රාජාලි ගොදුරක් වෙන්න ගිහින් අනූ නවයෙන් බේරුන දරුවා (PHOTOS) Neth FM Off-Air මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වනජීවී ප්‍රදර්ශනයක දී දැවැන්ත රාජාලියකු විසින් එය නැරඹීමට පැමිණි පිරිමි ළමයකු ඩැහැ ගෙන යාමට දැරූ උත්සාහයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙම උත්සහය ව්‍යර්ථ කර රෝහල් ගත කරනු ලැබූ දරුවා සුවපත් ව ඇතැයි වාර්තාවනවා. බොහෝ පිරිස් මෙම අවස්ථාව වීඩියෝ සහ ඡායාරූප ගත කර තිබීම ද විශේෂත්වයක්. එම අවස්ථාවේ ඡයාරූප කිහිපයක් පහතින්.. The post රාජාලි ...
ජනාධිපති කොමිසමේ කාලය අවසන් Neth FM Off-Air අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ නිල කාලය ඊයේ (15)දිනයෙන් අවසන් වුණා. එහි සභාපතිවරයාව සිටි මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට අනුමැතිය හිමි නොවූ බවයි. කොමිසම විසින් සිදුකළ විමර්ශනවල තොරතුරු ඇතුළත් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතිනවා. එය ඉදිරියේදී රජයට භාරදෙන බවද මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළා. The post ජනාධිපති කොමිසමේ ...
එක්දින තරග ජය ලංකාවට Neth FM Off-Air එංගලන්තයේ සංචාරයක නිරත ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම එක්දින ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (15)සමත් වුණා. එ් ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවයි. ධනංජය ද සිල්වා මෙහිදී ශතකයක් වාර්තා කළ අතර ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම මෙම තරගය කඩුලූ 7කින් ජය ගත්තා. ඩර්බි හි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා වුණා. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම ...
ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් Neth FM Off-Air තුර්කියේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වූ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කුමන්ත්රණකාරී පිරිසක් උත්සාහ දරන බවයි. ඇති වූ තත්ත්වයට තුර්කි හමුදාව තුළ සිටින සුළු පිරිසක් පමණක් සම්බන්ධ වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ...
වෙළඳපොළේ විශේෂ පරීක්ෂණයක් Neth FM Off-Air වෙළඳපොළේ අළෙවි කිරීමට ඇති පොල්තෙල්, බිත්තර, තිරිඟු පිටි සහ සූදුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළේ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකින් අදාළ ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගෙන ඇති බවයි. ඒවා ශී‍්‍ර ලංකා ප්‍රමිති ආයතනයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා. ඊට අමතරව කාර්මික තාක්ෂණ ආයතනයටද එම සාම්පල ලබාදී ඇති ...
ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ලංකාවට Neth FM Off-Air නිසි ප්‍රමිතියෙන් තොර ජෙට් A 1 ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 25000ක තොගයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති බව වාර්තා වනවා. වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළි වුණේ අදාළ ඉන්ධන තොගය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සිදුකළ පරීක්ෂණවලදී ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බවයි. අදාළ ඉන්ධන තොගය ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවේ පෙට්ට්‍රෝ චයිනා නමැති සමාගමකින්. මෙම තොරතුර සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ...
නිදහස් පක්ෂයේ සමගි සන්ධානය අසාර්ථකයි Neth FM Off-Air ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර සමගි සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු අසාර්ථක වෙමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය කුමන කි‍්‍රයාමාර්ග අනුගමනය කළද එය ගැටලූවක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ජනතාව පීඩාවට පත් කරන ...
පොඩි හාමුදුරුවන්ගේ කතා(තෙවන කොටස) Neth FM Off-Air The post පොඩි හාමුදුරුවන්ගේ කතා(තෙවන කොටස) appeared first on Neth News.
UPDATE :තුර්කියේ ලාංකිකයන් ගැන කඩිනමින් සොයා බැලේ Neth FM Off-Air තුර්කියේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලාංකිකයින් පීඩාවට පත්ව සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනාවරණය කර තිබෙනවා. එරට තානාපති පී.එම් අම්සා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි. තුර්කියේ හමුදා කුමන්ත්රණයකින් එරට පාලන බලය මේ වනවිට හමුදාව සතුව ඇති බව එරට රූපවාහිනි ...
ලිංගික විපර්යාසවලට ලක්වූ පුද්ගලයන්ටත් අයිතිවාසිකම් Neth FM Off-Air ලිංගික විපර්යාසවලට ලක්වූ පුද්ගලයන්ටද මූලික අයිතිවාසිකම් සියල්ල ලබාදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව පවසනවා. එහි සභාපති ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයන් රැසක් තම කමිටුව හමුවට පැමිණ ඔවුන්ගේ ගැටළු සහ අදහස් ඉදිරිපත් කළ බවයි. කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලාල් විජේනායක මහතා මෙම අදහස් පළ කළා. The post ලිංගික විපර්යාසවලට ලක්වූ පුද්ගලයන්ටත් ...
දමිළ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හැටන් නගරයේ Neth FM Off-Air නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවේ දමිළ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (16) පැවැත්වෙනවා. ඒ, හැටන් නගරයේ පි‍්‍රන්ස් ශාලාවේදීයි. හැටන් නගරයට පිටතින් පදිංචි දරුවන් ද මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ. The post දමිළ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හැටන් නගරයේ appeared first on Neth News. ...
ලංකාව බරවා තුරන් කළ රටක් Neth FM Off-Air ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් මෙම මස 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. මෙම ප්‍රකාශයත් සමඟම අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇති. බරවා රෝගය වසර 2020 වන විට සිය සාමාජික රටවලින් තුරන් කිරීම ඉලක්ක ...
ලංකාවට පැමිණි බව කී IS යුවල කෝ? Neth FM Off-Air අයි.එස්. සංවිධානය සමග එක්වීමට ගිය යුවළක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මෙතෙක් තොරතුරු නැතැයි ආරක්ෂක අංශ පවසනවා. ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය ඊයේ (15) වාර්තා කර තිබුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි යුවළක් පසුව අයි.එස්. සංවිධානය සමග එක්වී ඇති බවයි. මෙම යුවළ ශ්‍රී ලංකාවට පැමිණ මාස 2ක පමණ කාලයක් සලාෆි නම් වූ ඉස්ලාමීය ඉගැන්වීම්වලට සහභාගි වී ඇති බවත්, පසුව ...
ප්‍රංශ ප්‍රහාරයෙන් අතුරුදන්වූවන් සෙවීමට ෆේස්බුක් ගිණුමක් Neth FM Off-Air ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අතුරුදන්වූවන් සෙවීම සඳහා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සමාජ ජාලා වෙබ් අඩවිවල පිහිට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විශේෂ ෆේස් බුක් පිටුවක් ද මේ වන විටත් නිර්මාණය කර අවසන්. මේ අතර ප්‍රහාරයට පැමිණි ලොරි රථය පදවාගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාවය ද තහවුරු කරගෙන තිබෙනවා. මොහොමඩ් බූලෙල් නම් වූ ඔහු දීර්ඝ කලක් ප්‍රංශයේ ජීවත් වූ අයෙක්. ආරක්ෂක අංශ ...
ඊළඟට හිරේ යන කෙනා මහින්ද හෙළි කරයි Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද (15) දිනයේ ද බන්ධනාගාරයට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා. “මම රිමාන්ඩ් එකේ හිටියනේ. මාව රිමාන්ඩ් කරා බොරු චෝදනාවකට. අන්තිමට සාක්කිකාරයෝ හිරේ ගියා. ඒක කරේ ධාර්මිශ්ඨ ආණ්ඩුවෙන්. දැන් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. අවුරුදු ගානකට පස්සේ මගේ ...
පියා අතරමං කළ දරුවන් 5කට වැඩ වරදියි Neth FM Off-Air පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටි පියෙකුගේ දරුවන් පස්දෙනාට ලබන 25 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (15) නියෝග කෙරුණා. ඒ, පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාර ලියනගේ මහත්මිය විසින්. ඔහුගේ පුතෙකු රුපියල් 500ක මුදලක් තම පියාට ලබා දී ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයෙන් බස් රථයකට නංවා ඇතැයි පොලිසිය පැවසුවා. අදාළ බස් රථය පානදුරට පැමිණි අවස්ථාවේ පියා අසනීප තත්ත්වයෙන් සිටිනු දුටු ...
රට වෙනුවෙන් තව දුවන්න සහය දෙන්න Neth FM Off-Air ශී‍්‍ර ලංකාවට තව තවත් ජයග්‍රහණ ලබාදීමට තමන්ට පහසුකම් සලසන ලෙස 6 වැනි ආසියානු ළමා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් කී‍්‍රඩා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. රුසියාවේ පැවති මෙම කී‍්‍රඩා උළෙලට සහභාගි වී යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව නෙත් නිවුස් වෙත ඔහු මෙම අදහස් පළ කළා. “මට ගොඩාක් මගේ දෙමාපියන් සහ යහළුවන් සහයෝගය දුන්නා. විශේෂයෙන් මගේ පුහුණු කරු ...
විගණන වාර්තා ගැන එජාපය සැකයෙන් Neth FM Off-Air ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා. “තොරතුරු එක්කෝ වැරදිලා , නැත්නම් තොරතුරු හරියට අවබෝධ කරගෙන නැහැ. අගමැතිතුමා මේ සම්බන්ධව කමිටුවක් පත්කරයි. ඒකෙදි හොයාගන්න පුළුවන් මේක එතුමාලට වැරදුනාද ? එතුමාලට වැරදි තොරතුරු ...
යෝෂිතගේ මිත්තනියගේ ගේ විකුණන්න බෑ Neth FM Off-Air හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා තම මිත්තණිය නමින් මිලදී ගෙන ඇතැයි කියන රත්මලානේ ප්‍රදේශයේ පිහිටි නිවසක් අන්සතු කිරීම වළක්වමින් අද (15) තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ට්රා අතපත්තු මහත්මිය විසින්. එහිදී මහේස්ත්‍රාත්වරිය නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. මෙම ...
ප්‍රංශ ප්‍රහාරය ගැන ජනපතිගෙන් නිවේදනයක් Neth FM Off-Air ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග තමා ද ප්‍රංශ ජනතාව වෙත ශෝකය පළ කරන බවයි. සාමයට හා ආරක්ෂාවට එල්ල වන තර්ජන වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා ...