම ජලජ ව්‍යායාම හා ප්‍රතිකාර ක්‍රම ජනප්‍රියව ඇත්තේ විවිධ රෝගාබාධයන්ට ලක්ව ...
සයිනජන්මොඩ් කියන්නේ මොකක්ද? - What is CyanogenMod World Beyond World ‛සයිනජන්මොඩ්’ (CyanogenMod) කියන්නේ Custom Rom ගැන උනන්දුවෙන ඕනෑම කෙනෙක් දන්න චවනයක්. මේ නමින් හඳුන්වන්නේ ‛ඇන්ඩ්‍රොයිඩ්’ මෙහෙයුම් පද්ධතිය හැරුණාම ලෝකයේ ජංගම දුරකතන පරිශීලකයන් අතර ජනප්‍රිය තවත් මෙහෙයුම් පද්ධතියක්. වෙනම නමකින් හැඳින්වුවත්, මෙය පදනම් වෙලා තියෙන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතම තමයි. ගූගල් සමාගමින් නිකුත් කරන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයේ මුල් පිටපත නොයෙක් විදියේ වෙනස්කම්වලට භාජනය කිරීමෙන් තමයි සයිනජන්මොඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් ...
ගැහැනුන්ට වද දුන් සුළං - Women and Wind Troubles World Beyond World සුළඟ යනු පුදුමාකාර දෙයකි. සුළඟ එනු පිණිස අපට කළ හැකි කිසිවක් නැති අතර සුළඟ නේනු පිණිස ද කළ හැකි කිසිවක් නැත. එය ඉබේම පැමිණෙන්නේය. වෙලාවකට මද වශයෙන් ද වෙලාවකට සැඩ වශයෙන් ද පැමිණෙන්නේය. සැඩ වශයෙන් පැමිණෙන විට චිත්‍රපට හදන්නට සිතෙන අතර පණහ දශකයේදී ‛සැඩ සුළං’ චිත්රපයට අපට දකින්නට හැකි වූයේ ඒ නිසා විය යුතුය. දහඩිය දමන වෙලාවට අපි සුළංවලට ...
නොබෙල් සම්මානයෙන් පුදනු ලැබූ මරණය පෙනි පෙනී අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ - මලාලා - Malala who fought against the Taliban terrorists for the sake of education and won Nobel price World Beyond World පාකිස්ථාන අධ්‍යාපන ක්‍රියාකාරිනියක වූ මලාල යුසාෆ්සායි සහ ඉන්දියානු ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ කයිලාෂ් සත්‍යාර්ථි 2014-10-10 වැනිදා නොබෙල් සම්මානයෙන් පිදුම් ලද අතර ඔවුන් දෙදෙනාට ස්ටර්ලිං පවුම් 690,000 මුදලක් හිමිවිය. මේ සටහන මොවුන් දෙදෙනා අතරින් තලේබාන් අන්තවාදීන්ට එරෙහිව සිය හඬ අවදි කළ මලාලා වෙනුවෙනි. පාකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට මායිම්ව පවතින ස්වාත් නිම්නය යනු නිතර දෙවේලේ ලෝක ජනමාධ්‍යයන් ඔස්සේ කියැවෙන නමකි. එයට හේතුව ...
අම්මෝ වයසට ගිහින් කියලා කියන්නවත් බෑ - Some Facts about Ageing World Beyond World වියපත් වීම, එසේත් නැත්නම් වයසට යාම කියන්නේ පිළිගන්නට අකැමති වුණත්, පිළිගන්නට සිදුවන දෙයක්. මෙලොව එළිය දකින කවුරුන් වුවත්, කාලයත් සමග වියපත් වනවා. එය වළක්වන්නට සමතෙක් නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් වියපත්වන විට එය බාහිරට පෙනෙනවා. හිසකෙස් පැසීම, සම දුර්වර්ණවීම, රැළි වැටීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ බාහිරට පෙනෙන්නට ඇති දේවල්. ඒ වගේම දැනට කලකට පෙර කළ කී දෑ පහසුවෙන් සිදුකරන්නට නොහැකි යැයි ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 9 කොටස - New Gadgets for New World Part 9 World Beyond World කාමරයේ ආලෝකය කැමති පරිදි වෙනස් කරන බල්බයක් වර්තමානයේ බොහෝ නිවෙස්වල ඇත්තේ එක්කෝ සීඑෆ්එල් (CFL) හෝ එල්ඊඩී (LED) බල්බ. මේවායේ ආලෝකය විහිදුවන පැහැය අනුව කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. එකක් සිසිල් ගුණය (cool ) සහ අනෙක් උණුසුම් ගුණය (warm ) වශයෙන්. එය තමන් කැමති ආකාරයකට තෝරාගන්න පුළුවන්. නමුත් මේ කුමක් සවි කළත් හැමදාටම අපට දකින්න ලැබෙන්නේ එකම පාටක්. සවස් යාමයක ...
ජයලලිතාගේ පැටිකිරිය මෙන්න - Story behind Jayalalitha World Beyond World අප රටේ ඊළාම් රාජ්‍යයක් ගොඩනගන්නට කලකට පෙර අරගලයක යෙදුනේ වේලුපිල්ලේ ප්රභාකරන්. ඔහුගේ මරණයෙන් පසුව තවත් බොහෝ අය ඒ වෙනුවෙන් හඬ නැගුවත් ඒ අතරින් අප රටට හිසරදයක් වන තරමට කෑගැසුවේ ඉන්දියාවේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්. අප රටේ ඊළාම් රාජ්‍යයක් බිහිකරන්නේ යැයි ඇය නොයෙක්වර කියා සිටියා. තමිල්නාඩුවේ ඇගේ දේශපාලන බලය ද සෑහෙන මට්ටමතින් ඇති නිසා ඇයට ඒ වෙනුවෙන් සිටින ආවඩන්නන්ගේ පිරිස ...
අපේ සත්ව අවිහිංසාවාදීන් World Beyond World අපේ රටේ ඇත්තේ අමුතුම ආකාරයේ සත්ව අවිහිංසාවකි. මස් පිණිස කාලයක් තිස්සේ සතුන් මරා දැමුණ ද වැඩි දෙනෙකුගේ අවිහිංසාව ඇතිවන්නේ ගවයාට පමණය. කුකුළු මස් කෑම බොහෝ දෙනෙකු සිතන්නේ ශාක ආහාරයක් ගන්නා තරම් සරල ආකාරයටය. ඌරන් ගැන කතා කරන කිසිවකු නැත්තේය. ඉදින් තාරවුන්, කළුකුමන්, තලගොයින්, හාවුන්, මැටි කොරවක්කුන් වැනි අවශේෂ සතුන් ගැන කතා කිරීමෙන් වැඩක් ඇත්තේම නැතිය. කෙසේ වෙතත් සත්ව අවිහිංසාවාදීන් මෑතක ...
ගැලක්සි එනිකෝල් (M110S) එකට සයිනජන්මොඩ් 7 රොම් එකක් දාමු - CyanogenMod 7 (CM7) Custom ROM for Samsung Galaxy M110S (Anycall) World Beyond World කොරියානු එන්කෝල්, ඒ කියන්නේ M110S ෆෝන් එකට සයිනජන්මොඩ් 7 සංස්කරණයක් ස්ථාපනය කරන හැටි සිංහලෙන් කොහේවත් දකින්න නොලැබුණු නිසා, ඒ වගේ වැඩක් කරන්න කැමති අය වෙනුවෙන් මට හම්බවුණු රොම් එකක් ගැන විස්තර ටිකක් බෙදාහදාගන්න හිතුවා. වැඩි කතා නැතුව වැඩේට බහිමු. මේකට ඕන කරන ගොනු මෙන්න මේවා තමයි. මේ ගොනු උඩ ක්ලික් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සයිනජන්මොඩ් 7 (CM7) රොම් ...
මම දාලා බලපු රොම් තමයි මේ - CUSTOM ROMs I tested by myself World Beyond World MIUI ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට Custom Rom Flash කරන්න ගියාම ඇබ්බැහි වෙනවා කියලා ඉන්ටර්නෙට් එකේ තිබුණු කතාව නම් ඇත්ත. ඒ කියපු කෙනාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මොකද මටත් එහෙම වෙලා තියෙන්නේ. මගේ මේ දුප්පත් ඇන්ඩ්‍රොයිඩ් එනිකෝල් එකට මම සෑහෙන්න රොම් දාලා තියෙනවා. ඒ දාපු රොම්වල ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න තමයි මම මේ හදන්නේ. මේ ROM ටික තමයි මට දැනට හම්බ වුණේ. දැන් ...
අහසේ ඇඳුණු කතිරය - A Cross Drawn in the Sky World Beyond World ඊයේ, ඒ කියන්නේ පෙබරවාරි 15 වැනිදා අපේ ගම් පළාතට උඩින්, ඒ කියන්නේ බොරලැස්සට උඩින් ජෙට් දෙකක් කිට්ටු කාල පරතරයක් ඇතුළත දෙපැත්තකට ගියා. ඒ ගිහින් ටික වෙලාවකින් මෙන්න මේ වගේ කතිරයක් අහසේ ඇඳුණා. මේ ගැන මීට වඩා දෙයක් කියන්න නම් නැහැ තමයි. මම කීප දෙනෙකුට මේ ෆොටෝ එක පෙන්නුවාම වැඩි දෙනෙක් කිව්වේ මේ වගේ දෙයක් නිතර දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ ...