පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, August 4, 2014

ගෑනු ගහන ක්‍රිකට් - Women Cricket



කාන්තා ක්‍රිකට් සෑහෙන කාලයක සිට ලෝකයේ පැවතුණු ක්‍රීඩාවකි. එසේ වුවත් මෑතක දී අප රටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරය හමුවෙ සිය දක්ෂතා පෙන්නුම් කළ හේතුවෙන් දැන් පෙරට වඩා වැඩි තරමකින් මේ පිළිබඳ ක්‍රිඩා ලෝලීන් මෙන්ම අනෙකුත් අය ද කතා කරන්නට පටන්ගෙන තිබේ. එබැවින් අප ද කාන්තා ක්‍රිකට් ගැන කතා කරන්නට සිතුවෙමු.

1935 දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි කාන්තා ක්‍රිකට් තරගය 

කාන්තා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ මුල්ම ලිඛිත වාර්තා ලැබෙන්නේ 1745 ජූලි 26 වැනිදා පළවූ The Reading Mercury නම් සඟරාවෙනි. එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ බ්‍රුම්ලි සහ හැම්බල්ඩන් නම් ගම්මාන දෙක ඇතර පැවති ක්‍රිකට් තරගයක් පිළිබඳව විස්තරයක් එහි පළවී තිබිණි. එහි සඳහන්ව තිබුණේ මෙම තරගයට සහභාගී වූ කාන්තාවන්, පිරිමින් හා සමාන දක්ෂතාවයන්ගෙන්ම ක්‍රිඩා කළ බවය.

මුල්ම එංගලන්ත නිල කාන්තා ක්‍රිකට් කණ්ඩායම 1890 


මුල්ම කාන්තා ක්‍රිකට් තරගවල පන්දු යැවීම සුදු කෙරුණේ අත යටිනි. වර්තමානයේ සිදු කෙරෙන පරිදි අත කරකවා පන්දු යැවීම හඳුන්වා දෙනු ලැබුයේ 19වැනි සියවසේ මුල් සමයේදී ජෝන් විලස් නම් ක්‍රිකට් ක්‍රිඩකයාගේ සොයුරිය වන ක්‍රිස්ටිනා විලස් විසිනි. අත කරකවා පන්දු යැවීමේ ශෛලිය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙනු ලැබූයේ 1790 වසරේදීය.

මුල්ම කාන්තා ක්‍රිකට් සමාජයක් අරඹනු ලැබුයේ 1887දී යෝර්ක්ෂයර් හිදීය. එය හඳුනවනු ලැබූයේ වයිට් හීදර් ක්ලබ් නමිනි. මෙය කාන්තාවන් සඳහා ඇති අනෙකුත් ක්‍රීඩා තරම් අවදානමක් නොමැත යනුවෙන් රටපුරා ප්‍රචාරයක් යවනු ලැබූ අතර එබැවින් කාන්තාවන් වැඩි වැඩියෙන් මෙය කරා යොමුවන්නට විය. මෙයද පිරිමි ක්‍රිකට් සේම ලාබ උපදවන්නක් බවට පත්වෙමින් පැවතුණි. එංගලන්තයෙන් ආරම්භ වූ කාන්තා ක්‍රිකට් පසුව ඕස්ට්‍රේලියාවට ද පැතිර ගියේය. පසුව නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඩෙන්මාර්කය, බටහිර ඉන්දීය කොදෙව් හා නෙදර්ලන්තය යන රටවලට ද පැතිර ගියේය. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරග ද පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල දක්නට ලැබෙන තවත් සුවිශේෂිතම සිදුවීමක් වන්නේ ඔවුන් විසින් පිරිමි ක්‍රිකට් කණ්ඩායම් ද කිහිප වතාවක්ම පරාජයට ලක්වී තිබීමය. කාන්තා ක්‍රිකට් සඳහා එක්වූ ලාබාගතම ක්‍රීඩිකාව පිළිබඳ අසන්නට ලැබෙන්නේ පාකිස්ථානයෙනි.  සජ්ජිදා ෂාහ් නම් වූ ඇය ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වූයේ සිය 12 වැනි උපන් දිනය පසුවී මාස 4ක් ඉක්මගිය තැනය. එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම හිමිව ඇත්තේ ද ඇයටය. ඒ ජපාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 4කට විකට් 7ක් වශයෙනි.


අප රටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක්  බිහිවන්නේ 1997 දීය. ඒ නෙදර්ලන්තය සමග පැවැත්වුණු එක දින තරග මාළාවක් සඳහා වූ අතර එහිදී ඔවුහු 2-1 ක් වශයෙන් පරාජයට පත්වූහ. පසුව 1999 දී නෙදර්ලන්ත කණ්ඩායම එක්දින තරග මාළාවක් සඳහා පැමිණි අවස්ථාවේදී අප කණ්ඩායම සියලුම තරග ජයග්‍රහණය කරන්නට සමත්විය. 


1 comment:

  1. වටිනා ලිපියක්.. නොදත් තොරතුරු බොහෝමයක්

    ජ ය වේ වා..!!!

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න